Top News

ගතානුගතික අඩු අවදානමක් සහිත උපායමාර්ග වෙනුවට වැඩි ප්‍රතිලාභ අත්කර ගතහැකි නිර්භීත පැහැදිලි ආයෝජන අවස්ථා උදාකර ගත යුතුයි – ජනපති පෞද්ගලික අංශයට කියයි

පෞද්ගලික අංශය වර්ධනයේ ගාමක බලවේගය යන කියමන යථාර්ථයක් බවට පත්කර ගැනීමට නම් සැමවිටම ගතානුගතික, අඩු අවදානමක් සහිත උපායමාර්ග යොදා ගැනීම වෙනුවට වැඩි ප්‍රතිලාභ අත් කර ගත හැකි නිර්භීත, පැහැදිලි ආයෝජන අවස්ථා උදා කර ගැනීමට කටයුතු කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. අද (01) ආරම්භ වූ ශ්‍රී ලංකා ආර්ථික සමුළුව 2020 අමතමින් ජනාධිපතිවරයා මේ…

(0)Comments | December 1, 2020 5:28 pm

විශේෂ තැන්පතු ගිණුම් හරහා මාස 06 කදී ඩොලර් මිලියන 272 ක් ඇවිත්

රට තුළ ව්‍යාප්ත වූ කොවිඩ්-19 (Covid-19) වසංගත තත්ත්වයේ බලපෑම්වලින් මිදීම සඳහා ක්‍රියාත්මක ජාතික ප්‍රයත්නයට සහාය ලබා ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා රජය විසින් 2020 අප්‍රේල් 08 දින විශේෂ තැන්පතු ගිණුම හඳුන්වා දෙන ලදී. ඒ අනුව, 2020 ඔක්තෝබර් 07 දින වන විට, විශේෂ තැන්පතු ගිණුම්වල ඇති මුළු තැන්පතු ප්‍රමාණය දළ වශයෙන් එ.ජ.ඩො. මිලියන 272ක් විය. විදේශ විනිමය…

(0)Comments | December 1, 2020 4:49 pm

2020 නොවැම්බරයේ දී කොටස් වෙළෙඳපොළ 9% කින් ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඊයේ (30) දිනය ගනුදෙනු අවසානයේ දී ඒකක 6,243.76 ක් ලෙසින් වාර්තා විය. නොවැම්බර් මාසය ආරම්භයේ දී සියලු කොටස් මිල දර්ශක අගය වාර්තා වී තිබුණේ ඒකක 5,726.59 ක් ලෙසිනි. මේ අනුව පසුගිය නොවැම්බර් මාසය තුළ දී සියලු කොටස් මිල දර්ශකයේ ඒකක 517.17 ක හෙවත් 9% ක ඉහළ යාමක් වාර්තා…

(0)Comments | December 1, 2020 2:22 pm

සූරියවැවට ‘ක්‍රිකට් ක්‍රීඩා පාසල’ යනුවෙන් ද්විභාෂා නව ජාතික පාසලක්. 2021 සිට 6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීම ඇරඹෙයි

1989 වර්ෂයේදී දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි දිස්ත්‍රික්කයකට එකක් බැගින් ක්‍රීඩා පාසල් ආරම්භ කිරීමට පියවර ගෙන ඇත. එම සංකල්පය වඩාත් ඵලදායී අන්දමින් ක්‍රියාත්මක කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සහ තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය එක්ව වැඩසටහනක් සැලසුම් කර ඇත. ඒ අනුව, අධ්‍යාපන සහ තරුණ හා ක්‍රීඩා අමාත්‍යවරුන් ඉදිරිපත් කළ පහත සඳහන් ඒකාබද්ධ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින්…

(0)Comments | December 1, 2020 1:54 pm

ග්‍රෑන්ඩ් හයාට් ව්‍යාපෘතියේ සිදු වූ අක්‍රමිකතා සොයා බැලීමට කමිටුවක්

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, සේවක අර්ථසාධක අරමුදල සහ ලිට්‍රො ගෑස් ලංකා ලිමිටඩ් යන ආයතනවල හිමිකාරිත්වය පවතින සිනො ලංකා පුද්ගලික සමාගම යටතේ ග්‍රෑන්ඩ් හයාට් හෝටල් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. ඉදිකිරීම් කටයුතු නිම කර මෙම හෝටලයේ ව්‍යාපාර කටයුතු 2016 වර්ෂයේ පළමු කාර්තුවේදී සිදු කිරීමට සැලසුම් කර තිබුණි. එහෙත්, 2015 වර්ෂයේ ජනාධිපතිවරණයෙන් පසුව පත් කරන ලද සිනො ලංකා පුද්ගලික…

(0)Comments | December 1, 2020 12:37 pm

රටින් පිටතට විදේශ විනිමය ගලා යාමට හේතු වන ප්‍රාග්ධන ගනුදෙනු සම්බන්ධ සීමා තවත් මාස 06කින් දීර්ඝ කෙරේ

විදේශ විනිමය රටින් පිටතට ගලා යාමට හේතු වන ප්‍රාග්ධන ගනුදෙනු සම්බන්ධයෙන් සීමා පැනවීම සඳහා 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 22 වගන්තිය යටතේ මාස 06ක කාලයකට වලංගු වන පරිදි නියමයක් නිකුත් කිරීම සඳහා 2020 ජුනි මස 24 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දෙන ලදී. ඒ අනුව, 2020 ජූලි මස 02 දිනැති ගැසට්…

(0)Comments | December 1, 2020 12:26 pm

නයිජීරියාවට ක්‍රිකට් උගන්වන්න ‘ගුරා‘ ට එන්න කියයි

නයිජීරියාව ඔවුන්ගේ ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු සහ ඉහළ කාර්යසාධන අධ්‍යක්ෂක ලෙස හිටපු ශ්‍රී ලංකා පිතිකරු සහ ජාතික කණ්ඩායමේ කළමනාකරු අසංක ගුරුසිංහ සමඟ ගිවිසුමක් අත්සන් කර තිබේ. ගුරුසිංහ සිය නව තනතුරේ රාජකාරි මෙම මස සිට ඇරඹීමට නියමිත අතර එහිදී දේශීය පුහුණුකරුවන් පුහුණු කිරීම හා නයිජීරියා ක්‍රිකට් සම්මේලනය (NCF)හා එක්ව එරට ක්‍රිකට් ක්‍රීඩාවේ සෑම අංශයක්ම සංවර්ධනය කිරීමේ වගකීම…

(0)Comments | December 1, 2020 12:20 pm

ශ්‍රී ලාංකික ගුවන් මගීන්ට තීරුබදු රහිත සාප්පු යළි විවෘත වෙයි. භාණ්ඩ මිල දී ගන්න නව ක්‍රමයක්

විදේශයන්ගේ සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකික ගුවන් මගීන් සඳහා තීරුබදු රහිත වෙළෙඳසැල්වලින් භාණ්ඩ ඇණවුම් කිරීම් සහ ඒ සඳහා ගෙවීම් කිරීමේ ඉඩ ප්‍රස්ථා අද (01) සිට සලසා ඇතැයි ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගම පවසයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා සෞඛ්‍ය බලධාරීන්ගේ නීතිරීතිවලට යටත්ව ගුවන් මගීන්ට ඔවුන් ඇණවුම් කර ලබා ගන්නා භාණ්ඩ ඔවුන් විසින් රැගෙන යාම සිදුකළ නොහැකිය….

(0)Comments | December 1, 2020 12:00 pm

“ජනතාවාදී ආර්ථික පුනර්ජීවනයකට මඟ පාදමු“ – 2020 ආර්ථික සමුළුව ඇරඹෙයි

ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආර්ථික සමුළුව “Sri Lanka Economic Summit 2020″ මීට සුළු මොහොතකට පෙර ආරම්භ විණි. ඒ  ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙනි. සමුළුවේ සමාරම්භක දේශනය ජනාධිපතිතුමන් විසින් සිදුකළ අතර ප්‍රධාන දේශනය සිදුකරන ලද්දේ ඉන්දීය ජනරජයේ මුදල් හා ආයතනික කටයුතු අමාත්‍ය නිර්මලා සීතරාමන් මහත්මිය…

(0)Comments | December 1, 2020 11:12 am

සුසන්ත රත්නායක ආයෝජන මණ්ඩලයට සමුදෙයි

ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සුසන්ත රත්නායක මහතා ඊයේ (30) දින සිට බලපැවැත්වෙන පරිදි සිය තනතුරින් ඉල්ලා අස් වී තිබේ. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු ඇරඹූ ඔහු මෙරට කීර්තිමත් ව්‍යාපාරික නායකයෙකි. සුසන්ත රත්නායක මහතා ශ්‍රී ලංකාවේ විශාලතම විවිධාංගීකරණය කරන ලද සමාගම් සමූහය වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් හි හිටපු සභාපතිවරයා යි….

(0)Comments | December 1, 2020 9:28 am