නිෂ්පාදන/සුරා බදු තුළින් ලද ආදායම මෝටර් වාහන හැර අනෙකුත් සියළුම අංශයන්ගෙන් ලද ආදායම් වැඩිවීමත් සමඟින් 2019 වසරේ සමාන කාලපරිච්ඡේදයේ දී වාර්තා වූ රු. බිලියන 94.6 ට සාපේක්ෂව 2020 වසරේ පළමු මාස තුන තුළ දී රු. බිලියන 105.6 දක්වා සියයට 11.6 කින් සැලකිය යුතු ලෙස වර්ධනය විය. කෙසේ වුවද, කොවිඞ්-19 වසංගතයෙහි බලපෑම පෙන්නුම් කරමින් 2020 වසරේ…
මෙය ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් දූත මණ්ඩලය කොළඹ පිහිටි ප්‍රංශ, ජර්මනි, ඉතාලි, නෙදර්ලන්ත හා රුමේනියානු තානාපති කාර්යාල සමඟ එක්ව කරනු ලැබූ නිවේදනයකි. පවතින කොවිඩ් 19 වසංගතය හමුවේ ඇති අභියෝග ගණනාවක් පිළිබඳ සාකච්ඡා කිරීමේ අරමුණින්, යුරෝපා සංගමය හා එහි සාමාජික රටවල් නියෝජනය කරන තානාපතිවරුන් අංශ අවස්ථා ගණනාවනක දී ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා…
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස 2020 නොවැම්බර් මස 17 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අයවැය යෝජනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ (SEC) සභාපති ජනාධිපති නීතිඥ විරාජ් දයාරත්න මහතා සිය සතුට පළකරයි. මෙම යෝජනා අතර ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළ සංවර්ධනය කිරීම සඳහා පියවර කිහිපයක් ඇතුළත් වේ. ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ…
හැටන් නැෂනල් බැංකුව (HNB) 2020 මුල් මාස 9 සඳහා රුපියල් බිලියන 7.7ක බදු පසු ලාභයක් (PAT) වාර්තා කර ඇති අතර එම කාල පරිච්ෙඡ්දය සඳහා HNB සමූහය රුපියල් බිලියන 8.8ක බදු පසු ලාභයක් වාර්තා කිරීමට සමත් වී ඇත. 2020 මුල් මාස 9 සඳහා ලබා ගත් මූල්‍ය කාර්යසාධනය පිළිබඳ අදහස් දක්වන HNB හි සභාපති දිනේශ් වීරක්කොඩි මහතා…
2021 අයවැය යෝජනා අනුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් ‘ජය ඉසුරු‘ නමින් සහන ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබේ. ඒ සඳහා වෙන් කර ඇති මුදල රු. මිලියන 1,500 කි. මේ අතර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් වෙනුවෙන් ණය පහසුකම් ලබා දීම සඳහා රු. මිලියන 7,334 ක් මෙවර අයවැයෙන් වෙන් කර ඇත. තවද…
ශ්‍රී ලංකා ටෙලිකොම් (SLT) විසින් පවතින COVID 19 වසංගතතත්ත්වය යටතේ තවත් එක් ජාතික වගකීමක් ඉටු කරමින්, සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරගනිමින්, ශ්‍රී ලංකා වාණිජ මහාධිකරණ කටයුතු අන්තර්ජාල පරිසරයක් තුළ පවත්වාගෙන යාමේ පහසුකම් සලසමින් SLT නවතම හඳුන්වාදීම වන Virtual Hearing Solution පද්ධතිය හඳුන්වාදී තිබේ. කොළඹ නීති පුස්තකාලය (Colombo Law Library) සමග එක්ව SLT විසින් දියත් කළ පළමු…
කොවිඩ්-19 වසංගතය ලොව පුරා සංචාරක කර්මාන්තයට අඛණ්ඩව පහර දීම නිසා මුළු ලොවම එකතැන රැඳී සිටින සමයක, “Go on a Couch Safari” (ඔබේ සුව අසුනේ හිඳිමින්ම වන සතුන් නැරඹීමේ චාරිකාවක යෙදෙන්න) නම් අන්තර්ජාලය ඔස්සේ කෙරෙන සංචාර මඟින් ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය නව මානයකින් ඉදිරියට ගෙන යාමට ඊජිප්තුවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පියවර ගෙන තිබේ. ඒ අනුව…
ඉන්දු – ශ්‍රී ලංකා ඒකාබද්ධ පර්යේෂණ වැඩසටහන යටතේ ‘අධි තාක්ෂණික ප්‍රවේණිගත කිරීම භාවිතයෙන් තේ ශාකයේ ජානමය ලක්ෂණ හඳුනා ගැනීම වේගවත් කිරීම සහ වැදගත් ශෂ්‍ය විද්‍යාත්මක ලක්ෂණ හඳුනාගැනීම’ යනුවෙන් වර්ෂ දෙකක පර්යේෂණ ව්‍යාපෘතියක් සඳහා ශ්‍රී ලංකා තේ පර්යේෂණායතනයට ප්‍රදානයක් ලැබී ඇත. තේ ප්‍රභේද නිපදවීමේ කාර්යය සඳහා ගත වන කාලය අඩු කර අභිජනන වැඩසටහන් කඩිනම් කිරීමට අවශ්‍ය…
ඒකීය ඩිජිටල් අනන්‍යතා රාමුව සහ ඊ-ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම “රට හදන සෞභාග්‍යයේ දැක්ම” ජාතික ප්‍රතිපත්ති රාමුවේ ප්‍රධානම අරමුණු දහයෙන් එකක් වන “සුහුරු ජාතියක්” යන අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා ඒකීය ඩිජිටල් අනන්‍යතා රාමුවක් සහ ඒ සඳහා පහසුකම් සැලසීමේ උපාය මාර්ගයක් රජය විසින් අනුගමනය කරනු ලබන අතර එයට ජාතික මට්ටමේ වැඩසටහනක් ලෙස ප්‍රමුඛතාවය ලබා දී…
හැඳින්වීම ගරු කථානායකතුමනි, අතිගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජයේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති රාමුව තුළ 2021 – 2023 මැදිකාලීන ආර්ථික පුනර්ජීවන හා දිළිදුකම පිටුදැකීමේ කඩිනම් වැඩසටහන ශක්තිමත් කරන 2021 අයවැය කතාව මේ උත්තරීතර සභාවට ඉදිරිපත් කරන්නේ ඉමහත් සතුටකින්. ගරු කථානායකතුමනි, අප රට කවර ආර්ථික මට්ටමක සිටියත්, කවර අභියෝගයන්ට මුහුණ දී තිබුණත් පිළිගත යුතු එක් මූලික යතාර්ථයක් වන්නේ…
Video Story