ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම බැංකුව මෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ ක‍්‍රියා කරන ප‍්‍රමුඛතම බැංකුව හැටන් නැෂනල් බැංකුව ප‍්‍රංශ සංවර්ධන බැංකුවට Agence Française de Développement (AFD) අනුබද්ධිත සංවර්ධන මූල්‍ය ආයතනයක් වන PROPARCO සමඟ සන්ධිස්ථානමය ගිවිසුමකට එළැඹෙමින් ඇමරිකානු ඩොලර් මිලියන 60ක අරමුදලක් ලබා ගත් බව නිවේදනය කර ඇත. මෙම සහයෝගීතාවයට එළැඹෙමින් HNB හි…
USAID PARTNER ව්‍යාපෘතිය සහ ලංකා වාණිජ මණ්ඩලය විසින් සිදු කරන ලද, COVID-19 බලපෑම් පිළිබද නවතම සමීක්ෂණය පෙන්වා දෙයි. ඉදිරි මාස 12 තුළ රටේ ආර්ථිකය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ දැක්ම ධනාත්මක වන අතර එම කාලසිමාව ඇතුලත අපනයන ව්‍යාපාර වල සහ රටේ ආර්ථිකයෙහි මධ්‍යස්ථ වර්ධනයක් අපේක්ෂා කරන බවත් ලංකා වාණිජ මණ්ඩලය (CCC) සහ එක්සත් ජනපදයේ අන්තර්ජාතික…
ශ්‍රී ලංකා රජයේ සෞඛ්‍ය සේවා අංශයන් මගින් කෝවිඩ් 19 වෛරසය වැළැක්වීම සඳහා ගනු ලබන සියලු ක්‍රියාමාර්ගයන් පිළිපදිමින් එම නියාමනයන්ට අනුකූලව අනුමැතිය ලද විට,ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ඕනෑම අවස්ථාවක පැවැත්වීමට තමන් සූදානම් බව මෙම තරගාවලිය සංවිධානය කරන ඩුබායි මූලස්ථානය කරගත් IPG ආයතනය නිවේදනය කරයි. මේ වන විට ක්‍රීඩකයින්, කණ්ඩායම් හිමිකාරීත්වයන් සහ තරග විකාශන සමාගම් ආදිය තීරණය…
ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප‍්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා පසුගියදා ගිනිගත්හේන ලොනාච් වතුයායේ පිහිටි වටවල ඬේරි ලිමිටඞ් සමාගමට අයත් වටවල කිරි ගොවිපොළ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී විය. නවීනතම පහසුකම්වලින් සමන්විත මෙම වටවල ඬේරි ලිමිටඞ් සමාගම, මෙරට ප‍්‍රධාන පෙළේ විවිධාංගීකරණය වූ කෘෂිව්‍යාපාරික සමාගමක් වන වටවල වැවිලි සමාගමේ 100%ක හිමිකාරීත්වය සහිත…
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් “මෑතකාලීන ආර්ථික ප්‍රවණතා: 2020 සුවිශේෂ සිදුවීම් සහ 2021 අපේක්ෂා” ප්‍රකාශනය එළිදක්වන ලදී. මෙම ප්‍රකාශනය ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙබ් අඩවිය හරහා භාෂා ත්‍රිත්වයෙන් ම බාගත කර ගැනීමට හැකියාව ඇත.* ආර්ථික ප්‍රවණතා යාවත්කාලීන කිරීමට අමතරව, 2020 ඔක්තෝබර් මස මැද දක්වා ඇති තොරතුරු සැලකිල්ලට ගනිමින්, 2020 අප්‍රේල් මාසයේ දී ප්‍රකාශයට පත් කරන…
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (2013 = 100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 ඔක්තෝබර් මාසයේ දී සියයට 4.0හි නො වෙනස් ව පැවති අතර, 2019 ඔක්තෝබර් මාසයේ පැවති ඉහළ පදනම් අගය හේතුවෙන් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා හේතු විය. මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2020 සැප්තැම්බර් මාසයේ පැවති සියයට 11.5හි…
ලාංකීය ජනතාව වෙත උපකාරයක් අවැසි සෑම මොහොතකම පෙරට එමින් ඔවුන් වෙත සහායවීම සදහා සිය ප්‍රජා සේවාවන් ඉදිරියට ගෙනයන, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, කොවිඩ් 19 වෛරස තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාව වෙත සහන සැලසීමේ ‘මනුසත් දෙරණ සමඟ ඩයලොග් ක‍්‍රියාන්විතයේ’ දෙවන අදියර පසුගියදා ආරම්භ කරනු ලැබීය. මෙම මෙහෙයුම් කාර්ය තුළදී, එම…
රජය නිරෝධායන ඇඳිරිනීතිය ප්‍රකාශයට පත්කිරීමත් සමඟ එම ප්‍රදේශවල පවතින ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් කර්මාන්ත ශාලාවන් හි නිෂ්පාදන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වැඩිදුරටත් මෙසේ කියා සිටී. ආයෝජන කලාපවලින් බැහැරව ඇති ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ලියාපදිංචි කර්මාන්තශාලා ද මේ අනුවම ක්‍රියාත්මක…
නිල නිවේදනය: සේවා නියුක්තිකයන් පිරිසකට COVID-19 වැළඳී ඇති බව තහවුරු වීමත් සමග හොරණ බොඩිලයින් (පුද්.) සමාගම වහා නිසි පියවරයන් අනුගමනය කරයි. MAS සමූහ ව්‍යාපාරය කවදත් සිය ප්‍රමුඛත්වය ලබාදෙනුයේ සාමාජික සාමාජිකාවන්ගේ ආරක්ෂාව වෙනුවෙනි. හොරණ පිහිටි බොඩිලයින් කර්මාන්තශාලාවටද මෙය එලෙසම අදාළ වන අතර, ඒ වෙනුවෙන් දැඩි සෞඛ්‍ය හා ආරක්ෂිත ක්‍රමවේද එහි ක්‍රියාත්මක කර තිබේ. ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය…
කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු හෙට (02) දිනයේ සිට සාමාන්‍ය අයුරින් සිදුවන බව නිවේදනයක් නිකුත් කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළ පවසයි. බස්නාහිර පළාතට බලපැවැත්වෙන පරිදි ඉදිරි සතිය පුරාවටම නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබුණ ද කොටස් වෙළෙඳපොළ දෛනික මෙහෙයුම් මේ අනුව සාමාන්‍ය පරිදි සිදුකෙරෙනු ඇත.
Video Story