2020/21 මූල්‍ය වර්ෂයේ පළමු භාගය තුළ දී සිය සමාගමේ ලාභය පෙර මූල්‍ය වර්ෂයේ සමාලෝචිත කාලපරිච්ඡේදයට සාපේක්ෂව 32%කින් පහළ ගොස් ඇති බව ලයන් බෘෘවරි (සිලෝන්) පීඑල්සී සමාගම පවසයි. 2020 සැප්තැම්බර් 30 න් අවසන් කාර්තුව සඳහා නවතම මූල්‍ය වාර්තා නිකුත් කරමින් සමාගම වැඩිදුරටත් පවසන්නේ සාමාන්‍යයෙන් වැඩි ඉල්ලුමක් පවතින අප්‍රේල් උත්සව සමයේ දී කොවිඩ්-19 තත්ත්වය හේතුවෙන් පැවති ඇඳිරි…
මහනුවර කේබල් කාර් ව්‍යාපෘතියේ ව්‍යාපාරික අයිතිය හිමිකර ගැනීමට 71 හැවිරිදි කොරියානු ව්‍යවසායකයෙකු වන Yoo Sun-ha සමත් වී ඇත. ඔහු Sky Asia සමාගමේ සභාපතිවරයා වේ. COVID-19 වසංගතය මධ්‍යයේ පවා මෙහි ඉදිකිරීම් කටයුතු එළඹෙන වසරේ දී ආරම්භ කිරීමට නියමිත අතර එය 2022 අගභාගයේ දී විවෘත වනු ඇතැයි මේ පිළිබඳ වාර්තා කරමින් Korean Herald පුවත් සේවය වැඩිදුරටත් කියා…
2021 අයවැයෙන් රජය විසින් යෝජනා කරන ලද සහන ණය යෝජනා ක්‍රමවලට අනුපූරකව, බලපත්‍රලාභී බැංකුවලින් වැටුප් ලබන සේවකයින් (එනම් බැංකු ගිණුමක් හරහා වැටුප් ලබන සේවකයින්) ලබා ගන්නා දේපළ ඇපකර සහිත නිවාස ණය සඳහා උපරිම පොලී අනුපාතිකයක් හඳුන්වා දීමට මුදල් මණ්ඩලය තීරණය කර ඇත. ඒ අනුව එවැනි ණය සඳහා බලපත්‍රලාභී බැංකුවලට අවම වශයෙන් ණය කාල සීමාවේ පළමු…
දේශීය නිෂ්පාදකයන් දිරිගැන්වීමට රජය විසින් ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණය අගය කිරීමේ අභිලාෂයෙන්, ටෝකියෝ සිමෙන්ති සමාගම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමඟ සිය නිෂ්පාදන ධාරිතාවය පුළුල් කිරීම සඳහා වන ආයෝජන ගිවිසුමකට නොබෝදා එළඹුණහ. ඩොලර් මිලියන 12ක වටිනා මෙම ආයෝජනය හරහා සිය දේශීය සිමෙන්ති නිපැයුම් ධාරිතාවය තවත් මෙට්‍රික් ටොන් මිලියනයකින් ඉහළ නැංවීමට සමාගම අපේක්ෂා කරයි. දේශීය නිපැයුම්කරුවන් ආරක්ෂා…
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2020 නොවැම්බර් 25 වැනි දින පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 4.50 සහ සියයට 5.50 ලෙස දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යෑමට තීරණය කළේය. දේශීය සහ ගෝලීය වශයෙන් වන සාර්ව ආර්ථික තත්වයන් සහ අපේක්ෂිත වර්ධනයන් මනාව සලකා…
අගමැති සමුළුවේ දෙවන දිනයේ සමාරම්භයටත්, VVIP සැසියකටත් සහභාගී වෙයි “ජනතාවාදී ආර්ථික පුනර්ජීවයකට මඟ පාදමු” යන මැයෙන් පැවැත්වෙන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආර්ථික සමුළුව, ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් 2020 දෙසැම්බර් මස 1 සහ 2 වන දිනවලදී පැවැත්වේ. සමුළුවේ සමාරම්භය ප්‍රධාන ආරාධිත අමුත්තා වන අතිගරු ජනාධිපතිතුමා විසින් සනිටුහන් කිරීමට නියමිත අතර…
දරිද්‍රතාවය පිටු දැකීම සහ ජනතාවගේ ජීවනෝපායන් නංවාලීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින්, දැනට ක්‍රියාත්මකව පවතින සංවර්ධන සහයෝගීතා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම කඩිනම් කිරීමට ශ්‍රී ලංකාව හා චීනය ඉකුත්දා එකඟ විය. චීනය හා ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික උපදේශනයේ 11 වන සැසියේ දී මෙම එකඟතාව පළවිය. විදේශ අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා හා චීනයේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය ලුවෝ ජාවෝහුයි…
මේ වන විට සමාජ කතිකාවතක් නිර්මාණය කර ඇති සනීපාරක්ෂක තුවා සඳහා සෙස් බදු පැනවීමේ පුවත සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රතිචාර දක්වමින් එලෙස කිසිදු නව බදු පැනවීමක් සිදු කර නොමැති බව පැවසීය. ඊයේ (24) දෙරණ වාද පිටිය දේශපාලන සංවාදාත්මක වැඩසටහන සමඟ එක්වෙමින් සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌන උපයෝජන,…
දේශීයව යතුරුපැදි එකලස් කිරීම සහ යතුරු පැදි අමතර කොටස් නිෂ්පාදනය කිරීම දිරිමත් කිරීම සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම කඩිනම් කරන ලෙස ඊයේ (24) යතුරුපැදි එකළස්කරුවන් සහ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අතර පැවති සාකච්ජාවකදී අමාත්‍යවරයා අදාළ අංශ වෙත උපදෙස් ලබා දුන්නේය. 2019 වසරේ යතුරුපැදි ආනයනය සදහා ශ්‍රී ලංකාව රුපියල් බිලියන 42ක් වැයකර ඇති අතර අමතර කොටස්…
COVID-19 වසංගතයෙන් දිගු කාලීනව දැඩි ලෙස පීඩාවට පත්ව ඇති කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට (SME) වහාම මූල්‍ය ආධාර සැපයීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව (ADB) ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 165 ක ණයක් ලබා දී තිබේ. කාන්තාවන් සහ කුඩා තේ වතු හිමියන් විසින් මෙහෙයවනු ලබන ව්‍යාපාර ද ඇතුළුව අඩු පහසුකම් සහිත කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා…
Video Story