කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය සඳහා ඉන්දියාවේ අඩානි සමාගමට 49% ක කොටස් හිමිකාරීත්වය ලබා දීම වෙනුවෙන් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්රිකාවට අනුමැතිය හිමිවූ බව වරාය හා නාවික කටයුතු අමාත්ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි. ඊයේ (14) පැවති මාධ්ය හමුවක දී අමාත්යවරයා මේ බව අනාවරණය කළේය. මෙම මාධ්ය හමුවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ වරාය හා නාවික කටයුතු…
අපනයන සංවර්ධන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස සුප්රසිද්ධ ව්යවසායකයෙකු වන සුරේෂ් ඩි මෙල් මහතා අද දින (14.12.2020) අපනයන සංවර්ධන මණ්ඩලයේදී වැඩ බාර ගනු ලැබීය. ශ්රී ලංකා අපනයන ක්ෂේත්රයේ ප්රමුඛයකු වන ඩි මෙල් මහතා Lanka Fishing Flies (පුද්) සමාගමේ කළමනාකාර අධ්යක්ෂවරයා මෙන්ම EcoWave (Gte) Ltd හා EcoWave Travels හි සභාපතිවරයා ද වෙයි. සුරේෂ් ඩි මෙල් මහතා ශ්රී…
ශ්රී ලංකාවේ බලපත්රලාභී වාණිජ බැංකුවලට සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුවට ශ්රී ලංකා ස්වෛරී බැඳුම්කර මිල දී ගැනීමේ දී සීමාවන් පැනවීමට ශ්රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබේ. ඒ අනුව නව විදේශ මූල්යකරණයක් හැර ස්වෛරී බැඳුම්කර මිලදී නොගන්නා ලෙස ශ්රී ලංකාවේ මහ බැංකුව වාණිජ බැංකුවලට සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුවට නියෝග කර තිබේ. විදේශ විනිමය වෙළෙඳපොළ මත පීඩනය…
ජනවාරි මාසයේ සිට සංචාරකයන් වෙනුවෙන් ක්රමානුකූලව රට විවෘත කිරීමට අපේක්ෂා කරන බව සංචාරක ඇමති ප්රසන්න රණතුංග මහතා පවසයි. ඔහු අවධාරණය කළේ සෞඛ්ය අංශ මාර්ගෝපදේශ අනුව මෙම පියවර ගැනෙන බවයි. ගාල්ල දිස්ත්රික්කයේ ජීවනෝපාය සංවර්ධන කමිටු සාකච්ඡාවට පසුගියදා (12) එක්වෙමින් ඇමතිවරයා මේ බව සඳහන් කළේය. ගාල්ල හෝල් ඩි ගෝල් ශාලාවේ දී මෙම රැස්වීම පැවැත්විණි. මෙහිදී වැඩිදුරටත් අදහස්…
ශ්රී ලංකාවේ ජාතික ගුවන් සේවය සහ වන්වර්ල්ඩ් සන්ධානයේ සාමාජිකයෙකු වන ශ්රීලංකන් ගුවන් සේවය කොළඹ සිට සිංගප්පූරුව දක්වා මගී ගුවන් ගමන් වාර සතියකට තුන් වරක් දක්වා ඉහළ දැමීමට කටයුතු යොදා ඇති අතර 2020 දෙසැම්බර් මස 18 වන දින සිට එම මෙහෙයුම් ක්රියාත්මක කිරීමට සූදානම් වේ. මීට අමතරව සෑම සිකුරාදා දිනකම මැලේසියාවේ ක්වාලාලම්පූර් සහ කොළඹ අතර සතිපතා…
ගෝලීය ණය ශ්රේණිගත කිරීමේ ආයතනයක් වන එස් ඇන්ඩ් පී විසින් ශ්රී ලංකාවේ ණය ශ්රේණිය CCC+/C දක්වා පහළ දැමූ බව පසුගිය සිකුරාදා (11) නිවේදනය කර සිටියේය. මීට පෙර තවත් ලොව ප්රමුඛ පෙළේ ණය ශ්රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටිංග්ස් විසින් ශ්රී ලංකාවේ දිගුකාලීන විදේශ විනිමය Issuer Default Rating (IDR) ශ්රේණිය ‘CCC’ දක්වා පහළ හෙළීමට නොවැම්බර් 27…
කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැසිස්තුගත සමාගමක් වන Piramal Glass Ceylon PLC හි ප්රධාන කොටස්කරුවා වන Piramal Glass Pvt Ltd සමාගම තමන් සතු සම්පූර්ණ කොටස් හිමිකාරීත්වය ඉන්දියාවේ Pristine Glass Pvt Ltd වෙත අලෙවි කිරීමට ගිවිසුමකට එළඹ තිබේ. Piramal Glass Ceylon PLC කොටස් 536,331,880 ක් හෙවත් 56.45% ක අයිතිය Piramal Glass Pvt Ltd සතුව පවතී. ඉන්දියානු රුපියල් බිලියන…
“හැමදේම ආනයනය කොට අලෙවි කරන්න පහසුයි. එහෙම කළොත් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගන්න බැහැ. ආර්ථික වර්ධනය සිදු විය යුත්තේ සමාජයේ සෑම ස්ථරයක්ම ආරක්ෂා වන අයුරින්. ඒ සඳහා පෞද්ගලික අංශයේ දායකත්වය සහ නව ප්රවේශයන් ඉතා වැදගත්”, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෞද්ගලික ව්යවසායකයන් සමග ඊයේ (10) සවස ජනාධිපති කාර්යාලයේ දී කළ සාකච්ඡාවේ දී පැවසීය. ආර්ථිකයේ සෑම ක්ෂේත්රයකම සමබර වර්ධනයක්…
අයවැය තෙවැනි වර කියවීමේ විවාදයට එක් වෙමින් ඊයේ (10) දින අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුවේ දී සිදු කරන ලද සම්පූර්ණ කතාව මෙසේ ය. ගරු කථානායකතුමනි, අයවැය තෙවැනි වර කියවීමේ අවස්ථාවටයි අපි සම්බන්ධවෙලා ඉන්නේ. මේ සභාව දන්නවා 2020 කියන්නේ ඊට කලින් අවුරුද්දෙදි පුරෝකථනය කරන්න බැරි අභියෝග රාශියක් අපිට භාරගන්න වුණ අවුරුද්දක්. 2019 දි අපි කවුරුවත් හිතුවේ…
ශ්රීලංකන් ගුවන් සමාගම ගුවන් මගී අත්දැකීම් සංගමය (APEX) සංවිධානය කරන ලද Future Travel Experience (FTE) Virtual Expo ගෝලීය සම්මාන උළෙලේ දී තරු හතරේ ප්රධාන නිල ගුවන් ශ්රේණිගත කිරීම(2021 Four Star Major Official Airline) දිනා ගන්නා ලදී . මගී ශ්රේණිගත කිරීම් මත පදනම් වූ මෙම ගෞරවනීය සම්මානය වසර 41 කට වැඩි කාලයක් සේවය කරන ශ්රීලංකන්…
Video Story