Top News

වාහන ආනයන තහනමෙන් ජපානයේ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින් අර්බුදයක – මුදල් ගෙවා ඇති වාහන ලංකාවට එවන්න රජයෙන් අවසර ඉල්ලයි

COVID -19 වසංගත තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව මුහුණ පාන්නට සිදුවුණු ආර්ථික බලපෑම් අවම කරනු වස් ආනයනික භාණ්ඩ හමුවේ සීමා පැනවීමට ශ්‍රී ලංකා රජය විසින් 2020 මාර්තු 20 දින තීරණය කරනු ලැබීය. මේ තත්ත්වය තුළ ශ්‍රී ලංකාවට වාහන ආනයනය සම්පූර්ණයෙන්ම නතර කරන ලදී. කෙසේ වෙතත් මෙම තීරණය හේතුවෙන් ජපානයේ වෙසෙන වාහන අපනයනයේ යෙදෙන ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින්…

(0)Comments | December 7, 2020 1:03 pm

2017 දී විදේශ ඇමතිවරයා ජාතික ලොතරැයි මණ්ඩලයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට බලපෑම් කරලා – COPE කමිටුවේ දී හෙළිවෙයි

2017 වර්ෂයේදී එවකට විදේශ අමාත්‍යාංශය යටතට පවරාගෙන තිබූ ජාතික ලොතරැයි මණ්ඩලයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට විදේශ අමාත්‍යවරයාගේ බලපෑම් එල්ල වී ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වී තිබේ. ඒ අනුව 2017 වර්ෂයේදී ක්ෂණික ලොතරැයි මුද්‍රණය සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්පූර්ණ කොට තිබූ ටෙන්ඩරයක් එවකට විදේශ අමාත්‍යවරයාගේ අවශ්‍යතාවය මත කැබිනට් තීරණයක් මගින් නවත්වා තිබේ. එවකට මුදල් අමාත්‍යවරයා…

(0)Comments | December 7, 2020 11:35 am

රේගු බදු අක්‍රමිකතාවන් රැසක් හෙළිවෙයි. පාම් ඔයිල් සමාගම් දෙකක් නිසා රේගුවට රු. මිලියන 6,130 ක් අහිමි වෙයි

2013-2016 වර්ෂ ඇතුළත මෙරටට පාම් ඔයිල් ආනයනය කළ ප්‍රධාන පෙළේ සමාගම් දෙකක් නිසා ශ්‍රී ලංකා රේගුවට රුපියල් මිලියන 6130 ක් අහිමිව ඇති බව ඊයේ (03) පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් කාරක සභාවේදී අනාවරණය විය. ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන්ගේ නොසැලකිලිමත්භාවය නිසා අදාළ කාල පරිච්ඡේදය තුළ නිවැරදි භාණ්ඩ සංයෝජිත වර්ගීකරණ අංක (HS Code ) යටතේ නිෂ්කාෂණය නොකිරීමෙන් මෙම මුදල…

(0)Comments | December 4, 2020 6:36 pm

සුරේෂ් ඩි මෙල් EDB මුල් පුටුවට

Lanka Fishing Flies (පුද්) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සුරේෂ් ඩි මෙල් මහතා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) නව සභාපතිවරයා ලෙසින් පත්කර තිබේ. අපනයන සංවර්ධන මණ්ඩලයේ හිටපු සභාපති ප්‍රභාෂ් සුභසිංහ මහතා පසුගිය දා එම තනතුරින් ඉවත් වූ අතර ඒ අනුව නව සභාපතිවරයා ලෙසින් සුරේෂ් ඩි මෙල් මහතා පත්කර ඇත. ශ්‍රී ලංකා අපනයන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු වන ඩි මෙල් මහතා…

(0)Comments | December 4, 2020 6:24 pm

ශ්‍රීලංකන් ගුවන් සේවය ලෝක සංචාරක සම්මාන උළෙලෙ හී දී ඉන්දියානු සාගර කලාපය වෙත පියාසර කරන ලොව ප්‍රමුඛතම ගුවන් සේවය ලෙස අඛණ්ඩව පස්වන වරටත් සම්මානයට පාත්‍රවෙයි

ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සේවය ලෝක සංචාරක සම්මාන උළෙලෙහි දී (World Travel Awards)  අඛණ්ඩව පස්වන වරටත් ඉන්දියානු සාගර කලාපය වෙත පියාසර කරන  ලොව ප්‍රමුඛතම ගුවන්සේවය (‘World’s Leading Airline to the Indian Ocean’) ලෙස  සම්මානයෙන් පිදුම් ලැබීය.  මෙවර ලෝක සංචාරක සම්මාන උළෙලෙ අති උත්කර්ෂවත් අන්දමින් මොස්කව් හී දී  පැවැත්විණි. ශ්‍රීලංකන් ගුවන් සේවය …

(0)Comments | December 4, 2020 3:05 pm

2018 වසරේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ හිඟ ආදායම රුපියල් ට්‍රිලියන 1.3 ක්

2018 වසරේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මුළු හිඟ ආදායම රුපියල් ට්‍රිලියන 1.3 ක් බව පසුගිය 02 වනදා පාර්ලිමේන්තුවේදී අනාවරණය වූයේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී එහි සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා කළ විමසීමකදීය. මෙම හිඟ ආදායම්වලින් බහුතරය රාජ්‍ය ආයතන විසින් ගෙවියයුතු ඒවා බවද, එම සමහර ආයතන අදාළ බදු ගෙවීම සඳහා සුදුසු මූල්‍ය තත්ත්වයක දැනට නොසිටින බව…

(0)Comments | December 4, 2020 12:03 pm

මාස 08ක පෙට්‍රල් කොන්ත්‍රාත්තුව BB Energy වෙත

2020-12-01 සිට 2021-07-31 දක්වා මාස අටක කාලයක් සඳහා පෙට්‍රල් (92Unl) බැරල් 1,564,500+10/-5%ක් සහ පෙට්‍රල් (95 Unl) බැරල් 535,500+10/-5%ක් ආනයනය කිරීම සඳහා ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් ලංසු කැඳවා ඇත. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, අදාළ ප්‍රසම්පාදනය M/s BB Energy (Asia) Pte. Ltd., Singapore වෙත ප්‍රදානය කිරීම…

(0)Comments | December 4, 2020 11:34 am

සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතිය හිමිවූ වහාම ගුවන්තොටුපළ විවෘත කරනවා – සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග

විදේශ සංචාරකයන්ට මෙරටට පැමිණීමට හැකිවන පරිදි ගුවන්තොටුපළ පළි විවෘත කිරීම සදහා කොවිඩ් මාර්ගෝපදේශ අනුව සැළසුම් සකස් කර ඇති බවත් ඒ සදහා සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතිය හිමිවූ වහාම ගුවන්තොටුපළ විවෘත කළ හැකි බවත් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. මේ සම්බන්ධව අද පස්වරුවේ (03) සෞඛ්‍ය බලධාරීන් සමග විශේෂ සාකච්ඡාවක් පවත්වන බවද රණතුංග මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව…

(0)Comments | December 3, 2020 5:33 pm

කීල්ස් සුපර් වෙතින් නිවේදනයක්. කළුබෝවිල ශාඛාව තාවකාලිකව වසයි

සිය කළුබෝවිල ශාඛාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු කොවිඩ්-19 ආසාදනය වූ බවට තහවුරු වී ඇති බව කීල්ස් සුපර් නිවේදනය කර සිටී. මේ වන විට එම එම ශාඛාව තාවකාලිකව වසා ඇත. මේ සම්බන්ධයෙන් නිකුත් කරන ලද නිවේදනය පහතින් දැක්වේ.  

(0)Comments | December 3, 2020 4:20 pm

අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙයි

අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපති ප්‍රභාෂ්  සුභසිංහ මහතා සිය තනතුරින් ඉල්ලා අස් වී ඇති බව වාර්තා වේ. වසරක කාලයක් වෙනුවෙන් අදාළ තනතුර ඔහු විසින් භාර ගත් බවත්, සිය අනෙක් ව්‍යාපාර කෙරෙහි වැඩි අවධානයක් යොමුකළ යුතු බැවින් මෙසේ ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවත් මේ සම්බන්ධයෙන් කළ කරුණු සොයා බැලීමක දී අද දෙරණ Biz වෙත අනාවරණය…

(0)Comments | December 3, 2020 2:41 pm