විදේශ විනිමය වෙළෙඳපොළේ ශ්‍රී ලංකා රුපියල මත යළිත් වරක් යම් ආකාරයක පීඩනයක් එල්ල වී ඇති බව දෛනික විනිමය අනුපාතික පිරික්සීමේ දී පෙනී යයි. මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව, අද (24) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 189.08 ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල දැක්වුණේ රු. 194.66 ක්…
මෙරට ලැයිස්තුගත මූල්‍ය සමාගම් දෙකක් වන ආපිකෝ ෆයිනෑන්ස් කම්පැනි පීඑල්සී හා ඇසෝසියේටඩ් මෝටර් ෆයිනෑන්ස් කම්පැනි පීඑල්සී යන මූල්‍ය සමාගම් දෙක ඒකාබද්ධ කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මූලික අනුමැතිය හිමිව තිබේ. 2020 දෙසැම්බර් 22 දින අදාළ අනුමැතීන් ලද බව එම සමාගම් දෙක කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී සිටී. ආපිකෝ ෆයිනෑන්ස් කම්පැනි පීඑල්සී හි 94.02%…
රටේ අනාගතය ගැන බලාපොරොත්තු තබා ගැනීමට නම් හැම අංශකින් ම රට ස්වයං පෝෂිත කළ යුතුයි – අගමැති රත්මලානේ පිහිටි රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ නව හෝමෝන පෙති හා කරල් නිෂ්පාදානාගාරය විවෘත කිරීමේ උත්සව අවස්ථාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) සිදුවිය. ‘අලුත් රටට අලුත් බෙහෙත්‘ සංකල්පය යටතේ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව විසින් අලුතින් නිෂ්පාදනය ඇරඹූ…
කුඩා තේ වතු හිමියන්ගේ ක්ෂේත‍්‍රයේ සාර්ථකත්වය පිළිබඳව සිහි තබා ගනිමින් මෙරට කලාපීය වැවිලි සමාගම් (RPCs) කම්කරු අමාත්‍ය හා වෘත්තීය සමිති නායකයින් සමඟ මෑතකදී සිදු කළ සාකච්ඡුා අතරතුර වතු කම්කරුවන්ගේ දෛනික ඉපැයීම් ඉහළ දැමීම අරමුණු කරගත් සාම්ප‍්‍රදායෙන් බැහැර වූ නව යෝජනා මාලාවක් ඉදිරිපත් කර ඇත. සාම්ප‍්‍රදායික දෛනික වැටුප් ආකෘතිය සහ කුඩා තේ වතුහිමියන්ගේ ක්ෂේත‍්‍රයේ විශාල සාර්ථකත්වයක්…
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව, අද (23) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 188.01 ක් හා විකුණුම් මිල රු. 193.05 ක් ලෙසින් සටහන් විය. මෙය 2020 මැයි 04 වනදායින් පසු එක්සත් ජනපද ඩොලරයක් වෙනුවෙන් වාර්තා වූ වැඩිම ගැණුම් හා විකුණුම් මිල ගණන් වේ. එදින ඩොලරයක ගැණුම් මිල රු. 188.37…
COVID-19 දුරලීමේ ජාතික ක්‍රියාන්විතය වෙනුවෙන් ගත් කාලෝචිත පියවරක් COVID-19 රෝගීන් පරික්ෂා කිරීමට හඳුනා ගැනීමට හැකි PCR යන්ත්‍රයක් ජාතික රෝහලට හිමි වූ ප්‍රථම අවස්ථාව වෛද්‍ය පරියේෂණ ආයතනයෙන් පරීක්ෂණ වාර්තා පැමිණීම සඳහා ගතවන පැය 48 ක කාලය මෙමගින් පැය හයකට සීමා කෙරේ පවතින ගෝලීය වසංගත තත්ත්වය හමුවේ රෝගීන් හඳුනා ගැනීමේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සඳහා හේමාස් සමාගම කොළඹ…
මෙරට ප්‍රමුඛතම ආයෝජන බැංකු සමාගමක් වන ඒසියා කැපිටල් පීඑල්සී විසින් නවරා කැපිටල් පාර්ට්නර්ස් ලිමිටඩ් හි 70% ක කොටස් අයිතිය අත්පත් කර ගන්නා බව ඊයේ (22) නිවේදනය කර සිටියේය. මේ සමඟම නැවත වරක් ඒසියා කැපිටල් සමාගම, කොටස් තැරැව්කරණ ව්‍යාපාරය සඳහා ප්‍රවේශ වීමට කටයුතු කරන බව එහි ප්‍රධාන විධායක ස්ටෙෆාන් අබේසිංහ මහතා සඳහන් කරයි. මේ වන විට…
ශ්‍රී ලංකාව හා යුක්රේනය අතර වෙළඳාම පුළුල් කිරීමට ඇති අවස්ථා ගවේෂණය කිරිමට යුක්රේනය සුදානම් බව යුක්රේනයේ විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය එච්.ඊ. ඩිම්ට්‍රෝ සෙනික් මහතා සදහන් කෙළේය. යුක්රේනයට අක්ත ගන්වා ඇති තුර්කියේ අන්කාරා හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලාංකික සහ යුක්‍රේන ව්‍යාපාරික ප්‍රජාව සමඟ “සහයෝගීතාවයේ අපේක්ෂා” පිළිබඳ අතථ්‍ය රැස්වීමක් සංවිධානය කර තිබුණි. ඉකුත්…
ශ්‍රී ලංකා – ලෙබනන් ද්විපාර්ශ්වික වෙළඳ සබඳතා වැඩි දියුණු කිරීමේ අරමුණින් යුතුව, 2020 දෙසැම්බර් 19 දින ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සංජීවක ආයුර්වේද නිෂ්පාදන (පුද්ගලික) සමාගම සමඟ එක්ව, චන්දනාලේප නිෂ්පාදන පෙළ ලෙබනනයේ බේරූට් සහ මවුන්ට් ලෙබනන් හි වාණිජ, කර්මාන්ත හා කෘෂිකර්ම මණ්ඩලයේ (CCIBML) රෆික් හරිරි ශාලාවේ දී දියත් කළේය. කොවිඩ්-19 වසංගතයේ අභියෝග මධ්‍යයේ වුවද, ශ්‍රී ලංකාවේ…
බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී හි කොටස් මිලියන 750 ක් එහි විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු වන කමන්ත අමරසේකර විසින් අද (22) දින මිල දී ගනු ලැබීය. මෙහිදී එක් කොටසක ගැනුම් මිල රු. 4.00 ක් වූ අතර ඒ අනුව මෙම කොටස් මිල දී ගැනීම සඳහා කමන්ත අමරසේකර විසින් ආයෝජනය කරන ලද සම්පූර්ණ මුදල රු. බිලියන 3 ක් වේ. මෙම…
Video Story