Top News

උළු, ගඩොල් සහ කුඹල් කර්මාන්තකරුවන්ට මැටි ලබාගැනීම සඳහා නව වැඩපිළිවෙලක්

2009 අංක 66 දරන පනතින් සංශෝධිත 1992 අංක 33 දරන ඛනිජ ද්‍රව්‍ය පනත ප්‍රකාරව යම් මැටි කැණීමක් සිදු කරන ඕනෑම පුද්ගලයෙකු හෝ ආයතනයක් ඒ සඳහා කැණීම් බලපත්‍රයක් ලබා ගත යුතු අතර, එම අමුද්‍රව්‍ය අදාළ කර්මාන්තය පවත්වාගෙන යන ස්ථානය වෙත ප්‍රවාහනය කිරීම සඳහා ද බලපත්‍රයක් ලබා ගත යුතු වේ. එහෙත්, මෙම බලපත්‍ර ක්‍රමවේදයේ පවතින සංකීර්ණතාව හේතුවෙන්…

(0)Comments | December 19, 2019 11:02 am

ප්‍රභාෂ් සුභසිංහ EDB මුල් පුටුවට

මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු, ව්‍යවසායකයෙකු වන ප්‍රභාෂ් සුභසිංහ මහතා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපතිවරයා ලෙසින් පත් කර තිබේ. ඔහු ග්ලෝබල් රබර් ඉන්ඩස්ට්‍රීස් පුද්ගලික සමාගමෙහි සහ ග්ලෝබල් සී ෆුඩ්ස් පුද්ගලික සමාගමෙහි කළමනාකාර අධ්‍යක්ෂවරයා වේ. එසේම ශ්‍රී ලංකා රබර් නිෂ්පාදකයින්ගේ සහ රබර් නිෂ්පාදන අපනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා වේ. ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ සමාගම් රැසක ප්‍රමුඛ කොටස්කරුවකු වන ඔහු…

(0)Comments | December 19, 2019 10:42 am

ආයෝජන මණ්ඩලයේ නව සභාපති සුසන්ත රත්නායක

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) නව සභාපතිවරයා ලෙස මෙරට ප්‍රමුඛතම ව්‍යාපාරික නායකයෙකු වන සුසන්ත රත්නායක මහතා පත් කර තිබේ. වසර 30 කට අධික කළමනාකරණ පළපුරුද්දක් ඇති රත්නායක මහතා 2006 ජනවාරි සිට 2018 දෙසැම්බර් දක්වා ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී හි සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස සේවය කර ඇත. ඔහු 1992/93 සිට එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු…

(0)Comments | December 19, 2019 7:53 am

ශ්‍රීලංකන් ගුවන් සේවය සහ ගල්ෆ් එයාර් සංකේත හුවමාරු ගිවිසුමකට එ‍ළඹෙයි

ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සේවය සහ බහරේන් රාජධානියේ ජාතික ගුවන් සේවය වන ගල්ෆ් එයාර්, 2019 ඔක්තෝබර් 27 දින සිට ක්‍රියාත්මක වන පරිදි සංකේත හුවමාරු හවුල්කාරිත්වයකට එළඹ ඇත. එමඟින් ගුවන් සේවා දෙකෙහිම වටිනා ගනුදෙනුකරුවන්ගේ ගුවන් ගමන් සඳහා පහසු විකල්පයන් ඉහළ නංවාලීමට අවස්ථාව සැලසේ. මෙම ගිවිසුම යටතේ ශ්‍රී ලංකන් ගුවන් සේවය සිය ‘UL’…

(0)Comments | December 18, 2019 3:54 pm

අර්ථසාධක අරමුදලේ හාම්පුතාගේ දායකත්වය 12% සිට 15% දක්වා ඉහළට

සේවක ඉතුරුම් ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් සේවක අර්ථසාධක අරමුදලේ (EPF) සාමාජිකත්වය ඇති රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සමස්ත සේවකයන් සඳහා සේවක අර්ථසාධක අරමුදලේ සේව්‍ය දායකත්වය 12% සිට 15% දක්වා වැඩිකිරීමට රජය සැලසුම කර තිබේ. රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද ‘රට හදන සෞභාග්‍යයේ දැක්ම’ – ජාතික ප්‍රතිපත්ති රාමුවෙහි මේ බව සඳහන් වේ. මහජන හිතෛෂී රාජ්‍ය…

(0)Comments | December 18, 2019 1:47 pm

රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාවය වැඩි දියුණු කිරීමට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 25ක ණයක්

රජයේ ප්‍රධාන සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ කටයුතු වල විනිවිදභාවය සහ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා ලෝක බැංකුව ශ්‍රී ලංකා රජයට ඩොලර් මිලියන 25 ක ණයක් ලබා දීමට අනුමැතිය ලබා දී තිබේ. මෙම රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය (Public Sector Efficiency Strengthening Project – PSEP) මුදල් අමාත්‍යාංශයේ ආයතනික හැකියාව ශක්තිමත් කිරීමට, කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමට…

(0)Comments | December 18, 2019 12:17 pm

කොළඹ අහසෙහි කිරුළු පළඳින AHASA ONE Sky Bridge දකුණු ආසියානු කලාපයෙහි ඉදිකිරීම් ක්ෂේත‍්‍රයට නව පරිච්ඡේදයක් එක්කරයි

Sapphire Residences සහ ITC One හෝටල් සංකීර්ණය මීටර් 100ක් ඉහළ අහසේදී එකිනෙක සම්බන්ධ කරමින් AHASA ONE Sky Bridge ඉහළට එසවීමේ කටයුතු 2019 දෙසැම්බර් මස 15 වැනිදා සිදුකරන ලදී. කොළඹ නගර අලංකරණය සම්බන්ධයෙන් ගත් කළ සුවිශේෂී සංධිස්ථානයක් වන මෙය මීටර් 224ක් උස Sapphire Residences කුළුණ සහ මීටර් 140ක් උස ITC One හෝටල් සංකීර්ණ කුළුණ එහි 19…

(0)Comments | December 18, 2019 10:34 am

කොළඹ නගරයේ යාන්ත්‍රික සිරස් වාහන අංගන පිහිටුවන්න සැලැස්මක්

කොළඹ නගරය තුළ ප්‍රධාන මංසන්ධිවල ඇතිවන වාහන තදබදය අවම කිරීම සඳහා ගුවන් පාලම් පද්ධතියක් නිර්මාණය කිරීම හා සෑම ප්‍රධාන නගරයකම යාන්ත්‍රික සිරස් වාහන අංගන (vertical parking lots) පිහිටුවීමට රජය සැලසුම් කර තිබේ. රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද ‘රට හදන සෞභාග්‍යයේ දැක්ම’ – ජාතික ප්‍රතිපත්ති රාමුවෙහි මේ බව සඳහන් වේ. ‘අළුත් කොළඹ – වෙළෙඳ සහ…

(0)Comments | December 17, 2019 5:03 pm

සුඛෝපභෝගී මගී නෞකා පැමිණීමෙන් කොළඹ වරාය කාර්යබහුල වෙයි

පසුගිය සති කිහිපය තුළ කොළඹ වරායට සුඛෝපභෝගී මගී නෞකා කිහිපයක්ම පැමිණ තිබේ. සාමාන්‍යයෙන් වසරේ නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල දී ලොව විවිධ රටවලින් දැවැන්ත සුඛෝපභෝගී මගී නෞකා ගමන් අරඹන අතර සිය චාරිකාවන් හිදී ලොව විවිධ වරායන් හි නැංගුරම්ලෑමට ඔවුන් කටයුතු කරනු ඇත. මේ අනුව පසුගිය දින කිහිපය තුළ මගී නෞකා ගණනාවක් කොළඹ වරායට පැමිණ තිබේ. Costa…

(0)Comments | December 17, 2019 2:09 pm

රුපියලේ අලුත්ම තත්ත්වය මෙන්න

2019 ඔක්තෝබර් මාසයේ දී ශ්‍රී ලංකා රුපියල යම් අවප්‍රමාණා වීමේ පීඩනයකට ලක් වුවද, මෙම වසරේ ඔක්තෝබර් අවසානය දක්වා වූ කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල අතිප්‍රමාණය විය. තවද, 2019 වසරේ දෙසැම්බර් මස 13 වැනි දින දක්වා කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 1.0කින් අතිප්‍රමාණය විය. අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල හැසිරීම පිළිබිඹු…

(0)Comments | December 17, 2019 1:01 pm