ශ්‍රීලංකන් ගුවන් සේවය පර්සියානු ගල්ෆ් කලාපයේ පවත්නා නොවිසිඳුණු ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන්, ආරක්ෂක පියවරක් ලෙස ඉරානයේ සහ ඉරාකයේ ගුවන් කලාපය ආසන්නයෙන් ගමන් කිරීම වළක්වා ගැනීම සඳහා සිය කොළඹ-ලන්ඩන්-කොළඹ ගුවන් ගමන් මාර්ගය වහාම ක්‍රියාත්මක වන පරිදි වෙනස් කිරීමට කටයුතු යොදා තිබේ. ශ්‍රීලංකන් ගුවන් සේවය මෙම තත්ත්වය සමීපව අධීක්‍ෂණය කරමින් සිටින අතර අදාළ ජාතික හා ජාත්‍යන්තර බලධාරීන් සමඟ…
නිවසක් හෝ සුළු ව්‍යාපාරයක් හෝ ඉදිකිරීමේ සැලසුම් නිසි පරිදි සකසා ඇත්නම් ඊට අනුමැතිය එක් දිනකදී ලබාදීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා නිලධාරින්ට උපදෙස් දෙයි. ඉදිකිරීම් සඳහා වූ සැලසුම් අනුමත කිරීමේ දී පවතින දැඩි නීති රිති සහ දීර්ඝකාලයක් ගත කිරීම හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවට පත් වෙති. එහෙයින් පවතින නීති රීති සරල කර ජනතාව මුහුණ දෙන ගැටලු හැකි…
නැගී ඒන ව්‍යවසායකයින්ට හා නව ව්‍යාපාරවලට අවශ්‍ය ආරම්භක ප්‍රාග්ධනය සැපයීමට බාධා වන සාම්ප්‍රදායික “අවදානම් දැරීමට අකමැති“ මානසිකත්වයෙන් මිදී, බැංකු අංශය තම ණය ලබාදීමේ ප්‍රතිපත්ති පිළිබඳව නැවත සිතා බලන ලෙසට තමන් යෝජනා කරන බවට ශ්‍රී ලංකා මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා කියා සිටියේය. ඊයේ (06) දින ශ්‍රී ලංකා මහ බැංකුවේ ‘පෙර දැක්ම 2020‘, 2020…
පසුගිය 2019 වසර තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති මුළු විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 1,913,702 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛන පෙන්වා දේ. මේ අතර පාස්කු ප්‍රහාරයෙන් පසු අඩපණ වූ මෙරට සංචාරක කර්මාන්තය යළිත් වරක් සුපුරුදු තත්ත්වයට පැමිණීම පෙන්නුම් කරමින් 2019 දෙසැම්බර් මාසයේ දී 241,663 ක සංචාරකයින් ප්‍රමාණයක් මෙරටට පැමිණ තිබේ. සමස්තයක් වශයෙන් ගත්…
සිය කාම්බෝජ මූල්‍ය හස්තය වන Prasac Microfinance අයිතිය විකුණා දැමීමේ ප්‍රවෘත්තිය තහවුරු කරමින් LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී ඊයේ (06) දින නිවේදනයක් නිකුත් කරන ලදී. එම නිවේදනයට අනුව Prasac Microfinance හි 70% ක කොටස් හිමිකාරීත්වය දරන LOLC හෝල්ඩිංග්ස් හි අනුබද්ධ සමාගමක් වන සිංගප්පූරුවේ LOLC ඉන්ටර්නැෂනල් (පුද්) සමාගම, එහි සෙසු කොටස්කරුවන් සමඟ ද සාකච්ඡා කිරීමෙන් අනතුරුව දකුණු කොරියාවේ…
ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී හි සභාපති/ විධායක නොවන අධ්‍යක්ෂ පී.ජී. කුමාරසිංහ සිරිසේන මහතා, තමන් විසින් දරන ලද සභාපති/ අධ්‍යක්ෂධූරයෙන් ඉල්ලා අස්වෙන බව දැනුම් දී තිබේ. මෙම ඉල්ලා අස්වීම ඊයේ (06) දින සිට බලපැවැත්වෙන බව ටෙලිකොම් සමාගමේ, සමාගම් ලේකම් මහේෂ් අතුකෝරල විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත අද (07) දින දැනුම් දී ඇත.
මහා භාණ්ඩාගාරයේ ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස අමාත්‍ය මණ්ඩලය විසින් පත් කර ඇති ජූඩ් නිලුක්ෂාන් මහතා අද (07) දින සිය ධුරයේ රාජකාරි කටයුතු ආරම්භ කළේ ය. අමාත්‍ය මණ්ඩල කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයකු ලෙස කටයුතු කරමින් සිටි ඒ මහතා මීට පෙර ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ ම සහකාර අධ්‍යක්ෂ ධුරයේ සහ අධ්‍යක්ෂ ධුරයේ කටයුතු කර තිබේ. ශ්‍රී ලංකා…
2020 වසරේ යෙදී ඇති ශ්‍රී ලංකා මහ බැංකුවේ 70 වන සංවත්සරය සැමරීම සඳහා රුපියල් 20ක වටිනාකමින් යුත් සමරු කාසියක් සහ දැනට පවතින 11 වන මුදල් නෝට්ටු මාලාව යටතේ රුපියල් 2,000 ක නව මුදල් නෝට්ටුවක් නිකුත් කිරීමට සැලසුම් කර ඇත. ඒ සමඟම, පවතින 11වන මුදල් නෝට්ටු මාලාවේ ආරක්ෂණ සළකුණු ද වැඩිදියුණු කෙරෙනු ඇත. විශේෂයෙන් දුරස්ථ ප්‍රදේශ…
තේ වගාව ප්‍රමුඛ අපනයන කර්මාන්තයක් බවට පත් කිරීමේ අරමුණින් වසර 2020 සිට එක් වසරකට අවම වශයෙන් 10%කින් සිය ආනයනයන් වැඩි කරලීමට ‘සිලෝන් තේ‘ ආනයනය කරන රටවල් දිරිගැන්වීමට හැකිවනු පිණිස ශ්‍රී ලංකා තේ මණ්ඩලය, වාණිජ දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා විදේශ දූත මණ්ඩලයන් හි අදාළ බලධාරීන් හා එක්ව වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. එහෙත් තේ…
මහ බැංකුව නව බැංකු පනතක් කෙටුම්පත් කිරීම ආරම්භ කළ අතර, 2021 වසරේ දී නව පනත බලාත්මක කිරීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා පවසයි. අද (06) දින ශ්‍රී ලංකා මහ බැංකුවේ ‘පෙර දැක්ම 2020‘, 2020 සහ ඉදිරිය සඳහා මුදල් සහ මූල්‍ය අංශ ප්‍රතිපත්ති එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් අධිපතිවරයා මේ බව…
Video Story