Top News

ජනතා අපේක්ෂා මල්ඵල ගැන්වීමට රාජ්‍ය සේවකයන් සම්ප්‍රදායෙන් බැහැරව ගොස් රාජකාරී කටයුතු කළ යුතුයි – භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල

රටේ සියලු ම ජනතාව තුළ නැවුම් අපේක්ෂාවන් දැල් වී ඇති මේ මොහොතේ එම අපේක්ෂාවන් ඉටු කිරීම සඳහා ජනතා බදු මුදලින් වැටුප් ලබන රාජ්‍ය සේවකයන් ලෙස සියලු දෙනා සාම්ප්‍රදායකත්වයෙන් ඔබ්බට ගොස් ජනතාවට සේවය කළ යුතුව ඇතැයි මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා ප්‍රකාශ කරයි. සාම්ප්‍රදායික භාණ්ඩාගාරය වෙනුවට තරුණ නායකත්වයට අවස්ථාව ලැබෙන අනාගයක්…

(0)Comments | January 1, 2020 12:00 pm

ජයග්‍රාහී වසරකට කොළ එළි දල්වමින් කොළඹ කොටස් වෙළෙඳපොළ 2019 සාර්ථකව නිමා කරයි

ඊයේ (31) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 26.79 ක පහළ යාමක් වාර්තා කළ ද සමස්තයක් වශයෙන් ගත් කල 2019 වසරේ දී 1.27% ක වර්ධනයක් සනිටුහන් කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු 2019 වසර සඳහා සාර්ථක නිමාවක් සටහන් කරන ලදී. කෙසේ වෙතත් S&P SL20 දර්ශකය 2019 වසර් තුළ දී 6.32%ක පහළ යාමක්…

(0)Comments | January 1, 2020 10:43 am

ඉන්දීය බැංකු දෙකක් ශ්‍රී ලංකාවෙන් යන්න ඉල්ලයි

ඇක්සිස් බෑන්ක් ලිමිටඩ් සහ ICICI බෑන්ක් ලිමිටඩ් හට ශ්‍රී ලංකාවේ සිදු කරන ව්‍යාපාර කටයුතු වසා දැමීමට, අදාළ බැංකුවල මව් සමාගම් විසින් සිදු කළ ඉල්ලීම් මුල් කරගෙන, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කොන්දේසිවලට යටත්ව අවසර ලබා දී ඇත. ඒ අනුව මේ වන විට, මෙම බැංකුවලට මහජනතාවගෙන් තැන්පතු භාර ගැනීමද ඇතුලත්ව, බැංකු ව්‍යාපාරයේ නිරත වීම සඳහා අවසර…

(0)Comments | January 1, 2020 5:56 am

ණය පොලී අඩු නොකළ බැංකු 8කට මහ බැංකුවෙන් ක්‍රියාමාර්ග

“මෑතකාලීන ප්‍රතිපත්ති තීරණ, රුපියල් ණය සඳහා අදාළ වෙළඳපොළ ණය පොලී අනුපාතික වෙත කාර්යක්ෂමව සම්ප්‍රේෂණය වීම ඉහළ නැංවීම” යන 2019 අංක 02 දරන මුදල් නීති පනතේ නියෝගය අනුව සතිපතා ආර්ථික දර්ශක (Weekly Economic Indicators) ප්‍රකාශනයෙහි 2019 අප්‍රේල් මස 26 වෙනි දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද බලපත්‍රලාභී වාණිජ බැංකුවල සතිපතා බරිත සාමාන්‍ය…

(0)Comments | January 1, 2020 5:53 am

ලංකාවේ ලොකුම සමාගම මෙන්න. දුම්කොළ සමාගම අභිබවමින් ජෝන් කීල්ස් යළිත් පෙරමුණට

ශ්‍රී ලංකාවේ ලැයිස්තුගත සමාගම් අතුරින් වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය අනුව විශාලතම සමාගම බවට ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී යළිත් වරක් පෙරමුණ ගෙන තිබේ. ඒ මෙම ලැයිස්තුවේ පළමු ස්ථානයේ සිටි ලංකා දුම්කොළ සමාගම (CEYLON TOBACCO COMPANY PLC) අභිබවමිනි. පසුගිය වකවානුවේ දී ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි කොටස් මිල ගණන් පහළ වැටීම හමුවේ එතෙක් මෙම ලැයිස්තුවේ පළමු ස්ථානයේ සිටි එම…

(0)Comments | December 31, 2019 12:14 pm

LOLC කොටස් මිලෙ හි දැවැන්ත වර්ධනයක්. සති දෙකකදී 60%කින් ඉහළට. කාම්බෝජයේ මූල්‍ය සමාගම විකිණීම තීන්දුයි

කොළඹ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත සමූහ සමාගමක් වන LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී හි කොටස් මිල අද (30) දිනයේ දී පෙර දිනයට සාපේක්ෂව 24% කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගියේය. ශ්‍රී ලංකාවේ ලැයිස්තුගත සමාගම් අතුරින් ආදායම අනුව දෙවැනියට විශාලතම සමාගම වන LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී, සිය විශාලතම විදෙස් ව්‍යාපාර ඒකකය වන කාම්බෝජයේ ක්‍රියාත්මක Prasac Microfinance සමාගම විකුණා දැමීමට සැලසුම් කර…

(0)Comments | December 30, 2019 2:50 pm

2020න් පසු 6.5%ක් ඉක්මවූ ආර්ථික වර්ධනයක්

ආර්ථික ක්‍රියාකාරකම්වල පුනර්ජීවනයත් සමඟ 2020 වසරේ දී 4%-4.5% ත් අතර දක්වා අගයකින් ආර්ථිකය වර්ධනය වනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා පවසයි. පසුගිය දා පැවති මාධ්‍ය හමුවක දී අධිපතිවරයා මේ බව කියා සිටි අතර එහිදී වැඩිදුරටත් ඔහු පැවසුවේ 2020න් ඔබ්බට 6.5%ක් ඉක්ම වූ ආර්ථික වර්ධන වේගයක් අපේක්ෂා කරනු ලබන බවයි….

(0)Comments | December 30, 2019 12:54 pm

සිමෙන්ති උපරිම මිල ගැසට් කෙරේ

මෙරට අලෙවි කෙරෙන සිමෙන්ති සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති මේජර් ජනරාල් ශාන්ත දිසානායක (විශ්‍රාමික) ගේ අත්සනින් යුතුව අංක 2155/34 දරන අති විශේෂ ගැසට් පත්‍රය පසුගිය සිකුරාදා (27) දින ප්‍රකාශයට පත් කර තිබේ. මෙම ගැසට් පත්‍රයට අනුව ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත සිමෙන්ති කිලෝ ග්‍රෑම් 50 ක ඇසුරුමක් සඳහා උපරිම සිල්ලර මිල…

(0)Comments | December 30, 2019 11:36 am

ලොකු බැංකු 3කට මහ බැංකුවෙන් දඬුවම්

මෙරට බැංකු අංශයේ නියාමකයා වන ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පනවා ඇති ණය අනුපාතික නියාමනයන්ට අනුකූල නොවීම හේතුවෙන්, මෙරට ප්‍රධාන පෙළේ වාණිජ බැංකු 3ක් වෙත දඩ නියම කිරීම හෝ සම්බාධක පැනවීම සිදුකරනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මෙලෙස මහ බැංකුවේ දඬුවම් ක්‍රියාමාර්ග ගැනීමට ලක් වී ඇත්තේ රාජ්‍ය බැංකුවක් සහ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත වාණිජ…

(0)Comments | December 30, 2019 6:05 am

Perennial Real Estate Holdings වෙතින් ඩොලර් මිලියන 250ක මිශ්‍ර ව්‍යාපෘතියක් කොළඹට

නව රජය බලයට පත්වීමෙන් පසු ක්‍රියාත්මක කෙරෙන පළමු විදේශ ආයෝජන ව්‍යාපෘතිය සඳහා Perennial Real Estate Holdings සමාගම සූදානම් වෙයි. කොළඹ බාලදක්ෂ මාවතේ බේරේ වැව සහ ෂැංග්‍රිලා හෝටලය අතර පිහිටි අක්කර තුනක භූමි භාගය තුළ මෙම ආයෝජනය සිදු කෙරේ. ඇ.ඩො. මිලියන 250 ක විදේශ ආයෝජන ව්‍යාපෘතියක් වන මෙමගින් මහල් 30 ක වාණිජ කුලුනක් ඉදිකිරීමට යෝජිත අතර…

(0)Comments | December 30, 2019 6:01 am