“බයෝ බබල් (Bio bubble) එක කැලේ. යාල එහෙම යන කොට, ඒ බයෝ බබල් එකේ ඉන්න කට්ටියට පමණයි, මේ කට්ටියට හයර් කරන්න පුළුවන්. වෙන ජීප්වල ගිහිල්ලා තියෙන්නේ. සම්පූර්ණයෙන්ම අර තිබිච්ච ප්ලෑන් එක කුඩුපට්ටම් වෙලා ගිහිල්ලා. දවස් 14ක් ඉන්න ඕනේ හැමෝම, නිරෝධායනේ. හැබැයි මේ කට්ටිය ඉන්නේ දවස් 7යි. එතකොට එක රටක් එක නීතියක් ද? රජය විසින් සම්මත…
මෙරට විදේශ විනිමය සංචිතය ශක්තිමත් කිරීමේ අරමුණින් චීනය සහ ඉන්දියාව සමඟ නුදුරේදීම විනිමය හුවමාරු (currency swap) පහසුකම් වැඩසටහන් සඳහා යොමු වීමට ශ්‍රී ලංකා රජය පියවර ගෙන ඇති බව වාර්තා වේ. මේ අනුව චීන මහ බැංකුව (People’s Bank of China) සහ ඉන්දීය සංචිත බැංකුව (Reserve Bank of India) වෙතින් මෙම විනිමය හුවමාරු පහසුකම් ලබා ගැනීමට නියමිත…
ජාතික තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ (ICT) විසඳුම් සම්පාදක ලෙස අසමසම බලවේගයක් ගොඩනගමින් ශ්‍රී ලංකා ටෙලිකොම් (SLT) සහ SLT මොබිටෙල් සිය ඒකාබද්ධ සන්නාම අනන්‍යතාව 2021 ජනවාරි මස 01 වනදා ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන කාර්යාලයේදී ජනගත කළේය. එම සන්නාම දෙකෙහි සේවා ඒකාබද්ධ කෙරෙන එම ඓතිහාසික අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහ සභාපති රොහාන් ප්‍රනාන්දු, එම සමූහයේ ප්‍රධාන…
බැංකොක් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සිය නව නිල වෙබ් අඩවිය වන www.bangkok.embassy.gov.lk පසුගිය දා (30) දියත් කළේය. මෙම නවීකරණය කරන ලද වෙබ් අඩවිය ශ්‍රී ලංකාව සහ තානාපති කාර්යාලයේ සේවාවන් පිළිබඳ පුළුල් පරාසයක තොරතුරු ලබා ගැනීම සඳහා පරිශීලක හිතකර ප්‍රවේශයක් ලබා දෙනු ඇතැයි බැංකොක් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරයි. අදාළ තොරතුරු අන්තර්ජාලය හරහා…
කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ සුවිශේෂී සංධිස්ථාන රැසක් සනිටුහන් කිරීමට 2020 වසරේ දී අවස්ථාව ලැබී ඇත. මෙහිදී කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය වසර තුළ දී 10.5% ක කැපී පෙනෙන වර්ධනයක් සනිටුහන් කර තිබේ. වසර 35 ක කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ අවස්ථා 12 කදී පමණක් සියලු කොටස් මිල දර්ශකය ඉලක්කම් දෙකක වර්ධනයක් අත්පත් කරගෙන ඇති අතර මෙය…
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 නොවැම්බර් මාසයේ පැවති සියයට 4.1හි සිට 2020 දෙසැම්බර් මාසයේ දී සියයට 4.2 දක්වා සුළු වශයෙන් ඉහළ ගියේය. ආහාර සහ ආහාර නොවන යන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ ඉහළ යෑම් මේ සඳහා හේතු විය. මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික…
1950 අගෝස්තු මාසයේ දී සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කළ ශ්‍රී ලංකා මහ බැංකුව ශ්‍රී ලංකාවේ සමෘද්ධිය උදෙසා සුවිශේෂී හා වටිනා දායකත්වයක් ලබා දෙමින් වසර 70 ක් සම්පූර්ණ කර ඇත. සිය 70 වන සංවත්සරය සංකේතවත් කරමින්, පහත සඳහන් ප්‍රධාන ලක්‍ෂණ සහිත මුහුණත වටිනාකම රුපියල් 20 ක් වන සංසරණය සඳහා නොවන සමරු කාසියක් නිකුත් කිරීමට ශ්‍රී ලංකා…
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරනු ලබන දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (31) දින එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 184.12 ක් සහ විකුණුම් මිල රු. 189.18 ක් ලෙසින් වාර්තා වී තිබේ. මෙය පසුගිය දෙසැම්බර් 16 වන දිනෙන් පසු එක්සත් ජනපද ඩොලරයක් වෙනුවෙන් වාර්තා වූ අවම ගැනුම් සහ විකුණුම් මිල ගණන් වේ….
ඕමානය සඳහා ශ්‍රී ලංකා කාන්තා ගෘහ සේවිකාවන් බඳවා ගැනීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම මෙන්ම, මිනිස් ජාවාරම වැළැක්වීම ඇතුළුව කරුණු කිහිපයක සම්බන්ධයෙන් කම්කරු සබඳතා හා පුහුණු පිළිබඳව ඕමානය හා ශ්‍රී ලංකාව අතර එළඹ ඇති ගිවිසුම අනුව සාකචිඡා කිරිමේ 04 වැනි ඒකාබද්ධ තාක්ෂණික කමිටු රැස්වීම අන්තර්ජාලය ඔස්සේ ඉකුත් දා පැවැත්විණ. ඕමාන් සුල්තාන් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ්…
අලුතින් නිර්මාණය කරන ලද තාක්‍ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස නික්ම යන ජයන්ත ද සිල්වා මහතා වෙනුවට මහාචාර්ය ලලිත් ගමගේ මහතා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ නව සභාපතිවරයා ලෙස පත් කර ඇත. මහාචාර්ය ගමගේ 2021 ජනවාරි 01 වන දින සිය පදවියේ කටයුතු භාර ගැනීමට නියමිතය. මහාචාර්ය ලලිත් ගමගේ 1999 දී ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) පිහිටුවීමේ…
Video Story