Top News

ශ්‍රම වෙළඳ පොළ ඉලක්ක ගත ශ්‍රමිකයන් බිහිකරමින් රට සංවර්ධනය කිරීම නව රජයේ ප්‍රමුඛ අරමුණක්

ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍ය නිරෝෂන් පෙරේරා කියයි මෙතෙක් කිසිදු රජයකට පිලියමක් ලබා දිය නොහැකි වූ විරැකියා ප්‍රශ්නයට පැහැදිලි විසදුම් සපයමින් ශ්‍රම වෙළඳ පොළ ඉලක්ක ගත ශ්‍රමිකයන් බිහිකරමින් රට සංවර්ධනය කරා ගෙන යාම නව රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසීය. ආසියානු සංවර්ධන බැංකුව විසින් සංවිධානය කල…

(0)Comments | August 30, 2016 8:17 am

වැඩි මුදලක් ගෙවන්න කැමති සංචාරකයින් ලංකාවට එනවා VIDEO

සුඛෝපභෝගී පහසුකම් සොයා ලොව නං දෙස විසිරී සිටින සංචාරකයින් ශ්‍රී ලංකාවට පැමිණීම් සිදුවෙමින් පවතින බව සීගිරිය වෝටර් ගාඩ්න් හෝටලයේ සාමන්‍යාධිකාරී අසේල වෑවිට මහතා පැවසීය. අද දෙරණ Biz 24×7 සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය. ලොව ඉහළ වියදමක් දැරීමට යොමුවුණු සංචාරකයින් ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක හෝටලයක් ලෙසින් සීගිරිය වෝටර් ගාඩ්න් හෝටලය හැඳින්විය හැකිය….

(0)Comments | August 30, 2016 6:43 am

සමාගම් කිහිපයක මුල් පුටු වෙනස්වෙයි

ලැයිස්තුගත සමාගම් කිහිපයක අධ්‍යක්ෂ ධූර ඇතුලු මුල් පුටුවල වෙනස්කම් කිහිපයක් සිදුව තිබේ. මේ බව අදාළ සමාගම් විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත ලිඛිතව දැනුම් දී ඇත. හේමාස් සමූහයට අයත් සෙරන්ඩිබ් හොටේල්ස් පීඑල්සී හි කළමනාකරණ අධ්‍යක්ෂ ඩී.ටී. ආර් ද සිල්වා 2016 අගෝස්තු 31 දින සිට බලපැවැත්වෙන පරිදි අදාළ තනතුරින් ඉල්ලා අස්වී තිබේ. තවද මොහු හේමාස් සමූහයේ තවත්…

(0)Comments | August 30, 2016 5:25 am

මුදල් ඇමතිගෙන් සාක් රටවලට ආරාධනාවක්

දකුණු ආසියාවේ වෙළෙඳ ක‍්‍රමෝපායන මධ්‍යස්ථානයක් වූ කොළඹ ජාත්‍යන්තර මුල්‍ය නගර ව්‍යාපෘතියේ ආයෝජන අවස්ථා ප‍්‍රයෝජනයට ගෙන තම රටවල ආර්ථික ප‍්‍රගමනයන්ට දායකත්වය ලබා ගන්නා ලෙස මුදල් ඇමැති රවී කරුණානායක මහතා සාක් රටවල මුදල් අමාත්‍යවරුන්ගෙන් ඉල්ලා සිටියේය. මුදල් අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළේ පසුගියදා පකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර පැවැත් වුණ දකුණු ආසියානු කලාපීය සහයෝගීතා සංවිධානයේ රටවල මුදල් අමාත්‍යවරුන්ගේ 8…

(0)Comments | August 30, 2016 4:16 am

බිලියන 6 ක තේ අරමුදලට අත තියනවාට තේ සංගම්වල විරෝධය

තේ කර්මාන්තයේ යෙදෙන සියලු පාර්ශවකරුවන් තේ මණ්ඩලය සතු අරමුදලක් රජය විසින් පවරා ගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කර තිබේ. කොළඹ තේ වෙළෙඳුන්ගේ සංගමය, තේ අපනයනකරුවන්ගේ සංගමය, ශ්‍රී ලංකා තේ කර්මාන්තශාලා හිමියන්ගේ සංගමය, ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමය, ශ්‍රී ලංකා කුඩා තේ වතු සංවර්ධන සංගමය හා කොළඹ තේ තැරැව්කරුවන්ගේ සංගමය එක්ව නිකුත් කරන ලද නිවේදනයක මේ…

(0)Comments | August 29, 2016 10:24 am

ලංකාවේ ආයෝජනය නොකරන්න වොක්ස්වැගන් තීරණය කරලා – නි. ඇමති එරාන් කියයි

වොක්ස්වැගන් සමාගම හට ජාත්‍යන්තරව මුහුණ දීමට සිදු වූ ප්‍රශ්න හේතුවෙන් ශ්‍රී ලංකාවේ සිදුකිරීමට සැලසුම් කර තිබූ ආයෝජනය දැනට නොකිරීමට තීරණය කර ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා පැවසීය. අද දෙරණ ‘මොකද වුණේ‘ ප්‍රවෘත්ති විශේෂාංගය සමඟ එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

(0)Comments | August 29, 2016 7:58 am

VISA කොළඹ කාර්යාලය විවෘත කෙරේ

ගෙවීම් තාක්ෂණයේ පුරෝගාමියෙකු වන VISA සිය කොළඹ කාර්යාලය පසුගිය දා විවෘත කළ අතර එහිදී ශ්‍රී ලංකා කළමනාකරු ලෙසින් Anthony Watson පත්කරනු ලැබීය. ශ්‍රී ලංකාව තුළ VISA සිය ව්‍යාපාර කටයුතු සිදුකරනුයේ 1989 වසරේ සිටය. මෙම අවස්ථාවට එක්වෙමින් VISA ආසියා ශාන්තිකර කලාපීය සමූහ විධායක Chris Clark කියා සිටියේ මූල්‍ය සමාගම්, වෙළෙඳ ආයතන, රජයයන්, මූලාරම්භයන හා එක්ව ගෙවීම්…

(0)Comments | August 29, 2016 6:26 am

මිනිත්තු 15 න් සැතපුම් 300 ක් – වොක්ස්වැගන් ගොල්ෆ් ඉලෙක්ට්‍රික් කාරය එළි දකී

මෙම වසරේ දී පැවැත්වීමට නියමිත පැරිස් මෝටර් ෂෝ හිදී වොක්ස්වැගන් හි 2019 නවතම ඉලෙක්ට්‍රික් මෝටර් රථය එළිදක්වන බව, වොක්ස්වැගන් සභාපති Herbert Diess පවසයි. ඔහු මේ බව අනාවරණය කළේ ජර්මානු සඟරාවක් වන WirstschaftWoche සමඟ සාකච්ඡාවකට එක්වෙමිනි. වාර්තා වන අන්දමට මිනිත්තු 15 ක ආරෝපණයකින් සැතපුම් 300 ක ධාවනයක් ලබා දීමට මෙම නවතම වොක්ස්වැගන් ඉලෙක්ට්‍රික් කාරය සමත්වේ. වොක්ස්වැගන්…

(0)Comments | August 29, 2016 12:01 am

ඇෆ්ගනිස්තානය හා ශ‍්‍රී ලංකාව අතර සම්බන්ධතා ශක්තිමත් කිරීමට සූදානම්

ඇෆ්ගනිස්ථාන කම්කරු සමාජ සබන්ධතා අමාත්‍ය නස්රින් මර්යාක්හිල් මහත්මිය හා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය සමඟ පසුගියදා කොළඹ ගාලු මුවදොර හෝටලයේ පැවති සාකච්ඡාවේදී දෙරට අතර සම්බන්ධතා වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් මෙහිදී කරුණු සාකච්ජාවට ලක් විය. දෙරටේ විගමණික ශ‍්‍රමිකයින්ට පැන නගින ගැටලු සම්බන්ධයෙන් කොළඹ කි‍්‍රයාදාමය තුළින් හොඳ විසඳුම් ලබා ගැනීමට බලාපොරොත්තු වන බව විදේශ රැකියා අමාත්‍ය…

(0)Comments | August 28, 2016 6:48 am

ගෑස් ඔයිල් – ඩීසල් සඳහා රු. 13 ක නිෂ්පාදන බද්දක්

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ගේ අත්සනින් යුතුව නිකුත් කරන ලද නවතම නිවේදනයකට අනුව ගෑස් ඔයිල්/ ඩීසල් සඳහා ලීටරයකට රු. 13.00 ක නිෂ්පාදන බද්දක් පනවා ඇති බව සඳහන් වේ. මීට පෙර මෙලෙස අය කර තිබෙන බද්ද ලීටරයකට රු. 3.00 කි. 2016 අගෝස්තු 19 වැනි දින නිකුත් කර ඇති මෙම නිවේදනයට අනුව මෙම නිෂ්පාදන බදු අනුප්‍රමාණයන්…

(0)Comments | August 26, 2016 10:15 am