කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් අතුරින් වෙළෙඳපොළ ප්රාග්ධනීකරණය අනුව තෙවැනියට විශාල සමාගම බවට බ්රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී ඊයේ (12) දිනයේ දී පත්විය. ඒ ඊයේ දිනය අවසානයේ දී සමාගමේ කොටසක ගනුදෙනු මිල රු. 7.50 ක් ලෙසින් සටහන් වීමත් සමඟය. බ්රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් හි නිකුත් කර ඇති කොටස් ප්රමාණය 14,369,717,460 ක් වේ. මේ අනුව එහි වත්මන් වෙළෙඳපොළ ප්රාග්ධනීකරණය රු….
සීමිත අරමුණක් සඳහා කොන්දේසි පදනමින් ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පී එල් සී ආයතනයේ ව්යාපාර කටයුතු නැවත ආරම්භ කරයි ශ්රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මහජනතාවගේ සහ ආයතනයේ තැන්පත්කරුවන්ගේ යහපත සඳහා දැඩි කොන්දේසිවලට යටත් ව, 2011 අංක 42 දරණ මුදල් ව්යාපාර පනතේ 31(5)(අ) වන වගන්තිය ප්රකාර ව, සීමිත අරමුණක් සහ සීමිත කාලයක් සඳහා මුදල් මණ්ඩලය විසින්…
මහපොළ භාරකාර අරමුදලේ මාර්ගගත (Online) ලොතරැයියක් වෙනත් අතරමැදියෙකු හරහා අළෙවි කිරීම හේතුවෙන් එම පුද්ගලයා එමගින් උපයා රුපියල් මිලියන 673 ක මුදල මහපොළ භාරකාර අරමුදල වෙත ලැබී නොමැති බව කෝප් කමිටුවේදී අනාවරණය විය. මෙය මහා පරිමාණ දුෂණයක් බවත් මේ කාරණාව සම්බන්ධයෙන් නීතිපතිවරයා දැනුවත් කොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත විධිමත් පරීක්ෂණයක් සඳහා යොමු කරන ලෙසට වෙළඳ අමාත්යාංශයේ…
ශ්රී ලංකාවේ ප්රමුඛ ලැයිස්තුගත සමාගම්වලින් එකක් වන LOLC හෝල්ඩින්ග්ස් පීඑල්සී විසින් LOLC සමූහයේ ගෝලීය උපාය මාර්ගයේ කොටසක් ලෙස, සිය මූල්ය සමාගම්වල සුළු කොටස් ප්රමාණයන් අත්පත් කර ගැනීමට අනාගත ආයෝජකයින්ට අවස්ථාව සැලසීමේ වේදිකාවක් නිර්මාණය කරමින් සිටී. ඒ අනුව සිය මූල්ය සමාගම් වෙත විදෙස් ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා LOLC හෝල්ඩිංග්ස් හි පූර්ණ අනුබද්ධ සමාගමක් ලෙසින් LOLC…
පොල් මද ආශ්රිත කර්මාන්ත සඳහා දේශීය පොල් නිෂ්පාදන සැපයුම ප්රමාණවත් නොවීම හේතුවෙන් ඇතැම් කොන්දේසිවලට යටත්ව, පොල් මද ආනයනය කිරීම සඳහා 2017 දෙසැම්බර් මස 12 දින පැවති අමාත්ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, මාස 08ක කාලසීමාවක් තුළ පොල් මද මෙට්රික්ටොන් 2,542ක් ආනයනය කර තිබේ. මෙම වර්ෂය සඳහා පොල් ගෙඩි මිලියන 250ක පමණ හිඟයක්…
බුත්තල ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි හෙක්ටයාර 22ක පමණ රජයේ ඉඩම් කොටසක් සීමාසහිත පැල්වත්ත කිරි කර්මාන්ත ආයතනයට වසර 30ක කාලයක් සඳහා දීර්ඝකාලීන බදු පදනම මත ලබා දීම පිණිස ඉඩම් අමාත්යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. මේ අතර පසුගිය දා මෙරට දැවැන්තම දේශීය කිරි නිෂ්පදකයා වන පැල්වත්ත සමාගම 2021 වසර සඳහා රජය විසින් ඉදිරිපත් කරන…
ශ්රී ලංකා මහ බැංකුවේ 2021 වසරේ පළමු මුදල් ප්රතිපත්ති විවරණය 2021 ජනවාරි 19 වැනි දින පෙරවරු 7.30 ට දැනුම් දෙනු ලබන බව නිවේදනයක් නිකුත් කරමින් ශ්රී ලංකා මහ බැංකුව කියා සිටී. මෙහිදී දැනට පවත්නා ප්රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ පවත්වා ගෙන යන්නේද, නැතහොත් ඉහළ පහළ යාමක් සිදුවන්නේ ද යන්න දැනුම් දීමට නියමිතය. ශ්රී ලංකා…
ශ්රී ලංකාවේ දුරකථන සන්නිවේදන සමාගමක් සතු එක ම gaming හා eSports අවකාශය වන www.slt.lk/esports, නවතම වැඩිදියුණු කිරීම් සමඟ එළිදැක්වීමට මෙරට ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවා සැපයුම්කරු වන SLT-MOBITEL හා ලොව සුප්රකට ඩිජිටල් ක්රීඩා තාක්ෂණ සමාගමක් වන Swarmio Media ආයතනය පසුගියදා පියවර ගත්තේය. SLT-MOBITEL හඳුන්වා දෙන මෙම ඩිජිටල් ක්රීඩා පහසුකම, වෙබ් අඩවි පාදක කරගත් පරිශීලක…
නොමිලේ කාර්යක්ෂම සන්නිවේදන සේවා සපයන ලොව ප්රමුඛතම ඇප් මෘදුකාංගයක් වන රකුටෙන් වයිබර්, තවත් ප්රධාන පෙළේ සන්නිවේදන ඇප් මෘදුකාංගයක් වන වට්ස්ඇප්හි රහස්යතා ප්රතිපත්තියේ නව සංස්කරණය පිළිබඳ සිය බලවත් විරෝධය පළ කර සිටී. මීට ඉහතදී වට්ස්ඇප් පරිශීලකයින්ට තම වට්ස්ඇප් අංකය ෆේස්බුක් සමඟ හුවමාරු කරගැනීමෙන් වැළකී සිටිමේ හිමිකම ලැබී තිබුණ ද, ඉදිරියේදී එය ෆේස්බුක් සමඟ හුවමාරු කරගැනීම අනිවාර්ය…
ශ්රී ලාංකිකයන් සදහා කොරියානු ජනරජය තුළ රැකියා අවස්ථා වැඩි කර ගැනිම හා කොරියානු ජනරජය ශ්රී ලංකාව සඳහා ලබා දී ඇති රැකියා සහයෝගීතාව සක්රිය කර ගැනීම සම්බන්ධයෙන් විදේශ අමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා හා ශ්රී ලංකාවේ කොරියානු තානාපති වුන්ජින් ජියොන්ග් මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් ඉකුත් 04 වනදා විදේශ අමාත්යාංශයේ දි පැවැත්විණ. ශ්රී ලාංකිකයන්ට රැකියා අවස්ථා ලබා දීම…
Video Story