Top News

ශ්‍රී ලංකාවේ පළමුවරට දේශීය ව්‍යවසායකයන් වෙනුවෙන් ව්‍යවසායක හැඳුනුම්පතක්

දේශීය ආර්ථිකයට මෙන්ම දේශීය සංවර්ධනයට දායක වෙන ප්‍රධාන කොටස්කරුවන් වන දේශීය ව්‍යවසායකයන් වෙනුවෙන් ව්‍යසායක හැඳුනුම්පතක් නිකුත් කිරීමේ සමාරම්භක අවස්ථාව කොළඹ ව්‍යාපාරික සංගමය සභාපති ආරියසීල වික්‍රමනායක මහතා අතින් කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී පසුගිය (13) දා සිදුකරන ලදී. රාජ්‍ය ආයතනයකට බැංකුවකට පෞද්ගලික ආයතනයකට ව්‍යාපාරික මහතකු පැමිණිය හොත් ඔහු හෝ ඇය හඳුනාගැනීමේ ක්‍රමවේදයක් අප රට තුළ මෙතෙක් පැවතියේ…

(0)Comments | January 15, 2021 12:22 pm

කොළඹ කොටස් වෙළෙඳපොළ ලොව දෙවැනි තැනට

2021 වසරේ මේ දක්වා කාලපරිච්ඡේදය තුළ ලොව ඉහළ කාර්යසාධනයක් වාර්තා කර තිබෙන කොටස් වෙළෙඳපොළ අතර දෙවැනි ස්ථානයට කොළඹ කොටස් වෙළෙඳපොළ පත්ව තිබේ. මෙහිදී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය 2020 දෙසැම්බර් 31 සහ 2021 ජනවාරි 13 කාලපරිච්ඡේදය තුළ දී 9.88% වර්ධනයක් සනිටුහන් කර ඇත. බ්ලූම්බර්ග් වාර්තාවක් උපුටා දක්වමින් මේ සම්බන්ධයෙන් මෙරට මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ…

(0)Comments | January 15, 2021 12:05 pm

දකුණු ආසියාවේ විශාලතම ටයර් කර්මාන්තශාලාව දැන් ශ‍්‍රී ලංකාවේ

දැවැන්ත අපනයන හැකියාවක් සමගින් ආර්ථිකය නැංවීමට දායක වීමට සූදානම් ශ‍්‍රී ලංකාවේ විශාලතම ටයර් සහ රේඩියල් ටයර් නිෂ්පාදන කර්මාන්ත ශාලාව වන ෆෙරෙන්ටිනෝ ටයර් කෝපරේෂන් (පුද්.) සමාගම’ [Ferentino Tyre Corporation (Pvt) Limited] ඊයේ (2021 ජනවාරි 14) දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් විවෘත විය. මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ සහ වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත…

(0)Comments | January 15, 2021 11:40 am

ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර කෘෂි හා ධීවර යන අංශවල සහයෝගීතාවයට වැඩි ඉඩක්

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර කෘෂිකර්මාන්තයේ සහ ධීවර අංශයේ සහයෝගීතාව සඳහා විශාල ඉඩ ප්‍රස්තාවන් පවතින බව කොළඹ වියට්නාම් තානාපතිනි ෆාම් තිබිච් න්ගොක් මහත්මිය සදහන් කළාය. ඇය සිය ශ්‍රී ලංකා තානාපති ධුර කාලය අවසන් කොට සමු ගැනීම සඳහා ඉකුත් 12 වනදා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු වූ අවස්ථාවේ මේ බව සඳහන් කළාය. වියට්නාමයට ඔවුන්ගේ විශිෂ්ඨ…

(0)Comments | January 15, 2021 11:27 am

රුපියල මත පීඩනය නැවතත්. ඩොලරයේ ගැනුම් මිල රු. 190 හා විකුණුම් මිල රු. 194 ඉක්මවයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (13) දින නිකුත් කරන ලද විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 190.33 ක් ලෙසත් විකුණුම් මිල රු. 194.07 ක් ලෙසත් සටහන් විය. පසුගිය 2020 දෙසැම්බර් 24 දින ඩොලරයේ විකුණුම් මිල රු. 194.66 ක් ලෙසින් සටහන් වූ අතර එදිනෙන් පසු ඩොලරයක් වෙනුවෙන් වාර්තා වූ වැඩිම විකුණුම්…

(0)Comments | January 13, 2021 5:23 pm

කොටස් වෙළෙඳපොළෙන් තවත් වාර්තාවක්. තනි දිනක් තුළ ඉතිහාසයේ වැඩිම ගනුදෙනු සංඛ්‍යාව අද

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ තවත් වාර්තාවක් අලුත් කරමින් තනි දිනක් තුළ වාර්තා වූ වැඩිම ගනුදෙනු ප්‍රමාණය අද (13) වාර්තා විය. මෙහිදී අද දිනය තුළ දී වාර්තා වී තිබුණු සමස්ත ගනුදෙනු ප්‍රමාණය 51,862 ක් වේ. කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ තනි දිනක් තුළ ගනුදෙනු ප්‍රමාණය පනස්දහසේ සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව ද මෙය වේ. මීට පෙර තනි දිනක්…

(0)Comments | January 13, 2021 5:01 pm

කොටස් වෙළෙඳපොළේ දැවැන්ත වර්ධනයක්. සියලු කොටස් ඒකක 160කින් ඉහළට

2021 වසරේ තනි දිනක් තුළ කොළඹ කොටස් වෙළෙඳපොළ් ඉහළම වර්ධනය සනිටුහන් කරමින් අද (13) දින සියලු කොටස් මිල දර්ශකය ඒකක 160.99 ක දැවැන්ත වර්ධනයක් වාර්තා කළේය.  ඒ අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 7,443.23 ක් ලෙසින් වාර්තා වූ අතර පූර්ව දිනයට සාපේක්ෂව එය 2.21% ක ඉහළ යාමක් වේ. සියලු කොටස් මිල දර්ශකයේ…

(0)Comments | January 13, 2021 4:23 pm

ශ්‍රී ලංකාවේ අධිකරණ, ආහාර සුරක්ෂිතතා හා දේශගුණික විපර්යාස වළක්වා ගැනීම වෙනුවෙන් යුරෝපා සංගමයෙන් රු. බිලියන 8.26 ක ආධාර

ශ්‍රී ලංකාවේ අධිකරණ ක්ෂේත්‍රයට සහාය වීම, ආහාර සුරක්ෂිතතාව වර්ධනය කිරීම හා දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා වූ වැඩපිළිවෙලට සහාය දීම වෙනුවෙන් යූරෝ මිලියන 35.75 ක හෙවත් රු. බිලියන 8.26 ක ආධාර මුදල් පිරිනැමීම සඳහා ශ්‍රී ලංකාව සමඟ ගිවිසුම් තුනක් අත්සන් කිරීමට යුරෝපා සංගමය පසුගිය දා කටයුතු කළේය. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් මහා…

(0)Comments | January 13, 2021 2:31 pm

ශ්‍රී ලංකාවේ ආයෝජන ඉහළ නැංවීමට පියවර ගන්නැයි විදෙස් රටවල් නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ නේවාසිකව සිටින ගරු කොන්සල්වරුන්ගෙන් විදේශ ඇමති ඉල්ලයි

ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සදහා විදෙස් රටවල ආයෝජකයන් සඳහා විවිධ ඉඩ ප්‍රස්ථා සලසා දීමට රජය සුදානමින් සිටින බැවින් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ඇතුළු සියලු අංශ සඳහා ආයෝජනයට ආයෝජකයන් දිරිමත් කරන ලෙස විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙරට රැඳී සිටින විදෙස් රටවල ගරු කොන්සල්වරුන්ගෙන් ඉල්ලා සිටියේය. විදෙස් රටවල්වල ගරු කොන්සල්වරුන් සමඟ පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙම…

(0)Comments | January 13, 2021 12:00 pm

චීන ආයෝජකයින්ගෙන් ඉල්ලීමක්

තොරතුරු තාක්ෂණ අධ්‍යාපනයට සහ තොරතුරු තාක්ෂණය පදනම් කරගත් කෘෂිකර්මාන්තයට සහාය වන්නැයි චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා එරට ආයෝජකයින්ගෙන් ඉල්ලා සිටියේය. ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා ඉකුත් 05 වැනි දින ග්‍රේට් වෝල් ඉන්ඩස්ට්‍රි කෝපරේෂන් ආයතනයෙහි සභාපති ගුවෝ ෂාවෝපින් මහතාගේ ආරාධනයෙන් එම ආයතනයට පැමිණි අවස්ථාවේ මෙම ඉල්ලීම කෙළේය. ශ්‍රී ලංකා තානාපතිවරයා සමඟ…

(0)Comments | January 13, 2021 11:56 am