කොවිඩ් -19 වසංගතයේ ව්‍යාප්තියෙන් පසු ශ්‍රී ලංකාවේ කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් වගේම පාරිභෝගිකයන් සිය සමාජ මාධ්‍ය මෙවලම් වැඩියෙන් භාවිතා කිරීමට ඉහළ නැඹුරුවක් දක්වා ඇත්තේ කෙසේද යන ආකාරය පිළිබඳව සමීක්ෂණ වාර්තා දෙකක් මෑතක දී Facebook විසින් එළිදැක්වීය. කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ කොඳු නාරටියයි. ව්‍යාපාර අංශයෙන් 75%ක් ඔවුන් නියෝජනය කරන අතර රටේ…
සමස්තයක් වශයෙන් වතු කම්කරුවන්ගේ මෙන්ම තේ කර්මාන්තයේ ද අනාගත සුභ සිද්ධිය උදෙසා තිරසාර ප‍්‍රතිඵලයක් ලබා ගැනීමට සම්ප‍්‍රදායෙන් බැහැර වූ වැටුප් ප‍්‍රතිසංස්කරණවල අවශ්‍යතාව ලංකා වැවිලිකරුවන්ගේ සංගමය අවධාරණය කර සිටී. සම්පූර්ණයෙන් යථාර්තවාදී ආර්ථික දෘෂ්ටියෙන් බැහැරව හුදෙක් පටු දේශපාලන මතයන්හි එල්බගෙන සිටින යටත් විජිත යුගයේ සිට එන, පවතින සාම්ප‍්‍රදායික දෛනික වැටුප් ආකෘතිය කඩිනමින් වෙනස් කළ යුතු බව අවධාරණය…
ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවකයකු කොවිඩ්-19 ආසාදනයට ලක් වී ඇති බව 2020 නොවැම්බර් 19 වන දින අනාවරණය විය. ඔහු මේ වන විට වෛද්‍ය ප්‍රතිකාර යටතේ පසුවෙයි. මේ බව අනාවරණය වූ වහා ම වෛරසය පැතිර යෑම වැලැක්වීම සඳහා අවශ්‍ය සියලු කඩිනම් ක්‍රියාමාර්ග ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගෙන ඇත. මහ බැංකු මූලස්ථාන පරිශ්‍රය පූර්ණ හා දැඩි…
2021 ජනවාරියේ සිට යුරෝපා ප්‍රමිතියෙන් යුතු, ඉතාම අනර්ඝ සෑම වර්ගයකම ටයර් 100%ක් ම දේශීය කර්මාන්ත ශාලාවක නිපදවා දෙස් – විදෙස් වෙළඳපොළට නිකුත් කිරීමට සූදානම් – අග්නිදිග ආසියාවේ විශාලතම ටයර් නිෂ්පාදනාගාරය වන රිජිඩ් ටයර් කෝපරේෂන් කර්මාන්තශාලා පරිශ්‍රය නිරීක්‍ෂණයෙන් අනතුරුව ඇමති විමල් කියයි. හොරණ වගවත්ත ආයෝජන මණ්ඩල කාර්මික කලාපයේ ස්ථාපිත අග්නිදිග ආසියාවේ විශාලතම ටයර් නිෂ්පාදනාගාරය වන ‘රිජිඩ්…
ආර්ථිකයේ යහපත උදෙසා ඇතැම් ව්‍යාපාර සමබන්ධයෙන් තෝරා ගැනීමක් සිදුකළ යුතු තැනකට පැමිණ ඇති බවත්, වසර 5ක් පුරාවට වරින් වර වෙනස් නොවන ප්‍රතිපත්තියක් පවත්වාගෙන යාම ව්‍යාපාරිකයෙකු ලෙස තමන් හට ප්‍රමාණවත් බවත් ඇක්සෙස් ඉංජිනියරින් පීඑල්සී හි සභාපති සුමල් පෙරේරා මහතා පවසයි. අද (20) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවති අයවැය සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඒ මහතා…
තරුණ ව්‍යවසායකයින් සඳහා වෙළෙඳපොළ අවස්ථා නිර්මාණය කෙරෙන Q-shop ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථා පරිශ්‍රයේ දී ඊයේ (19) පැවැත්විණි. එහි දී ප්‍රථම Q-shop වෙළඳසැල අග්‍රාමාත්‍යවරයා විසින් විවෘත කරනු ලැබීය. මේ ඔස්සේ ගුණාත්මකභාවයෙන් ඉහළ රාජ්‍ය අංශයේ හා දේශීය නිෂ්පාදන සෘජුව ම පාරිභෝගිකයා වෙත නිකුත් කිරීම ඔස්සේ තරුණ ව්‍යවසාකයින් සඳහා…
ඉකුත් දශකය තුළ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන හා සෞඛ්‍ය යන අංශයන්හි වර්ධනයක් පෙන්නුම් කරන බවත් එය ලංකාවේ සෞභාග්‍යයේ ඉදිරි ගමනට ඉවහල්වී ඇති බවත් Legatum ආයතනය සිය වාර්ෂික වාර්තාවෙන් පෙන්වා දී තිබේ. Legatum ආයතනය එක්සත් රාජධානියේ විශේෂඥ බුද්ධි මණ්ඩලයකින් සමන්විත වන අතර එමඟින් ලෝකයේ සියලු රටවල සියලු අංශවල සංවර්ධනය විශ්ලේෂණය කර වාර්ෂිකව වාර්තාවක් ප්‍රකාශයට පත් කරනු ලබයි….
මෙරට ටයර් නිෂ්පාදන හා අපනයන කේෂ්ත්‍රයට නව මං පෙත් විවර කරමින ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ලොව ප්‍රමුඛ ටයර් නිෂ්පාදන සමාගමක්වන Shandong Haohua Tyre Co. Ltd සමාගම සමඟ ටයර් නිෂ්පාදන කර්මාන්තය ආරම්භ කිරීම සඳහා ඊයේ (19) දින ගිවිසුම් ගත විය. සම්පුර්නයෙන්ම අපනයන වෙළඳපොල ඉලක්ක කරගනිමින් මෙහි ටයර් නිෂ්පාදනය වන අතර, අර්ධවානේ සහ වානේ රේඩියල් ටයර් නිපදවීම…
2020 වසරේ පළමු මාස අට තුළදී රජයේ වියදම් රු. බිලියන 1,882.7 ක් වූ අතර එයින් රු. බිලියන 1,670.4 ක් පුනරාවර්තන වියදම් සහ රු. බිලියන 231.3 ක් මූලධන හා ශුද්ධ ණය ගැනීම් සඳහා විය. පළාත් සභා සේවකයින් ද ඇතුළුව රජයේ සේවකයින්ගේ පුද්ගල පඩිනඩි සඳහා වන මුළු වියදම 2019 වසරේ සමාන කාලපරිච්ඡේද තුළදී, වු රු. බිලියන 446.4…
2020 වසරේ ජනවාරි මස 01 වන දින සිට අගෝස්තු 31 වන දින දක්වා ඇ.ඩො. මිලියන 1,352.2 ක විදේශ ප්‍රතිලබ්ධි ප්‍රමාණයක් ලබා ගෙන ඇති අතර, මෙයින් ඇ.ඩො. මිලියන 1,320.9 ක් ණය ප්‍රතිලබ්ධි වන අතර, ඇ.ඩො. මිලියන 31.3 ක් ප්‍රදාන ලෙස ලද ප්‍රතිලබ්ධි (Disbursements) වී ඇත. මෙම ප්‍රතිලබ්ධිවලින් ඉහළම ප්‍රමාණය චීනය සමඟ අත්සන් කරන ලද ණය ගිවිසුම්…
Video Story