මෙරට විශාලතම රාජ්‍ය වාණිජ බැංකුව වන ලංකා බැංකුවේ සභාපති ධූරය සඳහා ජ්‍යෙෂ්ඨ නීතිඥ කාංචන රත්වත්තේ මහතා පත් කර තිබේ. වෘත්තියෙන් නීතිඥයෙකු වන ඒ මහතා කොළඹ විශ්වවිද්‍යාලයෙන් LL.B උපාධිය ලබා ඇත. තොරතුරු තාක්ෂණ, security printing, මෘදුකාංග සංවර්ධනය, BPO, රක්ෂණ තැරැව්කාර හා සුරැකුම්පත් යන ක්ෂේත්‍රවල පෞද්ගලික අංශයේ ව්‍යාපාර කිහිපයක අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස ඔහු පුළුල් අත්දැකීම් ලබා…
ශ්රී ලංකාවේ ටයර් අවශ්‍යතාවයෙන් අඩකට ආසන්න ප‍්‍රමාණයක් නිෂ්පාදනය කරන සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගම රජය විසින් මෑතකදී ලබාදුන් බදු සහනය මේ වනවිටත් ගැනුම්කරුවන්ට සම්පූර්ණයෙන්ම ලබාදීම ආරම්භ කර තිබෙන බවට නිවේදනය කර ඇත. මේ අනුව, සමාගම විසින් ටයර්වල මිල අඩුකිරීම නිසා සියළුම වර්ගවල ටයර් භාවිතා කරන අංශ ප‍්‍රතිලාභ ලබනු ඇති අතර සමස්තයක් ලෙස මෙරට වෙළඳපොළින් 65% ක…
ශ්රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, 2019 දෙසැම්බර් 26 වැනි දින පැවති රැස්වීමේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින් සියයට 7.00 සහ සියයට 8.00ක් ලෙස දැනට පවතින මට්ටමේ නො වෙනස් ව තබා ගනිමින් සිය ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය පවත්වා ගෙන යෑමට තීරණය කළේ ය….
ජ්‍යෙෂ්ඨ වරලත් ගණකාධිකාරී සුජීව රාජපක්ෂ මහතා, මහජන බැංකුවේ සභාපතිධූරය සඳහා පත් කර තිබේ. සුජීව රාජපක්ෂ මහතා ජ්‍යෙෂ්ඨ වරලත් ගණකාධිකාරීවරයෙකු වන අතර ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ හිටපු සභාපතිවරයෙකු ද වේ. ඔහු මීට පෙර ශ්‍රී ලංකා ගණකාධිකරණ හා විගණන ප්‍රමිති අධීක්ෂණ මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙසත්, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති උපදේශන කමිටුවේ සාමාජිකයෙකු ලෙසත්,…
ඊයේ (24) දිනයේ දී අරලිය ගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකුවේ ඉහළ නිලධාරීන්ද, වාණිජ බැංකු වල ප්‍රධානීන්ද, බැංකු ගණකාධිකාරිවරුන්ද, හමුවිය. කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාර (Small Medium Enterprise – SME) විසින් 2020 වසරේදී ගෙවිය යුතුව තිබු ණය වාරික වසරක කාලයක් තුලදී අත්හිටුවමින් පොලිය පමණක් ගෙවමින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන…
ශ්රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා වශයෙන් දේශමාන්‍ය මාහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා පත් කර තිබේ. ඒ මහතා මහ බැංකුවේ 15 වැනි අධිපතිවරයා වශයෙන් අද (24) දින ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේදී වැඩ භාර ගෙන ඇති බව අද දෙරණ වෙත වාර්තා වේ. 1994 සිට 1999 දක්වා වකවානුව තුළ කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා වශයෙන් කටයුතු කළ ඒ මහතා…
ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013 = 100) ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2019 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 5.6 හි සිට 2019 නොවැම්බර් මාසයේ දී සියයට 4.1 දක්වා පහළ ගිය අතර 2018 නොවැම්බර් මාසයේ පැවති ඉහළ පදනම් අගය හේතුවෙන් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා දායක විය. ආහාර කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය 2019 ඔක්තෝබර් මාසයේ…
ශ්රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) නව සභාපතිවරයා වශයෙන් ජයන්ත ද සිල්වා මහතා එම ආයතනයේදී අද (23) වැඩ භාර ගත්තේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම පත්කිරීම සිදු කර ඇත. මෙරට තොරතුරු සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රය වෙනුවෙන් පුරෝගාමී මෙහෙවරක් ඉටු කර ඇති ජයන්ත ද සිල්වා මහතා IFS SRI LANKA හි සම නිර්මාතෘ හා හිටපු…
මේ වන විට මීළඟ මහ බැංකු අධිපතිවරයා ලෙසින් පත්වීම් ලබන්නේ කවුරුන්ද යන්න පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබේ. ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පසුගිය සිකුරාදා (20) මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත් වීමත් සමඟ මුදල් නීති පනතේ විධිවිධාන අනුව මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා වැඩබලන ප්‍රධානියා ලෙස පත්වීම් ලැබ ඇති බව වාර්තා වේ….
S&P Dow Jones Indices ට අනුව සිදුකෙරෙන S&P SL20 දර්ශකයේ පහත දැක්වෙන වෙනස්කම් 2019 වසර අවසාන දර්ශක නැවත සමතුලිතතාව වෙනුවෙන් සිදු කර ඇත. 2017 මාර්තු මස සිදුකල දර්ශක ක්‍රමවේදී සංශෝධයට අනුව, මින් ඉදිරියට අර්ධ වාර්ෂිකව දර්ශකය නැවත සැකසීම ආරම්භ කල අතර ජුනි හා දෙසැම්බර් යන මාස තුල මෙය සිදු කරුනු ලැබේ. මීට පෙර මෙය වාර්ෂිකව සිදුකර…
Video Story