Top News

නව කැලණි පාලමේ සිට රාජගිරිය හරහා අතුරුගිරිය අන්තර් හුවමාරුවට කණු මතින් අධිවේගී මාර්ගයක්

ආසියානු සංවර්ධන බැංකු අරමුදල් යටතේ දැනට ඉදිවෙමින් පවතින කණු මත ඉදිකරනු ලබන වරාය ප්‍රවේශ අධිවේගී මාර්ගය ඔස්සේ නව කැලණි පාලමේ සිට රාජගිරිය හරහා පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ අතුරුගිරිය අන්තර් හුවමාරුව දක්වා කණු මත ඉදිකරනු ලබන අධිවේගී මාර්ගයක් (Elevated Expressway) ඉදිකිරීම පිණිස මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ශක්‍යතා අධ්‍යයනයක් සිදු කර ඇත. ඒ අනුව, ඉදිකර පවත්වාගෙන ගොස්…

(0)Comments | January 26, 2021 1:41 pm

නව කර්මාන්ත ඇරඹීමට ආයෝජකයින් 150 ක් ඉල්ලීම් ඉදිරිපත් කරයි – කටුනායකට අක්කර 100ක කර්මාන්තපුරයක්

බස්නාහිර පළාතේ කර්මාන්ත ඇරඹීම සඳහා ආයෝජකයින් 150කට ආසන්න ප්‍රමාණයක් කර්මාන්ත අමාත්‍යාංශය වෙත ඉල්ලීම් ඉදිරිපත් කර ඇති අතර, ඒ සඳහා අවශ්‍ය පහසුකම් සලසා දීම මඟින් රුපියල් මිලියන 30,000ක පමණ ආයෝජනයක් යටතේ රැකියා අවස්ථා 11,500ක් පමණ උත්පාදනය කිරීමට හැකියාව පවතින බව තහවුරු වී ඇත. දැනට බස්නාහිර පළාතේ කර්මාන්තපුර 08ක් පිහිටා ඇති අතර, ඒවා පූර්ණ ධාරිතාවෙන් ක්‍රියාත්මක වේ….

(0)Comments | January 26, 2021 1:21 pm

ඉහළ වියදම් දරන සංචාරකයින් වෙනුවෙන් ලිච්ටෙන්ස්ටයින් රාජ්‍යය සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇති කර ගැනීමට පියවර

ස්විට්සර්ලන්තය සහ ඔස්ට්‍රියාව අතර පිහිටි ගොඩබිමින් වට වූ කුඩා රාජ්‍යයක් වන ලිච්ටෙන්ස්ටයින් රාජ්‍යය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයක් සහිත සහ ව්‍යවස්ථාදායක රජතුමකු රාජ්‍ය නායකයා ලෙස කටයුතු කරන රටකි. ප්‍රධාන වශයෙන් ඖෂධ, සියුම් නිරවද්‍ය උපකරණ සහ ඉලෙක්ට්‍රොනික උපකරණ නිපදවන ඉහළ කාර්මික රටක් වන එය ලෝකයේ ධනවත්ම රටක් වශයෙන් සලකනු ලබයි. පසුගිය වර්ෂයේ එරට දළ දේශීය නිෂ්පාදිතය ඇමෙරිකානු ඩොලර් බිලියන…

(0)Comments | January 26, 2021 12:57 pm

ගුවන් භාණ්ඩ ආනයන පර්යන්තයට මුල්ගල් තබයි

ගුවන් තොටුපල හා ගුවන්සේවා (ශ්‍රී ලංකා) (පුද්ගලික) සමාගමේ ගුවන්තොටුපල සංවර්ධන ව්‍යාපෘති සමග ඉදිරියට යමින් ගුවන්තොටුපල සංවර්ධන ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ ගුවන් ගැල් ගම්මානයේ ගුවන් භාණ්ඩ ආනයන පර්යන්තය ගොඩනැගිල්ලේ ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සහ ගුවන්සේවා හා අපනයන සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා විසින් සංචාරක හා ගුවන්සේවා අමාත්‍යශයේ ලේකම් එස් හෙට්ටිආරච්චි…

(0)Comments | January 26, 2021 9:01 am

කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ ඉහළම තැන නැවත වරක් අලුත් වෙයි – සියලු කොටස් ඒකක 8,700 පෙනෙන මානයේ

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (25) දින ගනුදෙනු අවසානයේ දී ඒකක 8,694.35 ක් ලෙසින් වාර්තා වූ අතර එය මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ ඉහළම සියලු කොටස් මිල දර්ශක අගය වේ. මෙය පෙර දිනයට සාපේක්ෂව ඒකක 230.92 ක හෙවත් 2.73% ක වර්ධනයකි. මේ අතර S&P SL20 දර්ශකය ඒකක 188.47 ක් හෙවත් 5.69% ක වර්ධනයක්…

(0)Comments | January 25, 2021 3:41 pm

ආනයන සඳහා ඩොලර් නිකුත් කරන මිල රු. 202 ඉක්මවයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (25) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු.  194.19 ක් සහ විකුණුම් මිල රු. 199.65 ක් ලෙසින් සටහන්ව තිබේ. කෙසේ වෙතත් මුදල් වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසන්නේ වාණිජ බැංකු විසින් ඩොලර් අලෙවි කරන මිල රු. 200 සීමාව ඉක්මවා ඇති බවයි. ඒ බව සනාථ කරමින් ලංකා…

(0)Comments | January 25, 2021 2:37 pm

2020 දී 1919 ට ඇමතුම් මිලියන එකහමාරක්

රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය (1919) මගින් තොරතුරු ලබා ගැනීමට පසුගිය 2020 වසරේ මිලියන එකහමාරකට ආසන්න දුරකථන ඇමතුම් ප්‍රමාණයක් ලැබී ඇතැයි (ICTA )  ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතන වාර්තාවන් පෙන්වාදේ. ඉන් 95% කගේ අවශ්‍යයතා සාර්ථකව සම්පුර්ණ කිරීමට හැකිවී ඇතැයි එම ආතායතනයේ වැඩසටහන් ප්‍රධානී  සුබ්‍රමනියම් ගවස්කාර් මහතා ප්‍රකාශ කරයි. ජනාධිපති කාර්යාලය හා ශ්‍රී ලංකා තොරතුරු හා…

(0)Comments | January 25, 2021 2:15 pm

කොටස් ගනුදෙනු ගැන සමාගම්වලින් කරුණු විමසයි

මේ දිනවල කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් කිහිපයකම අසාමාන්‍ය ගනුදෙනු ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ විසින් එම සමාගම්වලින් විමසීම් කර තිබේ. Bukit Darah PLC, Industrial Asphalts (Ceylon) PLC, අගලවත්ත වැවිලි සමාගම සහ සෙලාන් බැංකුව ඒ අතුරින් කිහිපයකි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මෙකී සමාගම් සියල්ලක්ම පාහේ කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී සිටින්නේ, අසාමාන්‍ය ගනුදෙනු ක්‍රියාකාරකම් සම්බන්ධයෙන්…

(0)Comments | January 25, 2021 1:36 pm

අත්‍යවශ්‍ය නොවන වියදම් සිදු කිරීමෙන් වළකින්නැයි මහ බැංකුව බැංකුවලට කියයි

බලපත්‍රලාභී බැංකුවල ලාභාංශ මුදලින් ගෙවීම් ඇතුළු අභිමතානුසාරී ගෙවීම් සම්බන්ධයෙන් විවිධ මත පළ වෙමින් පවතින වාතාවරණය සැලකිල්ලට ගනිමින් ඒ පිළිබඳ පහත පැහැදිලි කිරීම් සිදු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කරයි. මීට පෙර, 2020 මැයි 13 වැනි දින නිකුත් කරන ලද විධානයක් මගින්, කොවිඩ්-19 ව්‍යසනයේ ව්‍යාප්තිය සමඟ හටගත් සුවිශේෂී තත්ත්වයන් හමුවේ, බලපත්‍රලාභී බැංකුවල ද්‍රවශීලතා සහ ප්‍රාග්ධන…

(0)Comments | January 25, 2021 11:29 am

ශ්‍රී ලංකාව සංචරණයට විවෘත කිරීමත් සමඟම ජර්මන් ජාතික ආයුර්වේද සංචරණ නියෝජිත පිරිසක් පැමිණෙයි

ශ්‍රී ලංකාව, ජාත්‍යන්තර සංචාරකයන්ට තම සීමාමායිම් විවෘත කිරීමත් සමඟම මුල්වරට ජර්මන් ජාතික සංචාරක ව්‍යාපාර නියෝජිත කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ ආයුර්වේද සුවතා නිවාඩුවක් ගත කිරීමට, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලින් ශ්‍රී ලංකාවට  පැමිණ ඇත. මෙසේ පැමිණි සංචාරක ව්‍යාපාරයේ නියුතු ජර්මනියේ සුප්‍රසිද්ධ “ෆිට් රයිසන්” (Fit Raisen) සමාගම් නියෝජිතයන් ජර්මනියේ ආයුර්වේද සංචාර ප්‍රවර්ධනයට මෙන්ම ආයුර්වේද චාරිකා සඳහා ජර්මනියේ ජනප්‍රසාදය දිනා…

(0)Comments | January 25, 2021 11:15 am