Top News

අඩුමිලට ටයිල් දෙන්න සියයට 300කින් නිෂ්පාදන ධාරිතාව වැඩිකරනවා – මැක්ටයිල්ස් සාමාන්‍යාධිකාරී කියයි

මේ වන විට නිෂ්පාන ධාරිතාවය ඉහළ නැවීම සඳහා තම සමාගම පමණක් රුපියල් බිලියන 5 ක අයෝජනයක් කර ඇති බවත් ඒ අනුව ඉදිරි මාස 04ක 05 ක පමණ කාලය තුළ දී සිය නිෂ්පාදන ධාරිතාවය සියයට 300කින් ඉහළ යන බවත් මැක්ටයිල්ස් ලංකා සමාගමේ සාමාන්‍යාධිකාරී (විකුණුම් සහ අලෙවි) නිරෝෂන් පනන්වල මහතා පවසයි. වර්තමානයේ ටයිල් වෙළෙපොළ මුහුණ පා ඇති…

(0)Comments | February 8, 2021 9:25 am

මොනවාද මේ Shares sub-division?

මේ දිනවල කොළඹ කොටස් වෙළෙඳපොළේ සමාගම් ගණනාවකම කොටස් මිල ගණන් කෙටි කලක් ඇතුළත සීඝ්‍රයෙන් ඉහළ යාමට තුඩුදුන් එක් කාරණයක් ලෙස Shares sub-division හෙවත් කොටස් අනුබෙදුම් ප්‍රකාශයට පත්කිරීම හැඳින්වුවහොත් එය වරදක් නොවේ. මක් නිසාද යත් වෙන කවර කාලයකටත් වඩා පසුගිය දින කිහිපය තුළ සමාගම් රැසක්ම එම පියවර අනුගමනය කිරීමට තීරණය කර ඇති බැවිනි. මේ අනුව Shares…

(0)Comments | February 8, 2021 8:08 am

ඉන්දියාවෙන් ගත් මුදල් කලට වේලාවට බේරුවා – මහ බැංකුව

දකුණු ආසියාතික කලාපීය සහයෝගීතා සංවිධානයේ (සාර්ක්) සාමාජික රටවල් අතර පවත්නා විනිමය හුවමාරු පහසුකම යටතේ ඉන්දියානු සංචිත බැංකුවෙන් ලබා ගන්න ලද විනිමය හුවමාරු පහසුකම නිසි කලට පියවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටී. අදාළ විනිමය හුවමාරු පහසුකම යටතේ ලබා ගත් මුදල් කලින් පියවන ලෙස ඉන්දියාව ඉල්ලීමක් කර ඇති බවට පළවන…

(0)Comments | February 5, 2021 3:42 pm

මහනුවරට විදේශ අමාත්‍යාංශයේ ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලයක්

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ මඟ පෙන්වීම යටතේ, මහජනයා වෙත සේවා සැපයීමේ කාර්යක්ෂමතාව හා ඵලදායීතාවය වැඩිදියුණු කිරීම මඟින් රජයේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ජාතික ප්‍රතිපත්ති රාමුවට ජවයක් ලබා දීම සඳහා, විදේශ අමාත්‍යාංශය සිය ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලයක් 2021 පෙබරවාරි 06 වැනි සෙනසුරාදා දින සවස 2.00 ට මහනුවර දී විවෘත කිරීමට නියමිතය. පේරාදෙණියේ ගැටඹේ පිහිටි මහින්ද රාජපක්ෂ තොරතුරු තාක්ෂණ…

(0)Comments | February 5, 2021 1:20 pm

ගොඩගැසී තිබුණු ටයිල් හා සනීපාරක්ෂක උපාංග සියලු තොග විකුණා ගන්න දේශීය නිෂ්පාදකයින්ට පුළුවන් වුණා – ලංකා ටයිල්ස් කළමනාකාර අධ්‍යක්ෂ කියයි

මෙරට ටයිල් හා සනීපාරක්ෂක උපාංග නිෂ්පාදන කර්මාන්තයේ නිරත වී සිටි නිෂ්පාදකයින් හට ඔවුන් සතුව ගොඩගැසී තිබුණු සියලු තොග පසුගිය මාස කිහිපය තුළ දී අලෙවි කර ගැනීමට අවස්ථාව උදා වූ බව ලංකා ටයිල් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මහේන්ද්‍ර ජයසේකර මහතා පවසයි. මේ වන විට වෙළෙඳපොළේ මෙම භාණ්ඩ සම්බන්ධයෙන් පවතින හිඟය පිළිබඳව අද දෙරණ කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ජයසේකර මහතා…

(0)Comments | February 5, 2021 11:42 am

වැටුණු කොටස් වෙළෙඳපොළ යළි නැගිටියි – සියලු කොටස් ඒකක 238 කින් ඉහළට

පසුගිය ගනුදෙනු දින 3ක් පුරාවට අඛණ්ඩව මිල දර්ශකවල පහළ යාමක් වාර්තා වුව ද අද (03) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 238.09 ක වර්ධනයක් සනිටුහන් කිරීමට සමත්විය. මේ අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 8,243.41 ක් ලෙසින් සටහන් වූ අතර එය පෙර දිනයට සාපේක්ෂව 2.97% ක…

(0)Comments | February 3, 2021 4:13 pm

ලංකා IOC ලාභ 40%කින් ඉහළට

2020 දෙසැම්බර් 31 දිනෙන් අවසන් මූල්‍ය කාර්තුව තුළ දී ලංකා IOC සමාගම රු. මිලියන 686.92 ක බදු ගෙවීමෙන් පසු ලාභයක් වාර්තා කර ඇති බව සිය නවතම මූල්‍ය ප්‍රකාශන හරහා කියා සිටී. 2019 ඔක්තෝබර් – දෙසැම්බර් කාර්තුව තුළ දී සමාගම වාර්තා කර ඇති බදු පසු ලාභය රු. මිලියන 489.75 ක් වේ. ඒ අනුව පසුගිය කාර්තුව තුළ…

(0)Comments | February 3, 2021 2:18 pm

කටුනායක පිහිටි Ecocycle පෙරසැකසුම් ඒකකයේ ගින්න මැඬපැවැත්වේ

කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ පිහිටි INSEE Ecocycle ආයතන පරිශ්‍රයේ පිහිටි ගොඩනැගිල්ලක අද (2021 පෙබරවාරි 3 වැනිදා) අලුයම භාගයේ ගින්නක් ඇතිවිය. කෙසේ නමුත් ගුවන් හමුදාවේ, නාවික හමුදාවේ, කටුනායක නිදහස් වෙළෙඳ කලාප ගිනි නිවීමේ ඒකකයේ සහ කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ සහාය ලබාගනිමින්, වහාම ගින්න මැඬ පැවැත්වීමට අවශ්‍ය පියවර ගැනුණි. ඒ සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මඟපෙන්වීම ද…

(0)Comments | February 3, 2021 12:21 pm

ටයිල් ආනයන සීමා තවදුරටත් – නව ගැසට් නිවේදනය ක්‍රියාවට නැංවීම කල්යයි

ටයිල් ඇතුළු සෙරමික් නිෂ්පාදිත මෙරටට ආනයනය සම්බන්ධයෙන් පනවා තිබූ සීමා ලිහිල් කරමින් ඊයේ (02) දිනයේ දී නිකුත් කළ ගැසට් නිවේදනය ප්‍රකාරව කටයුතු කිරීම වළක්වාලමින්  ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව විසින් නව මෙහෙයුම් උපදෙස් නිකුත් කර තිබේ. ඒ අනුව ඊයේ (02) නිකුත් කරන ලද අංක 2213/8 අතිවිශේෂ ගැසට් පත්‍රයේ සඳහන් අංක 03 හා 04 රෙගුලාසි ක්‍රියාවට…

(0)Comments | February 3, 2021 11:22 am

ටයිල්, සෙරමික් නිෂ්පාදිත ආනයන සීමා ලිහිල් කෙරේ

ශ්‍රී ලංකාවට ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවන ලද සෙරමික් නිෂ්පාදන සම්බන්ධයෙන් පවතින ආනයන රෙගුලාසි ලිහිල් කරමින් නව ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. ඒ් අනුව අද (03) සිට සංයෝජිත වර්ගීකරණ ශීර්ෂ 69.05, 69.06,69.07,69.10, 69.11, 69.12,69.13 හා 69.14 යටතේ දක්වා ඇති සියලුම අයිතම සඳහා පැටවීමේ දිනයේ සිට දින 180කට පසු ඒම අයිතම සඳහා ගෙවීම් සිදුකළ යුතුය යන කොන්දේසියට යටත්ව…

(0)Comments | February 3, 2021 12:52 am