Top News

දුම්කොළ බදු හමුවේ ආණ්ඩුවේ අභියෝග

සිගරට් මිල යළිත් වරක් ඉහළ නැංවීමට රජය අද (04) දින පියවර ගනු ලැබීය. වාර්තා වන ආකාරයට සිගරැට්ටුවක මිල රු.7 කින් ඉහළ ගොස් තිබේ. පැවති තත්ත්වය තුළ පසුගිය දිනවල රටපුරා සිගරට් හිඟයක් නිර්මාණය වී තිබිණි. මේ තත්ත්වය හමුවේ බොහෝ සිල්ලර වෙළෙඳසැල් සලාක ක්‍රමයට දුම්වැටි අලෙවියට පියවර ගෙන තිබිණි. මේ සම්බන්ධයෙන් ලංකා දුම්කොළ සමාගමෙන් කළ විමසීමක දී…

(0)Comments | October 4, 2016 8:12 am

ගංවතුරට හසුවූ ‘ලයන්‘ ට ආනයන බදු සහනයක්

ලයන් බෘෘවරි සමාගම වෙත මාස 3 ක කාලයක් සඳහා ආනයනික බදුවලින් තොරව බීර ආනයනය සඳහා මහා භාණ්ඩාගාරයේ අනුමැතිය ලැබී තිබේ. කෙසේ වෙතත් මෙහිදී දේශීය බීර නිෂ්පාදකයින් සඳහා බලපවත්වනු ලබන බදු ඒ අයුරින්ම සමාගම වෙත ක්‍රියාත්මක වනු ඇත. ලයන් බෘෘවරි සමාගමේ බියගම පිහිට කර්මාන්ත ශාලාව, පසුගිය මැයි මාසයේ ඇති වූ ගංවතුර තත්ත්වය හමුවේ සම්පූර්ණයෙන් අඩපණ විය….

(0)Comments | October 4, 2016 6:38 am

ශ්‍රී ලංකාවේ කොමර්ෂල් ක්‍රෙඩිට් ගැන තායිලන්තයේ Group Lease උනන්දු වෙයි

තායිලන්තයේ ලැයිස්තුගත කල්බදු සමාගමක් වන Group Lease Plc හි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සිය අනුබද්ධ සමාගමක් වන Group Lease Holding හරහා ශ්‍රී ලංකාවේ සහ මියන්මාරයේ මූල්‍ය සමාගම් ද්විත්වයක කොටස් ආයෝජනය සඳහා කැමැත්ත පළ කර තිබේ. ඒ අනුව කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සහ මියන්මාරයේ BG Microfinance Myanmar (BGMM) යන සමාගම් දෙක තුළ…

(0)Comments | October 4, 2016 6:00 am

ඩිල්මා නාමයට සිලෝන් ටී සර්විසස් හැරවෙයි

පසුගිය සැප්තැම්බර් 28 වන දින පැවති මහා සභා රැස්වීමේ දී සිලෝන් ටී සර්විසස් පීඑල්සී හි සමාගම් නාමය වෙනස් කරන ලද බව, සමාගම් ලේකම්වරයා විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී සිටී. මේ අනුව සමාගමේ නව නාමය ‘ඩිල්මා සිලෝන් ටී කම්පැනි පීඑල්සී‘ යනුවෙන් වෙනස් වී තිබේ. අගය එකතු කළ තේ නිෂ්පාදිත නිෂ්පාදනය හා අපනයනය ඩිල්මා සිලෝන්…

(0)Comments | October 3, 2016 11:48 am

නිල්වලා විදුලිබලය ජාතික පද්ධතියට එක්වෙයි

නිල්වලා විදුලිබල කම්පැනි (පුද්) ලිමිටඩ් විසින් මාතර පිටබැද්දර දී ඉදිකරන ලද ඇතාමල කුඩා ජලවිදුලි බලාගාරයේ වැඩ මේ වන විට සාර්ථකව නිම කර ඇති බව නිවේදනය කර සිටී. මේ අනුව 2016 සැප්තැම්බර් 30 වන දින මෙගාවොට් 2.0 ක බලශක්තියක් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට මෙම කුඩා ජලවිදුලි බලාගාරය සමත්ව තිබේ. නිල්වලා විදුලිබල කම්පැනි (පුද්) ලිමිටඩ් හි…

(0)Comments | October 3, 2016 11:26 am

මාස 09 කදී සියයට 5 කින් කොළඹ කොටස් පසුබසී

2016 වසරේ මුල් මාස 9 තුළ දී කොළඹ කොටස් වෙළෙඳපොළ 5.22% කින් පහළ ගොස් තිබේ. වසර ආරම්භයේ දී ඒකක 6,894.50 ක් ලෙසින් වාර්තා වූ සියලු කොටස් මිල දර්ශක අගය 2016 සැප්තැම්බර් 30 වන විට ඒකක 6,534.77 ක් ලෙසින් සටහන් විය. වසරේ පළමු මාස 09 අවසානයේ දී කොටස් වෙළෙඳපොළ දෛනික පිරිවැටුම් සාමාන්‍ය රුපියල් මිලියන 756.3 ක්…

(0)Comments | October 3, 2016 9:01 am

සාරද ද සිල්වා HVA අධ්‍යක්ෂ මණ්ඩලයට

ශ්‍රී ලංකා කුළුබඩු කවුන්සිලයේ සමාරම්භක සභාපතිවරයා සහ විශේෂයෙන්ම කුරුඳු ඇතුළු මෙරට කුළුබඩු කර්මාන්තය පිළිබඳ වසර 40 ක පමණ හසළ අත්දැකීම් ඇති අයෙකු වන සාරද ද සිල්වා මහතා HVA ෆුඩ්ස් පීඑල්සී හි ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙසින් පත් වී තිබේ. 2016 ඔක්තෝබර් 01 වැනි දින සිට මෙම පත්වීම බලපැවැත්වෙන බව සමාගම් ලේකම්වරයා විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ…

(0)Comments | October 3, 2016 7:54 am

රට පුරා සිගරට් හිඟයක්. ආපනශාලා හිමියන්ගෙන් ජනපතිට ලිපියක්.

මේ වන විට රට පුරා දුම්වැටි හිඟයක් පවතින බවත් මේ හේතුවෙන් රට පුරා ආපන ශාලා පද්ධතිය, දුම්වැටි හිඟය නිසා බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත් සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමන් හට ලිපියක් යවමින් සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය කියා සිටින්නේ පසුගිය දිනවල දුම්වැටියට නොයෙකුත් මිල ගණන් ප්‍රකාශයට පත්කළ…

(0)Comments | October 3, 2016 7:26 am

පහසුවෙන්ම ඇමරිකාවට යා හැකි පාර හෙට විවෘත වෙයි

ඇමරිකානු සිහිනය ලොව බොහෝ ජනයාගේ සිහිනයක් වී තිබෙන අතර ඇතැමෙක් මේ වන විට එය සැබෑ කර ගැනීමට සමත්ව තිබේ. ඇමරිකා එක්සත් ජනපදයේ පුරවැසිභාවය ලබා ගැනීම සඳහා ලොව නන් දෙස වෙසෙන ජනතාව විවිධ මාර්ග ඔස්සේ උත්සාහ ගනු ලබන්නේ මෙකී ඇමරිකානු සිහිනය යථාර්ථයක් ගර ගනු අටියෙනි. ඒ අනුව වාර්ෂිකව ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් කොංග්‍රසීය නියෝගවලට…

(0)Comments | October 3, 2016 5:52 am

අගමැති නවසීලන්ත ව්‍යාපාරික ප්‍රජාව හමුවෙයි – VIDEO

සිය නවසීලන්ත සංචාරය අතරවාරයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එරට ව්‍යාපාරික ප්‍රජාව හමුවීමට පසුගිය දා පියවර ගනු ලැබීය. නවසීලනත්යේ ඔක්ලන්ඩ් නුවර වෙළෙඳ හා ව්‍යවසායික මධ්‍යස්ථානයේ දී මෙම හමුව පැවැත්විණි. මෙහිදී අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ විශාල දූත පිරිසක් පිරිසක් සමඟ නවසීලන්තයට පැමිණීමට එක් හේතුවක් වූයේ දෙරට අතර සබඳතාවල දී වාණිජමය අංශය වැඩිදියුණු කරගැනීම බවයි. මෙහිදී රටවල් දෙකම…

(0)Comments | October 3, 2016 4:56 am