Top News

ජූලි මාසයේ දී උද්ධමනය පහළට

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ විචලනය මගින් මනිනු ලබන උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2016 ජූනි මාසයේ දී වාර්තා කළ 6.4% සිට 2016 ජූලි මාසයේ දී 5.8% දක්වා පහළ ගොස් ඇත. 2016 ජූලි මස ලක්ෂ්‍යමය උද්ධමනය කෙරෙහි ආහාර කාණ්ඩය මෙන්ම ආහාර නොවන කාණ්ඩය ද දායක විය. වාර්ෂික සාමාන්‍ය පදනම…

(0)Comments | August 23, 2016 5:51 am

ඩිස්ටිලරීස් කොටස්කරුවන්ට වෙන දේ මෙන්න

ඩිස්ටිලරීස් සමාගමේ කොටස්කරුවන් හට ඒ වෙනුවට මෙල්ස්ටාකෝප් සමාගමේ කොටස් හිමිවන බව නිවේදනය කර සිටී. කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත මේ බව දැනුම් දෙමින් ඩිස්ටිලරීස් සමාගම කියා සිටිනේනේ 2016 සැප්තැම්බර් 30 වනදා වන විට කොටස් හිමිකාරීත්වය දරණ ඩිස්ටිලරීස් කොටස් හිමියෙකු හට එක් කොටසක් වෙනුවෙන් මෙල්ස්ටාකොප් සමාගමේ කොටස් 4 ක් හිමිවන බවයි. මේ අනුව ඩිස්ටිලරීස් කොටස් ගනුදෙනු 2016…

(0)Comments | August 23, 2016 4:21 am

පාස්පෝට් කාර්යාලය බත්තරමුල්ලට. 26 සිකුරාදා වැඩ නැහැ.

කොළඹ 10 ආනන්ද රාජකරුණා මාවතේ පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තු කාර්යාලය, 2016 අගෝස්තු 29 වනදා සිට බත්තරමුල්ලේ ‘සුහුරුපාය‘ ගොඩවැගිල්ලට ගෙන යන බව නිවේදනය කර සිටී. මෙහිදී ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටින්නේ අගෝ: 29 වන දින විදේශ ගමන් බලපත්‍ර සාමාන්‍ය සේවය, වීසා නිකුත් කිරීම, විදේශ ගමන් බලපත්‍ර සංශෝධනය, පුරවැසිභාවයට අදාළ කටයුතු වැනි සේවාවන් සීමාසහිතව…

(0)Comments | August 22, 2016 9:57 am

කොරියාවෙන් ලංකාවට හුන්ඩායි ගිලන් රියක්

දෙරට අතර පවතින මිත්‍රත්වය තහවුරු කරනු වස් කොරියානු තානාපති කාර්යාලය හා හුන්ඩායි ලංකා එක්ව අංග සම්පූර්ණ ගිලන් රථයක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කර තිබේ. ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති වොන්-සැම්, ප්‍රෙස්ටිජ් ඔටෝමොබයිල් ලිමිටඩ් සභාපති හේන්ස් රොයිටර්, හුන්ඩායි ලංකා විකුණුම් හා අලෙවි ප්‍රධානී තරංගා විතානගේ, ප්‍රෙස්ටිජ් ඔටෝමොබයිල් අධ්‍යක්ෂ ජූලියන් රොයිටර් හා විශේෂඥ වෛද්‍ය ලෝහිත සමරවික්‍රම මේ අවස්ථාවට…

(0)Comments | August 22, 2016 8:58 am

පුවක් ආනයනයට සෞඛ්‍ය ඇමති හරස් වෙයි

පුවක් ආශ්‍රිත වෙළෙඳ නිෂ්පාදන ආනයනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය වෙත කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට තමන් කටයුතු කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. “බෝනොවන රෝග පාලනය කිරීම සඳහා දුම්කොළ සහ පුවක් භාවිතය නතර කළ යුතුයි. ශ්‍රී ලංකාවට ආනයනය කරන පුවක් කන්ටේනරයක් මේ වනවිට වරායේ නතර කර තිඛෙනවා. එම පුවක්…

(0)Comments | August 22, 2016 8:04 am

රොසෙල් ඕස්ට්‍රේලියාවට

මෙරට ප්‍රමුඛතම ටයිල් හා සනීපාරක්ෂක උපාංග නිෂ්පාදකයෙකු වන රොසෙල්, සිය ජාත්‍යන්තර ප්‍රවේශය තවදුරටත් සනිටුහන් කරමින් ඕස්ට්‍රේලියාවේ ප්‍රදර්හනාගාරයක් විවෘත කරන ලදී. පසුගිය අගෝස්තු 11 වන දින ඕස්ට්‍රේලියාවේ Mitcham හි Whitehorse පාරේ දී වර්ග මීටර 1,000 ක වපසරියකින් යුතු මෙම දැවැන්ත ප්‍රදර්ශනාගාරය විවෘත කර තිබේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රෝයල් සෙරමික් ලංකා පීඑල්සී හි කළමනාකාර අධ්‍යක්ෂ නිමල්…

(0)Comments | August 22, 2016 6:05 am

ශ්‍රී ලංකාවේ ආයෝජනයට පාකිස්තානය කැමැත්ත පළ කරයි

ශ්‍රී ලංකාවේ කෘෂි කාර්මික, තොරතුරු තාක්ෂණ සහ ඉදිකිරීම් ක්ෂේත්‍රවල ආයෝජන කටයුතු සඳහා ඉදිරිපත් වීමට පාකිස්තානය කැමැත්ත පළ කරයි. ශ්‍රී ලංකාවේ පකිස්තාන මහකොමසාරිස් ෂකිල් හුසේන් මැතිතුමා මේ බව කියා සිටියේ මුදල් අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා සමග පසුගියා දා (18) මුදල් අමාත්‍යාංශයේ පැවැති හමුවක් අතරතුරදී ය. මහකොමසාරිස්වරයා එහි දී කියා සිටියේ ආයෝජනය සඳහා ශ්‍රී ලංකාව මේ වන…

(0)Comments | August 22, 2016 4:22 am

උතුරු පළාත් ආයෝජන සමුළුව අද

ආර්ථික දරිද්‍රතාවය නැති කිරීම සඳහා නව රැකියා අවස්ථා බිහිකිරීම, ආදායම් උත්පාදනය හා ජීවනෝපාය සංවර්ධනය තුළින් උතුරේ ජනජිවිතය නඟාසිටුවීමේ අරමුණින් පැවැත්වෙන උතුරු පළාත් ආයෝජන සමුළුව අද (22) පෙරවරු 10.00ට යාපනය දිසාපති කාර්යාලයේ දී පැවැත්වේ. මෙම සමුළුව සඳහා දේශීය විදේශීය ආයෝජකයන්ට ආරාධනා කර ඇත. මෙම සමුළුව හරහා යාපනයේ ඇතිවී තිබෙන රැකියා ප්‍රශ්න, විනාශයට පත්වු කර්මාන්ත ශාලා ප්‍රතිස්ථාපනය…

(0)Comments | August 22, 2016 4:20 am

කොළඹ වරාය නගරය ජාත්‍යන්තර මුල්‍ය නගරයක් බවට පරිවර්තනය කරනවා

ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා කියයි කොළඹ වරාය නගරය ජාත්‍යන්තර මුල්‍ය නගරයක් ලෙස ගොඩනැංවීමේ කටයුතු රජය විසින් මේ වන විට ආරම්භ කර තිබෙන බවත්, ගරු අග්‍රාමාත්‍ය සහ ජාතික ප්‍රතිපත්ති සහ ආරථික කටයුතු කැබිනට් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඓතිහාසික සංකල්පයක් මත ඉදිවන මෙම මුල්‍ය නගරයේ මුලික මෙහෙය වීම් ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික…

(0)Comments | August 22, 2016 4:13 am

හෙල්මට් ප්‍රමිතියෙන් තොර නම් නඩු

යතුරුපැදි හෙල්මට්වල ප්‍රමිතිය තහවුරු කිරීමට SLS 517 ප්‍රමිති සහතිකය ලබා ගැනීම අනිවාර්යය කර ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි. දෛනික ගමන් බිමන්වල දී හෙල්මට් භාවිතා කරන යතුරුපැදිකරුවන් සහ රේසිං ධාවන තරඟ සඳහා එක්වන යතුරුපැදිකරුවන් මෙමඟින් නිවැරදි හෙල්මට් තෝරාගත යුතු ආකාරය පිළිබඳ දැනුවත් කෙරෙනු ඇත. හෙල්මට් නිෂ්පාදනය කරන, ආනයනය කරන, බෙදාහරින හෝ තොග හෝ සිල්ලර වශයෙන්…

(0)Comments | August 19, 2016 11:04 am