Top News

බිලියන 6 ක තේ අරමුදලට අත තියනවාට තේ සංගම්වල විරෝධය

තේ කර්මාන්තයේ යෙදෙන සියලු පාර්ශවකරුවන් තේ මණ්ඩලය සතු අරමුදලක් රජය විසින් පවරා ගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කර තිබේ. කොළඹ තේ වෙළෙඳුන්ගේ සංගමය, තේ අපනයනකරුවන්ගේ සංගමය, ශ්‍රී ලංකා තේ කර්මාන්තශාලා හිමියන්ගේ සංගමය, ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමය, ශ්‍රී ලංකා කුඩා තේ වතු සංවර්ධන සංගමය හා කොළඹ තේ තැරැව්කරුවන්ගේ සංගමය එක්ව නිකුත් කරන ලද නිවේදනයක මේ…

(0)Comments | August 29, 2016 10:24 am

ලංකාවේ ආයෝජනය නොකරන්න වොක්ස්වැගන් තීරණය කරලා – නි. ඇමති එරාන් කියයි

වොක්ස්වැගන් සමාගම හට ජාත්‍යන්තරව මුහුණ දීමට සිදු වූ ප්‍රශ්න හේතුවෙන් ශ්‍රී ලංකාවේ සිදුකිරීමට සැලසුම් කර තිබූ ආයෝජනය දැනට නොකිරීමට තීරණය කර ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා පැවසීය. අද දෙරණ ‘මොකද වුණේ‘ ප්‍රවෘත්ති විශේෂාංගය සමඟ එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

(0)Comments | August 29, 2016 7:58 am

VISA කොළඹ කාර්යාලය විවෘත කෙරේ

ගෙවීම් තාක්ෂණයේ පුරෝගාමියෙකු වන VISA සිය කොළඹ කාර්යාලය පසුගිය දා විවෘත කළ අතර එහිදී ශ්‍රී ලංකා කළමනාකරු ලෙසින් Anthony Watson පත්කරනු ලැබීය. ශ්‍රී ලංකාව තුළ VISA සිය ව්‍යාපාර කටයුතු සිදුකරනුයේ 1989 වසරේ සිටය. මෙම අවස්ථාවට එක්වෙමින් VISA ආසියා ශාන්තිකර කලාපීය සමූහ විධායක Chris Clark කියා සිටියේ මූල්‍ය සමාගම්, වෙළෙඳ ආයතන, රජයයන්, මූලාරම්භයන හා එක්ව ගෙවීම්…

(0)Comments | August 29, 2016 6:26 am

මිනිත්තු 15 න් සැතපුම් 300 ක් – වොක්ස්වැගන් ගොල්ෆ් ඉලෙක්ට්‍රික් කාරය එළි දකී

මෙම වසරේ දී පැවැත්වීමට නියමිත පැරිස් මෝටර් ෂෝ හිදී වොක්ස්වැගන් හි 2019 නවතම ඉලෙක්ට්‍රික් මෝටර් රථය එළිදක්වන බව, වොක්ස්වැගන් සභාපති Herbert Diess පවසයි. ඔහු මේ බව අනාවරණය කළේ ජර්මානු සඟරාවක් වන WirstschaftWoche සමඟ සාකච්ඡාවකට එක්වෙමිනි. වාර්තා වන අන්දමට මිනිත්තු 15 ක ආරෝපණයකින් සැතපුම් 300 ක ධාවනයක් ලබා දීමට මෙම නවතම වොක්ස්වැගන් ඉලෙක්ට්‍රික් කාරය සමත්වේ. වොක්ස්වැගන්…

(0)Comments | August 29, 2016 12:01 am

ඇෆ්ගනිස්තානය හා ශ‍්‍රී ලංකාව අතර සම්බන්ධතා ශක්තිමත් කිරීමට සූදානම්

ඇෆ්ගනිස්ථාන කම්කරු සමාජ සබන්ධතා අමාත්‍ය නස්රින් මර්යාක්හිල් මහත්මිය හා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය සමඟ පසුගියදා කොළඹ ගාලු මුවදොර හෝටලයේ පැවති සාකච්ඡාවේදී දෙරට අතර සම්බන්ධතා වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් මෙහිදී කරුණු සාකච්ජාවට ලක් විය. දෙරටේ විගමණික ශ‍්‍රමිකයින්ට පැන නගින ගැටලු සම්බන්ධයෙන් කොළඹ කි‍්‍රයාදාමය තුළින් හොඳ විසඳුම් ලබා ගැනීමට බලාපොරොත්තු වන බව විදේශ රැකියා අමාත්‍ය…

(0)Comments | August 28, 2016 6:48 am

ගෑස් ඔයිල් – ඩීසල් සඳහා රු. 13 ක නිෂ්පාදන බද්දක්

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ගේ අත්සනින් යුතුව නිකුත් කරන ලද නවතම නිවේදනයකට අනුව ගෑස් ඔයිල්/ ඩීසල් සඳහා ලීටරයකට රු. 13.00 ක නිෂ්පාදන බද්දක් පනවා ඇති බව සඳහන් වේ. මීට පෙර මෙලෙස අය කර තිබෙන බද්ද ලීටරයකට රු. 3.00 කි. 2016 අගෝස්තු 19 වැනි දින නිකුත් කර ඇති මෙම නිවේදනයට අනුව මෙම නිෂ්පාදන බදු අනුප්‍රමාණයන්…

(0)Comments | August 26, 2016 10:15 am

ඛෙත්තාරාමේ අන්තිම මැච් එකෙත් ටිකට් ඉවරයි

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන ක්‍රිකට් තරඟාවලියේ මීළඟට කොළඹ දී පැවැත්වීමට නියමිත එකම තරඟය වන දෙවන විස්සයි 20 තරඟයේ සියලු ප්‍රවේශ පත් මේ වන විට විකිණී අවසන් බව වාර්තා වේ. මෙම තරඟාවලියේ ටිකට් අලෙවිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් පත්කරන ලද නියෝජිත ආයතනයේ නිල වෙබ් අඩවියේ මේ බව සඳහන් වේ. ඊට අනුව එළඹෙන සැප්තැම්බර්…

(0)Comments | August 26, 2016 8:56 am

බලශක්ති සමාගම්වල කොටස් මිල ගණන් පහළට

අද (26) මධ්‍යහ්නය වන විට කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 40 ක් ඉක්මවා පහළ ගොස් තිබිණි. මෙහිදී නිරීක්ෂණය කළ හැකි වූ විශේෂ තත්ත්වයක් වූයේ විදුලිබල හා බලශක්ති කාණ්ඩයට අයත් සමාගම් කිහිපයකම කොටස් මිල ගණන් පහළ ගොස් තිබීමයි. මෙහිදී කැපී පෙනුණු සිදුවීම වූයේ ලංකා IOC සමාගමේ කොටස් මිල, පෙර දිනයට සාපේක්ෂව 8.59% කින්…

(0)Comments | August 26, 2016 6:47 am

ශ්‍රීලංකන් ගුවන් ගමන් කාලසටහන වෙනස් වෙයි

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ධාවන පථයේ නඩත්තු කටයුතු හේතුවෙන් ගත් පියවරක් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මාස තුනක කාලයක් පුරා සිදුකෙරෙන නඩත්තු කටයුතු හේතුවෙන් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ මෙහෙයුම් කටයුතු වල සහ ගුවන් ගමන් කාලසටහන තුළ සිදුවන වෙනස්කම් සිය ගනුදෙනුකරුවන් වෙත දැනුම් දීමට ගුවන් සමාගම කටයුතු යොදා තිබේ. 2017 ජනවාරි මස 6 වෙනි දා සිට අප්‍රේල්…

(0)Comments | August 26, 2016 6:20 am

ප්‍රාග්ධන බද්ද මේ අවුරුද්දේ සම්මත කරගන්නවා – අගමැති කියයි VIDEO

“ප්‍රාග්ධනය වෙනුවෙන් අපි තමයි බද්ද දාලා තියෙන්නේ. ඒ බද්ද මේ අවුරුද්දේ දී අපි සම්මත කර ගන්නවා. මීට ඉස්සෙල්ලා මේක තිබුණේ නැහැ“, යනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජාතික සේවක සංගම් මූලස්ථාන පරිශ්‍රයේ පැවති උත්සව අවස්ථාවක දී අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේය. මෙහිදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දැක්වූ අදහස් පහතින් නැරඹිය හැකිය.

(0)Comments | August 26, 2016 5:09 am