Top News

ගෑස් ඔයිල් – ඩීසල් සඳහා රු. 13 ක නිෂ්පාදන බද්දක්

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ගේ අත්සනින් යුතුව නිකුත් කරන ලද නවතම නිවේදනයකට අනුව ගෑස් ඔයිල්/ ඩීසල් සඳහා ලීටරයකට රු. 13.00 ක නිෂ්පාදන බද්දක් පනවා ඇති බව සඳහන් වේ. මීට පෙර මෙලෙස අය කර තිබෙන බද්ද ලීටරයකට රු. 3.00 කි. 2016 අගෝස්තු 19 වැනි දින නිකුත් කර ඇති මෙම නිවේදනයට අනුව මෙම නිෂ්පාදන බදු අනුප්‍රමාණයන්…

(0)Comments | August 26, 2016 10:15 am

ඛෙත්තාරාමේ අන්තිම මැච් එකෙත් ටිකට් ඉවරයි

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන ක්‍රිකට් තරඟාවලියේ මීළඟට කොළඹ දී පැවැත්වීමට නියමිත එකම තරඟය වන දෙවන විස්සයි 20 තරඟයේ සියලු ප්‍රවේශ පත් මේ වන විට විකිණී අවසන් බව වාර්තා වේ. මෙම තරඟාවලියේ ටිකට් අලෙවිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් පත්කරන ලද නියෝජිත ආයතනයේ නිල වෙබ් අඩවියේ මේ බව සඳහන් වේ. ඊට අනුව එළඹෙන සැප්තැම්බර්…

(0)Comments | August 26, 2016 8:56 am

බලශක්ති සමාගම්වල කොටස් මිල ගණන් පහළට

අද (26) මධ්‍යහ්නය වන විට කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 40 ක් ඉක්මවා පහළ ගොස් තිබිණි. මෙහිදී නිරීක්ෂණය කළ හැකි වූ විශේෂ තත්ත්වයක් වූයේ විදුලිබල හා බලශක්ති කාණ්ඩයට අයත් සමාගම් කිහිපයකම කොටස් මිල ගණන් පහළ ගොස් තිබීමයි. මෙහිදී කැපී පෙනුණු සිදුවීම වූයේ ලංකා IOC සමාගමේ කොටස් මිල, පෙර දිනයට සාපේක්ෂව 8.59% කින්…

(0)Comments | August 26, 2016 6:47 am

ශ්‍රීලංකන් ගුවන් ගමන් කාලසටහන වෙනස් වෙයි

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ධාවන පථයේ නඩත්තු කටයුතු හේතුවෙන් ගත් පියවරක් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මාස තුනක කාලයක් පුරා සිදුකෙරෙන නඩත්තු කටයුතු හේතුවෙන් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ මෙහෙයුම් කටයුතු වල සහ ගුවන් ගමන් කාලසටහන තුළ සිදුවන වෙනස්කම් සිය ගනුදෙනුකරුවන් වෙත දැනුම් දීමට ගුවන් සමාගම කටයුතු යොදා තිබේ. 2017 ජනවාරි මස 6 වෙනි දා සිට අප්‍රේල්…

(0)Comments | August 26, 2016 6:20 am

ප්‍රාග්ධන බද්ද මේ අවුරුද්දේ සම්මත කරගන්නවා – අගමැති කියයි VIDEO

“ප්‍රාග්ධනය වෙනුවෙන් අපි තමයි බද්ද දාලා තියෙන්නේ. ඒ බද්ද මේ අවුරුද්දේ දී අපි සම්මත කර ගන්නවා. මීට ඉස්සෙල්ලා මේක තිබුණේ නැහැ“, යනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජාතික සේවක සංගම් මූලස්ථාන පරිශ්‍රයේ පැවති උත්සව අවස්ථාවක දී අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේය. මෙහිදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දැක්වූ අදහස් පහතින් නැරඹිය හැකිය.

(0)Comments | August 26, 2016 5:09 am

සාමාන්‍ය පෙළ විශිෂ්ටයින්ට ජනපති අතින් සිංගර් ලැප්ටොප්

මෙරට ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ සැපයුම්කරු වන සිංගර් සිය සමාජ මෙහෙවරහි තවත් පියවරක් ඉදිරියට තබමින් අ.පො. ස සාමාන්‍ය පෙළ විභාගයේදී ඉහළින් දස්කම් දැක්වූ සිසුන් 12 දෙනකු වෙත නවතම සිංගර් X Series ලැප්ටොප් 12ක් පිරිනමයි. ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් මෙම ලැප්ටොප් ප්‍රදානය කිරීම පසුගිය අගෝස්තු 23 වනදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුකෙරිණ. මෙම අවස්ථාව සඳහා සිංගර්…

(0)Comments | August 26, 2016 3:54 am

අවම මහජන පංගුවට කීල්ස් ෆුඩ් ප්‍රඩක්ට්ස් සූදානම්

කීල්ස් ෆුඩ් ප්‍රඩක්ට්ස් පීඑල්සී හි මවු සමාගම වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් සිය කොටස් හිමිකාරීත්වයෙන් කොටස් 413, 408 ක් අද දිනයේ දී කොළඹ කොටස වෙළෙඳපොළේ දී අලෙවි කරනු ලැබීය. මෙය සමාගමේ ප්‍රකාශිත ප්‍රාග්ධනයෙන් 2% කි. මෙහිදී එක් කොටසක් අලෙවි කරන ලද්දේ රු. 160.00 බැගිනි. ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාවේ නියමයන් පරිදි ලැයිස්තුගත…

(0)Comments | August 25, 2016 11:46 am

මිලියන 49,000 ක බැඳුම්කර අද අලෙවි කළේ මෙහෙමයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද (25) දිනයේ දී කැඳවන ලද භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියේ දී රුපියල් මිලියන 49,472 ක බැඳුම්කර අනුමත කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. 2021, 20214 හා 2026 වසරවල දී කල්පිරෙන පරිද්දෙන් කාණ්ඩ තුනක් යටතේ පවත්වන ලද මෙම බැඳුම්කර වෙන්දේසිය සඳහා රුපියල් මිලියන 242 ඉක්ම වූ ලංසු ප්‍රමාණයක්…

(0)Comments | August 25, 2016 11:01 am

BASF කර්මාන්ත ශාලාවක් ශ්‍රී ලංකාවේ දී විවෘත වෙයි

ඉදිකිරීම් කර්මාන්තය සඳහා අවශ්‍ය කෙරෙන රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනයේ යෙදෙන ලොව ප්‍රමුඛ සමාගමක් වන BASF, සිය නවතම නිෂ්පාදන කර්මාන්ත ශාලාව ශ්‍රී ලංකාවේ දී පසුගිය දා විවෘත කරනු ලැබීය. ජර්මනිය මූලස්ථානය කර ගත් BASF හි කර්මාන්ත ශාලාවක් මෙලෙසින් ශ්‍රී ලංකාවේ දී වැඩකටයුතු අරඹන්නේ පළමු වරටය. මීට පෙර දකුණු ආසියානු කලාපයේ ඉන්දියාවේ, පාකිස්තානයේ සහ බංග්ලාදේශයේ දී තම කර්මාන්ත…

(0)Comments | August 25, 2016 9:54 am

නිදහස් වෙළෙඳ ගිවිසුම් – කාටද කුමටද?

ලංකා වාණිජ මණ්ඩලය විසින් නිදහස් වෙළෙඳ ගිවිසුම් පිළිබඳ සම්මන්ත්‍රණයක් සංවිධානය කර තිබේ. “නිදහස් වෙළෙඳ ගිවිසුම් – විමසිය යුත්තේ කුමක්ද හා ප්‍රතිලාභ ලබන්නේ කෙසේද“ (Free Trade Agreements: What to Look out for and How to Benefit from Them) යන්න තේමා කර ගනිමින් ව්‍යාපාරික ප්‍රජාව දැනුවත් කිරීමේ අරමුණින් මෙම සම්මන්ත්‍රණය සංවිධානය කර ඇත. එළඹෙන සැප්තැම්බර් 19 වන…

(0)Comments | August 25, 2016 7:45 am

Video Story

Stock Market

Exchange Rates