විදේශ සංචාරකයින් සඳහා ගුවන්තොටුපළවල් විවෘත කිරීමට සැලසුම් කර ඇති අතර, ඒ යටතේ නියමු ව්‍යාපෘතියක් වශයෙන් 2020 දෙසැම්බර් මස 26 දින සිට 2021 ජනවාරි මස 19 වන දින දක්වා සෞඛ්‍ය බලධාරින්ගේ නිර්දේශ අනුගමනය කරමින් විදේශ සංචාරකයින් සඳහා ගුවන්තොටුපළවල් විවෘත කිරීම සඳහා අවශ්‍ය පියවරයන් ගනු ලැබ ඇති අතර මෙහිදී මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ සහ කොළඹ ජාත්‍යන්තර ගුවන්තොටුපළ…
එක්සත් ජාතීන්ගේ තොරතුරු සමුළුව සදහා වූ ලෝක සමුළුවේ (WSIS) ගෝලීය මුලපිරීමක් වන ලෝක සමුළු සම්මානය උළෙලේ (WSA) සදහා ශ්‍රීලංකාව නියෝජනය කරමින් ඉදිරිපත්කල තාක්ෂණික නව නිපැයුම් හතෙන් (07) පහක්ම අවසන් වටය සදහා තෝරාගැනේ. ඒ අතරින් “රාජ්‍යය හා පුරවැසි සහභාගිත්ව” (Government & Citizen Engagement) අංශයෙන් ඉදිරිපත්කල “පතල් හා ඛනිජ නිෂ්පාදන අධීක්ෂණ විසඳුම” 2020 ලෝක සමුළු සම්මාන උළෙලේ…
ශ්‍රී ලංකාවේ කුළුබඩු නිෂ්පාදන වර්ග පිළිබඳව ගවේෂණය කරන්නැයි තුර්කියේ ව්‍යාපාරිකයන්ට ශ්‍රී ලංකාව ආරාධනා කළේය. තුර්කියේ අන්කාරා හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ “තුර්කි-ශ්‍රී ලංකා ව්‍යාපාරික සභාව” සමඟ එක්ව කුළුබඩු අංශය පිළිබඳ තොරතුරු හුවමාරු කිරීමේ වෙබිනාර් හා ව්‍යාපාරික ජාල සැසියක් 2020 දෙසැම්බර් 16 වැනි දින සංවිධානය කර තිබිණ. එහිදී තුර්කියේ…
ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 5.5හි සිට 2020 නොවැම්බර් මාසයේ දී සියයට 5.2 දක්වා පහළ ගියේය. 2019 නොවැම්බර් මාසයේ පැවති ඉහළ පදනම් අගය මගින් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා හේතු විය. මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2020 ඔක්තෝබර්…
කොමර්ෂල් බැංකුවේ නව සභාපතිවරයා ලෙස හිටපු අගවිනිසුරු කනගසභාපති ශ‍්‍රීපවන් මහතා 2020 දෙසැම්බර් 21 වනදා සිට පත් කර ඇති බවත් බැංකුවේ නව නියෝජ්‍ය සභාපතිවරයා ලෙසත් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඒ. කේ. ඩබ්ලිව්. ජයවර්ධන මහතා දෙසැම්බර් 29 වනදා සිට පවත්වනු ඇති බව බැංකුව නිවේදනය කර තිබේ. හිටපු අගවිනිසුරු ශ‍්‍රීපවන් මහතාට පෙර කොමර්ෂල් බැංකුවේ සභාපතිධූරය ධර්ම ධීරසිංහ මහතා හෙබවූ අතර…
මහජන චීන සමූහාණ්ඩුව සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා 2020 දෙසැම්බර් 15 වැනි දින චීනයට පැමිණ, 2020 දෙසැම්බර් 16 වැනි දින අන්තර්ජාලය ඔස්සේ රාජකාරි භාර ගත්තේය. මාස කිහිපයක් පුරාවට විධිමත් ප්‍රධානියෙකු නොමැතිව සිටි බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කාර්යය මණ්ඩලය විසින් ඒ මහතා අන්තර්ජාලය ඔස්සේ උණුසුම් ලෙස පිළිගනු ලැබීය. පුළුල්…
කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කර්මාන්ත ක්ෂේත්‍ර 20 පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සදහා උපදේශක කමිටු පිහිටුවීමේ වැඩපිළිවෙල යටතේ බෝට්ටු සහ බෝට්ටු කර්මාන්තය ආශ්‍රිත උපදේශක කමිටුව පිහිටුවීම සහ එම ක්ෂේත්‍රය ආශ්‍රිත ගැටළු පිළිබඳව සාකච්ජා කිරීමට බෝට්ටු නිෂ්පාදකයින්, බෝට්ටු හිමිකරුවන්, බෝට්ටු යාත්‍රාංගන හිමිකරුවන්, බෝට්ටු අපනයනකරුවන්, අපනයන සංවර්ධන මණ්ඩලය, නාවික හමුදාව සහ සංචාරක මණ්ඩලයේ සහභාගිත්වයෙන්…
තායිලන්තය සමඟ ව්‍යාපාරික අවස්ථා ඉහළ නැංවීම සඳහා උපායමාර්ගික ආර්ථික හවුල්කාරිත්වයක් ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති චුලාමනී චාර්ට්සුවාන් මහත්මිය 2020 දෙසැම්බර් 17 වන දින විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා බැහැ දැක, ව්‍යාපාරික සහයෝගීතාව වැඩි දියුණු කිරීම සඳහා කලාපීය හා ජාත්‍යන්තර වේදිකාවල සමීපව කටයුතු කිරීම පිළිබඳව සාකච්ඡා කළාය. දෙරට විසින්ම බිම්ස්ටෙක් සංවිධානය පිළිබඳව පොදු ස්ථාවරයක් ගෙන ඇති අතර,…
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර වෙළඳ, ආයෝජන සහ සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරීම සඳහා ඕස්ට්‍රේලියාවේ හා ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයන් අතර විශේෂ සාකච්ඡාවක් ඉකුත් 09 වනදා පැවැත්විණ. මෙම රැස්වීම සිඩ්නි නුවර පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය විසින් සංවිධානය කර තිබුණි. දෙරටේ පෞද්ගලික අංශ අතර අන්තර් ව්‍යාපාර රැස්වීම් සඳහා පහසුකම් සැලසීමේ දී වැදගත් කාර්යභාරයක් ඉටු කළ හැකි…
ආර්ථික ප්‍රවර්ධනයට සහය වන අතරේ, ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටීම ශක්තිමත් කරන ලෙස එක්සත් ජනපදයේ වෙසෙන විදේශීය ශ්‍රී ලාංකිකයින්ගෙන් එක්සත් ජනපද ශ්‍රි ලංකා තානාපති රවිනාථ ආර්යසිංහ මහතා ඉල්ලීමක් කළේය. ඒ මහතා මෙම ඉල්ලීම කෙළේ වොෂිංටන් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී පැවති බහු ආගමික චාරිත්‍රවලින් අනතුරුව, එක්සත් ජනපදය සඳහා පත් කරන ලද ශ්‍රී ලංකා තානාපතිවරයා…