සැලසුම් කරන ලද විදුලි බලාගාර ව්‍යාපෘති ප්‍රමාද වීම හේතුවෙන් රටෙහි විදුලිබල ඉල්ලුම සපුරා ගැනීම සඳහා වර්තමානයේ ලංකා විදුලිබල මණ්ඩලයට විශාල අභියෝගයකට මුහුණ දීමට සිදුව ඇත. එබැවින්, ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්ෂිතභාවය හා ස්වයංපෝෂිතභාවය තහවුරු කිරීමේ අරමුණින් විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනා සැලකිල්ලට ගනිමින් නොපමාව පහත සඳහන් පියවරයන් ක්‍රියාත්මක කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය…
CodeGen International (පුද්) සමාගමේ අනුබද්ධිත සමාගමක් වන Vega Innovations විසින් මෙරට ඉතිහාසයට නව පරිච්ඡේදයක් එක් කරමින් නිෂ්පාදනය කරන ලද Vega EVX සුපිරි මෝටර් රථය එළඹෙන මාර්තු 05 – 15 දක්වා ස්විස්ටර්ලන්තයේ දී පැවැත්වෙන 90 වැනි ජිනීවා මෝටර් රථ උළෙලේ දී මුල් වරට ප්‍රදර්ශනය සඳහා මේ වන විට කටයුතු සම්පාදනය කර ඇත. ඒ අනුව පසුගිය ජනවාරි…
මෙරට බහුතර රාජ්‍ය හිමිකාරීත්වය සහිත ලැයිස්තුගත සන්නිවේදන සේවා සැපයුම් සමාගමක් වන ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී හි නව අධ්‍යක්ෂ මණ්ඩලය මේ වන විට පත් කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා ටෙලිකොම් හි නව සභාපතිවරයා වශයෙන් මෙරට තේ අපනය කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන රොහාන් ප්‍රනාන්දු මහතා පත් කර ඇත. සෙසු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් වශයෙන් ලලිත් සෙනෙවිරත්න, ජනාධිපති…
රාජ්‍ය අංශයේ සියළුම අමාත්‍යංශ හා ආයතන යටතේ ක්‍රියාත්මක වන පොදු ජනතාවට බලපාන සියළු ඩිජිටල් තාක්ෂණික සේවා හා තාක්ෂණ ව්‍යාපෘති තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ කළමනාකාරිත්වය හා අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇතැයි ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පැවසීය. ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා මේ බව සදහන් කළේ අද…
ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ වාර්තාව මත පමණක් පදනම්ව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ණය ලබා දීම ප්‍රතික්ෂේප නොකරන ලෙස සංවර්ධන බැංකු සහ ණය යෝජනා ක්‍රම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා රාජ්‍ය සහ පෞද්ගලික බැංකුවලින් ඉල්ලීමක් කරයි. ණය තොරතුරු කාර්යාංශය යනු පුද්ගලයකුට ණය ලබා දීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට යෝජනා කරන ආයතනයක් නොවන බවත් එම…
රාජ්‍ය විශ්වවිද්‍යාලයන් හි මූලික උපාධි පාඨමාලා හැදෑරීම සඳහා වාර්ෂිකව බඳවා ගැනීමට අපේක්ෂිත මුළු ශිෂ්‍ය සංඛ්‍යාවෙන් 4.5%ක ප්‍රතිශතයක් විදේශ සිසුන් බඳවා ගැනීමට නීතිමය ප්‍රතිපාදන පවතින නමුත් විදේශීය සිසුන් සුළු සංඛ්‍යාවක් පමණක් වාර්ෂිකව මෙරට විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය සඳහා ලියාපදිංචි වන බව පෙනී ගොස් ඇත. එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර දැනුම් කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේ අරමුණින් විදේශීය…
විදෙස් සංචාරකයන්ට ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා පූර්ව පරීක්ෂා කිරීම සමහ අනුමැතියලබා දීම පිණිස විද්‍යුත් ගමන් අවසර (Electronic Travel Authorization – ETA) ලබා දීමේ ක්‍රමවේදය ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් 2012 වර්ෂයේ සිට අනුගමනය කරනු ලබයි. ශ්‍රී ලංකාව චීන සංචාරකයන්ගේ වැඩි ආකර්ශනයක් සහිත රටක් වුවද, ශ්‍රී ලංකාව විසින් අනුගමනය කරනු ලබන විද්‍යුත් ගමන් අවසර ලබා දීමේ…
ජනාධිපති නීතිඥ විරාජ් දයාරත්න මහතා ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ නව සභාපති ලෙස ඊයේ (2020 ජනවාරි 22) දින වැඩ භාර ගන්නා ලදී. ජනාධිපති නීතීඥ දයාරත්න මහතා අධ්‍යාපනය ලබා ඇත්තේ කොල්ලුපිටිය ශාන්ත තෝමස් මුලික පාසලෙන් සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙනි. 1989 දී ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුළත් වූ ඔහු 1992 නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකා…
• ආනයනය කරනු ලබන කිරිපිටි සම්බන්ධයෙන් මෑතක සිට නැගෙන චෝදනා පදනම් විරහිත වන අතර ඒවා පෝෂ්‍යදායී නිෂ්පාදනයක් සම්බන්ධයෙන් ජනතාව අතර අනවශ්‍ය බියක් ඇතිකරවනසුලූ ය. • කිරිපිටි පරිභෝජනයෙන් පිළිකා හෝ වෙනත් රෝග ඇති නොවේ. ලොව කිසිදු සෞඛ්‍ය ආයතනයක් කිරිපිටි සහ පිළිකා අතර සම්බන්ධයන් ඇති බවට විද්‍යාත්මක සාක්ෂි ඉදිරිපත් කර නැත. • පාරිභෝගික සේවා අධිකාරිය මගින් 2019…
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ආරම්භ කිරීමට පියවර ගන්නා ලද වෝහාරික විගණන හයෙන් වෝහාරික විගණන පහක් දැනට අවසන් කර ඇති බවත් එසේ සම්පූර්ණ කරන ලද වෝහාරික විගණන 5 සඳහා වැය කළ පිරිවැය රුපියල් මිලියන 275 ක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුව කියා සිටී. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් මෙසේ පවසයි….
Video Story