කොළඹ කොටස් වෙළෙඳපොළ තැරැව්කාර සමාගම් හා ශ්රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාව අතර හදිසි හමුවක් අද (11) පස්වරුවේ කැඳවා ඇති බව අද දෙරණ Biz වෙත වාර්තා වේ. ශ්රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාවේ සභාපති ජනාධිපති නීතිඥ විරාජ් දයාරත්න මහතාගේ ප්රධානත්වයෙන් මෙම හමුව පැවැත්වෙන අතර ඒ් සඳහා සියලු කොටස් තැරැව්කාර සමාගම් හි ප්රධානීන් සහභාගී…
කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද (11) දින පස්වරු 12.18 ට යළිත් වරක් අත්හිටුවනු ලැබීය. දිනය තුළ සාමාන්ය ගනුදෙනු අත්හිටුවනු ලැබූ දෙවන අවස්ථාව මෙයයි. S&P SL20 දර්ශක අගය පෙර දිනයට සාපේක්ෂව 7.50% ක් ඉක්මවා පහළ යාම මීට හේතුවයි. ගනුදෙනු අත්හිටුවන ලද අවස්ථාවේ දී S&P SL20 දර්ශක අගය 8.13% කින් පහළ ගොස් තිබුණි. කොළඹ කොටස් වෙළෙඳපොළ නිවේදනයක් නිකුත්…
කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද (11) පෙරවරු 11.45 ට අත්හිටුවන ලදී. පෙර දිනයට සාපේක්ෂව S&P SL20 දර්ශක අගය 5% ක් ඉක්මවූ ප්රමාණයකින් පහළ යාම මීට හේතුවයි. පස්වරු 12.15 ට ගනුදෙනු යළි ආරම්භ වීමට නියමිතය. දෛනික සාමාන්ය ගනුදෙනු අත්හිටුවනු ලබන අවස්ථාවේ දී පෙර දිනයට සියලු කොටස් මිල දර්ශකය ඒකක 337.00 කින් සහ S&P SL20 දර්ශකය ඒකක 162.06 කින් පහළ ගොස් තිබුණි.
අර්බුදයට පත් මූල්ය සමාගම්වල තැන්පත්කරුවන් හට ශ්රී ලංකා මහ බැංකුවේ ද්රවශීලතා අරමුදලෙන් රුපියල් ලක්ෂ 5 ක උපරිමයකට යටත්ව ගෙවීම් සිදුකිරීම සඳහා අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්යවරයා වශයෙන් උපදෙස් ලබා දුන් බව මුදල්, ප්රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්ය ව්යවසාය ප්රතිසංස්කරණ රාජ්ය අමාත්ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. ඊයේ (10) මාධ්යවේදීන් වෙත රාජ්ය අමාත්යවරයා මේ බව අනාවරණය…
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක අද (10) දිනයේ දී දරුණු කඩාවැටීමකට ලක්විය. මෙහිදී දිනය තුළ සියලු කොටස් මිල දර්ශක අගය ඒ්කක 231.34 කින් දැවැන්ත ලෙස පහළ ගිය අතර එය පෙර දිනයට සාපේක්ෂව 2.90% ක පහළ යාමකි. මේ අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒ්කක 7,732.43 ක් ලෙසින් වාර්තා විය. කොළඹ කොටස් වෙළෙඳපොළ…
මැණික් හා ස්වර්ණාභරණ පනතට අනුව මැණික් පතල් කැණීම ,විකිණීම ඇතුළු ක්රියාවලියට අදාල ගාස්තුවලට අදාල ගැසට් පත්රය පාර්ලිමේන්තුවේ අනුමැතිය සදහා ඉදිරිපත් කිරීමට ඊයේ ( 09) පාර්ලිමේන්තුවේදී පැවති කර්මාන්ත කටයුතු පිළිබද අමාත්යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය හිමිවිය. 1993 අංක 50 ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරි පනත යටතේ සාදන ලද, 2020 මාර්තු මස 02 දින පළ කරන ලද…
ශ්රී ලංකාවට ආනයනය කරනු ලබන කිරිපිටි වෙනුවෙන් දරනු ලබන පිරිවැය පසුගිය වසර කිහිපය පුරාවට ක්රමයෙන් පහළ ගොස් තිබේ. පාර්ලිමේන්තු මන්ත්රී බුද්ධික පතිරණ මහතා යොමු කළ ප්රශ්නයකට පිළිතුරු දෙමින් මුදල් අමාත්යවරයා වශයෙන් අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව අද (10) දින පාර්ලිමේන්තුවේ දී අනාවරණය කළේය. ඒ් අනුව කිරිපිටි ආනයනය වෙනුවෙන් 2019 දී ඇමරිකානු ඩොලර් මිලියන 0.7ක…
2021 ජනවාරි මාසයේදී ශ්රී ලංකාවට පැමිණි මුළු ජාත්යන්තර සංචාරකයින් සංඛ්යාව 1,682 ක් බව ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්යාලේඛන පෙන්වා දේ. කොවිඩ්-19 වසංගතය හේතුවෙන් 2020 මාර්තු 18 වන දින සිට මාස 10 ක කාලයක් සංචාරකයින් සඳහා රට වසා දැමීමෙන් පසු 2021 ජනවාරි 21 වන දින ශ්රී ලංකාව නැවත වරක් ජාත්යන්තර සංචාරකයින්ට විවෘත විය. පසුගිය…
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (09) දිනයේ දී ඒකක 8,000 සීමාවන් මෙපිටට පැමිණියේය. ඉතිහාසයේ පළමු වතාවට පසුගිය ජනවාරි 21 දින සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 8,000 සීමාව ඉක්මවා ගිය අතර ඉන් පසු එයින් මෙපිටට එය පැමිණි පළමු අවස්ථාව මෙයයි. දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය පෙර දිනයට සාපේක්ෂව ඒකක 149.49…
ශ්රීලංකන් ගුවන් සේවය හි ශ්රීලංකන් හොලිඩේස් අංශය සහ BMICH ආයතනය දිවයිනේ MICE සංචාරක ව්යාපාරය ප්රවර්ධනය කිරීම සඳහා නව ගිවිසුමකට එළඹ තිබේ. මෙරට ප්රධාන පෙළේ ක්ෂේත්ර දෙකක පුරෝගාමීන් දෙදෙනෙකු අතර ඇතිකරගත් මෙම නව ගිවිසුම මඟින් අනාගතයේ දී ශ්රී ලංකාව ප්රධාන MICE ගමනාන්තයක් ලෙස ස්ථානගත කිරීම තවදුරටත් ශක්තිමත් කරනු ඇත. BMICH යනු බහුවිධි ජාත්යන්තර සමුළු සහ සම්මන්ත්රණ…
Video Story