ශ්‍රී ලංකාවේ ඉදිරි දැක්ම “සෘණාත්මක” ලෙස සංශෝධනය කිරීම සඳහා Fitch Ratings ආයතනය විසින් මෑතක දී කරන ලද ශ්‍රේණිගත කිරීමේ ක්‍රියා මාර්ග ශ්‍රී ලංකාවේ නව රජය පිහිටුවීමෙන් පසුව ආර්ථික කටයුතුවල සිදු කරන ලද ප්‍රතිසංස්කරණ පිළිබඳ යථාර්ථය වටහා නොගෙන කඩිමුඩියේ ගෙන ඇති තීරණයක් බව ශ්‍රී ලංකා රජය අවධාරණය කරයි. මෙය කාලෝචිත නොවන ක්‍රියාවක් වන අතර ඉක්මන් විනිශ්චයක්…
ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ නව සභාපතිවරයා වශයෙන් ජයම්පත් මොල්ලිගොඩ මහතා පත් කර තිබේ. බොගවන්තලාව තේ වතු සමාගමේ (Bogawantalawa Tea Estates PLC) හිටපු නියෝජ්‍ය සභාපතිවරයා වන ඔහු මෙට්‍රොපොලිටන් රිසෝසර්ස් හෝල්ඩිංග්ස් ලිමිටඩ් හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකි. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ සාමාජිකයෙකු වන ඒ මහතා කළමනාකරණ පශ්චාත් උපාධි (Postgraduate Institute of Management) ආයතනයේ MBA උපාධිධරයෙකි. තවද ඒ…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ තාක්‍ෂණය මත පදනම් වූ ශ්‍රී ලංකාවක් සඳහා වූ දැක්මට අනුකූලව, ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ (ICTA)අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා තොරතුරු තාක්‍ෂණික විශේෂඥයින්රැසක් පත් කර ඇත. තොරතුරු තාක්ෂණ කර්මාන්තයේ නායකයින්, තාක්‍ෂණ ව්‍යවසායකයින්, විද්වතුන් සහ රාජ්‍ය අංශ සාමාජිකයින්ගෙන් මෙම මණ්ඩලය සමන්විත වේ. ඒ අනුව තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ නව සභාපතිවරයා ලෙසින්…
ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ කොළඹ දිස්ත්‍රික් කාර්යාලය මඟින් සංවිධානය කරනු ලබන “කොළොම්තොට ව්‍යවසාය 2019“ අලෙවි ප්‍රදර්ශනය, 2019 දෙසැම්බර් 21 සහ 22 දිනයන් හිදී කොළඹ 07 ග්‍රීන්පාත් පරිශ්‍රයේදී අතිඋත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට කටයුතු යොදා ඇත. නත්තල් උත්සව සමය ඉලක්ක කර ගනිමින්, කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයට අනුබද්ධිතව ක්‍රියාත්මක වන…
සොෆ්ට්ලොජික් ෆයිනෑන්ස් සමාගම විසින් මෑතකදී නිකුත් කළ හිමිකම් නිකුතුව සාර්ථකව අවසන් වූ බව එම සමාගම නිවේදනය කරයි.සෑම කොටස් 23 කටම නව කොටස් 12 බැගින් වූ අනුපාතයට නිකුත් කළ මෙම හිමිකම් නිකුතුවේදී එක කොටසක් රුපියල් 17 බැගින් නිකුත් කල අතර එයින් ආයතනය රුපියල් මිලියන 602ක් රැස්කරගනීමට සමත් වී ඇත. නව හිමිකම් නිකුතුව සමග ආයතනයට නව කොටස්…
මෙරට කාන්තා ප්‍රජාව ඩිජිටල් තාක්ෂණයෙන් සවිබල ගන්වා ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම අරමුණු කරගනිමින් ඒ සදහා වන මුලික ප්‍රතිපත්ති සහ සැළසුම් සකස් කිරීමේ ජාතික වැඩමුළුවක් මෙම මස 21සහ 22 යන දිනයන්හි කොළඹ ට්‍රේස් සිටිහිදී (Trace City) පැවැත්වේ. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) විසින් මෙම වැඩසටහන සංවිධානය කරණු ලබන අතර විශේෂයෙන්ම 2025 වසර …
ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය (ICTA) විසින් සංවිධානය කරන ලද දිවයිනෙහි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන් (SME) ඩිජිටල්කරණය කිරීම සහ එහි වැදගත්කම පිළිබඳ අවධාරණය කිරීමේ සුවිශේෂී වැඩමුළුවක් “Sri Lanka Go Digital” මැයෙන් පසුගියදා නිමාවට පත් විය. දිවයිනේ මධ්‍යම හා බස්නාහිර පළාත් ආවරණය කරමින් 2019 වර්ෂයේදී අඛණ්ඩව දෙවන වතාවටත් මෙම වැඩසටහන් මාලාව පැවැත්වුණු…
ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා හෙට (20) දිනයේ දී සිය ධූරයෙන් සමුගැනීමට නියමිතය. අද (19) දිනයේ දී ඔහු මහ බැංකුවේ සියලූම කාර්ය මණ්ඩල සාමාජිකයින් වෙත ආමන්ත්‍රණය කර තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිවරයෙකු වන අශෝක හඳගම මහතා සිය ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබමින් පවසන්නේ වසර 30 ක සිය වෘත්තීය ජීවිතය තුළ,…
2019 දෙසැම්බර් 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වී ඇති හෝටල්, ආගන්තුක නිවාස, ආපනශාලා හෝ සමාන සේවා සපයන අනෙක්තු ඒ හා සමාන ව්‍යාපාරවලට අදාළ මුළු යෙදවුම් වටිනාකමින් 60%කට නොඅඩු ප්‍රමාණයක් දේශීය සැපයුම්/ මූලාශ්‍රවලින් ප්‍රභවය වන්නේ නම්, එවැනි ආයතන විසින් සපයන සේවා මත එකතු කළ අගය මත බදු අනුප්‍රමාණය, ශූන්‍ය…
හඳුනාගත් ක්ෂේත්‍ර කිහිපයක වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා සහශ්‍ර අභියෝගතා සංස්ථා ව්‍යාපෘති කාර්යාලය විසින් සපයනු ලබන ප්‍රධාන අරමුදල් ලබාගැනීම පිණිස ඇමෙරිකා එක්සත් ජනපදයේ සහශ්‍ර අභියෝගතා සංස්ථාව (MCC) සහ ශ්‍රී ලංකා රජය අතර සංයුක්ත ගිවිසුමකට සහ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ ගිවිසුමකට අත්සන් තැබීම සඳහා 2019-10-29 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. එහෙත් එම ව්‍යාපෘතිය සම්බන්ධයෙන්…
Video Story