Top News

ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කරන්න ප්‍රංශ-බෙල්ජියම් ජනමාධ්‍යවේදීන් කණ්ඩායමක් පැමිණෙයි

ප්‍රංශයේ සහ බෙල්ජියමේ කීර්තිමත් මාධ්‍ය ආයතන 20 ක් නියෝජනය කරමින් මාධ්‍යවේදීන් 20කට අධික පිරිසකගෙන් සැදුම්ලත් කණ්ඩායමක් පසුගිය 18 දා ශ්‍රී ලංකාවට පැමිණි අතර ශ්‍රී ලංකාවේ ස්ථාන කිහිපයකම සංචාරය කිරීමට ඔවුන් කටයුතු කරන ලදී. Connaissance de Ceylan සහ Theme Resorts & Spas හි සභාපති චන්ද්‍රා වික්‍රමසිංහ මහතාගේ මුලපිරීමකට අනුව මෙම සංචාරය සංවිධානය කරන ලදී. ප්‍රංශයේ ප්‍රමුඛතම…

(0)Comments | January 20, 2020 2:05 pm

වෙළෙඳ හිඟයේ අඩුවීමක්

ආනයන සහ අපනයන අඩු වීම සමඟ 2019 නොවැම්බර් මාසයේදී වෙළඳ හිඟය පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට  සාපේක්ෂව සුළු වශයෙන් අඩු විය. ආනයන වියදම සැලකිය යුතු ලෙස අඩු වීම හා අපනයන ආදායම සුළු වශයෙන්  වැඩි වීම හේතුවෙන් 2019 වසරේ පළමු මාස එකොළහ තුළදී වෙළඳ හිඟය 2018 වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව අඩු විය. පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව…

(0)Comments | January 20, 2020 10:55 am

ගුවනින් යන්න. ගෝල්ෆේස් එන්න. ගාලු මුවදොර හෙලිකොප්ටර් අංගනය යළි ක්‍රියාත්මකයි

කොළඹ ගාලුමුවදොර හෙලිකොප්ටර් යානා අංගනයේ සිට මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම ඊයේ (16) යළි ආරම්භ විය. මෙලෙස ගාලුමුවදොර පිටියේ සිට හෙලිකොප්ටර් යානා මෙහෙයුම් ක්‍රියාත්මක වන්නේ වසර 25කට පසුව වීම විශේෂත්වයකි. මේ පිළිබඳ සමාරම්භක ඉසව්වක් කොළඹ ගාලුමුවදොර හෙලිකොපටර් අංගනයේ දී පැවැත්වුණු අතර ඒ සඳහා ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක ප්‍රමුඛ පෙළේ ගුවන් යනා මෙහෙයුම් සමාගම් කිහිපයක්ම එක්විය. මෙහිදී අදහස්…

(0)Comments | January 17, 2020 12:36 pm

ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය අඩු වේගයකින් ඉහළට

2019 දෙසැම්බර් මාසයේ දී නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය අඩු වේගයකින් වර්ධනයක් පෙන්නුම් කරමින් දර්ශක අගය 54.3ක් ලෙස වාර්තා වූ අතර, නව ඇණවුම්, නිෂ්පාදන සහ සේවා නියුක්තියේ සිදු වූ මන්දගාමී වර්ධනය මේ සඳහා ප්‍රධාන වශයෙන් ම හේතු විය. නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයේ සියලු ම උප දර්ශක 2019 නොවැම්බර් මාසයට සාපේක්ෂ ව අඩු වේගයකින් වුව…

(0)Comments | January 17, 2020 11:09 am

සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගමේ රු. බිලියන 2.6ක දැවැන්ත කොටස් ගනුදෙනුවක්

මෙරට ලැයිස්තුගත රක්ෂණ සමාගමක් වන සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පීඑල්සී හි කොටස් මිලියන 71.25 ක ගනුදෙනුවක් අද (16) දින සිදුවිය. ඒ එක් කොටසක් රු. 37.00 බැගිනි. මේ අනුව අදාළ ගනුදෙනුවේ සම්පූර්ණ වටිනාකම රුපියල් මිලියන 2,636.25 ක් හෙවත් රුපියල් බිලියන 2.63 කි. සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පීඑල්සී හි තෙවන විශාලතම කොටස්කරුවා වූ State Street Munich C/O Ssbt-Deg-Deutsche Investitions-Und…

(0)Comments | January 16, 2020 4:45 pm

ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත Quadricycle රථය මෙන්න

ශ්‍රී ලංකාවේ මුල් වරට නිෂ්පාදනය කරන ලද “Quadricycle” වර්ගයේ මෝටර් රථයක් අද (16) දින එහි නිර්මාණකරුවන් විසින් කර්මාන්ත අමාත්‍යාංශ පරිශ්‍රයේ දී කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා වෙත හඳුන්වා දෙන ලදී. ඉම්ප්‍රියා හෝල්ඩින්ග්ස් සමාගම විසින් නිපදවා ලියාපදිංචි කරන ලද මෙම රථය ඉතා අඩු ඉන්ධන වියදමින් ධාවනය කළ හැකි රථයක් ලෙසින් වාර්තා වේ. මෙම රථය අද…

(0)Comments | January 16, 2020 2:25 pm

ඩොලර් මිලියන 4.4ක යූරියා ටෙන්ඩරය ඇමරෝපා ඒෂියා වෙත

අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි සීමාසහිත ලංකා පොහොර සමාගම සඳහා සහ සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම සඳහා යූරියා (ග්‍රැනියුලා) මෙට්‍රික්ටොන් 15,000ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය, මෙට්‍රික්ටොන් 1ක් ඇමරිකානු ඩොලර් 279.68ක් බැගින් මුළු පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියන 4.40කට ඇමරෝපා ඒෂියා ප්‍රයිවට් ලිමිටඩ් වෙත ප්‍රදානය කිරීම පිණිස මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ…

(0)Comments | January 16, 2020 12:05 pm

NAPPP වසා දමන්න තීරණය කරයි

2017 වසරේ දී ගනු ලැබූ අමාත්‍ය මණ්ඩල තීරණයක් පරිදි පිහිටුවන ලද රාජ්‍ය පෞද්ගලික සහයෝගීතාවය සඳහා වන ජාතික ආයතනය (National Agency for Public Private Partnership –NAPPP), භාණ්ඩාගාර ලේකම් සම අනෙකුත් නිලධාරීන්ගෙන් සමන්විත උපදේශක මණ්ඩලයක් සහිතව සහ 20 දෙනෙකුගෙන් පමණ සමන්විත කාර්ය මණ්ඩලයකින් යුක්තව මුදල් අමාත්‍යාංශයේ ඒකකයක් ලෙස ක්‍රියාත්මක වේ. රජය විසින් සිය ක්‍රියාකාරකම් විධිමත් කිරීමට හා…

(0)Comments | January 16, 2020 10:44 am

ලසන්ත වික්‍රමසිංහ මිල්කෝ සභාපති ධූරයට

සැපයුම්දාම කළමනාකරණ විශේෂඥයෙකු වන ලසන්ත වික්‍රමසිංහ මහතා මිල්කෝ සමාගමේ නව සභාපතිවරයා ලෙසින් පත් කර තිබේ. Haycarb පීඑල්සී හි නිෂ්පාදන සැලසුම් ඒකකයේ විධායකයෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ ඔහු ලොව ප්‍රමුඛ තොරතුරු තාක්ෂණ සමාගමක් වන IFS R&D International හි සැපයුම්දාම කළමනාකරණ හා බදු වාර්තාකරණ ප්‍රධානියෙකු ලෙසින් වසර 12කට අධික කාලයක් රටවල් කිහිපයකම සේවය කර ඇත….

(0)Comments | January 16, 2020 8:17 am

විදෙස් සමාගම් සංස්ථාපනය තාවකාලිකව අත්හිටුවයි

නැවත දැනුම් දෙන තුරු විදේශීය හිමිකාරීත්වය සහිත සමාගම් ශ්‍රී ලංකාවේ සංස්ථාපනය කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බව සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව පවසයි. එහි නිල වෙබ් අඩවියේ මේ පිළිබඳව නිවේදනයක් පළ කර ඇත. කෙසේ වෙතත් ආයෝජන මණ්ඩල අනුමත සමාගම් සඳහා මෙම තීරණයෙහි බලපෑමක් නොමැති බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ සංස්ථාපන අංශය…

(0)Comments | January 15, 2020 12:39 pm