Top News

කොරොනා වෛරසයෙන් කොටස් වෙළෙඳපොළට දැඩි බලපෑම්

ගෝලීය වසංගත රෝග තත්ත්වයක් බවට මේ වන විට පත්ව ඇති කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට ලොව පුරා රටවල් බොහොමයකම ආර්ථික බලපෑමට ලක්වෙමින් පවතින බව වාර්තා වේ. මේ අතර කොළඹ කොටස් වෙළෙඳපොළට ද කොරොනා වෛරසයේ බලපෑම එල්ල වෙමින් පවතින බවට මේ වන විට නිරීක්ෂණ කළ හැකිය. අද (28) දින ගනුදෙනු ආරම්භ වී මුල් මිනිත්තු 90…

(0)Comments | January 28, 2020 11:29 am

ඉ-චැනලින් සභාපති ධූරයෙන් සිරිසේන අස්වෙයි

මෙරට ලැයිස්තුගත සමාගමක් වන ඉ-චැනලින් පීඑල්සී හි සභාපති ධූරයන් පී.ජී. කුමාරසිංහ සිරිසේන මහතා ඉල්ලා අස් වී තිබේ. කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත මේ බව දැනුම් දෙමින් සමාගම පවසන්නේ මෙම ඉල්ලා අස්වීම 2020 ජනවාරි 22 දින සිට බලපැවැත්වෙන බවයි. ඉ-චැනලින් පීඑල්සී හි ප්‍රධාන කොටස්කරුවා වන්නේ මොබිටෙල් (පුද්) සමාගමයි. ඉ-චැනලින් හි 87.59%ක කොටස් හිමිකාරීත්වය මොබිටෙල් සතුව පවතී. මොබිටෙල්…

(0)Comments | January 28, 2020 10:13 am

කොරෝනා වෛරසයෙන් සංචාරක කර්මාන්තයට දැඩි බලපෑම්

කොරෝනා වෛරසය මේ වන විට ගෝලීය වසංගත රෝග තත්ත්වයක් බවට පත්ව ඇත. අද (27) වන විට මෙම වෛරසය හේතුවෙන් චීනයේ වූහාන් ප්‍රාන්තය තුළ මියගිය ගණන 80 ක් දක්වා ඉහළ ගොස් තිබේ. එසේම චීනය පුරා විවිධ නගර ගණනාවකින් මෙම වෛරසය ආසාදිත වූ බවට හඳුනා ගෙන ඇති පිරිස 3,000කට ආසන්න වේ. වාර්තා වන අන්දමට ගොදුරු වී ඇති…

(0)Comments | January 27, 2020 5:07 pm

ශ්‍රී ලංකා ටෙලිකොම් වේගවත් බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවක් සඳහා 5G තාක්ෂණය සාර්ථකව අත්හදා බලයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඩිජිටල් සේවා සැපයුම්කරු වන ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම තම ඩිජිටල් සන්නිවේදන ගමන්මඟේ නවතම සන්ධිස්ථානයකට පැමිණ තිබේ. ඒ, ස්ථාවර රැහැන් රහිතව  5G බ්‍රෝඩ්බෑන්ඩ් පහසුකම ශ්‍රී ලාංකිකයන්ට සැපයීමයි. ගෘහස්ථ පාරිභෝගිකයාගේ සිට රාජ්‍ය ආයතන, බහු ජාතික සමාගම් ඇතුළුව සෑම තරාතිරමකම ආයතන හා නිවාස වෙත නවීන සන්නිවේදන පහසුකම් ලබාදෙමින් මිලියන 1.6කට වැඩි පාරිභෝගික ප්‍රජාවකට සේවා සපයන,…

(0)Comments | January 27, 2020 3:32 pm

HNB ෆයිනෑන්ස් කොටස් වෙළෙඳපොළට

මෙරට ප්‍රමුඛ පෙළේ මූල්‍ය සමාගමක් වන HNB ෆයිනෑන්ස් ලිමිටඩ්, කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කිරීම සඳහා අනුමැතිය ලැබී තිබේ. මේ අනුව ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් මිලියන 10ක් මූලික කොටස් නිකුතුවක් හරහා ලැයිස්තුගත කිරීමට පියවර ගෙන තිබෙන අතර එහිදී එක් කොටසක් නිකුත් කෙරෙන මිල රු. 5.70 ක් ලෙසින් තීරණය කර ඇත. මීට අමතරව සමාගමේ ඡන්ද බලය…

(0)Comments | January 27, 2020 12:43 pm

හොරාගේ අම්මාගෙන් පේන ඇසීම – බැඳුම්කර වෝහාරික විගණනය ගැන කබ්රාල් ගේ විග්‍රහය මෙන්න

පසුගිය දා පාර්ලිමේන්තුවේ සභාගත කෙරුණු මහ බැංකු බැඳුම්කර නිකුත් කිරීම් සම්බන්ධ වෝහාරික විගණන වාර්තාවන් සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශයක් නිකුත් කරමින් සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබා ඇත. එම සම්පූර්ණ ප්‍රකාශය පහතින් දැක්වේ. බැඳුම්කර මගඩිය “වසන් කිරීමේ” ප්‍රයත්නයේ තවත් වැදගත් අංශයක් වශයෙන් “වෝහාරික විගණනය” පෙන්වා දිය හැකිය. • 2018 වසර තුලදී,…

(0)Comments | January 27, 2020 11:16 am

ලංකා IOC මාස 03කදී රු. මිලියන 490ක ලාභයක් උපයයි

ඉන්දියන් ඔයිල් සමාගමේ මෙරට ව්‍යාපාරික ඒකකය වන ලංකා IOC සමාගම පසුගිය 2019 දෙසැම්බර් 31න් අවසන් කාර්තුව තුළ දී රුපියල් මිලියන 489.75 ක ශුද්ධ ලාභයක් උපයා තිබේ. 2018 දෙසැම්බර් කාර්තුව තුළ දී රු. මිලියන 986.88ක අලාභයක් ලබා තිබුණු පසුබිමක, පසුගිය කාර්තුව මෙලෙස සාර්ථක ලෙස නිමා කරලන්නට සමාගම සමත් වී ඇත. මෙම ලාභ අගයයත් සමඟම 2019-20 මූල්‍ය…

(0)Comments | January 27, 2020 10:21 am

ශ්‍රීලංකන් ගුවන්සේවය චීනයේ සිටින ශ්‍රී ලාංකික සිසුන්ට නැවත මෙරටට පැමිණීමට පහසුකම් සපයයි

කොරොනා වයිරස් වසංගතය හමුවේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත කඩිනමින් ක්‍රියාත්මක වන ශ්‍රීලංකන් ගුවන් සේවය දැනට චීනයේ සිටින ශ්‍රී ලාංකික සිසුන්ට තම නිවෙස් කරා ආපසු යාමට පහසුකම් සැලසීමට පියවර ගෙන තිබේ. බීජිං සහ කැන්ටන් සිට ගුවන්ගමන් නියමිත කාලසටහනට අනුව සිදුකරන අතර නැවත ශ්‍රී ලංකාව බලා යාමට අවශ්‍ය සිසුන්ට ජාතික ගුවන් සේවය වහාම 50%…

(0)Comments | January 27, 2020 6:02 am

ආබාධ සහිත දරුවන් සඳහා වන ආයති ජාතික මධ්‍යස්ථානය දැන් මහජනතාව සඳහා විවෘතයි

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම වරට ආබාධිත දරුවන් සඳහාම වෙන්වුණු ආයති ජාතික මධ්‍යස්ථානය පසුගියදා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිල වශයෙන් විවෘත කරන ලදි. ආබාධිතභාවය මේ වනවිට රටේ ජාතික ගැටලූවක් ලෙස හඳුනාගෙන තිබේ. දැනට පවතින දත්ත අනුව දරුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු පමණ (එනම් 20% ක්) කායික හෝ මානසික ආබාධයකින් පෙළේ. කෙසේ වුවද කල්තබා හඳුනාගතහොත් ඒ…

(0)Comments | January 26, 2020 11:35 am

කොරොනා වෛරසය පැතිරීම වැළැක්වීමට ශ්‍රීලංකන් ගුවන් සේවය පූර්ව ආරක්ෂණ ක්‍රියාමාර්ග ගනී

ආසියානු ෆැසිපික් කලාපය තුළ වර්තමානයේ පැතිරෙමින් පවතින කොරොනා වෛරසයෙන් ගුවන් මගීන්ට සහ ගුවන් කාර්ය මණ්ඩලයට ඇතිවිය හැකි ආසාදන අවදානම අවම කිරීම සඳහා පූර්ව ආරක්ෂණ ක්‍රියාමාර්ග රාශියක් මේ වන විටත් ක්‍රියාවට නංවා ඇති බව ශ්‍රීලංකන් ගුවන් සේවය පවසා සිටී. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රීලංකන් ගුවන් සේවය වැඩිදුරටත් පවසන්නේ, මෙම වෛරසය ආසාදනය වීමෙන් වැළකීම සඳහා ශ්‍රීලංකන් ගුවන් කාර්ය…

(0)Comments | January 24, 2020 3:57 pm