සියඹලාණ්ඩුව සූර්ය බලාගාරය ක්‍රියාත්මක කිරීම පිණිස මේ වන විට ශක්‍යතා අධ්‍යයනය, ඉඩම් වෙන් කිරීම, පාරිසරික ඇගයීම වැනි අවශ්‍ය මූලික පියවරයන් ගනු ලැබ ඇත. එම බලාගාරය සංවර්ධනය කිරීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රමවේදය සහ මූල්‍ය විශ්ලේෂණයක් සිදු කිරීමට ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ලැබී තිබේ. සම්ප්‍රේෂණ යටිතල පහසුකම් සහිතව යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ හැකි විවිධ ධාරිතා අවස්ථා…
නාගරික සංවර්ධන අධිකාරිය විසින් යක්කල, වැරැල්ලවත්ත ප්‍රදේශයේ නිවාස 500කින් යුත් මධ්‍යම පාන්තික නිවාස ව්‍යාපෘතියක් අදියර 03ක් යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. එහි පළමු අදියර යටතේ මහල් 12ක ගොඩනැගිල්ලක වර්ග අඩි 600කින් යුත් නිවාස 132ක් සහ වර්ග අඩි 900කින් යුත් නිවාස 22ක් වශයෙන් නිවාස 154ක් ඉදි කිරීමට අවශ්‍ය මූලික කටයුතු සූදානම් කර තිබේ. ව්‍යාපෘතිය සඳහා…
අපනයන වෙළෙඳපොළ සඳහා අර්ධ වානේ රේඩියල් ටයර් සහ සම්පූර්ණ වානේ රේඩියල් ටයර් නිෂ්පාදනය කිරීම සඳහා හම්බන්තොට ජාත්‍යන්තර වරාය තුළ ව්‍යාපෘතියක් ස්ථාපිත කිරීම පිණිස චීනයේ Shandong Haohua Tire Co. Limited විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 300ක ආයෝජනයක් සහිතව ආයෝජන මණ්ඩලය වෙත ව්‍යාපෘති යෝජනාවක් ඉදිරිපත් කර ඇත. 2008 අංක 14 දරන (සංශෝධිත) ක්‍රමෝපාය සංවර්ධන පනත යටතේ ක්‍රමෝපාය සංවර්ධන…
දකුණු අප්‍රිකාවේ මැණික් හා දියමන්ති යොදා ගෙන ස්වර්ණාභරණ නිෂ්පාදනයට ශ්‍රී ලංකාවේ තාක්ෂණය හා ශිල්පීන් යොදා ගැනීමට එරට අවධානය යොමුව ඇති බව ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් රොබීනා පී. මාර්ක්ස් මහත්මිය සඳහන් කළාය. ශ්‍රී ලංකාවේ තානාපති සේවය අවසන් කර සිය මව් රටට යෑමට පෙර ඉකුත් සිකුරාදා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු වී ඇය මේ…
කර්මාන්ත අමාත්‍යාංශයට අනුබද්ධිත ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) විසින් තෝරා ගනු ලබන ව්‍යවසායකයින් පුහුණු කිරීම සම්බන්ධව කොළඹ විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨය සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම අද (07) කොල්ලුපිටියේ කර්මාන්ත අමාත්‍යංශයේදී සිදුකෙරිණි. පළමු අදියර යටතේ තෝරාගත් ව්‍යවසායකයින් 50 දෙනෙක් මෙම පුහුණු වැඩසටහනට යොමු කෙරේ. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සිය ව්‍යාපාර ආශ්‍රිතව මුල්‍ය සාක්ෂරතාවය පිළිබද…
ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් හි තාවකාලිකව නවතා තිබූ අන්තර්ජාතික ගුවන්සේවා අද (07) දින සිට නැවත ආරම්භ කර තිබේ. ඒ අනුව ශ්‍රීලංකන් ගුවන් සේවයේ UL604 යානය අද පෙරවරුවේ මෙල්බර්න් ගුවන්තොටුපළට ගොඩබස්වා ඇත. මෙය පසුගිය ජූලි 10 වෙනදායින් පසු මෙල්බර්න් නුවරට පැමිණි පළමු ජාත්‍යන්තර ගුවන් යානයයි. මේ සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක SBS සිංහල පුවත් සේවය වෙත අදහස් දක්වමින්…
COVID -19 වසංගත තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව මුහුණ පාන්නට සිදුවුණු ආර්ථික බලපෑම් අවම කරනු වස් ආනයනික භාණ්ඩ හමුවේ සීමා පැනවීමට ශ්‍රී ලංකා රජය විසින් 2020 මාර්තු 20 දින තීරණය කරනු ලැබීය. මේ තත්ත්වය තුළ ශ්‍රී ලංකාවට වාහන ආනයනය සම්පූර්ණයෙන්ම නතර කරන ලදී. කෙසේ වෙතත් මෙම තීරණය හේතුවෙන් ජපානයේ වෙසෙන වාහන අපනයනයේ යෙදෙන ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින්…
2017 වර්ෂයේදී එවකට විදේශ අමාත්‍යාංශය යටතට පවරාගෙන තිබූ ජාතික ලොතරැයි මණ්ඩලයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට විදේශ අමාත්‍යවරයාගේ බලපෑම් එල්ල වී ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වී තිබේ. ඒ අනුව 2017 වර්ෂයේදී ක්ෂණික ලොතරැයි මුද්‍රණය සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්පූර්ණ කොට තිබූ ටෙන්ඩරයක් එවකට විදේශ අමාත්‍යවරයාගේ අවශ්‍යතාවය මත කැබිනට් තීරණයක් මගින් නවත්වා තිබේ. එවකට මුදල් අමාත්‍යවරයා…
2013-2016 වර්ෂ ඇතුළත මෙරටට පාම් ඔයිල් ආනයනය කළ ප්‍රධාන පෙළේ සමාගම් දෙකක් නිසා ශ්‍රී ලංකා රේගුවට රුපියල් මිලියන 6130 ක් අහිමිව ඇති බව ඊයේ (03) පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් කාරක සභාවේදී අනාවරණය විය. ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන්ගේ නොසැලකිලිමත්භාවය නිසා අදාළ කාල පරිච්ඡේදය තුළ නිවැරදි භාණ්ඩ සංයෝජිත වර්ගීකරණ අංක (HS Code ) යටතේ නිෂ්කාෂණය නොකිරීමෙන් මෙම මුදල…
Lanka Fishing Flies (පුද්) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සුරේෂ් ඩි මෙල් මහතා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) නව සභාපතිවරයා ලෙසින් පත්කර තිබේ. අපනයන සංවර්ධන මණ්ඩලයේ හිටපු සභාපති ප්‍රභාෂ් සුභසිංහ මහතා පසුගිය දා එම තනතුරින් ඉවත් වූ අතර ඒ අනුව නව සභාපතිවරයා ලෙසින් සුරේෂ් ඩි මෙල් මහතා පත්කර ඇත. ශ්‍රී ලංකා අපනයන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු වන ඩි මෙල් මහතා…
Video Story