Top News

පරිසර ආරක්ෂණය සඳහා ශ්‍රී ලංකාවේ ඇති කැපවීම එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ඇගැයීමට ලක්වෙයි

දේශගුණික විපර්යාසයන්ගේ බලපෑම් පිළිබඳව කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකාව ගත් පියවර සහ පරිසර ආරක්ෂණය කෙරෙහි ශ්‍රී ලංකාවේ ඇති කැපවීම එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ඇගැයීමට ලක්ව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නේවාසික සම්බන්ධීකාරක රොබට් ජුක්හැම් මහතා සඳහන් කරයි. 2020 එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ මානව සංවර්ධන වාර්තාවේ පිටපතක් ඉකුත් 5 වන දින විදේශ අමාත්‍යාංශයේ දී විදේශ අමාත්‍ය…

(0)Comments | January 7, 2021 10:55 am

ශ්‍රී ලංකා ටෙලිකොම්, විපක්ෂ නායකතුමාගේ පදනම් විරහිත ප්‍රකාශ ප්‍රතික්ෂේප කරයි

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම සිය සන්නාමය වෙනස් කිරීම සඳහා රු. බිලියන 2 ක මුදලක් වැය කළ බවට විපක්ෂ නායකතුමා 2021 ජනවාරි මස 5 වනදා පාර්ලිමේන්තුවේදී සිදු කළ ප්‍රකාශය මුළුමනින් ම ප්‍රතික්ෂේප කරන බවත්, එය කිසිඳු පදනමකින් තොර අසත්‍ය ප්‍රකාශයක් බවත් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම ප්‍රකාශ කර සිටී. විපක්ෂ නායකතුමා වැඩිදුරටත් සඳහන් කර සිටියේ, එම මුදල්…

(0)Comments | January 6, 2021 5:27 pm

සති 10කට පසු සාර්ථක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්. රු. මිලියන 40,000 ක් රැස් කර ගනී

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අද (06) දින පවත්වන ලද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී රුපියල් මිලියන 40,000 ක බිල්පත් නිකුත් කර තිබේ. මෙහිදී එක් එක් කල්පිරීමේ කාණ්ඩ අනුව පොළී අනුපාතික දින 90 – 4.71% ක්, දින 182 – 4.80% ක් හා දින 364 – 5.05% ක් වශයෙන් විය. අද දින වෙන්දේසිය සඳහා…

(0)Comments | January 6, 2021 5:22 pm

කොටස් වෙළෙඳපොළෙන් වාර්තාගත රු. බිලියන 7 ක දෛනික පිරිවැටුමක් සමගින් සියලු කොටස් මිල දර්ශකය ඒකක 7,000 සීමාව පසුකරයි

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (06) දින ගනුදෙනු අවසානයේ දී ඒකක 7,036.76 ක් ලෙසින් වාර්තා වූ එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 57.90 ක ඉහළ යාමක් වේ. 2015 නොවැම්බර් 24 දිනට පසු ඒකක 7,000 සීමාව කරා සියලු කොටස් මිල දර්ශකය පැමිණි පළමු අවස්ථාව මෙයයි. 2021 වසරේ පළමු ගනුදෙනු දින 3 තුළ දී මේ…

(0)Comments | January 6, 2021 4:23 pm

වසර 5 කට පසු මුල් වරට සියලු කොටස් මිල දර්ශකය හත්දහසේ සීමාව පසුකරයි

කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (06) දින ගනුදෙනු අතරවාරයේ දී ඒකක 7,000 කඩඉම පසුකරනු ලැබීය. 2015 නොවැම්බර් 24 දිනෙන් පසු සියලු කොටස් මිල දර්ශකය ඒකක 7,000 සීමාව පසුකරන ලද පළමු අවස්ථාව මෙයයි. කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ පළමු වරට 2010 ඔක්තෝබර් 01 දින සියලු කොටස් මිල දර්ශක අගය…

(0)Comments | January 6, 2021 2:04 pm

නැගෙනහිර ජැටියේ කළමනාකරණය හා මුළු අයිතිය හෝ අයිතියෙන් කොටසක් හෝ විදේශ සමාගමකට පැවරීමට තීරණය කර නොමැත – අගමැති පාර්ලිමේන්තුවේ දී කියයි

කොළඹ වරායේ නැගෙනහිර ජැටියේ කළමනාකරණය හා මුළු අයිතිය හෝ අයිතියෙන් කොටසක් හෝ විදේශ සමාගමකට පැවරීමට තීරණය කර නොමැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. අද (06) දින පාර්ලිමේන්තුවේ දී අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි. ගරු කථානායකතුමනි, 2005 වර්ෂයේ සිට 2015 වසර…

(0)Comments | January 6, 2021 1:48 pm

ශ්‍රී ලංකා සෞඛ්‍ය බලධාරීන් සමඟ සාකච්ඡාවක් – ස්පුට්නික් V එන්නතෙහි කාර්යක්ෂමතාව 91.4% බව රුසියානු පර්යේෂණ ආයතනය අවධාරණය කරයි

සායනික අත්හදා බැලීමේ අවසාන විශ්ලේෂණය මත පදනම්ව, ස්පුට්නික් V එන්නතෙහි කාර්යක්ෂමතාව 91.4% කට වඩා ඉහළ බව තහවුරු කොට ඇති බව රුසියානු ගමලෙයා පර්යේෂණ ආයතනය අවධාරණය කර තිබේ. ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශය, රුසියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රුසියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග හා ක්ෂුද්‍රජීව විද්‍යා පිළිබඳ ගමලේයා පර්යේෂණ ආයතනය අතර ඉකුත් 29 දා පැවැති අන්තර්ජාල රැස්වීමකදී මේ…

(0)Comments | January 6, 2021 12:23 pm

ප්‍රමාද වී හෝ රට විවෘත කිරීම හොඳ දෙයක් – හිරාන් කුරේ

ප්‍රමාද වී හෝ සංචාරකයින් වෙනුවෙන් රට විවෘත කිරීම හොඳ දෙයක් බවත්, අනෙක් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාව ඉතා හොඳින් කොවිඩ්-19 තත්ත්වය පාලනය කර ඇති බවත් සංචාරක උපදේශක කමිටුවේ සභාපති සහ මෙරට ප්‍රමුඛ පෙළේ හෝටල් ජාලයක් වන ජෙට්වින් සිම්ෆනි පීඑල්සී හි සභාපති හිරාන් කුරේ මහතා පවසයි. අද දෙරණ BIG FOCUS සජීවී සංවාදාත්මක වැඩසටහන හා එක්වෙමින් (05) ඒ…

(0)Comments | January 6, 2021 11:35 am

Packaging කර්මාන්තරුවන්ගේ ගැටළුවලට විසදුම් ලබාදීමට උපදේශක කමිටුවක්

ඇසුරුම් ක්ෂේත්‍රයේ (Packaging) කර්මාන්තකරුවන්ගේ ගැටළු වලට විසදුම් ලබාදීමට උපදේශක කමිටුවක් පත් කිරීම සහ ඔවුන්ගේ ගැටළු පිළිබද සාකච්ජා කිරීමේ අරමුණින් ඇසුරුම් ක්ෂේත්‍රයේ (Packaging) කර්මාන්තකරුවන්ගේ සහභාගිත්වයෙන් සාකච්ජාවක් පසුගිය දා (04) කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශයේදී පැවැත්විණි. ඇසුරුම් ක්ෂේත්‍රයේ (Packaging) නිෂ්පාදන ක්ෂේත්‍රය මුහුණපා ඇති ගැටළු පිළිබදව නිෂ්පාදකයින් මෙහිදී අමාත්‍යවරයාගේ අවධානය යොමු කරන ලදි. එම ක්ෂේත්‍රයේ භාවිතා…

(0)Comments | January 6, 2021 10:45 am

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමෙහි ව්‍යාපාර කටයුතු අත්හිටුවීම තවත් මාස 06කට දීර්ඝ කෙරේ

ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ නිකුත් කරන ලද නියෝගයන්ට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදුකරගෙන යාමේ අරමුණින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින්, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රාථමික අලෙවිකරුවෙකු විසින් කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් අත්හිටුවීම, 2021 ජනවාරි මස 05 වැනි දින…

(0)Comments | January 5, 2021 4:59 pm