Top News

ක්ෂේත්‍ර රැසක ආයෝජනට ජපානය කැමැත්ත පළ කරයි

ජපානය සහ ශ්‍රී ලංකාව අතර දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කර ගනිමින් ඉදිරියටත් ක්‍රියා කරන බව ජපාන රාජ්‍ය අමාත්‍ය කොසෝ යමමොතෝ (Kozo Yamamoto)  මහතා පවසයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ කලාපීය පුනරුදය පිළිබඳ ජපාන රාජ්‍ය අමාත්‍ය කොසෝ යමමොතෝ (Kozo Yamamoto)  මහතා අතර ජනාධිපති කාර්යාලයේ දී (13) පැවති හමුවේ දී මේ බව සඳහන් කෙරිණ. වත්මන් රජය යටතේ…

(0)Comments | January 15, 2020 11:59 am

රේණුකා ගේ රු. බිලියන 3.9 ක Galle Face Icon ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව සන්කෙන් ට

රේණුකා හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් දියත් කරන ලද මහල් 32කින් යුතු මිශ්‍ර ව්‍යාපෘතියක් වන Galle Face Icon හි ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව මෙරට ප්‍රමුඛ පෙළේ ඉදිකිරීම් සමාගම් වන, සන්කෙන් කන්ස්ට්‍රක්ෂන් (පුද්) සමාගම වෙත පිරිනැමීමට තීරණය කර තිබේ. මීට පෙර Renuka Tower ලෙසින් නම් කළ මෙම ව්‍යාපෘතිය Galle Face Icon ලෙසින් නම් කර ඇත. මෙම ව්‍යාපෘතිය සඳහා අදාළ ගිවිසුමට,…

(0)Comments | January 14, 2020 5:34 pm

වෛද්‍ය බන්දුල විජේසිරිවර්ධන ලංකා හොස්පිටල්ස් සභාපති ධූරයට

කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත රෝහල් සමාගමක් වන ලංකා හොස්පිටල්ස් කෝපරේෂන් පීඑල්සී හි නව සභාපතිවරයා වශයෙන් විද්‍යා ජෝති වෛද්‍ය බන්දුල චන්ද්‍රනාථ් විජේසිරිවර්ධන මහතා පත් කර තිබේ. කොළ විශ්වවිද්‍යාල, වෛද්‍ය පීඨයේ සහ වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ උපාධිධරයෙකු වන ඒ මහතා, මාතර රාහුල විද්‍යාලයෙන් සහ කොළඹ ආනන්ද විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා ඇත. මීට පෙර 2012 පෙබරවාරි මාසයේ…

(0)Comments | January 14, 2020 12:37 pm

බදු අඩුකිරීමේ පූර්ණ ප්‍රතිලාභ පාරිභෝගිකයාට ලැබෙනවා දැයි සොයන්න පියවර

2019 දෙසැම්බර් 01 වන දා සිට බලපැවැත්වෙන පරිදි ලබා දී ඇති බදු ප්‍රතිලාභ විශේෂයෙන් සිල්ලර, තොග හා ආනයන ද්‍රව්‍ය විකිණීම මත වැට් බදු අඩු කිරීමෙන් අත්වන වාසි පාරිභෝගිකයා වෙත ළඟා නොවන බවට මහජනතාවගෙන් ජනාධිපති කාර්යාලයට අඛණ්ඩව පැමිණිලි ලැබෙන අතර ඒ සම්බන්ධ ප්‍රවෘත්ති මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යවල ද නිරන්තරව පළ වේ. බදු සහන ලැබුණු ද්‍රව්‍ය අතර…

(0)Comments | January 14, 2020 11:03 am

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය කිසිදු අනතුරකින් තොරව රාජකාරි පැය මිලියන 12 ක් සම්පූර්ණ කරයි

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය කිසිදු අනතුරකින් තොරව රාජකාරි පැය මිලියන 12 ක් සම්පූර්ණ කිරීමට සමත් වී තිබේ. 2020 ජනවාරි 13 වනදා පැවති උත්සවයකදී එළිදක්වන ලද, කොළඹ වරාය නගරයේ 2018-2019 ප‍්‍රජා සත්කාර වාර්තාව මගින් මේ බව අනාවරණය වී ඇත. කොළඹ වරාය නගරය ව්‍යාපෘතිය සහ එහි ප‍්‍රධාන සමාගම වන චයිනා කොමියුනිකේෂන් කන්ස්ට‍්‍රක්ෂන් කම්පනි (China Communications Construction Company…

(0)Comments | January 14, 2020 10:32 am

2025 දී සංචාරක කර්මාන්තයෙන් ඩොලර් බිලියන 10ක ආදායම් ඉලක්කයක්

2025 වන විට ඇ.ඩො. මිලියන 10 ඉක්මාව ගිය ආදායමක් ඉපැයීම මෙහි අරමුණු කර ගනිමින් සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය උදෙසා ඉලක්කගත වැඩපිළිවෙළක් සැලසුම් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ. වේගවත් ආර්ථික වර්ධනයක් වෙනුවෙන් දායකකරගත හැකි ප්‍රධාන ක්ෂේත්‍රය ලෙස සංචාරක කර්මාන්තය යොදාගත යුතු බව සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශයේ නිලධාරීන් සමග ජනාධිපති කාර්යාලයේ  ඊයේ (13)…

(0)Comments | January 14, 2020 10:30 am

ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලේ 14,000 ක් හිරවෙලා

වසර ගණනාවකට පසු මුදල් අමාත්‍යාංශය‍ සහ මහ බැංකුව ජනතාවට ඇහුම්කම් දෙන රාජ්‍ය ආයතන බවට පත්ව ඇතැයි රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා කියයි. මුදල් අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුව වසර ගණනාවක පසු ජනතාවට ඇහුම්කන් දෙන රාජ්‍ය ආයතන බවට පත්ව ඇතැයි සංවර්ධන බැංකු සහ ණය යෝජනා ක්‍රම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. වත්මන් රජය…

(0)Comments | January 13, 2020 5:51 pm

රු. බිලියන 30 ක බැඳුම්කර නිකුතුවක් අද

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අද (13) දිනයේ දී රුපියල් බිලියන 30 ක භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක් සිදුකර තිබේ. මෙහිදී වසර 03 යි මාස 08 කින් සහ වසර 10 යි මාස 04 කින් කල් පිරෙන පරිදි රුපියල් බිලියන 15 බැගින් වූ භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියට ඉදිරිපත් කරන ලද එහිදී පිළිවෙලින් රු. බිලියන 57.34 ක්…

(0)Comments | January 13, 2020 5:05 pm

ක්‍රිකට් නිල ඇඳුමේ නඩුව සමථයකට. Khazana Sports, MAS Active සමාගමෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලයි

ශ්‍රී ලංකා නිල අනුරුව සහිත ඇඳුම් සම්බන්ධයෙන් මාස් ඇක්ටිව් (MAS Active) ආයතනයේ බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනයවීම පිළිබඳව ඛාසානා ස්පෝට්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය විසින් මාස් ඇක්ටිව් ප්‍රයිවට් ලිමිටඩ් (MAS Active (pvt) LTD) වෙත ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටීම ඉදිරිපත් කර තිබේ. මේ සම්බන්ධයෙන් පුවත්පත් දැන්වීමක් පළකරමින් ඛාසානා ස්පෝට්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටින අතර අදාළ…

(0)Comments | January 13, 2020 1:16 pm

ඉන්දියානු ණය ක්‍රමයෙන් මිල දී ගැනීමට අනුමත වූ බස් රථවල වෙනසක්

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 15.03 ක් උපයෝගී කරගනිමින් ආසන 50-54 නව බස් රථ 400ක් සහ ආසන 32-35 නව බස් රථ 100ක් මිල දී ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දී ඇත. ඒ අතරතුර, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් ජනතාවට කාර්යක්ෂම සහ සුවපහසු ප්‍රවාහන සේවාවක් සැපයීම් සඳහා සිය අවශ්‍යතාවන්…

(0)Comments | January 13, 2020 11:10 am