ජනවාරි මාසයේ සිට සංචාරකයන් වෙනුවෙන් ක්‍රමානුකූලව රට විවෘත කිරීමට අපේක්ෂා කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු අවධාරණය කළේ සෞඛ්‍ය අංශ මාර්ගෝපදේශ අනුව මෙම පියවර ගැනෙන බවයි. ගාල්ල දිස්ත්‍රික්කයේ ජීවනෝපාය සංවර්ධන කමිටු සාකච්ඡාවට පසුගියදා (12) එක්වෙමින් ඇමතිවරයා මේ බව සඳහන් කළේය. ගාල්ල හෝල් ඩි ගෝල් ශාලාවේ දී මෙම රැස්වීම පැවැත්විණි. මෙහිදී වැඩිදුරටත් අදහස්…
ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය සහ වන්වර්ල්ඩ් සන්ධානයේ සාමාජිකයෙකු වන ශ්‍රීලංකන් ගුවන් සේවය කොළඹ සිට සිංගප්පූරුව දක්වා මගී ගුවන් ගමන් වාර සතියකට තුන් වරක් දක්වා ඉහළ දැමීමට කටයුතු යොදා ඇති අතර 2020 දෙසැම්බර් මස 18 වන දින සිට එම මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට සූදානම් වේ. මීට අමතරව සෑම සිකුරාදා දිනකම මැලේසියාවේ ක්වාලාලම්පූර් සහ කොළඹ අතර සතිපතා…
ගෝලීය ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන එස් ඇන්ඩ් පී විසින් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය CCC+/C දක්වා පහළ දැමූ බව පසුගිය සිකුරාදා (11) නිවේදනය කර සිටියේය. මීට පෙර තවත් ලොව ප්‍රමුඛ පෙළේ ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටිංග්ස් විසින් ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදේශ විනිමය Issuer Default Rating (IDR) ශ්‍රේණිය ‘CCC’ දක්වා පහළ හෙළීමට නොවැම්බර් 27…
කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැසිස්තුගත සමාගමක් වන Piramal Glass Ceylon PLC හි ප්‍රධාන කොටස්කරුවා වන Piramal Glass Pvt Ltd සමාගම තමන් සතු සම්පූර්ණ කොටස් හිමිකාරීත්වය ඉන්දියාවේ Pristine Glass Pvt Ltd වෙත අලෙවි කිරීමට ගිවිසුමකට එළඹ තිබේ. Piramal Glass Ceylon PLC කොටස් 536,331,880 ක් හෙවත් 56.45% ක අයිතිය Piramal Glass Pvt Ltd සතුව පවතී. ඉන්දියානු රුපියල් බිලියන…
“හැමදේම ආනයනය කොට අලෙවි කරන්න පහසුයි. එහෙම කළොත් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගන්න බැහැ. ආර්ථික වර්ධනය සිදු විය යුත්තේ සමාජයේ සෑම ස්ථරයක්ම ආරක්ෂා වන අයුරින්. ඒ සඳහා පෞද්ගලික අංශයේ දායකත්වය සහ නව ප්‍රවේශයන් ඉතා වැදගත්”, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෞද්ගලික ව්‍යවසායකයන් සමග ඊයේ (10) සවස ජනාධිපති කාර්යාලයේ දී කළ සාකච්ඡාවේ දී පැවසීය. ආර්ථිකයේ සෑම ක්ෂේත්‍රයකම සමබර වර්ධනයක්…
අයවැය තෙවැනි වර කියවීමේ විවාදයට එක් වෙමින් ඊයේ (10) දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුවේ දී සිදු කරන ලද සම්පූර්ණ කතාව මෙසේ ය. ගරු කථානායකතුමනි, අයවැය තෙවැනි වර කියවීමේ අවස්ථාවටයි අපි සම්බන්ධවෙලා ඉන්නේ. මේ සභාව දන්නවා 2020 කියන්නේ ඊට කලින් අවුරුද්දෙදි පුරෝකථනය කරන්න බැරි අභියෝග රාශියක් අපිට භාරගන්න වුණ අවුරුද්දක්. 2019 දි අපි කවුරුවත් හිතුවේ…
ශ්‍රීලංකන් ගුවන් සමාගම ගුවන් මගී අත්දැකීම් සංගමය (APEX) සංවිධානය කරන ලද Future Travel Experience (FTE) Virtual Expo ගෝලීය සම්මාන උළෙලේ දී තරු හතරේ ප්‍රධාන නිල ගුවන් ශ්‍රේණිගත කිරීම(2021 Four Star Major Official Airline) දිනා ගන්නා ලදී . මගී ශ්‍රේණිගත කිරීම් මත පදනම් වූ මෙම ගෞරවනීය සම්මානය වසර 41 කට වැඩි කාලයක් සේවය කරන ශ්‍රීලංකන්…
ජනප්‍රිය සමාජ ජාලා යෙදුම් වන Facebook Messenger හා Instagram සේවාවන් මේ වන විට ලොව පුරා බිඳවැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී. මේ අතර Windows Central වෙබ් අඩවිය පවසන්නේ Facebook හා WhatsApp සේවාවන් හි බිඳවැටීම් ද ලොව ඇතැම් රටවලින් වාර්තා වන බවයි. කෙසේවෙතත් මෙම සේවාවන් හි හිමිකාරීත්ව සමාගම වන ෆේස්බුක් සමාගම හෝ එහි ප්‍රධානී…
දියුණුතම යුරෝපීය තාක්ෂණය භාවිතා වන, දිවයිනේ විශාලතම සිමෙන්ති කම්හල ලංවා සංස්ථා සිමෙන්ති (පුද්.) සමාගමේ කර්මාන්තශාලාවේ නිෂ්පාදන කටයුතු 2021 ජූනි මාසයේදී ආරම්භ වීමට නියමිතව පවතී. අතිනවීන තාක්ෂණයෙන් යුත් මෙම කර්මාන්තශාලාව කලාපයේ විශාලතම සිමෙන්ති කර්මාන්තශාලා අතරින් එකක් බවට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ. හම්බන්තොට මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේ අක්කර 63 ක ප්‍රදේශයක මෙම කර්මාන්තශාලාව පිහිටා ඇත. ශ්‍රී ලංකා…
කුඩා ව්‍යාපාරවලට උපකාර කිරීමටත් ශ්‍රී ලාංකික කාන්තාවන් ආර්ථික වශයෙන් සවිබල ගැන්වීමටත් එක්සත් ජනපදය රු. බිලියන 3.6 (එ.ජ. ඩොලර් මිලියන 19.5) ක නව මුලපිරීමක් දියත් කරන ලදී. ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) හරහා අරමුදල් සපයනු ලබන මෙම පෞද්ගලික අංශ සංවර්ධන ව්‍යාපෘතියෙන් සංචාරක, තාක්ෂණ සහ වාණිජ රැකවරණ සේවා යන කර්මාන්තවල නියැලෙන කුඩා ව්‍යාපාරවලට තාක්ෂණික…
Video Story