December, 13, 2022
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL ලබාදෙන mGuide සේවාව ලබාගැනීමේ අවස්ථාව දැන් Hutch පාරිභෝගිකයන්ටද හිමි වී තිබේ. මේ සඳහා වන ගිවිසුමට SLT-MOBITEL සහ Hutch විසින් පසුගියදා අත්සන් තබන ලදි.
mGuide යනු ශ්රී ලංකාවේ පුරාවිද්යාත්මක සහ ඓතිහාසික ස්ථාන පිළිබඳව ජනතාව දැනුවත් කිරීම ඉලක්ක කරගත් සුවිශේෂී, නිර්මාණශීලී සේවාවකි. හඬ සේවාවක් ලෙස ක්රියාත්මක වන මෙය, ශ්රී ලංකාවේ සංස්කෘතික උරුමය සහ එම උරුමය හා බැඳුණු වැදගත් ස්ථාන පිළිබඳව වටිනා තොරතුරු ජනතාව වෙත පිරිනමයි. එමෙන්ම මේ ඔස්සේ පුරාවිද්යාවට අදාළ පුවත් සහ උත්සව ආදිය පිළිබඳ තොරතුරුද ලබාගත හැකි වේ.
මෙම වටිනා සේවාව වැඩි පිරිසක් වෙත සමීප කරවීමේ අරමුණින් SLT-MOBITEL මේ ආකාරයට Hutch සමග අවබෝධතා ගිවිසුමකට එළඹීමට කටයුතු කළේ ය. මෙය ශිෂ්යයන් හා සංචාරකයන් ඇතුළුව, පොදුවේ ශ්රී ලංකාවේ ඓතිහාසික උරුමය පිළිබඳව උනන්දු වන කාටත් අතිශයින් වැදගත් වනු ඇත. 888 කෙටි අංකය ඇමතීම මගින් HUTCH පාරිභෝගිකයන්ට දැන් SLT-MOBITEL mGuide සේවාව ලබාගත හැකි වේ.
පසුගිය කාලය තුළ mGuide සේවාව තවදුරටත් වැඩිදියුණු කිරීමට SLT-MOBITEL පියවර ගත් අතර, ඒ අනුව දැන් භාෂා 10 කට අධික සංඛ්යාවකින්, ඓතිහාසික වශයෙන් වැදගත් ස්ථාන 300 කට අධික සංඛ්යාවක් පිළිබඳ තොරතුරු SLT-MOBITEL mGuide සේවාව ඔස්සේ ලබාගත හැකි වේ.
ඡායාරූපය: Hutch (පුද්.) සමාගමේ ප්රධාන විධායක නිලධාරී තිරුකුමාර් නඩරාසා මහතා (වමේ) සහ Mobitel (පුද්.) සමාගමේ ප්රධාන විධායක නිලධාරී චන්දික විතාරණ මහතා (දකුණේ) අවබෝධතා ගිවිසුම හුවමාරු කරගත් අවස්ථාව.
December, 13, 2022
ශ්රී ලංකාවේ ප්රමුඛතම පිරිමි ඇඟලූම් සන්නාමය වන හමීඩියා ආයතනය, ඉන්දිරා පිළිකා භාරය සමගින් පසුගිය වසර කිහිපය පුරාවට පවත්වාගෙන ගිය සහයෝගීතාවය තවදුරටත් අඛණ්ඩව පවත්වාගෙන යමින්, ඉන්දිරා පිළිකාභාර පදනම වෙත පසුගියදා සංවිධානය කරන ලද උත්සවයකදී රුපියල් මිලියනයක පරිත්යාගයක් සිදු කරන ලදී. මෙම පරිත්යාගය හමීඩියා හිි ‘Pink Collection’ ඇඟලූම් නිර්මාණ එකතුවේ නවතම විකුණුම් ආදායම වූ අතර ‘Pink Collection’ ඇඟලූම් නිර්මාණ එකතුව හමීඩියා ආයතනය විසින් ඉන්දිරා පිළිකාභාර පදනමේ ‘On Wednesdays we wear pink’ ව්යාපෘතියට සහාය දැක්වීම සඳහා විශේෂෙයන් නිර්මාණය කර අලෙවි කරන ලද කාන්තාවන් සහ පිරිමින් සඳහා වූ විශේෂ රෝස වර්ණයේ ඇඟලූම් නිර්මාණ එකතුවකි. මෙය හමීඩියා සමූහ ව්යාපාරයේ සමාජ සත්කාර ඒකකය වන My Friend පදනමේ සමාජ වගකීම් පොරොන්දුව යටතේ සිදුකරන ලද මුලපිරීමකි.
මෙම පරිත්යාග උත්සවයේ ප්රධාන ආරාධිත අමුත්තා ලෙස කීර්තිමත් ක්රිකට් ක්රීඩකයෙකු වූ රොෂාන් මහානාම සහභාගි වූ අතර, ඉන්දිරා පිළිකාභාර පදනමේ සභාපතිනිය/භාරකාර වෛද්ය ලංකා ජයසූරිය දිසානායක, හමීඩියා ආයතනයෙහි කළමණාකාර අධ්යක්ෂ ෆවුසුල් හමීඞ් යන මහත්ම මහත්මීන් ඇතුළුව ඉන්දිරා පිළිකා භාරයේ සහ හමීඩියා ආයතනයේ සාමාජිකයින් ද මෙම අවස්ථාවට සහභාගි වූහ.
පසුගිය වසරේ හමීඩියා ආයතනය විසින් ඉන්දිරා පිළිකා භාර පදනම සමඟ එක්ව ජාත්යන්තර කාන්තා දිනය වෙනුවෙන් සිය කාර්ය මණ්ඩල පියයුරු පිළිකා පිළිබඳව දැනුවත් කිරීම සඳහා අධ්යාපනික වැඩසටහනක් සංවිධානය කරන ලදී. එමෙන්ම ඉන්දිරා පිළිකාභාරය විසින් පියයුරු පිළිකා පිළිබඳව දැනුවත් කිරීම සඳහා දියත් කරන ලද ‘On Wednesdays we wear pink’ ප්රචාරණ ව්යාපෘතියට ද හමීඩියා ආයතනය සහභාගී විය. සෞඛ්ය අමාත්යාංශයේ ජාතික පිළිකා මර්දන වැඩසටහන සමඟ එක්ව දියත් කරන ලද මෙම දැනුවත් කිරීමේ ව්යාපෘතිය කාන්තාවන්ට තමන් විසින්ම අසාමාන්යතා හඳුනා ගැනීමට දැනුවත් කිරීම සඳහා දියත් කරන ලද TLC (Touch- Look- Check) ව්යාපෘතියේ තවත් එක් අංගයකි.
හමීඩියා ආයතනයෙහි කළමණාකාර අධ්යක්ෂ ෆවුසුල් හමීඞ් මෙසේ සිය අදහස් දැක්වීය, ”හමීඩියා හි අපි අපගේ කාන්තා ශ්රම බලකාය අගය කරන අතර ඔවුන්ගේ වෘත්තීය ප්රගතියට සහ ජීවිතය සාර්ථක කර ගැනීමට යහපත් සෞඛ්ය තත්ත්වයෙන් ඔවුන් සිටිය යුතු බව සෑම විටම අවධාරණය කරනවා. ප්රමුඛතම ඇඟලූම් සන්නාමයක් ලෙසින් මෙම ‘On Wednesdays we wear pink’ ව්යාපෘතියට සහයෝගය දැක්වීමට ඉදිරිපත් වූ ප්රථම ආයතනය හමීඩියා ආයතනයයි. ඉන්දිරා පිළිකා භාර පදනම සමඟ එක්ව පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ අධ්යාපනික වැඩසටහන් තුළින් ඒ පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමට සහ අර්ථවත් සංවාද ඇති කිරීමට හැකිවීම වීම ගැන අපි ආඩම්බර වන අතර ඉදිරියටත් ඉන්දිරා පිළිකා භාර පදනම සමඟ දිගටම කටයුතු කරන්නට බලාපොරොත්තු වනවා.”
1949 දී ආරම්භ කරන ලද හමීඩියා ආයතනය ශ්රී ලාංකේය පිරිමි ඇඟලූම් විලාසිතා ක්ෂේත්රය තුල ප්රවණතා සකස් කරන්නන් බවට පත් වී ඇති අතර සෑම විටම උසස් තත්ත්වයේ නිෂ්පාදන පාරිභෝගිකයින්ට ලබා දෙයි. හමීඩියා හි තත්වයෙන් උසස් පිරිමි ඇඟලූම් සන්නාම එකතුවට Envoy London, Le Bond, Signature, Van Heusen, Louis Philippe, Park Avenue සහ Adidas ඇතුළත් වේ.

December, 13, 2022
ශ්රී ලාංකීය සෞඛ්ය ක්ෂේත්රයේ දැරිය හැකි මිලකට මූලික ප්රතිකාර සැපයීමෙහිලා පුරෝගාමී සහ විශාලතම රෝහල් ජාලය වන MediHelp hospitals සමූහය සිය සේවාවන් දීපව්යාප්තව පුළුල් කරලීමේ පියවරක් ඉදිරියට තබමින් නවීන වෛද්ය ප්රතිකාරයන්ගෙන් සමන්විත සිය නවතම රෝහල් ශාඛාව බණ්ඩාරගම නගරයේදී පසුගියදා විවෘත කරන ලදි. අභිනව බණ්ඩාරගම රෝහලේ සමාරම්භක අවස්ථාවට MediHelp Hospitals සමූහයේ සභාපති ලෙස්ලි විජේසිරිවර්ධන, MediHelp රසායනාගාර සමූහයේ අධ්යක්ෂිකා සුනන්දා විජේසිරිවර්ධන, සෞඛ්ය අමාත්යංශයේ පුද්ගලික සුවසේවා සංවර්ධන අංශයේ අධ්යක්ෂ සහ පුද්ගලික රෝහල් සේවා නියාමන කොමිෂන් සභාවේ ලේකම් වෛද්ය ධම්මික අලහප්පෙරුම, කලුතර දිස්ත්රික්කයේ කලාපීය සෞඛ්ය සේවා අධ්යක්ෂ වෛද්ය යූ.අයි රත්නායක, MediHelp රෝහල් සමූහයේ වෛද්ය සේවා අධ්යක්ෂ වෛද්ය චරිත විජේසිරිවර්ධන, සමූහයේ විධායක අධ්යක්ෂ චන්දික විජේසිරිවර්ධන සහ සමූහයේ ප්රධාන මෙහෙයුම් නිලධාරී නිශාන්ත ජයමාන්න යන මහත්ම මහත්මීන් මෙම අවස්තාවට සහභාගී විය.
MediHelp Hospitals සමූහයේ නවතම ශාඛාව මූලික රෝහල් සේවා ලබා දීම සඳහා අවශ්ය අති නවීන වෛද්ය උපාංගයන්ගෙන් සමන්විත වන අතර බාහිර රෝගී අංශය, ඇඳන් 5කින් සමන්විත හදිසි ප්රතිකාර ඒකකය, රසායනාගරය, ෆාමසිය, එක්ස් කිරණ සේවා, අල්ට්රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණ, echocardiography, භෞතචිකිත්සක සේවා, අක්ෂි ප්රතිකාර, මෙන්ම විශේෂඥ වෛද්ය සේවා ලබා ගත හැකි වඩාත් ඉඩ පහසුකම් සහිත පරීශ්රයකින් සමන්විත වේ. MediHelp සමූහයේ වෛද්ය , හෙද සහ පරීපූරක වෛද්ය සේවා කණ්ඩායම් ද දැඩි කැපවීමකින් යුතුව ගුණාත්මක සේවාවක් ලබා දීම වෙනුවෙන් කැපවී සිටී.
මෙම අවස්ථාවට සහභාගි වෙමින් අදහස් දැක්වූ මෙඩිහෙල්ප් රෝහල් සමූහයේ සභාපති ලෙස්ලි විජේසිරිවර්ධන මහතා “ දශක කිහිපයකට පෙර මා සහ මගේ බිරිඳ විසින් ඉතාම සුළුවෙන් ආරම්භ කළ අප ව්යාපාරය මේ වන විට දැවැන්ත සෞඛ්යසේවා ජාලයක් බවට පත් වෙමින් තවත් වැඩෙමින් ලක්ෂ සංඛ්යාත ශ්රී ලාංකිකයින් විශාල පිරිසක් සුවපත් කිරීමටත් තවත් විශාල සංඛ්යාවක් වෙත රැකියා උත්පාදනය කිරීමටත් හැකි වීම පිලිබඳව මට විශාල සතුටක් දැනෙනවා. ආරම්භයේ සිටම අපගේ අරමුණ වූයේ වඩාත් උසස් තත්වයේ සෞඛ්ය සේවාවක් අපගේ පාරිභෝගිකයින්ට ලබා දීමටයි. ආරම්භයේ සිටම පාරිභෝගිකයා කේන්ද්ර කර ගනිමින් කටයුතු කරන රෝහල් සමූහයක් ලෙස ජනතාව විසින් අප වෙත තැබූ විශ්වාසය හේතුවෙන් අද වන විට ශ්රී ලාංකිකයින් අතදැරිය හැකි මිලකට ගුණාත්මක තත්වයෙන් යුතු විශ්වාසදායී සුවසේවා සපයන්නකු ලෙස Medihelp සන්නාමය පෙරට පැමිණ තිබෙනවා” යනුවෙන් පැවසීය.
මෙහිදී උත්සවය ඇමතූ රෝහල් සමූහයේ විදායක අධ්යක්ෂ චන්දික විජේසිරිවර්ධන මහතා පැවසුවේ “ උසස් තත්වයේ රොහල් සේවාවක අවශ්යතාව දැන් කාලයක් තිස්සේ බණ්ඩාරගම නගරයට අඩුවක් ව පැවතුනා. එබැවින් මෙබඳු සේවාවක අවශ්යතාව දැඩිව දැනුනු ස්ථානයක අතීනවීන වෛද්ය ප්රතිකර පහසුකම්වලින් සමන්විත මූලික ප්රතිකාර සපයන රෝහලක් ස්ථාපිත කිරීමට හැකි වීම පිලිබඳව සතුටට පත් වෙනවා. එමෙන්ම ශක්තිමත් උපායමාර්ගික වර්ධනයක් සහ සාර්ථක ව්යාපාර ගමනක යෙදෙමින් ශ්රී ලාංකීය සුවසේවා ක්ෂේත්රය වෙත අඛණ්ඩව දැයකත්වය දැක්වීමට හැකි වීම අප ලද මහත් භාග්යක් ලෙස හැඳින්වීමට පුළුවන්”යනුවෙනි.
අභිනව බණ්ඩාරගම රෝහල් සමාරම්භයට එක් වූ සමූහයේ ප්රධාන මෙහෙයුම් නිලධාරී නිශාන්ත ජයමාන්න මහතා “ බණ්ඩාරගම නගරයෙහි අභිනවයෙන් විවෘත වූ Medihelp රෝහල, ජනාකීර්ණ එහෙත් ගුණාත්මක රෝහල් සේවාවක් නොමැති නගරයන් වෙත වේගයෙන් ව්යාප්ත වෙමින් එම නගර ආශ්රිතව රෝහල්ශාඛාවන් ඇරඹීමේ උපායමාර්ගික ව්යාපාරික වැඩ සැලසුම හොඳින් පිළිබිඹු වන අවස්ථාවක් ලෙස හැඳින්විය හැකියි. සමාන්යයෙන් පුද්ගලික රෝහල් සේවා ක්ෂේත්රයෙහි ආයෝජනයන්ප රජයේ ප්රධාන පෙළේ රෝහල් ඇති නගරවල සිදු කරත් ඊට හාත්පසින්ම වෙනස් උපායමාර්ගයක් අප විසින් අනුගමනය කිරීම අපගේ ව්යාපාරික සැලැස්මේ සුවිශේෂීභාවයයි.. සියලු පහසුකම් එකම ස්ථානයකින් ලබා දෙමින් රෝගීන්ට ප්රමුඛත්වය ලබා දෙන අපගේ ව්යාපාරික සංකල්පය හේතුවෙන් මෙඩිහෙල්ප් රෝහල් සමූහයේ සෑම රෝහල් ශාඛාවක්ම වඩාත් සාර්ථකව තම ව්යාපාරික කටයුතු පවත්වාගෙන යෑමට සමත් වී සිටිනවා” යනුවෙන් පැවසීය.
Medihelp Hospitals ජාලය හරහා අන්තරාසර්ග රෝග සහ දියවැඩියාව, ප්රසව හා නාරිවේදයල පිළිකා සත්කාර, ENT උගුර කණ නාසය , හෘද රෝග, සාමාන්ය ශල්යකර්ම, ස්නායු විද්යාව වේදය, විකලාංග, ළමා රෝග, ආමාශ සහ ආන්ත්ර රෝග, මෞත්රලිංගික, චර්ම රෝග සහ ප්ලාස්ටික් ශල්යකර්ම , වෘක්ක හා අක්ෂි රෝග ඇතුළු විශේෂඥ වෛද්යවරුන් රැසකගේ සේවාවන් ලබා ගත හැක.
Medihelp hospitals ජාලය සිය රෝගීන්ගේ පහසුව සඳහා සිය සේවාවන් ඩිජිටල් තාක්ෂණය ද උපයෝගි කර ඇතග ඔවුන් විසින් ඉදිරිපත් කර ඇති Live Tracking පහසුකම හරහා රෝගීන්ට සිය වෛද්ය හමුවීම් හි නියමිත වේලාවන් ජංගම දුරකථනය හරහා පරීක්ෂා කිරීමට හැකි බැවින් ඔවුන් රෝහල් තුළ කාලය කා දමමින් ඔවුන්ගේ විශේෂඥ වෛද්යවරයා එනතුරු අනවශ්ය ලෙස බලා සිටිය යුතු නොවෙයි. තවද ප්රමාණවත් වාහන නැවැත්වීමේ පහසුකම්, සුවපහසු ආසනයන් සහිත ඉඩකඩ ඇති ආලින්දයන් මෙන්ම දුරකථනයෙන් වේලාවන් වෙන්කරවා ගැනීමේ පහසුකම් ද ලබාදී ඇත.

December, 13, 2022
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්ය ආයතන ක්ෂේත්රයේ මූල්ය විසඳුම් සපයන්නෙකු වන පීපල්ස් ලීසිං සමාගම, යුරෝපීය සංගමයේ තත්ත්ව පර්යේෂණ (European Society Quality Research - ESQR) මගින් වාර්ෂිකව හොඳම භාවිතයන් ඇගයීම සඳහා පිරිනමන “විශිෂ්ට භාවිතයන් 2022” (Best Practices 2022) සම්මානයෙන් පසුගියදා පිදුම් ලැබීය.
2022 දෙසැම්බර් මස 11 වන දින බෙල්ජියමේ බ්රසල්ස් හි පැවැති සම්මාන උළලේදී පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ සභාපති, ප්රදීප් අමිර්තනායගම් සහ පීපල්ස් ලීසිං සමාගමේ ප්රධාන විධායක නිලධාරී/සාමාන්යාධිකාරී, ෂමින්ද්ර මර්සලීන් විසින් මෙම සම්මානය ලබා ගනු ලැබීය.
යුරෝපය, ආසියාව, ඇමරිකාව, අප්රිකාව සහ ඕස්ටේ්රලියාව යන මහද්වීපයන් හි නිර්දේශිත රාජ්ය පරිපාලන සමාගම් සහ සංවිධාන අතරින් මෙම සම්මානය ප්රථමවරට ශ්රී ලංකාවට හිමිකරදීමට හැකිවීම පිපල්ස් ලීසිං සමාගම ලද විශිෂ්ඨ ජයග්රහණයකි. මීට පෙර මෙම සම්මානය ලබා ඇති ජාත්යන්තර සමාගම් අතර, BMW සමූහය (ජර්මනිය), Konica Minolta (ජපානය), State Bank of India (ඉන්දියාව), Cathay Pacific Airways (හොංකොං-චීනය), Air Canada (කැනඩාව) සහ United Airlines (ඇමරිකා එක්සත් ජනපදය) වෙති.
තිරසර අරමුණු පෙරදැරි කරගෙන මෙහෙයුම් කටයුතු සිදුකරන පීපල්ස් ලීසිං සමාගම ඉහළම මට්ටමේ අඛණ්ඩතාව, විනිවිදභාවය සහ වගවීම පවත්වාගැනීම සඳහා කැපවී සිටින සමාගමකි.
මෙම සම්මානය පිළිබඳව අදහස් දක්වමින් පීපල්ස් ලීසිං සමාගමේ සභාපති, ප්රදීප් අමිර්තනායගම් පැවසුවේ, මෙම සම්මානය හිමිවීම සමාගමේ විශිෂ්ටත්වය සහ යහපත් සදාචාරාත්මක ක්රියාපටිපාටි ක්රියාත්මක බවට දරණ හොදම සාක්ෂිය බවය.
පීපල්ස් ලීසිං සමාගමේ හි ප්රධාන විධායක නිලධාරී/සාමාන්යාධිකාරී, ෂමින්ද්ර මර්සලීන් තම අදහස් දක්වමින් පැවසුවේ, මෙම සම්මානය තුළින් පීපල්ස් ලීසිං සමාගමේ ශක්තිමත් තත්ත්ව කළමනාකරණ සහ පාලන රාමුව පෙන්නුම් කරන බවය.
“මෙවැනි ජයග්රහණයක් ලැබීම අප සමාගම ලැබු විශීෂ්ඨ ජයග්රහණයක්. ඒ පිළිබදව අප නිහතමානිව ආඩම්බරයට පත්වෙනවා. පීපල්ස් ලීසිං සමාගම ශ්රී ලංකාවේ රාජ්ය-පෞද්ගලික හවුල්කාරීත්වයන් සහ රජය සතු ව්යවසායන් සඳහා ප්රමිතිය සකස්කිරීම අඛණ්ඩව සිදුකරන සමාගමක්.’ ඔහු තවදුරටත් පැවසීය.
සම්මානලාභී සමාගම්, සංවිධාන සහ රාජ්ය පරිපාලන ආයතන ESQR හි ඡන්ද විමසීම්, පාරිභෝගික අදහස් පර්යේෂණ සහ වෙළඳපල අධ්යනයන් හි ප්රතිඵල මත පදනම්ව තෝරා ඇත. ජයග්රාහකයන් තේරීම් ක්රියාවලියේදී පොදු තොරතුරු මූලාශ්ර, ප්රකාශන, ධනාත්මක ප්රකාශ, පුණ්ය ව්යාපෘති, වාණිජ මණ්ඩල සහ විශ්ව විද්යාල ව්යාපෘති, වෙළඳ ප්රදර්ශන සහ ප්රදර්ශන පිළිබඳ පර්යේෂණ යන අංශ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර තිබේ.
තත්ත්ව පර්යේෂණ සඳහා යුරෝපීය සංගමය (ESQR) යනු තත්ත්ව වැඩිදියුණුකිරීමේ ශිල්පීය ක්රම හඳුනාගැනීම සහ පර්යේෂණ සඳහා කැපවූ යුරෝපීය සංවිධානයකි. යුරෝපීය සංගමයේ තත්ත්ව පර්යේෂණ මූලස්ථානය ස්විට්සර්ලන්තයේ ලෝසාන් හි පිහිටා ඇති අතර ESQR සංවිධානය, සමාගම්, රාජ්ය පරිපාලන ආයතන, විශ්ව විද්යාල, රාජ්ය නොවන සංවිධාන සහ තනි පුද්ගල ව්යාපාරයන්හි විශිෂ්ට භාවිතයන් සහ තත්ත්ව කළමනාකරන උපාය මාර්ගවල ප්රතිඵල ඇගයීමට කැපවී කටයුතු කරනු ලබන්නකි. තවද ESQR සංවිධානය විසින් සමාගම්හි විශිෂ්ටත්වය, නවෝත්පාදන හැකියාව සහ දූරදර්ශී චින්තනය, දැනුම බෙදාහැරීම, අනුකූලතා තක්සේරුකරණ භාවිතයන් හෝ පහසුකම් බෙදාගැනීම වඩාත් අගය කරයි.
පීපල්ස් ලීසිං සමාගම යනු ශ්රී ලංකාවේ ප්රමුඛ පෙළේ බැංකු නොවන මුදල් ආයතනයක් වන අතර ප්රමුඛ රාජ්ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත මුදල් ආයතනයකි. විශේෂිත ලීසිං සමාගමක් ලෙස වර්ෂ 1996 දී සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කළ පීපල්ස් ලීසිං සමාගම 2011 වසරේ කොළඹ කොටස් වෙළඳපලේ ලැයිස්තුගත විය. පීපල්ස් ලීසිං සමාගම බංග්ලාදේශයේ විදේශීය ව්යාපාරයක් ඇතුළු අනුබද්ධිත ක්ෂේත්ර හයක් හරහා විවිධාංගීකරණය වු බැංකු නොවන මූල්ය බලවතෙක් දක්වා වර්ධනය වී ඇත.
ඡායාරූපය : 2022 විශිෂ්ට භාවිතයන් සඳහා වූ යුරෝපීය සම්මානය , පීපල්ස් ලීසිං සමාගමේ සභාපති, ප්රදීප් අමිර්තනායගම් (වමේ සිට දෙවැන්නා) ESQR හි ප්රධාන විධායක මයිකල් හැරිස් වෙතින් 2022 විශිෂ්ට භාවිතයන් සඳහා යුරෝපීය සම්මානය ලබාගත් අවස්ථාව. පීපල්ස් ලීසිං සමාගමේ සාමාන්යාධිකාරී /ප්රධාන විධායක නිලධාරී, ෂමින්ද්ර මර්සලීන්ද මෙම අවස්ථාවට සහභාගී විය.
December, 13, 2022
ඩිලිවරි සේවා හවුල්කරුවන්ගේ යහපත වෙනුවෙන් රු. මිලියන 3 කට අධික මුදලක් වෙන්කෙරේ
ශ්රී ලංකාවේ ජනප්රියම ආහාරපාන සහ ග්රොසරි භාණ්ඩ ඩිලිවරි සේවා යෙදුම වන Uber Eats ශ්රී ලංකාවේ වසර 4 ක මෙහෙයුම් කාලයක් සම්පූර්ණ කර තිබේ. මෙම කාලසීමාව තුළ රටේ ප්රධාන නගර 5 ක්, එනම් කොළඹ, මහනුවර, කුරුණෑගල, මීගමුව සහ ගම්පහ යන නගර වෙත තම සේවාවන් සාර්ථක ලෙස හඳුන්වා දීමට Uber Eats සමත් විය. මේ වනවිට ශ්රී ලංකාව තුළ අලෙවිසැල් 10,000 කට වැඩි සංඛ්යාවක් සහ ඩිලිවරි සේවා හවුල්කරුවන් 15,000 කට වැඩි පිරිසක් Uber Eats සමග එක් සිටින අතර, මේ දක්වා Uber Eats හරහා ඇණවුම් ගෙනගොස් භාරදීම් මිලියන 24 කට අධික සංඛ්යාවක් සිදු වී තිබේ. මේ අතරින් ඇණවුම් භාරදීම් 100,000 ක්ම සිදු වී ඇත්තේ, මෑතකදී Uber Eats සේවාවට පාපැදි හඳුන්වා දීමෙන් අනතුරුව, එම පාපැදි භාවිතයෙන් වීම විශේෂත්වයකි.
මෙම සුවිශේෂී අවස්ථාව සැමරීම සඳහා, තම ඩිලිවරි සේවා හවුල්කරුවන්ට සහ ඔවුන්ගේ පවුල් වලට අත්වැලක් වීමේ අරමුණින් රු. මිලියන 3 කට අධික මුදලක් වෙන්කිරීමට Uber Eats කටයුතු කළේ ය. ‘Uber Delivery Scholar’ වැඩසටහනේ දෙවැනි අදියරේ කොටසක් වන මෙය, ඩිලිවරි සේවා හවුල්කරුවන්ට සහ ඔවුන්ගේ දරු දැරියන්ට තම අනාගත අපේක්ෂාවන් ඉටුකර ගැනීමට උපකාරී වෙයි.
මෙම වැඩසටහන යටතේ එම දරුවන්ට ශිෂ්යත්ව පිරිනමනු ලබන අතර, ඔවුන්ට වසරක් සඳහා ප්රමාණවත් පාසල් ලිපිද්රව්යද ප්රදානය කරනු ලබේ. මීට National Institute of Business Management (NIBM) හි පාඨමාලා හැදෑරීම සඳහා රු. 40,000 ක් දහසක් වටිනා ශිෂ්යත්ව ප්රදානයන්ද ඇතුළත් ය.
“මේ දක්වා අප පැමිණි ගමන ඉතාමත් සුවිශේෂී ගමනක්. ශ්රී ලාංකිකයන්ගෙන් අපට ඉතාමත් උණුසුම් පිළිගැනීමක් ලැබී තිබෙනවා. අපගේ ඩිලිවරි සේවා හවුල්කරුවන් යනු මේ සාර්ථකත්වයට බලපෑ ප්රධානතම සාධකයක්. Uber Eats ශ්රී ලංකාවේ දොරින් දොර කියවෙන නාමයක් බවට පත්කිරීමට ඔවුන් දිවා රෑ නොබලා මහන්සි වුණා. අප ‘Uber Delivery Scholar’ වැඩසටහන වඩාත් පුළුල් කර දියත් කළේ, ඔවුන්ගේ ඒ කැපවීම අගය කිරීමක් වශයෙනුයි. ඉදිරියටත් අපගේ පාරිභෝගිකයන්ට විශිෂ්ටතම සේවාවක් සැලසීම අපගේ පරමාර්ථය වී තිබෙනවා. මෙය ඒ ගමනේ ආරම්භයක් පමණයි.” Uber Eats Sri Lanka සාමාන්යාධිකාරිනී භාව්නා දද්ලානි ජයවර්ධන මහත්මිය පැවසුවා ය.
Uber Eats Sri Lanka විසින් පසුගිය වසරේදී මුල්ම වරට ‘Uber Delivery Scholar’ වැඩසටහන හඳුන්වා දෙන ලදි. ඩිලිවරි සේවා හවුල්කරුවන්ගේ දරුවන් වෙත ශිෂ්යත්ව සහ පාසල් ලිපිද්රව්ය පරිත්යාග කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණ වේ. මෙම ශිෂ්යත්වලාභීන්ගේ අධ්යාපන කටයුතු වල ප්රගතිය වාර්ෂිකව නිරීක්ෂණය කරනු ලබන අතර, ඉදිරි අධ්යාපන කටයුතු සඳහා ඔවුන්ට ලබාදිය හැකි උපරිම සහයෝගය ලබාදීමට පියවර ගනු ලැබේ.
මුල්ම ‘Uber Delivery Scholar’ ශිෂ්යත්වලාභීන් අතරින් 25% ක්ම දෙවැනි වසර සඳහාද සුදුසුකම් ලබා තිබීම විශේෂත්වයකි. මෙය අදාළ ශිෂ්යත්වලාභීන්ගේ උනන්දුව හා කැපවීම සනාථ කරන සාධකයක් වන අතර, ඔවුන්ගේ ඉදිරි ගමන සාර්ථක කරගැනීමට තවදුරටත් අත්වැලක් වීම සඳහා Uber Eats Sri Lanka සූදානමින් සිටී.
පසුගිය වසර 4 තුළ ශ්රී ලංකාවට මුහුණ දීමට සිදු වූ අභියෝග හමුවේ Uber Eats අඛණ්ඩව මෙරට ජනතාවට නන් අයුරින් සහයෝගය ලබා දී තිබේ. ප්රථම වර්ෂයේදී පාස්කු ප්රහාරය සිදු වූ අතරම් ඉන් අනතුරුව COVID-19 සහ ඒ සම්බන්ධ සංචරණ සීමාවන් ආදියෙහි බලපෑමටද, ඉන් පසුව ආර්ථික අර්බුදයටද මුහුණ දීමට ශ්රී ලංකාවට සිදු විය. මේ තත්ත්වය හමුවේ පාරිභෝගිකයන්ට සහ ඩිලිවරි සේවා හවුල්කරුවන්ට මෙන්ම සමස්තයක් ලෙස රටේ මහජනතාවට හැකි උපරිම අයුරින් සහයෝගය ලබාදීමට Uber Eats පියවර ගෙන ඇත.
මෑතකදී ශ්රී ලංකා රතු කුරුස සමාජය හා එක් වී, රටේ වඩාත්ම දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින ජනතාවට අත්යවශ්ය ද්රව්ය ලබාදීම සහ ජීවිතාරක්ෂක ඖෂධ ප්රවාහනය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් 200,000 කට මුදලක් පරිත්යාග කිරීමට Uber Eats කටයුතු කළේ ය.

Uber Eats Sri Lanka නායකත්ව කණ්ඩායම ඩිලිවරි සේවා හවුල්කරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් සමග
ඡායාරූපය: Uber Eats Sri Lanka නායකත්ව කණ්ඩායමේ භාව්නා දද්ලානි ජයවර්ධන මහත්මිය සහ පිවිතුරු කොඩිකාර මහතා ‘Uber Delivery Scholar’ වැඩසටහනේ ශිෂ්යත්වලාභියෙකු වෙත අදාළ ශිෂ්යත්වය සහ ත්යාග පිරිනමමින්
December, 12, 2022
විදේශ රැකියා සඳහා යොමු කරන බවට පොරොන්දු ලබා දෙමින් හෝ විවිධ වටිනා භාණ්ඩ ඇතුළත් පාර්සල් ලබා ගැනීම සඳහා රේගු බදු ගෙවන ලෙස දන්වමින් වංචා සහගත දුරකථන ඇමතුම්, කෙටි පණිවුඩ, විද්යුත් තැපැල් පණිවුඩ හා සමාජ මාධ්ය ජාල හරහා සාවද්ය තොරතුරු ලබා දී පුද්ගලයන්ගෙන් මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් අගතියට පත් පාර්ශ්වයන් විසින් සිදුකරනු ලබන පැමිණිලිවල සීග්ර වර්ධනයක් මෑත කාලීනව නිරීක්ෂණය වී ඇත.
එබැවින්, නිසි පරීක්ෂාවකින් තොරව ඉහත ආකාරයේ තොරතුරු මත පදනම්ව නොදන්නා පාර්ශ්වයන්ගේ බැංකු ගිණුම් වෙත මුදල් තැන්පත් කිරීමට හෝ වෙනත් මාධ්යවලින් මුදල් ප්රේෂණය කිරීමට යොමු නොවන ලෙස මූල්ය බුද්ධි ඒකකය මහජනතාවට අවධාරණය කර සිටී.
තවද, මෙවැනි ක්රියාවල නිරතවන වංචාකරුවන් විසින් අදාළ ගනුදෙනු සිදු කිරීම සඳහා පහත තොරතුරු ඔබගෙන් ඉල්ලා සිටිය හැකිය,
එබැවින්, මෙවැනි රහස්ය තොරතුරු, කිසිදු තෙවන පාර්ශවයක් සමඟ හුවමාරු කර නොගත යුතු බවටත්, එවැනි වංචා පිළිබඳ සුපරීක්ෂාකාරී වන ලෙසටත්, මූල්ය බුද්ධි ඒකකය තවදුරටත් මහජනතාවට අවධාරණය කර සිටී. එසේම, එවැනි විස්තර සැපයීමෙන් ඔබ/ ඔබගේ පවුලේ සාමාජිකයෙකු/ ඔබගේ සමීපතමයෙකු නිසැකයෙන් ම මූල්ය වංචාවක වින්දිතයෙකු බවට පත් වනු ඇත.
මේ ආකාරයේ දුරකථන ඇමතුම් හෝ කෙටි පණිවුඩ ඔබට ලැබෙන්නේ නම්, ඒ සම්බන්ධයෙන් 011-2477125 හෝ 011-2477509 හරහා මූල්ය බුද්ධි ඒකකය දැනුවත් කරන ලෙස ශ්රී ලංකා මහ බැංකුව දන්වා සිටී.
December, 12, 2022
2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 19 (1) සහ 19 (2) වගන්ති මගින් පැවරී ඇති බලතල අනුව, එම පනතේ ප්රතිපාදනවලට අනුකූල නොවන ලෙස ක්රියා කරන ආයතන සඳහා මූල්යමය දණ්ඩන පනවනු ලැබේ. මූල්ය ආයතනයක් විසින් සිදුකරනු ලබන අදාළ අනුකූල නොවන කටයුතුවල ස්වභාවය හා බරපතලකම සැලකිල්ලට ගෙන මෙම දණ්ඩන නියම කළ හැකිය.
ඒ අනුව, ශ්රී ලංකාවේ මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ සහ ත්රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ නියාමන ආයතනය ලෙස මූල්ය බුද්ධි ඒකකය විසින් මූල්ය ආයතනවල අනුකූලතාව බලාත්මක කිරීම සඳහා 2022 ජූලි 01 දින සිට 2022 නොවැම්බර් 16 දින දක්වා කාලය තුළ පහත දක්වා ඇති පරිදි එකතු කර ගන්නා ලද සමස්ත දඩ මුදල රුපියල් මිලියන 10.75 කි. දණ්ඩන මගින් එකතු කරන ලද මුදල් ඒකාබද්ධ අරමුදලට බැර කරන ලදී.



December, 12, 2022
විදේශ මුදල් මාරු කිරීම සඳහා ප්රසන්න මනි එක්ස්චේන්ජ් පුද්ගලික සමාගම (Prasanna Money Exchange (Pvt) Ltd) වෙත ලබා දී ඇති බලපත්රයට අදාල කොන්දේසි උල්ලංඝනය කිරීම හේතුවෙන් එම සමාගම වෙත නිකුත් කර තිබූ බලපත්රය තාවකාලිකව අත්හිටුවමින් සිදු කරන ලද විමර්ශනයෙන් අනතුරුව ශ්රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ ප්රතිපාදන යටතේ ප්රසන්න මනි එක්ස්චේන්ජ් පුද්ගලික සමාගමෙහි අංක 42 A, මුදලිගේ මාවත, කොළඹ 01 සහ අංක 57, ගාලු පාර, කොළඹ 06 දරන ස්ථාන වල පැවති පිළිවෙලින් ප්රධාන කාර්යාලයය සහ ශාඛාව වෙත නිකුත් කර ඇති අංක DFE/RD/0058 දරන බලපත්රය අවලංගු කිරීමට තීරණය කරන ලදී.
ප්රසන්න මනි එක්ස්චේන්ජ් පුද්ගලික සමාගමට බලයලත් විදේශ මුදල් හුවමාරු කරන්නෙකු ලෙස විදේශ මුදල් මාරු කිරීමට තවදුරටත් අවසර නොමැති අතර ප්රසන්න මනි එක්ස්චේන්ජ් පුද්ගලික සමාගම සමඟ විදේශ මුදල් මිල දී ගැනීම, විකිණීම සහ හුවමාරු කිරීම විදේශ විනිමය පනතේ විධිවිධාන යටතේ නීති විරෝධී ක්රියාවක් ලෙස සලකන බව මහජනතාවට මෙයින් දැනුම් දෙනු ලැබේ.
December, 12, 2022
ශ්රී ලංකාවේ ‘වඩාත් කැපී පෙනෙන කාන්තා හිතකාමී සේවා ස්ථානයක්’ ලෙසද පිළිගැනීමට පාත්ර වෙයි
2022 නොවැම්බර් 21, කොළඹ- AICPA, CIMA සහ SATYN සඟරාව විසින් සංවිධානය කළ 2022 කාන්තා හිතකාමී සේවා ස්ථාන සම්මාන උළෙලේදී ශ්රී ලාංකේය සේවා ස්ථානයන් අතර ‘කාන්තාවන්ට වඩාත් ගැලපෙන සමාගම් ප්රතිපත්ති සහිත ආයතනය’ ලෙස යුනිලිවර් ශ්රී ලංකා ආයතනය පසුගියදා කිරුළු පළඳින ලදී. එසේම කාන්තාවන්ගේ සහභාගීත්වය, සංවර්ධනය හා නියෝජනය වැඩිදියුණු කිරීම වෙනුවෙන් වන කැපවීම යළි යළිත් සනාථ කරමින් ශ්රී ලංකාවේිවඩාත් කැපී පෙනෙන කාන්තා හිතකාමී සේවා ස්ථානයක් ලෙසද යුනිලිවර් සමාගම මෙහිදී පිළිගැනීමට ලක්විය.
කාන්තාවන් සවිබල ගැන්වීමට කටයුතු කරන සමාගම් ඇගයීමට ලක් කරන කාන්තා හිතකාමී සේවා ස්ථාන සම්මාන උළෙල, කාන්තාවන් වෙනුවෙන් වඩාත් ආරක්ෂිත හා ශක්තිමත් සේවා ස්ථානයක් සහතික කිරීම වෙනුවෙන් රට තුළ ස්ත්රී පුරුෂ සමානාත්මතාව මෙන්ම එක්සත් ජාතීන්ගේ පස් වැදෑරුම් තිරසර සංවර්ධන ඉලක්කයන් අනුව කටයුතු කිරීමට එම සමාගම් හා ආයතන දිරිගන්වනු ලබයි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ යුනිලිවර් ශ්රී ලංකා සමාගමේ මානව සම්පත් අධ්යක්ෂිකා අනන්යා සභාර්වල් මහත්මිය මෙසේ සඳහන් කර සිටියාය. “මේ පිළිගැනීම අප වෙත ලබා දීම සම්බන්ධයෙන් අප ඉතාමත් සතුටට පත් වන අතර ඒ පිළිබඳව AICPA, CIMA සහ SATYN යන ආයතනයන් වෙත මගේ හෘදයාංගම ස්තුතිය පුද කිරීමට කැමතියි. කාන්තාවන්ට මෙන්ම විවිධ කණ්ඩායම් වෙත අර්ථවත් ප්රතිපත්ති හඳුන්වා දෙමින් දශක ගණනාවක් තිස්සේ සමානාත්මතාවය හා සියලු දෙනාට ගැළපෙන සේවා සංස්කෘතියක් නිර්මාණය කිරීමට අපි කැපවී කටයුතු කරනවා.
අප විසින් දැනටමත් ක්රියාත්මක කර තිබෙන හිංසන විරෝධී ප්රතිපත්තිය (Anti-harassment Policy)ට අමතරව පසුගිය වසරේ ජාත්යන්තර කාන්තා දිනයේදී සාඵල්යතා සහාය ප්රතිපත්තියක් (Fertility Support Policy) වගේම ගෘහස්ථ ප්රචණ්ඩත්වයේදී උපකාර (Domestic Violence Support Policy) කිරීමේ ප්රතිපත්තියක් හඳුන්වා දීමට ද කටයුතු කළා. මේ වසරේ ජාත්යන්තර කාන්තා දිනයේදී අපගේ වෛද්ය නිවාඩු අතරට ඔසප් නිවාඩුව (Menstrual Leave) ද එක් කරමින් සමාගමේ වියදමෙන් කාර්යාලයේ හා කර්මාන්තශාලාවේ සේවයේ නියුතු කාන්තා සාමාජිකාවන් හට සනීපාරක්ෂක තුවා ඩිස්පෙන්සර (Sanitary Napkin Dispensers) ලබා දීමට කටයුතු කළ අප ඒ තුළින් ඔසප් සෞඛ්යය පිළිබඳ ආයතනික සේවකයන් තුළ පැවති දුර්මතයන් ඉවත් කිරීමටත් කටයුතු කළා. එසේම අපගේ සාමාජිකයින් හට ඔවුන්ගේ රැකියා ජීවිතය මෙන්ම පුද්ගලික ජීවිතයද සමබරව පවත්වාගෙන යාමට අවශ්ය වෘත්තීය විවේකය (Career Break) වැනි ප්රතිපත්තීන් තුළින් කාන්තා සහ පිරිමි දෙපක්ෂයටම ගැළපෙන ආකාරයේ වැඩසටහන් හඳුන්වාදීමටත් අපි කටයුතු කර තිබෙනවා”.
කාන්තාවන්ගේ දියුණුව පිළිබඳව නිරන්තර අවධානය යොමු කරන යුනිලිවර් ශ්රී ලංකා සමාගම ඔවුන්ගේ වෘත්තීය ජීවිතය සාර්ථක කර ගැනීමට අවස්ථාව සලසා දී ඇත. යුනිලිවර් සමාගම මනාව සකස් කරන ලද වෘත්තීය සංවර්ධන ක්රියාවලියක් හරහා ජ්යෙෂ්ඨ නායකත්ව තනතුරු සඳහා කාන්තා සාමාජිකාවන් පෙළ ගැස්වීමට හා දිරිමත් කිරීමට කටයුතු කර ඇති අතර සිය කාන්තා කළමනාකරුවන්ගෙන් 80%ක ප්රමාණයක් විදේශයන්හි සංවර්ධන සංචාරයන් වෙතද යොමු කොට ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් පළකල යුනිලිවර් ශ්රී ලංකා සමාගමේ සභාපතිනි හා කළමනාකාර අධ්යක්ෂිකා හජාර් අලෆිෆි මහත්මිය “සෑම විටම සියලු දෙනාට සමානාත්මතාවයෙන් හා ගෞරවයෙන් සලකන, ඔවුන්නොවුන්ගේ සුවිශේෂීත්වයට ගරු කරන සංස්කෘතියක් නිර්මාණය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසාම අපගේ නායකත්ව භූමිකාවන් තුළ ස්ත්රී පුරුෂ විවිධත්වය හා නියෝජනය කිරීම කඩිනම් කිරීමට පැහැදිලි ඉලක්ක දක්වා ඇති අතර ඉන් බොහොමයක් සාර්ථක කර ගැනීමටද අපට හැකි වී තිබෙනවා. යුනිලිවර් ශ්රී ලංකා ආයතනයේ අධ්යක්ෂ මණ්ඩලයෙන් 55%ක් පමණ කාන්තාවන් වන අතර පසුගිය වසරේදී අපගේ කළමනාකරණ සාමාජිකයින් අතර ප්රථම වරට ස්ත්රී පුරුෂ සමතුලිතතාවයේ 40% සීමාව ඉක්මවා යාමට සමත් වුණා. 2025 වන විට එය 50-50 දක්වා ළඟා කර ගැනීමට බලාපොරොත්තු වන අප සියලු වෙනස්කම් අභිබවා සහයෝගයෙන් කටයුතු කළ හැකි පරිසරයක් නිර්මාණය කිරීමට කැපවී කටයුතු කරනවා” යනුවෙන් පවසා සිටියාය.
2021 වසරේදී සිය හොරණ කර්මාන්තශාලාවේ නිෂ්පාදන බිම වෙත සේවිකාවන් 27 දෙනෙකු බඳවා ගනිමින් සිය ඉතිහාසයේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කල යුනිලිවර් ශ්රී ලංකා සමාගම පසුගිය වසර කිහිපය තුළ සිය පළමු කර්මාන්තශාලා කළමනාකාරිණිය සහ පළමු කාන්තා ප්රාදේශීය විකුණුම් කළමනාකාරිණිය පත් කිරීමටද කටයුතු කරන ලදී. මෙම සංධිස්ථානයන් තුළින් සාම්ප්රදායිකව පිරිමි පාර්ශ්වය මූලික කරගත් ක්ෂේත්ර සඳහා කාන්තා සහභාගීත්වය දිරිමත් කිරීමට කටයුතු කරන යුනිලිවර් සමාගමට ස්ත්රී පුරුෂ සමාජභාවය පිළිබඳ සාම්ප්රදායික මතයන් බිඳ දැමීමටද හැකිව තිබීම විශේෂත්වයකි.
තවද මාස 6ක් දක්වා දීර්ඝ මාතෘ නිවාඩු මෙන්ම සති 3ක් දක්වා පීතෘ නිවාඩු ලබා දීම තුළින් නව දෙමාපියන් වෙත සිය සහයෝගය ලබා දී ඇති යුනිලිවර් ශ්රී ලංකා සමාගම නව මව්වරුන් යළි සේවයට පැමිණි පසු ඔවුන්ට උපකාරක පද්ධතියක් ඇති කිරීම සඳහා ‘සහකාර ක්රමයක්’ (Buddy system) ද නිර්මාණය කොට ඇත.
එසේම මෑතකදී සිය ආයතනයේ සාමාජිකයින්ගේ දරුවන්ට රැකවරණය සැලසීම වෙනුවෙන් සැලසුම් සහගත පෙර පාසල් අධ්යාපන ක්රමයක් සහිත දිවා සුරැකුම් පහසුකම් සැලසීමට ද යුනිලිවර් සමාගම කටයුතු කර ඇත. මෙම සහනය ආබාධිත දරුවන් සඳහාද ලබා දීමට එම සමාගම කටයුතු කර තිබීම විශේෂත්වයක් ලෙස සඳහන් කළ හැකිය.
සිය සේවක ප්රජාවෙන් ඔබ්බට යමින් සිය ප්රමුඛතම කාන්තා සවිබල ගැන්වීමේ වැඩසටහනක් වන සෞභාග්යා වැඩසටහන මඟින් තම ප්රජාව තුළ යුනිලිවර් නිෂ්පාදන අලෙවි කිරීම හරහා කාන්තාවන් 5000කට පමණ ජීවනෝපාය සැපයීමට සමත්ව ඇත. මෙම වැඩසටහන සඳහා ‘2020 හොඳම ආයතනික පුරවැසි තිරසර සම්මාන උළෙලේදී’ ‘හොඳම තිරසාර ව්යාපෘති’ කාණ්ඩයේ කුසලතා සම්මානයද හිමි විය.
ඡායාරූප විස්තරය - වමේ සිට දකුණට - යුනිලිවර් ශ්රී ලංකා සමාගමේි සේවක සම්බන්ධතා ප්රධානී හා සැපයුම් දාම හා පර්යේෂණ හා සංවර්ධන පිළිබඳ ජ්යෙෂ්ඨ මානව සම්පත් ව්යාපාර හවුල්කාරිනී - නයනි පීරිස්, ආයතනික කටයුතු සහ හැකියා හා සංවිධාන සහ සේවක සන්නාම පිළිබඳ ජ්යෙෂ්ඨ මානව සම්පත් ව්යාපාර හවුල්කාරිනී - කේශවී පුස්වෑවල, පාරිතෝෂික කළමනාකාරිණී - හිරුණි පෙරේරා, මානව සම්පත් උපාය මාර්ග, ඉගෙනුම් හා සම්බන්ධතා මෙහෙයුම් සහ මානව සම්පත් සඳහා සහකාර මානව සම්පත් ව්යාපාර හවුල්කාරිනී - අන්ජලී ජයතුංග, මානව සම්පත් ව්යාපාර හවුල්කාරිනී - සැපයුම් දාම හා විවිධත්ව හා සහභාගීත්ව ප්රධානී - රුවිනි පෙරේරා, වෙළෙඳපොල සම්බන්ධ මානව සම්පත් ව්යාපාර හවුල්කාරිනී - ජෙන්සි පෝල් සහ හැකියා හා සේවක සන්නාමකරණ සහකාර කළමනාකාරිණී - ටහනි හැරිස්
December, 12, 2022
ලොව බැංකුකරණ සහ මූල්ය සේවා ක්ෂේත්රයේ ප්රමුඛයෙකු වන ‘ඒෂියන් බෑන්කර්’ සඟරාව විසින් ‘2022 වසරේ ශ්රී ලංකාවේ ශක්තිමත්ම බැංකුව’ ලෙස කොමර්ෂල් බැංකුව තෝරාගෙන තිබේ.
මූලික වශයෙන් බැංකුවේ ශේෂ පත්රයේ ශක්තිමත්භාවය පදනම් කරගනිමින් මෙම සම්මානය ලැබී තිබෙන අතර ආසියානු පැසිෆික් කළාපයේ බැංකු සැසඳීමේදී කොමර්ෂල් බැංකුවේ මූල්ය කාර්ය සාධනයේ තිබෙන ඉහළ ගුණාත්මක තත්ත්වයද මෙම සම්මානය ලැබීමට හේතුවී ඇත. මෙම සම්මානය ලබාදීමේ ඇගයීමේ කාර්යයේදී දර්ශක 06 ක් පිළිබඳව අවධානය යොමුකර තිබෙන අතර දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව බැංකුවේ වත්කම් ප්රමාණය, ශුද්ධ ණය සහ තැන්පතුවල ශේෂ පත්ර වර්ධනය, බැංකු මෙහෙයුම් කටයුතුවල අවධානම් කළමනාකරණය, ලාභදායීතාවය සහ තිරසාරභාවය, ලබාදුන් ණයවල ශක්තිය සහ විශ්වසනීයත්වය, අවදානමකට මුහුණදීම සඳහා තිබෙන වත්කම්වල ද්රවශීලතාවය පිළිබඳව ස්වාධීන තක්සේරුවක් මෙහිදී කර තිබේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ ප්රධාන විධායක නිළධාරී සහ කළමනාකාර අධ්යක්ෂ, සනත් මනතුංග මහතා මෙසේ අදහස් දැක්වීය. ‘කෙතරම් අභියෝග පැමිණියත් ඒවා සියළු පාර්ශවකරුවන්ගේ බලාපොරොත්තු සාධාරණ ලෙස ඉටු කරගත හැකි ලෙස අපි කළමනාකරණය කර ගන්නවා. පවතින දේශීය සහ ගෝලීය තත්ත්වයන් අපගේ ශේෂ පත්රයට යම් බලපෑමක් කළත් අපගේ මූල්ය ශක්තිය සහ ස්ථාවරත්වය එලෙසම පවතින බව ඒෂියන් බෑන්කර් විසින් ලබාදුන් මෙම සම්මානයෙන් තහවුරු වෙනවා. ශ්රී ලංකාවේ ශක්තිමත්ම බැංකුව ලෙස අපිව සහතික කිරීම මගින් අපිට විශාල දිරියක් ලැබෙනවා.’
ශක්තිමත්ම බැංකුව තෝරාපත් කරගත් මෙම වැඩසටහනට ආසියා පැසිෆික් කළාපයේ ඕස්ටේ්රලියාව, බංග්ලාදේශය, බෲනායි, කාම්බෝජය, චීනය, හොංකොං, ඉන්දියාව, ඉන්දුනීසියාව, ජපානය, ලාඕසය, මැකාවු, මැලේසියාව, මොන්ගෝලියාව, මියන්මාරය, නවසීලන්තය, පාකිස්තානය, පිලිපීනය, දකුණු කොරියාව, ශ්රී ලංකාව, සිංගප්පූරුව, තායිවානය, තායිලන්තය සහ වියට්නාමය යන රටවල බැංකු ඇතුළත් කරගෙන තිබේ.
ශ්රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 12 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ්රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 269 ක් සහ ස්වයංක්රීය යන්ත්ර 943 ක් ක්රියාත්මක කරයි. ශී්ර ලංකාවේ සුළු සහ මධ්යම පරිමාණයේ ව්යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්රයේ ඩිජිටල් නව්යකරණය සඳහා ප්රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්ර මූල්යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.
සේයාරූ සටහන - කොමර්ෂල් බැංකුවේ ප්රධාන මෙහෙයුම් නිළධාරී, එස්. ප්රභාගර් මහතා සම්මානය සමග
Video Story