• Ada Derana BIZ Sinhala
  • Azamara Quest
  • colombo port
  • passengers
  • sri lanka

900 ක් සමඟින් තවත් නැවක් කොළඹට

December, 5, 2022

මගීන් 480ක් සහ කාර්ය මණ්ඩලය 400ක් රැගත් Azamara Quest මගී නෞකාව පසුගිය සෙනසුරාදා (03) කොළඹ වරායට සේන්දු විය.

මෙම නෞකාවෙන් පැමිණි බොහෝ සංචාරකයින් යුරෝපීය ජාතිකයින් වූ අතර කොළඹ වරායෙන් අනතුරුව ඊයේ (04) දිනයේ දී එය හම්බන්තොට වරායට වෙත ළඟා වී තිබුණි.

මෙම නෞකාව ඉන්දියාවේ කොචින් වරායේ සිට කොළඹ වරායට පැමිණි අතර ශ්‍රී ලංකාවෙන් පසු ඉන්දුනීසියාව බලා යාමට නියමිතය. මෝල්ටාවේ ධජය යටතේ ලියාපදිංචි කර ඇති මෙම නෞකාව දිග මීටර් 181 ක් සහ පළල මීටර් 25 කි.

මේ අතර දෙසැම්බර් 18 සහ 23 දෙදින තුළ තවත් සංචාරක නෞකා දෙකක් කොළඹ වරායේ නැංගුරම් ලෑමට නියමිත බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසා සිටී.

එයිට්කන් ස්පෙන්ස් ට්‍රැවල්ස් සමාගමේ කළමනාකරණයෙන් පසුගිය නොවැම්බර් මාසයේ දී සුඛෝපභෝගී මගී නෞකා දෙකක් ශ්‍රී ලංකාවට පැමිණි අතර ඒ හරහා 4,000කට අධික මගීන් සහ කාර්ය මණ්ඩල පිරිසක් පැමිණෙන ලදී.

  • Ada Derana BIZ Sinhala
  • Digital Business
  • International Conference
  • SLIIT
  • sri lanka

SLIIT ව්‍යාපාර පීඨය, 2022 තිරසාර සහ ඩිජිටල් ව්‍යාපාර පිළිබඳ සිය ප්‍රථම ජාත්‍යන්තර සමුළුව විශිෂ්ඨතා ඇගයීම් සම්මාන රැසක් ප්‍රධානය කරමින් උත්කර්ෂවත්ව පැවැත්විය

December, 5, 2022

ඵලදායි ලෙස පර්යේෂණ පවත්වාගෙන යමින් හා දැනුම බෙදාහැරීමේ සිය මෙහෙවර සාර්ථකව ඉටු කරනු ලබන SLIIT ව්‍යාපාර පීඨය, 2022 වසරේ තිරසර හා ඩිජිටල් ව්‍යාපාර පිළිබඳ ජාත්‍යන්තර සමුළුව (International Conference on Sustainable and Digital Business - ICSDB) පසුගිය දෙසැම්බර් මස 01 සහ 02 යන දෙදින තුළ දී සාර්ථකව පවත්වනු ලැබීය. මෙහිදී සුවිශේෂී දක්ෂතාවයන් දැක්වූ පර්යේෂණ හා ව්‍යාපාර ක්ෂේත්‍රයේ ජයග්‍රාහකයින් සඳහා ICSDB විශිෂ්ඨතා සම්මාන රැසක්ද ප්‍රධානය කරනු ලැබිණි.

'Towards digital sustainability' යන තේමාව යටතේ දෙදිනක් පුරා පැවති මෙම සමුළුවෙහි සමාරම්භක සම්මන්ත්‍රණය හරහා ලොව පුරා සිටින පර්යේෂකයන්ට සහ වෘත්තිකයන්ට ඔවුන්ගේ සොයාගැනීම්, භාවිතයන්, සහ අභියෝග පිළිබඳව මත අදහස් සහභාගී වූ ප්‍රේක්ෂක පිරිස සමඟ හුවමාරු කර ගැනීමට ද හැකි විය.

මෙම සමුළුව මෙහෙයවනු ලැබූ ප්‍රධාන කථික මණ්ඩලය, එක්සෙටර් විශ්ව විද්‍යාලයේ (Exeter University) මහාචාර්ය ජෝන් බෙසන්ට්, කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ ව්‍යාපාරික පීඨයේ මහාචාර්ය ජයිදීප් ප්‍රභූ සහ ලන්ඩන් විශ්ව විද්‍යාලයේ හි මහාචාර්ය මුතූ ද සිල්වා යන කීර්තිමත් විද්වතුන් පිරිසකගෙන් සමන්විත විය. බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී සහ මාලඹේ පිහිටි SLIIT ආයතන ප්‍රධාන ශ්‍රවණාගාර පරිශ්‍රයේදී මෙම සම්මන්ත්‍රණය පැවැත්විය.

මෙම සමුළුව විවිධ කර්මාන්ත ක්ෂේත්‍රවල ප්‍රමුඛ පෙළේ නිලධාරීන්ගේ සහ පුහුණු කළමනාකරුවන්ගේ මෙන්ම මෙරටේ හා විදේශ පර්යේෂකයන්ගේ ද සුවිශේෂී ආකර්ෂණයට ලක් වූ අතර එහිදී ඔවුන් තිරසාර සහ ඩිජිටල් ව්‍යාපාර යන තේමාව යටතේ විෂය ක්ෂේත්‍ර රැසක ඔවුන්ගේ දැනුම, සාර්ථක ජයග්‍රහණ සහ පර්යේෂණවල ප්‍රතිඵල හුවමාරු කර ගනු ලැබීය.

සම්මන්ත්‍රණය පිළිබඳව සිය අදහස් පල කරමින් SLIIT ව්‍යාපාර පීඨයේ පීඨාධිපති මහාචාර්ය සමන්ත තෙලිජ්ජගොඩ මහතා සඳහන් කළේ ඉදිරි වසරවලදී ICSDB සමුළුව, ක්ෂේත්‍රය තුළ පවතින ප්‍රවණතාවයන් වර්ධනය සඳහා නායකත්වයක් ලබා දෙන සහ බලාපොරොත්තු ඇති කරවන සමුළුවක් බවට පත්වන බවය. මෙහි සෑම අංශයකම පැවති ගුණාත්මක බව අතින් බැලූ විට එය වෙනස් වූ නව මානයක් සහිත අමතක නොවන සම්මන්ත්‍රණයක් වූ බවට තමන් විශ්වාස කරන බවද හෙතෙම පැවසීය.

2022 ICSDB විශිෂ්ඨතා සම්මාන ප්‍රධානය දෙසැම්බර් මස 01 දා පැවති අතර එහිදී දක්ෂතාවය (Ingenuity), අඛණ්ඩතාව (Continuity), විෂය ක්ෂේත්‍රය (Scope), යෙදවීම සහ ප්‍රතිලාභ (Deployment and Benefits) යන ICSDB දර්ශකයෙහි පවතින  නිර්ණායකයන් යටතේ ඩිජිටල් ව්‍යාපාර ආරම්භ කර එය විවිධ පාර්ශවකරුවන්ට ප්‍රයෝජනවත් වන අයුරින් ස්ථාපිත කර ඇති ශ්‍රී ලාංකේය ව්‍යවසායන් රන්, රිදී සහ ලෝකඩ යන කාණ්ඩ යටතේ ඇගයීමට ලක් කෙරිණි. ව්‍යාපාර ක්ෂේත්‍රයේ ඉහළ මට්ටමේ කළමනාකරුවන්,  නියෝජිතයින් සහ විද්වතුන් ඇතුළු ප්‍රවීන විනිශ්ච මණ්ඩලයක් විසින් ජයග්‍රාහකයින් තෝරා පත්කර ගන්නා ලදි. මෙම සමුළුවෙහි දෙවන දිනයේ ප්‍රධාන ආරාධිත දේශනය, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින්  පවත්වනු ලැබීය.

ICSDB සමුළුව සඳහා සහය දක්වමින් සම්පත් බැංකුව ප්‍රධාන අනුග්‍රාහක හවුල්කරු වශයෙන් කටයුතු කරනු ලැබූ අතර  Enadoc ඩිජිටල් නවෝත්පාදන සහකරු ලෙසත්, CodeGen International, Siam City Cement යන ආයතන රන් කාණ්ඩය යටතේ  අනුග්‍රාහක භවතුන් වශයෙන් සහ CIMA Sri Lanka සහ Unitech Labs යන ආයතන රිදී කාණ්ඩයේ අනුග්‍රාහක භවතුන් ලෙසත් කටයුතු කරනු ලැබීය. Emerald ප්‍රකාශන ශාස්ත්‍රීය සහකරු ලෙස කටයුතු කළේය.

1999 වසරේ දී ආරම්භ කරනු ලැබූ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය SLIIT ලෙස ප්‍රසිද්ධියට පත් වූ අතර එම ආයතනය ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල අතරින් මේ වන විට වැඩිම ශිෂ්‍ය පිරිසක් සිටින විශ්වවිද්‍යාලය වීම ද විශේෂත්වයකි. එම ශිෂ්‍ය ප්‍රජාව සඳහා SLIIT විසින් පරිගණක, ව්‍යාපාර, ඉංජිනේරු, ගෘහ නිර්මාණ ශිල්පය, මානව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යාව, නීතිය, ආගන්තුක සත්කාර වැනි විෂයයන් රැසක උපාධි සහ පශ්චාත් උපාධි වැඩසටහන් ඉදිරිපත් කරනු ලබයි. ඉහළ මට්ටමේ ශ්‍රේණිගත සඟරාවල පළවන පර්යේෂණ පත්‍රිකා සංඛ්‍යාව, ජාත්‍යන්තර විශ්වවිද්‍යාල සමඟ පවත්වාගෙන යන සබඳතාවයන් සහ ගුණාත්මක උපාධිධාරීන්ගේ සාර්ථකත්වයන් තුළින් කලාපීය වශයෙන් අත්කර ගනු ලබන කීර්තිය මෙන්ම දැනුමක් සහිත විශ්වවිද්‍යාලයක් බවට පත්වීමට SLIIT දරන උත්සාහය මීට ප්‍රබලව සාක්ෂි සපයනු ඇත.

  • Ada Derana BIZ Sinhala
  • MAS Holdings
  • sri lanka
  • TEXO (Pvt) Ltd

MAS Holdings, TEXO (Pvt) Ltd. නමින් නව ශ‍්‍රී ලාංකීය ව්‍යාපාරයක් සන්නාමගත කරයි

December, 5, 2022

මෙම වසර මුලදී MAS Holdings විසින් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ රෙදි විවීම සහ නිම කිරීමේ ව්‍යාපාරයක් වන BAM Knitting (Pvt) Ltd හි වත්කම් අත්පත් කරගත් අතර මෑතකදී එම ව්‍යාපාරය TEXO (Pvt) Ltd ලෙස නම් කරන ලදී. තුල්හිරිය MAS Fabric Park තුළ පිහිටා ඇති TEXO ආයතනය තවත් පුළුල් කිරීම සඳහා 2022 නොවැම්බර් 4 වන දින පැවති උත්සවයකදී MAS Holdings හි සමූහ ප‍්‍රධාන විධායක නිලධාරී සුරේන් ප‍්‍රනාන්දු මහතාගේ සහභාගිත්වයෙන් මුල්ගල තැබීය.

මෙම නව ව්‍යාපාරය හරහා කපු රෙදි සඳහා ගෙතුම්, සායම් සහ මුද්‍රණ පහසුකම් යන MAS හි හැකියාවන් තවදුරටත් වැඩිදියුණු කරයි.

මෙම අත්පත් කර ගැනීම, සංකීර්ණ ඇඟලූම් නිෂ්පාදන සඳහා ප‍්‍රධාන මධ්‍යස්ථානයක් ලෙස සමාගම සිය අමුද්‍රව්‍ය අවශ්‍යතාවයෙන් 50% ක් ලබා ගන්නා ශ‍්‍රී ලංකාවේ මෙහෙයුම් ශක්තිමත් කිරීමේ MAS හි උපාය මාර්ගයන්හි තවත් කොටසකි. එහිදී MAS විසින් ඵලදායිතාව වැඩිදියුණු කිරීම සහ කාර්යක්ෂමතාවය වැඩි කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් ප‍්‍රමුඛතම ඇඟලූම් නිෂ්පාදකයා ලෙස සිය කිීර්ති නාමය තවදුරටත් තහවුරු කරයි. එමෙන්ම MAS රට තුළ සිය ධාරිතාව ප‍්‍රශස්ත කිරීමට සහ වර්ධනය කිරීමට අඛණ්ඩව කටයුතු කරනු ඇත.

  • Ada Derana BIZ Sinhala
  • FACETS SRI LANKA
  • Facets Sri Lanka Expo
  • Gems
  • January
  • Jewelery
  • sri lanka

ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ සන්නාමය ලොවට ගෙන යන ෆැසෙට්ස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය 2023 ජනවාරි මාසයේදී

December, 5, 2022

ජාත්‍යන්තර මැණික් සහ ස්වර්ණාභරණ වෙළඳ ප්‍රදර්ශන දාමයේ වඩාත් ජනප්‍රිය ප්‍රදර්ශනය ලෙස නම් කළ හැකි ෆැසෙට්ස් ශ්‍රී ලංකා (FACETS SRI LANKA) ප්‍රදර්ශනය දෙවසරක නිහැඬියාවෙන් පසු 2023 ජනවාරි මස 7 වන දා සිට  9 වන දා තෙක් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී පැවැත් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ හවුල්කාරීත්වයෙන්, ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය විසින් ෆැසෙට්ස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය සංවිධානය කෙරේ. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය මෙම ප්‍ර‍ර්ශනය සඳහා ජාත්‍යන්තර ගැනුම්කරුවන් සහභාගී කර ගැනීමට අවශ්‍ය ප්‍ර‍චාරණ කටයුතු සිදු කරමින් ප්‍ර‍දර්ශනය සඳහා සහයෝගය පළ කරයි.

මේ පිළිබඳ දැනුම්දීමේ මාධ්‍ය හමුවක් පසුගිය දා කොළඹදී පැවැත්වුණු අතර,                ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ඉහළ නැංවීමේ වැඩපිළිවෙල සඳහා ෆැසෙට්ස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය වැදගත්වන බව එහිදී ප්‍රකාශ විය. ස්වර්ණාභරණ නිෂ්පාදනයේ දී කේන්ද්‍රීය යෙදවුම ලෙස බහුලව වර්ණවත් මැණික් ගල් භාවිතය ප්‍රවර්ධනය කිරීම, මැණික් වෙළඳාමේ වසර දෙදහසකට වැඩි ඉතිහාසය තුළ සුවිශේෂී මාණික්‍යය ලෙස ලංකා නිල් මැණික් ප්‍රචලිත කිරීම මෙහි අභිලාෂයන් ලෙස නම් කොට ඇත. ශ්‍රී ලංකාවේ මැණික් සඳහා තිබෙන ඉල්ලුම මෙන් ම දිනාගෙන තිබෙන ජනප්‍රිය භාවය තව දුරටත් ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම පිළිබඳව ද මෙම මාධ්‍ය හමුවේදී අවවධාරණය කෙරිණි.

මෙම මාධ්‍ය හමුව සඳහා කර්මාන්ත අමාත්‍යංශයේ අතිරේක ලේකම් (මැණික් හා ස්වර්ණාභරණ) එස්. එම්. පියතිස්ස, ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති විරාජ් ද සිල්වා, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සුරේෂ් ද මෙල්, ෆැසෙට්ස් ශ්‍රී ලංකා සභාපති අල්ටාෆ් ඉක්බාල් සහ ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමයේ සභාපති අජ්වාඩ් ඩීන් යන මහත්වරු සහ තවත් ආයතන ප්‍රධානීහු රැසක් සහභාගී වූහ.

ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය මැණික් ගැරීමේ සිට නිෂ්පාදන, තොග වෙළඳාම සහ සාමාන්‍ය වෙළඳාම දක්වා මෙම කර්මාන්තයේ උප අංශවල අභිලාෂයන් නියෝජනය කරන පෞද්ගලික අංශයේ ප්‍රමුඛත ම සංවිධානයයි.

  • Ada Derana BIZ Sinhala
  • EO
  • GSEA
  • sri lanka

ශ්‍රී ලංකා ව්‍යවසායකයන්ගේ සංවිධානය, ගෝලීය ශිෂ්‍ය ව්‍යවසායක සම්මාන තරගය සඳහා සිසු ව්‍යවසායකයින්ට ආරාධනා කරයි

December, 5, 2022

ලොව විශාලතම ව්‍යවසායක සගයින්ගේ ජාලය වන ව්‍යවසායකයින්ගේ සංවිධානයේ (EO) ශ්‍රී ලංකා ශාඛාව, ගෝලීය ශිෂ්‍ය ව්‍යවසායක සම්මාන උළෙලේ (GSEA) හි2022-2023 තරග වාරය සඳහා සහභාගි වීමට ව්‍යවසායක සිසුන් වෙත ආරාධනා කරයි.මෙම සම්මාන උළෙල ශ්‍රී ලාංකික ශිෂ්‍ය ව්‍යවසායකයින් හට තම ව්‍යවසායක දැනුම වැඩි දියුණු කර ගැනීමට මෙන්ම, සිය ව්‍යාපාර කටයුතු ඉහළ නැංවීමටද හැකියාව සැලසෙන මාහැඟි අවස්ථාවකි.

ගෝලීය ශිෂ්‍ය ව්‍යවසායක සම්මාන (GSEA) තරගය, විශ්ව විද්‍යාලයක හෝ යම් අධ්‍යාපන ආයතනයක ඉගෙනුම ලබන අතරතුර දැනටමත් ව්‍යාපාරයක් හිමි සිසුන්ට සහ ව්‍යාපාරයක් පවත්වාගෙන යන සිසුන් සඳහා වන ලොව ප්‍රධානම පෙළේ ජාත්‍යන්තර තරඟයයි. ආධුනික ව්‍යවසායකයින් ව්‍යවසායක වෘත්තිය වෙත පිවිසෙන විට හා ඒ ඔස්සේ සිය ව්‍යාපාර ගොඩනඟා ගන්නා විට, ඔවුන් සතු පූර්ණ හැකියාවන් ලොවට විවෘත කිරීමට මෙම තරඟය මාහැඟි පිටුබලයක් සපයයි. ඊට සහභාගී වන තරගකරුවෝ ලොව පුරා සිටින ස්වකීය ව්‍යවසායක සගයින් සමග දක්ෂතා උරගා බැලෙන, ගෝලීය අවසන් තරගයට සුදුසුකම් ලැබීමේ අපේක්ෂාව පෙරදැරිව, දේශීය ජාතික තරඟ මාලාවක් ඔස්සේ තරග වදිති.

තරගාවලිය අතරතුර, ජීවිත ගමන්මග මුළුමනින්ම වෙනස් කරන වෘත්තීය සම්බන්ධතා ඇති කර ගැනීමට සහ ව්‍යවසායක සගයින් සමග ඉගෙනීමෙහි නිරත වීමට තරගකරුවන්ට හැකියාව සැලසේ. නිර්දේශිත සියලු තරගකරුවන් පිළිගත් අධ්‍යාපන ආයතනයක හෝ විශ්ව විද්‍යාලයක උපාධි අපේක්ෂක වැඩසටහනකට ඇතුළත් අය විය යුතු අතර, අවම වශයෙන් මාස හයක් පුරා අඛණ්ඩව ක්‍රියාත්මක වන ව්‍යාපාරයක් ඔවුන් සතුව තිබිය යුතුය. එසේ නැතහොත් අයදුම් කරන අවස්ථාවෙහි එම ව්‍යාපාරික ආයතනයෙහි ක්‍රියාකාරිත්වය සඳහා මූලික වශයෙන් වගකිව යුතු අයකු විය යුතුය.

ශ්‍රී ලංකා ගෝලීය ශිෂ්‍ය ව්‍යවසායක සම්මාන (GSEA) තරගාවලිය පිළිබඳව අදහස් දක්වමින් GSEA හි සභාපති ශන්ජීව් ශ්‍රී ස්කන්ධරාජා මෙලෙස සඳහන් කරයි. “ශ්‍රී ලංකා ගෝලීය ශිෂ්‍ය ව්‍යවසායක සම්මාන“, අනාගත ව්‍යවසායකයින් හට වෘත්තීය මග පෙන්වීම හා ව්‍යාපාර ඊළඟ මට්ටම දක්වා ඉහළ නැංවීමටත් ජාත්‍යන්තර ගමන් මග සකස් කිරීමටත් වේදිකාව සලසා දීම මගින්, ශ්‍රී ලංකා ව්‍යවසායකියින්ගේ සංවිධානය (EO Sri Lanka) අනාගත ව්‍යවසායක පරම්පරාව හා ගනුදෙනු කරන ඇදහිය නොහැකි මාර්ගයක්. මෙම ගෝලීය තරඟ අතරතුර ලොව පුරා සිටින ව්‍යවසායක සගයින් සමඟ සම්බන්ධ වීමට හා ක්ෂේත්‍රෙය් ව්‍යවසායකයින් වෙතින් ඉගෙන ගැනීමට ශිෂ්‍ය ව්‍යවසායකයින්ට අවස්ථාව හිමි වෙනවා. ඒ වගේම, GSEA Global Final තරගයේදී ලොව හොඳම ශිෂ්‍ය ව්‍යවසායකයින් සමග මුහුණට මුහුණ තරග වැදීම සඳහා ඔවුන්ට දේශීය හා ජාතික තලයේ මෙම තරඟ ඔස්සේ සුදුසුකම් සපුරා ගත හැකියි.”

ශ්‍රී ලංකා ව්‍යවසායකයන්ගේ සංවිධානය (EO) යනු රටවල් 61ක් පුරා විසිරුණු ව්‍යාපාරික නායකයින් 14000 කට වැඩි පිරිසකගෙන් සැදුම්ලත් ඉහළම මට්ටමේ  සහායක ජාලයකි. මෙරට අංකුර ව්‍යවසායකයින්ට හට සිය වෘත්තීය වැඩි දියුණු කර ගැනීමට ඉවහල් වන වෘත්තීය සබඳතා, අත්දැකීම් හුවමාරු කර ගැනීමේ සහ ඉගෙනීමේ අවස්ථා උදා කරලීම මගින් හට සිය පූර්ණ හැකියාවන් සාක්ෂාත් කර ගැනීමට එම සංවිධානය සහය වේ. 2017 වසරේ පිහිටුවන ලද ශ්‍රී ලංකා ව්‍යවසායකයන්ගේ සංවිධානය (EO), දකුණු ආසියානු කලාපය තුළ පිහිටුවන ලද 20 වැනි ශාඛාව වන අතර, ජාත්‍යන්තරව පිහිටුවන ලද 169 වැනි ශාඛාවයි. එමගින්, සංවිධානය ඖෂධ, නිෂ්පාදන, බැංකු හා මූල්‍ය, තොරතුරු තාක්ෂණ මෝටර් රථ, අධ්‍යාපනය සහ පුහුණුව සහ දේපළ වෙළඳාම් ඇතුළුව ක්ෂේත්‍ර ගණනාවකින් දැවැන්තයින් බවට පත් ව්‍යවසායකයින් රැසක් ජාලගත කර තිබේ. විවිධ ක්ෂේත්‍ර ඔස්සේ සීඝ්‍ර වර්ධනයක් අත්පත් කර ගැනීමට හැකියාව ඇති රටක් ලෙස ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ප්‍රමුඛතාව ලබා ගැනීමත් සමඟ, රට තුළ ව්‍යවසායකත්වය පෝෂණය කිරීම, පුද්ගලයින් සහ ව්‍යාපාර වර්ධනය කිරීම හා රටෙහි ආර්ථික වර්ධනයට දායක වීම අරමුණු කරමින්, ශ්‍රී ලංකා ව්‍යවසායකයන්ගේ සංවිධානය (EO) පිහිටුවනු ලැබිණි. 2022- 2023 ගෝලීය ශිෂ්‍ය ව්‍යවසායක සම්මාන (GSEA) තරගාවලි පිළිබඳ වැඩි විස්තර www.gsea.org වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් දැන ගත හැකි වේ.

  • Ada Derana BIZ Sinhala
  • CDB
  • sri lanka

CDB, ඩිජිටල් සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමේ අරමුණින් තවත් පාසල් ද්විත්වයකට සුහුරු පරිගණක විද්‍යාගාර පිරිනැමේ

December, 3, 2022

සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB) සමාගමේ සුහුරු පරිගණක විද්‍යාගාර ව්‍යාපෘතියේ නවතම අදියර යටතේ, එම සමාගමේ 25 වන සංවත්සරයට සමගාමීව තවත් පාසල් 20 කට සුහුරු පරිගණක විද්‍යාගාර (Smart Computer Lab) පරිත්‍යාග කිරීමට සැලසුම් කර ඇත. CDB සමාගමේ ප්‍රමුඛතම තිරසාරත්ව ව්‍යාපෘතියක් වන මෙහි මූලික අරමුණ වන්නේ, ළමා පරපුරේ තාක්ෂණ දැනුම හා ඩිජිටල් සාක්ෂරතාව නංවාලමින් වඩාත් සුහුරු හා තිරසාර ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ මෙහෙවරට දායක වීම ය.

මීට වසර 13 කට පෙර ආරම්භ වූ මෙම ව්‍යාපෘතිය මගින් ගම්පහ කළුතර, කුරුවිට, කෙහෙල්පන්නල, මොණරාගල, මදුරන්කුලිය, කඳපොළ, කුරුණෑගල, අනුරාධපුර, යාපනය සහ තිස්සමහාරාමය යනාදී ප්‍රදේශවල පිහිටි පාසල් 11 ක් වෙත මේ ආකාරයේ සුහුරු පරිගණක විද්‍යාගාර පිරිනමා තිබේ.

ග්‍රාමීය ප්‍රජාවන් තුළ ඩිජිටල් සාක්ෂරතාව වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව හඳුනාගැනීමෙන් පසු, ළමා පරපුරට ඩිජිටල් ලෝකය හා සම්බන්ධ වීමට අවශ්‍ය තොරතුරු තාක්ෂණ කුසලතා සහ දැනුම ලබා ගත හැකි වන පරිදි දිවයින පුරා පිහිටි පාසල් වෙනුවෙන් තවත් සුහුරු පරිගණක විද්‍යාගාර 20ක් කඩිනමින් පරිත්‍යාග කිරීමට CDB ප්‍රතිඥයා දී තිබේ.

මෙය එක්සත් ජාතීන්ගේ සංවර්ධන ඉලක්ක අතර සිව්වන ඉලක්කය වන ‘ගුණාත්මක අධ්‍යාපනයක්’ යන්න පදනම් කරගත් ව්‍යාපෘතියකි. මේ ඔස්සේ ගුණාත්මක භාවය සඳහා අවශ්‍ය නවීන තාක්ෂණ පහසුකම් සපයන අතරම රටේ පාසල් සිසුන් අතර ඩිජිටල් සාක්ෂරතාව වැඩිදියුණු කිරීම CDB සමාගමේ බලාපොරොත්තු වේ.

ව්‍යාපෘතියේ නවතම අදියරේ පළමු සුහුරු පරිගණක විද්‍යාගාරය කොළොන්නාව ශාන්ත ජෝසප් විද්‍යාලයේ ස්ථාපිත කරන ලද අතර, තවත් විද්‍යාගාර දෙකක් ඌව පළාතේ කුරුවිතැන්න මහා විද්‍යාලයේ සහ මධ්‍යම පළාතේ අටබාගේ උඩුගම මහා විද්‍යාලයේ ස්ථාපිත කරන ලදි. මෙම පරිත්‍යාගයන් සිදුකිරීමට සුදුසුම පාසල් තෝරාගැනීම සඳහා CDB සමාගම අධ්‍යාපන අමාත්‍යාංශය සමග අත්වැල් බැඳගෙන සිටින අතර, ඒ සඳහා විශේෂ තෝරා ගැනීමේ ක්‍රියාපටිපාටියක් අනුගමනය කෙරේ.

CDB සමාගම ක්‍රියාවට නංවා ඇති තිරසාරත්ව සවිබල ගැන්වීමේ සහ දැනුම ව්‍යාප්ත කිරීමේ මෙහෙවර තුළින් රටේ සෑම පුරවැසියෙකුටම සුවිශේෂී අවස්ථා රැසක් විවර වේ. මෙය හුදෙක් ග්‍රාමීය ප්‍රදේශ වල තරුණ පරපුරේ තොරතුරු තාක්ෂණ හැකියාවන් වැඩිදියුණු කිරීමේ මෙහෙවරක් පමණක් නොව, ආකල්ප පුළුල් කරමින්, ඔවුන්ට අනාගතයේ ජීවිතය ජයගැනීම සඳහා අවශ්‍ය වෘත්තීය සහ අනෙකුත් කුසලතා වැඩිදියුණු කිරීමේ ජාතික මට්ටමේ මෙහෙවරකි.

  • Ada Derana BIZ Sinhala
  • Raigam Tele’es
  • sri lanka

රයිගම් ටෙලීස් 2022 19 වැනි සම්මාන උළෙල 2023 මාර්තු 25 වැනිදා 

December, 2, 2022

රයිගම් ටෙලීස්  2022 19 වැනි සම්මාන උළෙල පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් පසුගිය දා පැවැත්වුණි.

රයිගම් ටෙලීස් - ජාතියේ ටෙලි සම්මාන

විවිධ කලා ක්‍ෂේත්‍රයන්හි නියැලි ශිල්පීන්ගේ නිර්මාණ කුසලතාවයන් ඇගයීම තුළ වඩාත් ඉහළ නිර්මාණශිීලිී හා ගුණාත්මක නිර්මාන බිහිකිරීම උනන්දු කරවීම සඳහා දේශීය හා ජාත්‍යන්තර මට්ටමින් සම්මාන උළෙල රාශියක් පැවැත්වේ. 1964 මැයි මස 9 වැනි දින පැවති සරසවිය සිනමා සම්මාන උළෙල ශ්‍රී ලාංකික අපේ කුඵඳුල් දේශීය සම්මාන අත්දැකීමවූ අතර, පසුකාලීනව රාජ්‍ය ආයතන මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන සහ පෞද්ගලික සමාගම් විසින් සිනමා නාට්‍ය හා රූපවාහිනී සම්මාන උළෙල රැසක් එක්කළ අතර ඉන් උළෙල  කිහිපයක් මේ වන විට නොපැවැත්වෙන අතර තවත් සමහර උළෙල වරින් වර පැවැත්වෙන බව දැකිය හැකිය.

මෙම තත්ත්වය යටතේ දිවයිනේ ප්‍රසිද්ධ පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදන සමාගමක් වන රයිගම් සමූහ සමාගම විසින් 2005 වර්ෂයේදී හඳුන්වා දුන් රයිගම් ටෙලීස් උළෙල අඛණ්ඩව වාර්ෂිකව පැවැත්වේ. මේ වනවිට දිවයිනේ ප්‍රමුඛතම මෙන්ම වඩාත් ආකර්ෂනීය සම්මාන උළෙල බවට රයිගම් ටෙලීස් පත්වී ඇති අතර අඛණ්ඩව වර්ෂ 18 ක් ඉතා සාර්ථකව පවත්වා ඇත. විශේෂයෙන්ම නිර්මාණ විනිශ්චයේදී ඉහල ගුණාත්මක භාවයක් රඳවා ගැනීම, සෑම විටම නව්‍යකරනයෙන් යුත් සම්මාන උළෙලක් පැවැත්වීම සහ වැඩිම නාලිකා සංඛ්‍යාවක් ඔස්සේ විකාශය කිරීම  මෙන්ම සමාජ මාධ්‍ය තුළ ඉහල අවධානයක් දිනාගැනීම වැනි හේතුන් මෙම තත්ත්වය කෙරෙහි බලපාන ලද ප්‍රධාන සාධක වේ.

රයිගම් ටෙලීස්  - දේශීය සම්මාන උළෙල සංස්කෘතියට නවාංග හඳුන්වා දෙමින් පුරෝගාමී මෙහෙවරක නියැලී ඇත. විශේෂයෙන් ජාත්‍යන්තර  උළෙල සංස්කෘතිය හා යමින් ප්‍රධාන උළෙලට පෙරාතුව නිර්දේශිත නාම ප්‍රසිද්ධකිරීම ප්‍රථම වරට හඳුන්වා දුන්නේ රයිගම් ටෙලීස් වන අතර, සිය`ඵ නිර්දේශලාභීන්ට වටිනා රක්‍ෂණ ප්‍රතිලාභයක් සමග සම්මානලාභීන්ට ඉහල මුදල්ත්‍යාගයන් පිරිනමන ලද්දේ ද රයිගම් ටෙලීස් විසිනි.

රයිගම් ටෙලීස් උළෙල අඛණ්ඩව හා ස්වාධීනව  පවත්වාගෙන යාම ස්ථිර කිරීම සඳහා රයිගම් ටෙලීස් ලෙකම් කාර්යාලය නමින් වාණිජ පරමාර්ථයෙන් තොර ආයතනයක් ස්ථාපිතකර ඇති අතර ප්‍රවීණ හා විද්වත් උපදේශක මණ්ඩලයක් යටතේ එම ආයතනය ක්‍රියාත්මක වේ.

රයිගම් ටෙලීස් හි සාර්ථකත්වය සඳහා සම්පත් බැංකුවේ හවුල් කාරීත්වයෙන් ලැබුණු ශක්තිය ප්‍රභල හේතුවක් විය.

 

අයදුම් කිරීමේ හා තෝරාගැනිමේ ක්‍රියාවලිය

සම්මාන සඳහා නිර්දේශිතයන් තෝරාගැනිමේ ක්‍රියාවලිය ආරම්භවන්නේ අයදුම්පත් භාරගැනීම පිළිබඳ ප්‍රසිද්ධ නිවේදනයක් නිකුත් කිරීමෙන් හා නාලිකා වෙත යොමු කෙරෙන අයදුම්පත් කැඳවීමේ ලිපි මගිනි. සියලු අයදුම්පත් අදාල නාලිකා ප්‍රධානී විසින්  සලකාබැලෙන වර්ෂයට අදාලව විකාශය වූ බවට සහතික කළ යුතුය. නැවත විකාශයන් සහ මුදල් ගෙවා පමණක් නැරඹිය හැකි රූපවාහිනී චැනල මේ සඳහා සුදුසුකම් නොලබයි.

මෙවර 2022 වර්ෂයට අදාල අයදුම්පත් භාරගන්නා අවසන් දිනය 2023 ජනවාරි 15 ලෙස තීරණය කර ඇත.

උළෙල සඳහා ඉදිරිපත්වන සිය`ඵ නිර්මාණ නිපුණ හා ස්වාධීන විනිශ්චය මණ්ඩලයක් විසින් ඇගයීමට ලක්කෙරේ.

 

රයිගම් ටෙලීස් විනිශ්චය මණ්ඩලය

බුද්ධදාස ගලප්පත්ති මහතා             - සභාපති

මහාචාර්ය රෝහිනී පරණවිතාන    - සාමාජික

රවීන්ද්‍ර ගුරුගේ මහතා                   - සාමාජික

හංසමාලා රිටිගහපොල මහත්මිය   - සාමාජික

ජයනාත් ගුණවර්ධන මහතා            - සාමාජික

අරුණ ගුණරත්න මහතා                  - සාමාජික

රංග දසනායක මහතා                       - සාමාජික

සමන් වික්‍රමාරච්චි මහතා               - සාමාජික

චම්මින්ද වෙලගෙදර මහතා            - සාමාජික

අබ්දුල් හමීඩ් මහතා                           - සාමාජික

වසරේ ජනප්‍රියතම ටෙලි නාට්‍යයල ටෙලිනාට්‍ය නඵවාල සහ නිළිය ප්‍රේක්‍ෂක මනාපයෙන් තෝරාගන්නා අතර වඩාත්ම ජනගත ටෙලිනාට්‍යයල රූපවාහිනී වැඩසටහන සහ ප්‍රවෘත්ති විකාශය දීප ව්‍යාප්ත ජනතා සමීක්‍ෂණයක් මගින් තීරණය කරනු ලැබේ. විශේෂ ප්‍රණාම සම්මාන සඳහා වන නිර්දේශ විශේෂ උපදේශක සභාවක් මගින් සිදුකෙරේ.

මෙවර ඇතුළත් නවාංග

පසුගිය සම්මාන උළෙලේදි වඩාත් ජනගත ටෙලිනාට්‍යය, රූපවාහිනී වැඩසටහන සහ රූපවාහිනී ප්‍රවෘත්ති විකාශය නමින් නව සම්මාන කුලකයක්  රයිගම් ටෙලීස් විසින් හඳුන්වා දී ඇත. වසරේ ජනප්‍රියතම ටෙලිනාට්‍යය, ටෙලිනාට්‍ය නඵවා සහ නිළිය පාඨක මනාපය අනුව තීරණය කළද ඒවා ජනතාව අතර වඩාත් මුල්බැසගත් නිර්මාණ ඒවා නොවන්නට ඉඩ ඇත. මේ අනුව වඩාත් ජනගත නිර්මාණ තීරණය කිරීම සඳහා ප්‍රවීණ ප්‍රජාවිද්‍යාවේදීයෙකු වූ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ලක්‍ෂමන් දිසානායකයන්ගේ අධීක්‍ෂණය යටතේ දීපව්‍යාප්ත ජනතා සමීක්‍ෂණයක්  පැවැත්වෙනු ඇත.  මෙම නව කුලකය ශ්‍රී ලංකාවේ ටෙලි සම්මාන සංස්කෘතියේ පාර්ශවකරුන් අතර ඉහළ පිළිගැනීමක් හිමිකරගෙන ඇත.

ජනගත කුලකයේ පහත දැක්වෙන සම්මාන සඳහා 2023 පෙබරවාරි මස 23 වන දිනට පෙර තම අයුදුම්පත් යොමු කරන ලෙස සියලු රූපවාහිනී නාලිකාවන්ගෙන් ඉල්ලා සිටිමු.

-           වඩාත් ජනගත ටෙලිනාට්‍යය

-           වඩාත් ජනගත රූපවාහිනී වැඩසටහන

-           වඩාත් ජනගත ප්‍රවෘත්ති විකාශය

 

සම්මාන කුලක හතක් සහ උළෙල දෙකක්

වාර්ෂිකව පැවැත්වෙන රයිගම් ටෙලීස් සම්මාන උළෙල ප්‍රධාන උළෙලයන් දෙකකින් සමන්විත වේ. ඒ නිර්දේශිත නාම උත්කර්ෂණ උළෙල - Nomination Evening සහ අවසාන සම්මාන රාත්‍රියයි.

නිර්දේශිත නාම උත්කර්ෂණ උළෙල

ඔස්කා වැනි ජාත්‍යන්තර තලයේ සම්මාන උළෙල වල ආභාෂයන් දේශීය සම්මාන උළෙල සඳහා ද යොදා ගනිමින් අවසාන සම්මාන රාත්‍රියේදී සම්මාන සඳහා නිර්දේශීත නාමයන් කලින් ප්‍රකාශ කිරීමේ උළෙලක් ප්‍රථම වරට හඳුන්වා දෙන ලද්දේ රයිගම් ටෙලීස් විසිනි. යම් කලා නිර්මාණයක් හෝ හැකියාවක් ඇගයීම ගුණාත්මක තීන්දුවක් වන අතර සමහර විටකදී නිර්දේශිතයන් තිදෙනාම එක හා සමාන දක්‍ෂයන් විය හැකිය. සම්ප්‍රදායික සම්මාන උළෙල වලදී සිදුවන්නේ එක් තැනැත්තෙක් පමණක් සම්මානය ලැබීමත් අනෙක් දෙදෙනාගේ දක්ෂතා නම් සඳහන් කිරීමකට පමණක් සීමා වීමයි.

රයිගම් ටෙලීස් මෙම තත්ත්වය වෙනස් කරමින් සියලු නිර්දේශලාභීන් විශේෂිත උළෙලකට කැඳවා ඔවුන්ගේ හැකියාවන් ඇගයීමට නිර්දේශිත නාම උත්කර්ෂණ උළෙල හඳුන්වා දෙන ලදි. මෙහිදි සෑම නිර්දේශිතයෙකු සඳහාම එක් වර්ෂයක් සඳහා බලපාන රුපියල් මිලියනයක ජීවිත රක්ෂණයක් සහ රුපියල් ලක්ෂයක් වටිනා වෛද්‍ය රක්‍ෂණයක් තිළිණ කෙරේ. මීට අමතරව ඔවුන්ගේ හැකියාව අගය කිරමින් වටිනා සහතිකයක්ද නිකුත් කරනු ලැබේ.

ජාතික සංනිවේදන ජාලය වූ මොබිටෙල් මෙම උළෙල සඳහා පූර්ණ අනුග්‍රාහකත්වය දරන අතර රක්‍ෂණ තිළිණ පිරිනමන්නේ අලියාන්ස් රක්‍ෂණ සමාගමයි.

අවසාන සම්මාන රාත්‍රිය

රයිගම් ටෙලීස් සම්මාන රාත්‍රිය ශ්‍රී ලංකාවේ රූපවාහිනී ක්‍ෂේත්‍රයේ බොහෝ දෙනෙක් වඩාත් උනන්දුවෙන් අපේක්‍ෂා කරන උළෙලක් වන අතර, එය සම්මාන උළෙලකින් ඔබ්බට ගොස් ක්‍ෂේත්‍රයේ සහෘදයන්ට වසරකට වරක් මුණ ගැසී සතුටුසාමීචියේ යෙදෙන්නටද ලැබෙන මහඟු අවස්ථාවකි. සංවිධායකයන් විසින් සෑම විටම මෙම උළෙල විවිධ නවාංගයන් සහිතව උපරිම තලයකින් සිදු කිරීමට උත්සාහ ගන්නා අතර රූපවාහිනී චැනල පහක පමණ විකාශය සිදු වේ.  ඊට අමතරව සමාජ මාධ්‍යජාල ඔස්සේ ද ඉතා පුඵල් පදනමකින් සමාජ ගත වේ.

සියලු සම්මාන ලාභීන් සඳහා වටිනා මුදල් ත්‍යාග සම්පත් බැංකුවේ අනුග්‍රහයෙන් “සම්පත් මුදල් තිළිණ” නමින් පිරිනමන අතර, අලියාන්ස් රක්‍ෂණ සමාගම විසින් පිරිනමන අලියාන්ස් රක්‍ෂණ තිළිණ සමග වටිනා රයිගම් ටෙලි සම්මානය සහ සහතික පත්‍රය පිරිනැමේ.

සම්මාන කුලක

රයිගම්  ටෙලීස්, ටෙලිවිෂන්  මාධ්‍යයේ සියලු  අංශ පහතින් දක්වා ඇති පරිදි ආවරණය කරයි.

ටෙලි නාට්‍ය විශිෂ්ටතා සම්මාන

රයිගම්  ටෙලීස්  උළෙලේ  සම්මාන පරාසය පුළුල් කළද  ටෙලි  නාට්‍ය  සඳහා  ප්‍රදානය  කෙරෙන  සම්මාන  සංඛ්‍යාව  එලෙසින්ම පවත්වාගෙන  යාමට රයිගම් ටෙලීස් ලේකම් කාර්යාලය තීරණය කර ඇත. මේ අනුව පසුගිය වර්ෂ වලදී මෙන්ම වසරේ විශිෂ්ටතම ගායන, රංගන, තාක්‍ෂණ සහ ටෙලි නාට්‍ය නිර්මාණ  කුසලතාවයන්  අගයමින්  වසරේ  විශිෂ්ටතම  ප්‍රාසාංගික,  ඒකාංගික  ටෙලි  නාට්‍යය ඇතුළු විශිෂ්ටතා සම්මාන ඒ අයුරින්ම ප්‍රදානය කරනු ඇත.

රූපවාහිනී මාධ්‍ය විශිෂ්ටතා සම්මාන

පුංචි තිරයේ ජනප්‍රියතම අංගය ටෙලි නාට්‍ය වුවද, එහි වැඩිම වේලාවක් අරක්ගත්තේ විවිධ වැඩ සටහන්ය. රූපවාහිනි මාධ්‍යයේ වගකීම වන්නේද ප්‍රේක්ෂකයන්ගේ විනෝදාස්වාදය මෙන්ම, දැනුම, අවබෝධය සහ යාවත් කාලීන කරවීමේ සන්නිවේදන වගකීමයි. එය යුගයේ ප්‍රබලතම විඥාපන මෙවලමයි. මේ නිසා ජනතාවගේ ආනන්දයටත්, ප්‍රඥාවටත් හේතුවන උසස් තත්වයේ නිර්මාණ ඉදිරිපත් කිරිමේ හා තාක්ෂණ කුසලතාවයන් වඩ වඩාත් දකිනු රිසියෙන් මෙම අංශයේ සම්මාන පුවත් වාර්තාකරණය, ප්‍රවෘත්ති නිවේදනය,  කාලීන  වැඩසටහන්, අධ්‍යාපන,  ළමා, සංගීත, රියැලිටි  හා  දේශපාලන  මෙන්ම  වැඩසටහන්  ඉදිරිපත්  කිරිමේ  (සම්ප්‍රවේෂකයන්) විශිෂ්ටත්වයන් උදෙසා ද පිරිනමනු ඇත.

මෙම සම්මාන උළෙලේදී ප්‍රවෘත්ති නිවේදනය හා වැඩසටහන් සම්ප්‍රවේශක සඳහා සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යයන් වෙනුවෙන් වෙන වෙනම සම්මාන ප්‍රදානය කෙරේ. නිවේදක හා සම්ප්‍රවේශක කුලකය යටතේ සම්මානයක් දිනා ගන්නා අයෙකුට වසර තුනක් ගත වන තෙක් එම සම්මානය සඳහා නැවත අයඳුම් කළ නොහැක. ඒ අනුව මෙවර 2019, 2020 සහ 2021 උළෙලවල ජයග්‍රාහකයන්ට නැවත අයදුම් කළ නොහැක.

ජනප්‍රිය සම්මාන

සුපුරුදු පරිදි මෙවරත් වසරේ ජනප්‍රියතම ටෙලි නාට්‍යය,  ටෙලි නාට්‍ය නළුවා සහ ටෙලි නාට්‍ය නිළිය ප්‍රේක්‍ෂක ජුරීය විසින් තීරණය කරනු ඇත. අවසානයේදී ටෙලි නාට්‍ය විඳින්නේ මහජනතාවයි. කවුරුන් කෙසේ බැලුවද කෙසේ විශ්ලේෂණය කළද නිර්මාණයක් සාර්ථක වන්නේ ප්‍රේක්‍ෂක ජනතාව එය වැළඳ ගන්නේ නම් පමණි. ඒ බව නිර්මාණ කරුවන්ද අවධාරණය කරගත යුතුය. මේ නිසා තම හෘද සාක්ෂිය ප්‍රකාශ කිරීමේ සාධාරණය ප්‍රේක්‍ෂක ජනතාවට ලබා දෙමින් ජනප්‍රිය සම්මාන ලාභීන් තීරණය කරනු ඇත. මේ සඳහා මහජනතාවට වඩාත් පහසු කෙටි පණිවුඩ SMS ක්‍රමය ප්‍රථම වරට හදුන්වා දුන්නේ රයිගම් ටෙලි සම්මානයයි. මෙවරද තමන් සිත්ගත් ටෙලිනාට්‍යය, ටෙලිනාට්‍ය නළුවා, නිළිය ජයග්‍රහණය කරවීම සඳහා තම මතය ප්‍රකාශ කිරීමට ප්‍රේක්‍ෂක ජනතාවට අවස්ථාව ලැබේ.

ජනප්‍රිය සම්මාන සඳහා මනාප ප්‍රකාශ කිරීම පහසු කිරීම සඳහාත් උළෙල පිළිබඳ යාවත් කාලීන තොරතුරු නොපමාව නිකුත් කිරීම සඳහාත්, Raigam Tele’es නමින් ජංගම දුරකථන යෙදවුමක් (Mobile App) ද ක්‍රියාත්මක වේ. මෙම යෙදවුම Play Store හරහා බාගත කර ගත හැක. 2023 පෙබරවාරි මස 24 දින සිට 2023 මාර්තු මස 24 දින මධ්‍යම රාත්‍රිය දක්වා මෙම SMS මත විමසුම විවෘතව පවතී.  SMS යොමු කළ යුතු දුරකථන අංක ජන මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කරනු ඇත.

ජනගත සම්මාන කුලකය

පසුගිය උළෙලේ සිට අලුතින් හඳුන්වා දුන් සම්මාන කුලකයකි. ජනප්‍රිය සම්මාන සඳහා ජයග්‍රාහකයන් ප්‍රේක්ෂක මනාපයෙන් තෝරාගන්නා අතර වසර තුළ විකාශය වූ වැඩසටහන් අතුරෙන් වඩාත්ම ජනගත වූ ටෙලිනාට්‍යය, රූපවාහිනී මාධ්‍ය වැඩසටහන සහ ප්‍රවෘත්ති විකාශය දීපව්‍යාප්ත ජනතා සමීක්ෂණයක ප්‍රතිඵල පදනම් කරගෙන පිළිගත් ක්‍රමවේදයකට අනුව තීරණය කරනු ඇත.

ප්‍රණාම සම්මාන

රූපවාහිනී ක්‍ෂේත්‍රයේ උන්නතිය සඳහා උතුම් දායකත්වයක් ලබාදුන් කලා ශිල්පීන් හා පුරොගාමීන් සඳහා ප්‍රණාම සම්මාන ප්‍රදාානය කිරීම රයිගම් ටෙලිස් සම්මාන උළ්ලේ සුවිශේෂී අංගයකි. මේ දක්වා ප්‍රණාම සම්මාන ලැබූවන් අතර රූපවාහිනී කලා මාධ්‍යයේ  ඡේ්‍යෂ්ඨයන් මෙන්ම රූපවාහිනි තාක්‍ෂණය ශ්‍රී ලංකාවට  හඳුන්වාදීමේ  පුරෝගාමී  මෙහෙවරක්  ඉටුකල  වූවන්ද  විය.

මෙම සම්මාන කුලකය යටතේ 2007 වර්ෂයේදී හඳුන්වාදුන් ප්‍රතිභා ප්‍රභා ගෞරව සම්මානය සෑම උළෙලකදීම ප්‍රදානය කරන උත්තම සම්මානයයි. මෙම සම්මානය ජීවිතයේ එක් වතාවක් පමණක් හිමිවන්නකි. පසුගිය සම්මාන උළෙලේදී ප්‍රවීණ සිනමාවේදිනී සුවිනීතා වීරසිංහ මැතිණියගේ සේවය මේ යටතේ අගයන ලදි.

රූපවාහිනී නාලිකා ඇගයීම

සම්මාන උළෙළේදී ටෙලි නාට්‍ය අංශයේ වැඩිම සම්මාන සංඛ්‍යාවක් දිනාගත් නාලිකාව ‘වසරේ ටෙලිනාට්‍ය නාලිකාව ලෙසද අනිකුත් මාධ්‍ය වැඩසටහන් සඳහා වැඩිම සම්මාන සංඛ්‍යාවක් දිනාගත් නාලිකාව ‘වසරේ රූපවාහිනි මාධ්‍ය වැඩසටහන් නාලිකාව’ ලෙසද සම්මානයට පාත්‍ර වනු ඇත.

සම්මාන උළෙලේදී සමස්ත වශයෙන් වැඩිම සම්මාන සංඛ්‍යාවක් ඡයග්‍රහණය කරන රූපවාහිනී නාලිකාව වසරේ සම්මානනීය නාලිකාව ලෙස අභිෂේක ලබනු ඇත. වසරේ සම්මානනීය නාලිකාව තීරණය කිරීම උදෙසා වඩාත් විනිවිද පෙනෙන දර්ශකයක් භාවිත කරන, එකම සම්මාන උළෙල මෙයයි.

කලාකරුවන්ට පිදෙන දහසින් බැඳි පියළි       

අපේ රටේ පැවැත්වෙන සියලුම සම්මාන උළෙලවල් අතරින් සම්මාන ලාභීන්ට ඉහළම වටිනාකමකින් යුත් තිළිණ ප්‍රද්‍රනය කරන්නේ රයිගම් ටෙලීස් උළෙලයි.

මේ යටතේ සම්මාන ජයග්‍රණය කළ ද නොකළ ද සියලුම නිර්දේශ ලාභීන් සඳහා වර්ෂයක කාලයක් සඳහා රුපියල් ලක්ෂයක වෛද්‍ය රක්ෂණයක් සමග රුපියල් මිලියනයක ජීවිත රක්ෂණාවරනයක් තිළිණ කරන ලදි.  ටෙලි හෝ චිත්‍රපට සම්ම්න උළෙලක් අරඹයා ශ්‍රී ලංකාව තුල නිර්දේශලාභීන් මෙසේ ඇගයෙන එකම උළෙල රයිගම් ටෙලි සම්මාන උළෙලයි.

මෙවරද සියලු නිර්දේශලාභීන්ට හිමිවන වරප්‍රසාද වලට අමතරව, රයිගම් ටෙලීස් උළෙලේ සම්මාන ලාභීන් සඳහා රුපියල් ලක්ෂ 30 ක් ඉක්මවන මුදල් ත්‍යාග පිරිනැමේ.

පසුගිය වසර 12 මුළුල්ලේ උළෙලේ සම හවුල්කාරීත්වය දරණ සම්පත් බැංකුවේ දායකත්වය සහ නිර්දේශිත නාම උත්කර්ෂණ උළෙලේ පූර්ණ අනුග්‍රාහකත්වය දරණ මොබිටෙල් හි දායකත්වය ස්තුති පූර්වකව සිහිපත් කරමු.

උළෙලේ තාක්‍ෂණ සහය ඉමැජින් එන්ටර්ටේන්මන්ට් වෙතිනි. නිර්දේශලාභීන් සඳහා රක්ෂණ ආවරණ තිළිණ කරන්නේ අලියාන්ස් රක්‍ෂණ සමාගමයි.

උළෙල නියෝජනය කිරීම සඳහා සුදුසුකම් ලබන නිර්මාණයන් මෙසේය

  1. ටෙලි නාට්‍ය - 2022 වර්ෂය තුලදී අවසාන කොටස විකාශය කළ දේශීය ටෙලිනාට්‍ය වේ.
  2. වෙනත් නිර්මාණ - 2022 වර්ෂය තුලදී ශ්‍රී ලංකාවේ රූපවාහිනි නාලිකාවක් ඔස්සේ ප්‍රථම වරට විකාශය වී තිබිය යුතුය. නැවත විකාශනය කළ නිර්මාණ සලකා නොබැලේ. තවද රියැලිටි වැඩසටහන් ආදිය අදාල අදියර (Season) අවසන් කර තිබිය යුතුය.
  3. කේබල් රූපවාහිනි සහ මුදල් ගෙවා පමණක් නැරඹිය හැකි නාලිකාවල පමණක් විකාශය වු නිර්මාණ සහ හඬකැවීම් ඇතුඵ කිසිදු විදේශ නිර්මාණයක් (හඬකැවීමේ වැඩසටහන උදෙසා වන සම්මානය සඳහා හැර) මෙම උළෙල සඳහා සුදුසුකම් නොලබයි.
  4. වැඩසටහන් ඉදිරිපත් කිරීම සහ නිවේදක නිවේදිකා අංශය සඳහා අදාාල නාලිකාව මඟින් හෝ තනිව අයදුම් කළහැකිය.
  5. ප්‍රවෘත්ති නිවේදක සහ සම්ප්‍රවේශක කුලකය යටතේ සම්මාන ලබන ඕනෑම ශිල්පියෙකුට හෝ ශිල්පිනියකට එම සම්මානය සඳහා නැවත අයදුම් කළ හැක්කේ වසර 03 ක් ගතවීමෙන් අනතුරුවය.

අයදුම්පත් හා නිර්මාණ භාරගැනීම

රයිගම් ටෙලීස් 2022 උළෙල සඳහා අයදුම්පත් හා නිර්මාණ භාරගැනීම මේ වන විට ආරම්භ වී ඇති අතර එය 2022 ජනවාරි මස 15 වන දිනෙන් අවසන් වේ. මෙවර සම්මාන උළෙල සඳහා නිර්මාණ ඉදිරිපත් කිරිමට අපේක්‍ෂිත නිර්මාණකරුවන් හැකි ඉක්මනින් 0707 061 508 හෝ 0707 061 602 අංක මඟින් රයිගම් ටෙලීස් ලේකම් කාර්යාලය අමතන ලෙස ඉල්ලා සිටී.

උළෙල සඳහා ඉදිරිපත් කරන නිර්මාණ නිසිපරිදි සම්පූර්ණ කල අයදුම් පත්‍රයක්ද සමග යොමු කළ යුතුවන අතර අයදුම්පත් තම නාලිකාවලින්, ඉහත සඳහන් දුරකථන අංක ඇමතීමෙන් හෝ www.raigamtelees.lk පිටුවට පිවිසීමෙන් ලබාගත හැකිය.

අයදුම්පත් සමඟ තම නිර්මාණ VOB හෝ MPEG වර්ගයේ සංයුක්ත තැටි (CD) සංක්‍යාත වීඩියෝ තැටි (DVD) මඟින් පහත සඳහන් ලිපිනය වෙත භාරදිය යුතුය.

  • Ada Derana BIZ Sinhala
  • ATM
  • ComBank
  • CRM
  • digital receipts
  • Introduces
  • sri lanka

කොමර්ෂල් බැංකුවේ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර වලින් මුදල් ලබා ගන්නා අයට දැන් ඩිජිටල් රිසිට් පත්

December, 2, 2022

ගනුදෙනු පිරිවැය අඩුකරමින් කඩදාසි භාවිතය අඩුකිරීම සඳහා කොමර්ෂල් බැංකුවේ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර වලින් මුදල් ලබාගැනීමේදී ඩිජිටල් රිසිට් පතක් නිකුත් කිරීම හඳුන්වා දී තිබෙන අතර මෙය පරිසර හිතකාමී හරිත සංකල්පයක් සේම එමගින් පාරිභෝගිකයින්ට පහසුවක් ඇති කරයි.

බැංකුවේ ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන් හෝ ඩෙබිට් කාඞ්පත් හිමියන් දිවයින පුරා පිහිටි බැංකුවේ  කෑෂ් රීසයික්ලර් යන්ත‍්‍ර (CRM) හෝ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර (ATM) තුළින් මුදල් ආපසු ගැනීමේදී එම යන්ත‍්‍ර මගින් ලබාදෙන මුද්‍රණය කළ රිසිට් පත වෙනුවට තමාගේ ජංගම දුරකතන අංකය කොමර්ෂල් බැංකුවේ ලියාපදිංචි කර තිබෙන ගනුදෙනු කරුවන්ට කෙටි පණිවුඩයක් ආකාරයෙන් ඩිජිටල් රිසිට් පතක් නිකුත් කරන බව බැංකුව සඳහන් කරයි.

මෙම කෙටි පණිවුඩයට ඩිජිටල් රිසිට් පත ලින්ක් එකක් ලෙස අමුණා තිබෙන අතර එය තමාගේ පරිගණකයට හෝ ජංගම සන්නිවේදන උපකරණයට ඩවුන්ලෝඞ් කරගෙන නිරීක්ෂණය කිරීමේ හැකියාව තිබෙන බව ද බැංකුව පවසයි. මේ වනවිට, කෑෂ් රීසයික්ලර් යන්ත‍්‍ර හෝ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර මගින් මුදල් ආපසු ලබාගැනීමේදී කඩදාසි සඳහා අයකරන රුපියල් 05 ක බද්ද මෙම ඩිජිටල් රිසිට් පත සඳහා ලියාපදිංචි වී එය ලබාගන්නා ගනුදෙනුකරුවන්ගෙන් අය නොකරන බව කොමර්ෂල් බැංකුව පවසයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - අලෙවිකරණ, හස්රත් මුණසිංහ මහතා මෙසේ අදහස් දැක්වීය. ‘කඩදාසි නොවන ගනුදෙනු දිරිමත් කරමින් පරිසර හිතකාමී ලෙස හැසිරීමට පාරිභෝගිකයින් උනන්දු කිරීමේදී ඩිජිටල් රිසිට් පතක් හඳුන්වාදීම තුළින් කඩදාසි තැන තැන විසිකර දැමීමේ සමාජ ප‍්‍රශ්නය ද අපිට නතර කරන්න පුළුවන්. ගනුදෙනු වලින් පසුව ලැබෙන බොහෝ කඩදාසි රිසිට්පත් එම යන්ත‍්‍ර අවට තැන තැන දමා යෑම මේ වනවිට සාමාන්‍ය සිරිතක් බවට පත්වී තිබෙනවා. ඩිජිටල් රිසිට් පත් භාවිතය තුළින් පාරිභෝගිකයින්ගේ මුදල් ඉතිරි කරන අතරම බැංකුවේ මුදල්ද ඉතිරිකර ගැනීමට හැකියාව ලැබෙනවා. එසේම, ඒ තුළින් කඩදාසි නිපදවීම සඳහා සිදුකරන ශාක භාවිතය අවම කර ගැනීමට අවස්ථාව ලැබෙන අතර තිරසාර අනාගතයක් ඇතිකර ගැනීමේ බැංකුවේ  උපායමාර්ගික වැඩසටහනේ ප‍්‍රධාන අංගයක් ලෙස මෙය පෙන්වාදිය හැකියි.’

ශ‍්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප‍්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 12 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 269 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 943 ක් ක‍්‍රියාත්මක කරයි. ශී‍්‍ර ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

  • Ada Derana BIZ Sinhala
  • November
  • sri lanka
  • tourist arrivals
  • tourists

2022 නොවැම්බරයේ දී සංචාරකයින් 59,759 ක් ඇවිත්

December, 2, 2022

පසුගිය නොවැම්බර් මාසයේ දී මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 59,759 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

මේ අනුව 2022 මුල් මාස 11 තුළ ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන මුළු සංචාරකයින් ප්‍රමාණය 628,017 ක් වේ.

නොවැම්බර් මාසය තුළ වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් පැමිණ ඇත්තේ රුසියාවෙන් වන අතර එම සංඛ්‍යාව 13,820 කි. මීට අමතරව ඉන්දියාවෙන් 10,167 ක සංචාරකයින් ප්‍රමාණයක් පසුගිය මාසය තුළ දී මෙරටට පැමිණ ඇති බව වාර්තා වේ.

සමස්තයක් ලෙස ගත් කල, 2022 ජනවාරි - නොවැම්බර් කාලපරිච්ඡේදය තුළ දී වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් පැමිණ ඇත්තේ ද ඉන්දියාවෙනි. එය 105,654 කි.

 

 

  • Ada Derana BIZ Sinhala
  • ComBank
  • debenture
  • opening day
  • sri lanka

කොමර්ෂල් බැංකුවේ රුපියල් බිලියන 10 ණයකර නිකුතුවට ආරම්භ දිනයේදීම අධිදායකත්වයක්

December, 1, 2022

කොමර්ෂල් බැංකුව විසින් නිකුත් කළ රුපියල් බිලියන 10 ක ණයකර නිකුතුව සඳහා කැපී පෙනෙන ඉහළ ආයෝජක ඉල්ලූම හේතුවෙන් නිකුතුව විවෘත කළ දෙසැම්බර් 01 වනදාම පැය කීපයකට පසු අවසන් කිරීමට බැංකුව තීරණය කළේය.

කොමර්ෂල් බැංකුවේ වත්කම් සහ වගකීම් කළඹන් අතර තිබෙන කල් පිරීමේ නොගැලපීම මගහරවා ගැනීම සහ ජාතික ආර්ථිකය නගා සිටුවීමට සහයෝගය ලබාදීම සඳහා විශේෂයෙන්ම සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායන් සහ අපනයනය ඉලක්ක කර්මාන්ත වෙනුවෙන් ණය පහසුකම් ලබාදීමට අවශ්‍ය අරමුදල් සපයා ගැනීමටත් බැංකුවේ දෙවන පෙළ ප‍්‍රාග්ධන මට්ටම ශක්තිමත් කරගැනීමටත් මෙම රුපියල් බිලියන 10 ක ණයකර නිකුතුව සිදුකරන ලදී.

මෙම ණයකර නිකුතුව සඳහා අධි ඉල්ලූමක් ලැබීම පිළිබඳව කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරී, සනත් මනතුංග මහතා මෙසේ අදහස් දැක්වීය. ‘බැංකුවේ අනාගත පුරෝකතන පිළිබඳව තිබෙන විශ්වාසය සහ ශක්තිය ආයතනික සහ පුද්ගලික ආයෝජකයින්ගෙන් ලැබුණු ඉහළ ප‍්‍රතිචාරය මගින් පිළිඹිබු වෙනවා. මෙය කොමර්ෂල් බැංකුවට වගේම සමස්ත බැංකු අංශයටම ලැබුණු දිරියක් ලෙස පෙන්වා දිය හැකියි. මෙම නව ප‍්‍රාග්ධනය මගින් බැංකුව තවදුරටත් ශක්තිමත් වෙනවා. ඒ තුළින් තවදුරටත් වර්ධනය වීමට අපි බලාපොරොත්තු වෙනවා.’

බාසල් III අනුකූලතාවයට යටත්ව නිකුත් කළ කොමර්ෂල් බැංකුවේ දෙවන පෙළ ලයිස්තුගත සහ වර්ගීකරණය කළ ඇප රහිත ණයකරයක වටිනාකම රුපියල් 100 ක් වේ. මෙම ණයකර කාණ්ඩ 03 කින් නිකුත් කළ අතර A කාණ්ඩය වසර 05 කින්ද B කාණ්ඩය වසර 07 කින්ද C කාණ්ඩය වසර 10 කින්ද කල් පිරේ.

වසර 05 කින් කල් පිරෙන ණයකරය සඳහා 28.00% ක වාර්ෂික ස්ථාවර පොලී අනුපාතයක් (AER 29.96%) ලබාදෙන අතර ඒ සඳහා ගෙවීම් අර්ධ වාර්ෂික වශයෙන් සිදුකරයි. එසේම, වසර 07 කින් සහ 10 කින් කල් පිරෙන ණයකර සඳහා 27.00% ක වාර්ෂික ස්ථාවර පොලී අනුපාතයක් (AER 28.82%) සහ 22.00% ක වාර්ෂික ස්ථාවර පොලී අනුපාතයක් (AER 23.21) පිළිවෙලින් ලබාදෙන අතර ඒ සඳහා ගෙවන්නේද අර්ධ වාර්ෂික වශයෙනි.

Video Story

Stock Market

Exchange Rates