Top News

‘‘ගොවිපොල’’ App පහසුකම දියත් කෙරේ

‘‘ශ‍්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නව්‍යකරණය කිරීම සඳහා තාක්ෂණික සහය ලබා දීමේ වැඩසටහන’’ (TAMAP) යුරෝපා සංගමයේ ප‍්‍රතිපාදන යටතේ Ecorys Nederland BV උපදේශන සමාගම විසින් ක‍්‍රියාත්මක කරනු ලැබේ. ශ‍්‍රී ලංකා රජයට තිරසාර හා ඵලදායි කෘෂිකර්මාන්තයක් කරා ගමන් කිරීම සඳහා සහාය ලබා දීමේ අරමුණින් මෙම වැඩසටහන ක‍්‍රියාත්මක කරනු ලැබේ. කෘෂිකර්මාන්තය ඩිජිටල්කරණය කිරීමේ රාජ්‍ය උපාය මාර්ගයට අනුකූලව කෘෂිකර්මාන්තය සඳහා ඩිජිටල්…

(0)Comments | February 5, 2020 1:12 pm

කොරෝනා වෛරසය හමුවේ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල සීඝ්‍රයෙන් පහළට

ලෝකයේ දෙවැනියට විශාලතම ආර්ථිකය වන චීන ආර්ථිකය මේ වන විට අකර්මණය තත්ත්යට පත්වීම හේතුවෙන්, ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ද බලාපොරොත්තු නොවූ පරිදි සීඝ්‍ර කඩා වැටීමක් වාර්තා කර ඇත. කොරෝනා වයිරසය හේතුවෙන් මේ වන විටත් චීනයේ මරණ 400 කට වැඩි සංඛ්‍යාවක් සිදුවී ඇති අතර එහි ව්‍යාපාරික හා කාර්මික ක්‍රියාකාරකම් අඩාල කිරීමට පමණක් නොව, එය පැතිරීම වැළැක්වීම…

(0)Comments | February 5, 2020 12:06 am

2020 ජනවාරි මාසයේ දී චීනෙන් 22,363ක් ඇවිත්

2020 ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණි මුළු විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 226,094 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛන අනාවරණය කර සිටී. 2019 වසරේ ජනවාරි මාසයේ දී මෙම අගය 244,239 ක් ලෙසින් වාර්තා වූ අතර මේ අනුව පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ ජනවාරි මාසයේ දී සංචාරකයින්ගේ පැමිණීම සමස්තයක් වශයෙන් 7.4%කින් පහළ ගොස් තිබේ….

(0)Comments | February 3, 2020 12:54 pm

ලෝක බැංකුව – ශ්‍රී ලංකාව නව සහයෝගිතා ක්ෂේත්‍ර හඳුනා ගනී

ලෝක බැංකුව සහ ශ්‍රී ලංකාව ලෝක බැංකු ආධාර යටතේ දැනට ක්‍රියාත්මක ව්‍යාපෘතීන්ට අමතරව නව සහයෝගීතා ක්ෂේත්‍ර කිහිපයක් හඳුනා ගනී. පුනර්ජනනීය බලශක්තිය, කසළ බැහැර කිරීම, දියබස්නා කළමනාකරණය, අපනයනය ඉලක්ක කරගත් වැවිලි වගා, මාර්ග තදබදය ලිහිල් කිරීම සහ පදික සහ මහාමාර්ග ආරක්ෂාව ඒ අතර වෙයි. ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපීය උප සභාපති Hartwig Schafer  මහතා පසුගිය සිකුරාදා…

(0)Comments | February 3, 2020 12:32 pm

උද්ධමනය ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100)   ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2019 දෙසැම්බර් මාසයේ පැවති සියයට 4.8හි සිට 2020 ජනවාරි මාසයේ දී සියයට 5.4 දක්වා ඉහළ යන ලදී. ආහාර සහ ආහාර නොවන යන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ ඉහළ යෑම් මේ සඳහා දායක විය. ආහාර කාණ්ඩයෙහි ලක්ෂ්‍යමය උද්ධමනය 2019 දෙසැම්බර් මාසයේ…

(0)Comments | February 3, 2020 10:21 am

ද ෆිනෑන්ස්, අර්ථසාධක අරමුදලේ රු. මිලියන 205 ක් ගිලියි

සේවක අර්ථසාධක අරමුදල විසින්, අර්බුදයට පත් මුල්‍ය සමාගමක් වන ද ෆිනෑන්ස් සමාගමේ ආයෝජනය කරන ලද රුපියල් මිලියන 205.49 ක මුදලක වත්මන් වෙළෙඳපොළ වටිනාකම ශූන්‍යයක් බවට පත්ව තිබේ. සමාගමේ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු මේ වන විට අත්හිටුවා ඇති බැවින් එම කොටස්වල අගය ශූන්‍යයක් ලෙසින් වාර්තා වීම මීට හේතුවයි. මෙම තත්ත්වය සේවක අර්ථසාධක අරමුදලට පමණක් නොව එහි ආයෝජනය…

(0)Comments | February 3, 2020 6:27 am

වූහාන් බලා පියාසර කළ මානූෂීය ගුවන් ගමන

ශ්‍රීලංකන් ගුවන් සේවය තම ධෛර්යවන්ත කාර්යමණ්ඩලයට කෘතවේදීත්වය පිරිනමය චීනයේ වූහාන් ප්‍රදේශයේ රැඳී සිටි ශ්‍රී ලාංකික සිසුන් නැවත මව්රටට ගෙන්වාගැනීමේ උදාර මෙහෙයුමට දායක වෙමින් එනම්, 2020 පෙබරවාරි පළමුවැනිදා ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත්  UL 1423 ගුවන්යානය හරහා ඔවුන් නිරුපද්‍රිතව මෙරටට ගෙනඒමේ මානුෂිය මෙහෙයුමට ස්වේච්ඡාවෙන් දායක වූ ගුවන් කාර්යමණ්ඩලය ඇතුළු සමස්ත ශ්‍රීලංකන් කාර්යමණ්ඩලය වෙත ශ්‍රීලංකන් ගුවන් සේවය සිය…

(0)Comments | February 1, 2020 5:20 pm

මූල්‍ය සමාගම්වලින් භාගයක්ම දුවන්නේ අමාරුවෙන්

මේ වන විට රටේ තිබෙන මූල්‍ය ආයතන 42න් 20ක් පමණ අසීරුතාවයට පත්ව ඇති බවත්, ඔවුන් විසින් බැංකුවලින් ගෙන ඇති ණය පියවීම සඳහා ණය සහන පැකේජයක් ඉල්ලා තිබෙන බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති එච්.ඒ. කරුණාරත්න මහතා පවසයි. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් විසින් බැංකුවලින් ගෙන ඇති ණය සඳහා ලබා දී තිබෙන ණය සහන පැකේජය,…

(0)Comments | January 31, 2020 11:35 am

EPF ආයෝජනයට සූදානම්

සේවක අර්ථසාධක අරමුදල (EPF) පසුගිය සමයේ දී කොටස් වෙළෙඳපොළ තුළ ආයෝජනයට සූදානමින් සිටියත්, ප්‍රමාණවත් පරිදි විශාල කොටස් පරිමාණ (parcels) වෙළෙඳපොළ තුළ නොතිබූ බැවින් එම අවස්ථාව මඟ හැරී ගිය බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති එච්.ඒ. කරුණාරත්න මහතා පැවසීය. අද (30) පැවති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව අනාවරණය කර සිටි අතර වැඩිදුරටත් නියෝජ්‍ය අධිපතිවරයා…

(0)Comments | January 30, 2020 5:53 pm

අඩුවෙන් දීලා නැහැ. වෝහාරික විගණනයේ සියලු කොටස් පාර්ලිමේන්තුවට භාර දී අවසන් – මහ බැංකුව

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවලට අදාළව සිදු කරන ලද වෝහාරික විගණනයට අදාළ සියලූම වාර්තා පාර්ලිමේන්තුව වෙත භාර දී අවසන් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. අද (30) පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදිනියක විසින් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් මහ බැංකු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපතිවරයා මේ බව කියා සිටියේය. මාධ්‍යවේදිනිය – වෝහාරික…

(0)Comments | January 30, 2020 3:24 pm