අද (05) දින කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු පිරිවැටුම රු. බිලියන 6 සීමාව ඉක්මවා යනු ලැබීය. ඒ අනුව දිනය අවසානයේ දී වාර්තා වී තිබූ පිරිවැටුම රු. බිලියන 6.18 කි. මේ අතර කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය ඒකක 83.88 කින් ඉහළ ගොස් දිනය අවසානයේ දී ඒකක 6,978.86 ක් ලෙසින් වාර්තා විය….
හඳුනාගත් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය අරමුදල් කොරියානු අපනයන – ආනයන බැංකුවේ ආර්ථික සංවර්ධන සහයෝගිතා අරමුදලින් සලසා ගැනීම පිණිස කොරියානු ජනරජය හා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය අතර කාර්යරාමු එකඟතාව සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. දෙරට අතර පවතින ආර්ථික සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අරමුණින් දෙපාර්ශ්වය විසින් අන්‍යොන්‍ය වශයෙන් එකඟ වන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම…
ඉඩම් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය ඩිජිටල් සේවාවක් බවට පත්කිරීම ආරම්භ කෙරේ. කොළඹ දිස්ත්‍රික්කයෙන් ප්‍රථම පියවර ආරම්භ කරන ලද මෙම ක්‍රියාවලිය මෙම වසර අවසන් වන විට දිවයින පුරා ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාල 45 ක ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඒ සදහා වු ඉ-ඉඩම් (e-land) මෘදුකාංගය නිල වශයෙන් ක්‍රියාත්මක කිරීම පසුගිය (04) දා කොළඹ ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේදී සිදු කෙරිණි….
රට තුළ පවතින විදේශ මුදල් සංචිත මට්ටම ආරක්ෂා කරගැනීමේ අරමුණින් සහ කොවිඩ්-19 (Covid-19) වසංගත තත්ත්වය නිසා ශ්‍රී ලංකාවේ ආර්ථිකය කෙරෙහි ඇතිවිය හැකි සෘණාත්මක බලපෑම සලකා බැලීමෙන්, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ නිර්දේශය මත පදනම්ව පාර්ලිමේන්තුවේ අනුමැතිය සහිතව ගරු මුදල් අමාත්‍යවරයා විසින් 2020 ජූලි 2 දිනැති අංක 2182/37 දරන අතිවිශේෂ ගැසට් නිවේදනයෙහි පළ කරන ලද…
කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවේ වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ අගය ඊයේ (04) දිනයේ දී රුපියල් ට්‍රිලියන 3 සීමාව ඉක්මවා යන ලදී. මේ අනුව ඊයේ දින ගනුදෙනු අවසානයේ දී වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ අගය රු. 3,013,426,581,096/- ක් ලෙසින් වාර්තා විය. වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය අනුව කොළඹ කොටස් වෙළෙඳපොළේ විශාලතම සමාගම වන්නේ ලංකා දුම්කොළ සමාගමයි. එහි වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ වටිනාකම රු. බිලියන 211 ක් වේ….
ශ්‍රී ලාංකීය නේවාසිකයන් සඳහා සිදු කරන ගෙවීම් ලබා ගැනීමට පහසුකම් සැලසීමට මහ බැංකුව පේපෑල් යෙදවුම් (PayPal) වැනි ජාත්‍යන්තර ගෙවීම් සේවා සපයන්නන් සමඟ දැනටමත් සාකච්ඡා ආරම්භ කර ඇති අතර, ඒ සම්බන්ධව ධනාත්මක ප්‍රතිඵල නුදුරේ දී බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති, දේශමාන්‍ය මහාචාර්ය ඩබ්. ඩී. ලක්ෂ්මන් මහතා පවසයි. “පෙර දැක්ම 2021“ ‘2021 සහ ඉදිරිය…
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව ( COPE ) ජනවාරි මස තුළ දී රාජ්‍ය ආයතන 05ක විගණන කටයුතු පරීක්ෂාවට ලක් කිරීමට නියමිත බව එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය. එලෙස කැඳවා ඇති ආයතන අතර මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව අරමුදල, ශ්‍රී ලංකා ඛණිජ තෙල් සංස්ථාව, පොල් සංවර්ධන අධිකාරිය ද වේ. කෝවිඩ් 19 සෞඛ්‍ය රෙගුලාසීන්ට අනුව ආරක්ෂිත…
2021 වර්ෂයේ මුල් වරට කොළඹ කොටස් වෙළෙඳපොළ අද (04) දින ගනුදෙනු සඳහා විවෘත විය. මෙහිදී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 120.76 ක දැවැන්ත වර්ධනයක් වාර්තා කරන ලදී. මේ අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය 6,894.98 ක් ලෙසින් සටහන් වූ අතර මෙය පූර්ව ගනුදෙනු දිනය හා…
ඉදිරියේ දී රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව (SMIB), නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථාව (HDFC) සහ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව (PSB) ඒකාබද්ධ කරමින් ස්ථාපනය කිරීමට යෝජිත ජාතික සංවර්ධන බැංකු සංස්ථාව (NDBC) පිහිටුවීම සඳහා මහ බැංකුව රජය සමඟ සමීපව කටයුතු කරමින් පහසුකම් සැලසීම සිදුකරනු ලබන බව “පෙර දැක්ම 2021“ ‘2021 සහ ඉදිරිය සඳහා මුදල් සහ මූල්‍ය අංශ ප්‍රතිපත්ති‘ ඉදිරිපත්…
2020 සිව්වන කාර්තුවේ ප්‍රවණතා නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ආර්ථිකය 2020 වසර තුළ දී සියයට 3.9 ක පමණ සංකෝචනය වීමක් වාර්තා කරනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති දේශමාන්‍ය, මහාචාර්ය ඩබ්. ඩී. ලක්ෂ්මන් මහතා පවසයි. “පෙර දැක්ම 2021“ ‘2021 සහ ඉදිරිය සඳහා මුදල් සහ මූල්‍ය අංශ ප්‍රතිපත්ති‘ ඉදිරිපත් කරමින් මහ බැංකු අධිපතිවරයා අද (04) දින මේ බව…
Video Story