Top News

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල කර්මාන්තශාලාවල පමණක් දින 20ක් තුළදී PCR පරීක්ෂණ 26,500කට වැඩි ප්‍රමාණයක් – අධ්‍යක්ෂ ජනරාල් සංජය මොහොට්ටාල

මෙම මස 08දා සිට 28 දින දක්වා දින 20 කාලය තුල ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක කර්මාන්ත ශාලා තුල පමණක්  PCR පරීක්ෂණ 26,500කට වැඩි ප්‍රමාණයක් සිදුකර ඇති බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් සංජය මොහොට්ටාල මහතා පවසයි. ආයෝජන ප්‍රවර්ධන කළාප 14 තුල පමණක් PCR පරීක්ෂණ 16527 ක් සිදු කර ඇත.තවත් පරීක්ෂණ වාර්තා 495 ක් ලැබීමටද නියමිතය. ඒ අනුව කොවිඩ් ආසාධිතයින් 423 දෙනෙකු හදුනාගෙන ඇත. කටුනායක කළාපයෙන් 411 දෙනෙකු හා බියගම කළාපයෙන් 12 මේ අතර වේ….

(0)Comments | October 30, 2020 2:09 pm

ඉන්දියාවේ ඇක්සිස් බැංකුවේ ඉල්ලීම මහ බැංකුව පිළිගනී. බලපත්‍රය අද සිට අහෝසියි

ඉන්දියාවේ ඇක්සිස් බැංකුව විසින් 2019 වසරේදී එම බැංකුවේ ගෝලීය මෙහෙයුම් පිළිබඳව ගන්නා ලද ප්‍රතිපත්තිමය තීරණය මත කරන ලද ඉල්ලීම සලකා බලා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 1988 අංක 30 දරණ බැංකු පනතේ විධිවිධාන ප්‍රකාරව, ඇක්සිස් බැංකුව කොළඹ ශාඛාවේ ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කටයුතු වසා දැමීමට සහ එම බැංකුව සදහා නිකුත් කර ඇති බලපත්‍රය අවලංගු…

(0)Comments | October 30, 2020 10:51 am

රාජා එදිරිසුරිය කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ නව විධායක ව්‍යාපෘති කළමනාකරණ අධ්‍යක්ෂ 

  2020 ඔක්තෝබර් 28, කොළඹ: රාජා එදිරිසුරිය මහතා, කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියේ නව විධායක ව්‍යාපෘති කළමනාකරණ අධ්‍යක්ෂ ලෙස වැඩ භාරගත්තේය. ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ලෙස මෙම පත්කිරීම සිදු කර තිබේ. ඒ ඊට අදාලව ඉදිරිපත්කරනු ලැබූ කැබිනට් පත්‍රිකාවකට කැබිනට් මණ්ඩලයෙන් ලද අනුමැතිය මගිනි. මීට පෙර රාජා එදිරිසුරිය මහතා නාගරික…

(0)Comments | October 30, 2020 9:52 am

EPF සේවාවන් අඛණ්ඩව ලබා දීමට විධිවිධාන සලසයි

ශ්‍රී ලංකා මහ බැංකුවෙහි සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව මගින් සිය පාර්ශ්වකරුවන් වෙත අඛණ්ඩ ව සේ.අ.අ. ආශ්‍රිත සේවාවන් ලබාදීම සදහා සකසා ඇති විධිවිධාන කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් රට තුළ පවතින දුෂ්කරතා මධ්‍යයේ සිය සේවාවන් අඛණ්ඩ ව සැපයීම සඳහා යොදා ඇති විධිවිධාන පිළිබඳ ව ශ්‍රී ලංකා මහ බැංකුවෙහි සේවක අර්ථසාධක අරමුදල් (EPF) දෙපාර්තමේන්තුව සිය පාර්ශ්වකරුවන් දැනුම්වත් කිරීමට…

(0)Comments | October 29, 2020 7:08 pm

ඇමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස්හි දී ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලයක් ආරම්භ වෙයි

ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලයක් ඇමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස්හි දී ඉකුත්දා ආරම්භ කෙරෙණි. එහි නව කොන්සල්වරිය ලෙස දක්ෂිණි සේනානායක මහත්මිය විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පත් කර තිබේ. මෙම පත් කිරීම පිළිබඳ ලිපිය දක්ෂිණි සේනානායක මහත්මියට බාර දීමේ චාම් උත්සවයක් ඉකුත්දා හූස්ටන් නගර ශාලාවේදී පැවැත්විණි.  එහිදී ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති රොඩ්නි පෙරේරා මහතා සේනානායක මහත්මියට  පත්වීමේ…

(0)Comments | October 29, 2020 2:20 pm

ෆයිබර්ග්ලාස් භාණ්ඩ නිෂ්පාදනයට ශ්‍රී ලංකා – ඕමාන සහයෝගීතා වැඩසටහනක්

ශ්‍රී ලංකාවේ හා ඕමානයේ පෞද්ගලික සමාගම් එක්ව ෆය්බර්ග්ලාස් නිෂ්පාදනය, කලාපය තුළ ව්‍යාප්ත කීරීමට අදාළ අන්තර් ව්‍යාපාර අන්තර්ජාල හමුවක් ඉකුත්දා පැවැත්විණ. ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය එක්ව ඕමානයේ ෆයිබර්ග්ලාස් සහ ඇක්‍රිලික් නිමි භාණ්ඩ පිළිබඳ ජනප්‍රිය නිෂ්පාදන සමාගමක් වන අල් හිලාල් ෆයිබර් ඇන්ඩ් ඇක්‍රිලික් ඉන්ඩස්ට්‍රි එල්එල්සී සමාගම සහ ශ්‍රී ලාංකික සමාගම් වන…

(0)Comments | October 29, 2020 1:51 pm

ශ්‍රී ලංකාවේ සංවර්ධනයට නොපැකිළ උදව් කරන්න සූදානම් – ඇමෙරිකානු රාජ්‍ය ලේකම්ගෙන් ප්‍රතිඥා

විදේශ සබඳතාවලදී රටේ ස්වාධීනත්වයට හා ස්වෛරීභාවයට මුල් තැන – ජනපති කියයි ආයෝජන ප්‍රවර්ධනයට ප්‍රමුඛත්වය … මත්ද්‍රව්‍ය ජාවාරම් මර්දනයට සහාය … ඉන්දීය සාගරය සාම කලාපයක් විය යුතුයි … ආර්ථික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා ශ්‍රී ලංකාව සමග අඛණ්ඩ සහයෝගයෙන් ක්‍රියාකිරීමට සූදානම් යයි අමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග කියා…

(0)Comments | October 28, 2020 6:45 pm

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය කණස්සලු මට්ටමක – ලොව ප්‍රමුඛ ආයෝජන බැංකුවක් කියයි

2020 මැයි මාසය අවසන් වන විට ශ්‍රී ලංකාවේ සමස්ත රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 13.9 ක් හෙවත් ඇමරිකානු ඩොලර් බිලියන 75.1 ක් බවත් මෙය දළ දේශීය නිෂ්පාදිතයෙන් 90%ක ප්‍රමාණය ඉක්මවා ගොස් ඇති අතර එය කණස්සලු මට්ටමක් බවත් ලොව ප්‍රමුඛ ආයෝජන බැංකු සමාගමක් වන Morgan Stanley පවසයි. ලොව නැගී එන වෙළෙඳපොළ සම්බන්ධයෙන් නිකුත් කරන ලද විශ්ලේෂණ…

(0)Comments | October 28, 2020 4:25 pm

ඇමරිකානු රාජ්‍ය ලේකම් ජනපති හමුවෙයි. විනිවිදබවින් යුත් වෙළඳ සහ ආයෝජන කටයුතු ගැන සාකච්ඡා

දෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (27) පස්වරුවේ දී මෙරටට පැමිණි ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා අද (28) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවිය. මෙම හමුව පිළිබඳව මෙරට ඇමරිකානු තානාපති කාර්යලයීය නිල ෆේස්බුක් ගිණුමෙහි මෙයාකාරයෙන් සටහනක් තබා ඇත. “වසංගතයෙන් පසුව ආර්ථිකය යථා තත්වයට ගෙන ඒමේදී වැදගත් අංග වන විනිවිදබවින් යුත් වෙළඳ සහ ආයෝජන…

(0)Comments | October 28, 2020 10:54 am

මන්නාරම සුළං බල ව්‍යාපෘතියේ ධාරිතාව ඉහළට. 73%ක් වැඩ අවසන්

ආසියානු සංවර්ධන බැංකු අරමුදල් ඇමෙරිකානු එක්සත් ජනපද ‍ඩොලර් මිලියන 200ක ආයෝජනයක් මඟින් මෙගාවොට් 100ක සුළං බලාගාරයක් මන්නාරම දූපතේ ඉදි කිරීමේ කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතී. එහි භෞතික ප්‍රගතිය 73%ක් වන අතර, 2021 වර්ෂයේ ආරම්භයේදී අදාළ ඉදි කිරීම් කටයුතු අවසන් කිරීමට අපේක්ෂා කරනු ලබයි. ව්‍යාපෘතිය සඳහා ලබාගත් ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක මුදලින් ඇමෙරිකානු ඩොලර්…

(0)Comments | October 28, 2020 10:34 am