Top News

Instagram, Facebook Messenger බිඳ වැටෙයි

ජනප්‍රිය සමාජ ජාලා යෙදුම් වන Facebook Messenger හා Instagram සේවාවන් මේ වන විට ලොව පුරා බිඳවැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී. මේ අතර Windows Central වෙබ් අඩවිය පවසන්නේ Facebook හා WhatsApp සේවාවන් හි බිඳවැටීම් ද ලොව ඇතැම් රටවලින් වාර්තා වන බවයි. කෙසේවෙතත් මෙම සේවාවන් හි හිමිකාරීත්ව සමාගම වන ෆේස්බුක් සමාගම හෝ එහි ප්‍රධානී…

(0)Comments | December 10, 2020 6:04 pm

හම්බන්තොට ලංවා සංස්ථා සිමෙන්ති නිෂ්පාදනය ජූනි මාසයේදී ඇරඹේ

දියුණුතම යුරෝපීය තාක්ෂණය භාවිතා වන, දිවයිනේ විශාලතම සිමෙන්ති කම්හල ලංවා සංස්ථා සිමෙන්ති (පුද්.) සමාගමේ කර්මාන්තශාලාවේ නිෂ්පාදන කටයුතු 2021 ජූනි මාසයේදී ආරම්භ වීමට නියමිතව පවතී. අතිනවීන තාක්ෂණයෙන් යුත් මෙම කර්මාන්තශාලාව කලාපයේ විශාලතම සිමෙන්ති කර්මාන්තශාලා අතරින් එකක් බවට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ. හම්බන්තොට මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේ අක්කර 63 ක ප්‍රදේශයක මෙම කර්මාන්තශාලාව පිහිටා ඇත. ශ්‍රී ලංකා…

(0)Comments | December 10, 2020 4:38 pm

කුඩා ව්‍යාපාරවලට සහාය වීමට හා කාන්තාවන් සවිබල ගැන්වීමට ඇමරිකාවෙන් රු. බිලියන 3.6 ක ව්‍යාපෘතියක්

කුඩා ව්‍යාපාරවලට උපකාර කිරීමටත් ශ්‍රී ලාංකික කාන්තාවන් ආර්ථික වශයෙන් සවිබල ගැන්වීමටත් එක්සත් ජනපදය රු. බිලියන 3.6 (එ.ජ. ඩොලර් මිලියන 19.5) ක නව මුලපිරීමක් දියත් කරන ලදී. ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) හරහා  අරමුදල් සපයනු ලබන මෙම පෞද්ගලික අංශ සංවර්ධන ව්‍යාපෘතියෙන් සංචාරක, තාක්ෂණ සහ වාණිජ රැකවරණ සේවා යන කර්මාන්තවල නියැලෙන කුඩා ව්‍යාපාරවලට තාක්ෂණික…

(0)Comments | December 10, 2020 1:36 pm

දකුණු අප්‍රිකානු සුපිරි වෙළෙඳසැල් ජාලය 20 ක් දක්වා ඉහළට

ශ්‍රී ලංකාව තුළ මේ වන විට ක්‍රියාත්මක දකුණු අප්‍රිකානු සුපිරි වෙළඳසැල් ජාලයෙහි වෙළඳසැල් ප්‍රමාණය විස්සක් දක්වා වැඩි කර ගැනීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ හිටපු දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් රොබීනා පී. මාර්ක්ස් මහත්මිය පවසයි. ශ්‍රී ලංකාවේ තානාපති සේවය අවසන් කර සිය මව් රටට යෑමට පෙර ඉකුත් සිකුරාදා (06) විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු වී…

(0)Comments | December 10, 2020 1:00 pm

LOLC රු. බිලියන 6.5 ක ණයකර නිකුතුවකට සැරසෙයි

මෙරට ප්‍රමුඛතම ලැයිස්තුගත සමාගම් සමූහයක් වන LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී රු. බිලියන 6.5 ක වටිනාකමකින් යුතු ණයකර නිකුතුවක් තීරණය කර ඇති බව නිවේදනය කර සිටී. මේ අනුව ලැයිස්තුගත, ශ්‍රේණිගත, අනාරක්ෂිත, ජ්‍යෙෂ්ඨ, නිදහස් කළ හැකි ණයකර මිලියන 65 ක ප්‍රමාණයක් දක්වා නිකුත් කිරීමට නියමිතය.

(0)Comments | December 10, 2020 11:59 am

ශ්‍රී ලංකාව ආනයනික ආර්ථිකයෙන් අපනයන ආර්ථිකයට යොමු වෙමින් ඉන්නවා – විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන

ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින්, ශ්‍රී ලකාව ආනයන මත යැපෙන ආර්ථිකය, අපනයන කෙරෙහි නැඹුරු ආර්ථිකයක් බවට පරිවර්තනය කිරීමට කටයුතු කරමින් සිටින බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කෙළේය. ශ්‍රී ලංකාව සහ කොරියානු ජනරජය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවා 43 වැනි සංවත්සරය නිමිත්තෙන් කොරියානු රජයෙන් කොවිඩ්-19 පීසිආර් පරික්ෂණ කට්ටල තොගයක් ශ්‍රී ලංකාවට ප්‍රදානය…

(0)Comments | December 10, 2020 11:17 am

කොටස් වෙළෙඳපොළෙන් රු. බිලියන 5 ක පිරිවැටුමක්. සියලු කොටස් ඒකක 6,600 පසු කරයි

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය අද (09) දිනයේ දී ඒකක 6,600 සීමාව ඉක්මවා යනු ලැබීය. දිනය අවසානයේ දී එය ඒකක 6,605.09 ක් ලෙසින් සටහන් වූ අතර පෙර දිනයට සාපේක්ෂව ඒකක 41.09 කින් සියලු කොටස් මිල දර්ශකය ඉහළ ගොස් තිබුණි. මේ අතර අද (09) දින ගනුදෙනු හරහා රුපියල් බිලියන 5.29 ක පිරිවැටුමක් වාර්තා…

(0)Comments | December 9, 2020 3:57 pm

සංජය මොහොට්ටාල ආයෝජන මණ්ඩල සභාපති ධූරයට

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසින් කටයුතු කළ සංජය මොහොට්ටාල මහතා පත්කර තිබේ. ඒ මහතා අද (09) කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන පරිශ්‍රයේ පිහිටි ආයෝජන මණ්ඩල කාර්යාලයේ දී වැඩභාර ගනු ලැබීය. රාජකාරි ආරම්භ කරමින් අදහස් දැක්වූ සභාපතිවරයා කොවිඩ් අවදානම් කාලය තුළ දී ආයෝජන කලාප වසා නොදමා…

(0)Comments | December 9, 2020 3:44 pm

විලියම් ෂේක්ස්පියර්ට කොවිඩ් එන්නත

කොවිඩ්-19 ට එරෙහිව මෙතෙක් නිපදවන ලද එන්නත් අතුරින් සායනිකව සාර්ථක ප්‍රතිඵල අත්පත් කරගෙන ඇති බවට තහවුරු වී ඇති Pfizer/BioNTech එන්නත ඊයේ (08) දින සිට එක්සත් ජනපදය තුළ ලබා දීමට පියවර ගැනුණි. මාග්‍රට් කීනන් නම් 91 හැවිරිදි කාන්තාව මෙම එන්නත ලබා ගත් පළමු පුද්ගලයා ලෙසින් ඉතිහාස ගත වුවද, දෙවැනියට එන්නත ලබා ගත් පුද්ගලයා පිළිබඳව මේ වන…

(0)Comments | December 9, 2020 10:20 am

ලක්සලේ ආදායම 90%කින් පහළට. සේවක වැටුප් ගෙවන්න මහා භාණ්ඩාගාරයෙන් මුදල්

COVID-19 වසංගත තත්ත්වය හේතුවෙන් විදේශීය සංචාරකයින් නොපැමිණීමෙන් ලක්සල අලෙවි ආදායම 90%කින් පහත වැටීම නිසා ආයතනය පවත්වාගෙන යාම අපහසු වී ඇත. එබැවින්, ලක්සල ආයතනය පවත්වා ගැනීමට අවශ්‍ය සේවක වැටුප් හා අනෙකුත් අත්‍යවශ්‍ය වියදම් ඇතුළු කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා අවශ්‍ය ප්‍රතිපාදන මහා භාණ්ඩාගාරය වෙතින් සලසා ගැනීම පිණිස කර්මාන්ත අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන…

(0)Comments | December 9, 2020 9:54 am