• Ada Derana BIZ Sinhala
  • managed companies
  • Restructuring
  • sri lanka
  • SriLankan Airlines

ශ්‍රීලංකන් ප්‍රතිව්‍යූහගත කිරීමේ පළමු පියවර මෙන්න

November, 1, 2022

සීමාසහිත ශ්‍රීලංකන් ගුවන් සමාගම සහ එහි පරිපාලිත සමාගම් ප්‍රතිව්‍යූහගත කිරීම

විනිවිදභාවයෙන් යුත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් මඟින් තෝරාගනු ලබන ආයෝජකයන්ට ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සැලකිය යුතු කොටස් ප්‍රමාණයක් සහ ආයතනයේ කළමනාකරණය භාර දීම මඟින් ශ්‍රීලංකන් ගුවන්සේවා සමාගම සහ එහි පරිපාලිත සමාගම් ප්‍රතිව්‍යුහගත කිරීම යෝග්‍ය බව හඳුනාගෙන ඇත.

ඒ අනුව වරාය, නාවික හා ගුවන් සේවා ඇමතිතුමා ඉදිරිපත් කරන ලද යෝජනා සැලකිල්ලට ගෙන, ශ්‍රීලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගතකරණය කළ යුතු ක්‍රමවේදය පිළිබදව කරුණු අධ්‍යයනය කර අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීමේ කාර්යභාරය මුදල්, ආර්තික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාතයාංශය යටතේ ස්ථාපිත රජය සතු ව්‍යවසායයන් ප්‍රතිව්‍යූහගත කිරීමේ ඒකකය වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.

  • Ada Derana BIZ Sinhala
  • Cricket Fever
  • HNB FINANCE
  • sri lanka

HNB FINANCE ‘Cricket Fever’ වෙතින් අගනා ත්‍යාග දිනා ගැනීමට වරම්

November, 1, 2022

ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන පන්දුවාර 20-20 ලෝක කුසලාන තරග උණුසුම මධ්‍යයෙහි ක්‍රීඩාලෝලීන්ට වටිනා ත්‍යාග දිනා ගැනිමේ අවස්ථාවක් ලබා දීමට මෙරට ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC කටයුතු කර ඇත.

‘HNB FINANCE Cricket Fever’, ලෙස නම් කර ඇති මෙම තරගයට සහභාගී වී ජයග්‍රහනය ලබා ගන්නා ක්‍රීඩාලෝලීන්ට ක්‍රිකට් ජර්සි, ඇතුළුව HNB FINANCE වෙතින් ලබා දෙන සුවිශේෂී ත්‍යාග දිනා ගත හැකිවේ.

HNB FINANCE සමාජ මාධ්‍ය ජාලයෙහි පළ වී ඇති අදාළ පොස්ටුවේ සඳහන් වන link එක හරහා ‘HNB FINANCE Cricket Fever තරගයට ඇතුළු විය හැකි අතර තරගයට ඇතුල් වන්නන් අතුරින් කුසපත් ඇදීමෙන් ජයග්‍රාහකයින් තෝරා ගැනීමට නියමිතය. තරගය සමගින් එක්වීමේ කාලය ඔක්තොම්බර් 22 වන දින සිට නොවැම්බර් 13 වන දින දක්වා වේ. ජයග්‍රාහකයින් නොවැම්බර් 13වන දිනෙන් අනතුරුව HNB FINANCE හි සමාජ මාධ්‍ය ජාලය තුළින් ප්‍රකාශයට පත්කෙරෙනු ඇත. මෙම තරගයට අදාළ නවතම තොරතුරු HNB FINANCE හි Facebook, Instagram, YouTube, Twitter, TikTok සහ Linkedin සමාජ මාධ්‍ය ජාලා වෙත පිවිස දැනගත හැකි වන අතර තරගය සදහා ප්‍රවිශ්ඨ වන Link එක  හිතවතුන් හා හුවමාරු කර ගැනීමෙන් වැඩි දෙනෙකුට HNB FINANCE Cricket Fever තරගාවලිය සමග එක් විය හැකි බව HNB FINANCE පවසා සිටී.

‘අපගේ පාරිභෝගිකයින් වෙත වඩාත් නව්‍ය අවස්ථාවන් හිමිකර දෙමින් ඔවුන් හා සම්බන්ධ වීමට අපි නිරතුරුව කටයුතු කර තිබෙනවා. හැම විටම පාරිභෝගිකයින් සමග ඵලදායී සම්බන්ධයක් පවත්වා ගැනීම අපගේ අභිප්‍රාය වන අතර ඒ සඳහා සෑම විටම කටයුතු කර තිබෙනවා. සමාජ ජාලා ඔස්සේ සිදු කරන ප්‍රවර්ධන සහ අලෙවිකරණ වැඩසටහන් තුළින් ක්ෂේත්‍රයේ ඉදිරියෙන් සිටින අතර සැම විටම නව්‍ය සහ විවිධාංගීකරනයෙන් යුතු තරග සහ ප්‍රවර්ධන වැඩසටහන් අපගේ පාරිභෝගිකයින්ට හඳුන්වා දීම තුළින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විශාල පාරිභෝගික සමාජයක් ගොඩනංවා ගැනීමට HNB FINANCE සමත් වී සිටිනවා” යනුවෙන් හි අලෙවි ප්‍රධානී උදාර ගුණසිංහ මහතා පැවසීය.

  • Ada Derana BIZ Sinhala
  • Brandix
  • sri lanka

බ්‍රැන්ඩික්ස් උසස් පෙළ සිසු සිසුවියන් දිරිගැන්වීමට ‘මනුසත්කාර’ විශ්ව විද්‍යාල ශිෂ්‍යත්ව වැඩසටහන දියත් කරයි

November, 1, 2022

මෙරට ප්‍රමුඛතම ඇඟලුම් නිෂ්පාදන සමාගමක් වන බ්‍රැන්ඩික්ස් ඇපරල් (Brandix Apparel Ltd.), උසස් පෙළ සිසුන් සිසුවියන් දිරිමත් කිරීමේ අරමුණින් විශ්ව විද්‍යාල ශිෂ්‍යත්ව වැඩසටහනක් හඳුන්වා දී තිබේ. ශ්‍රී ලංකාවේ සිසු සිසුවියන් බොහෝ දෙනෙකුට අධ්‍යාපන වියදම් දැරීම ගැටලුවක් බවට පත්වෙමින් පවතින පසුබිමක් තුළ මෙය අතිශයින් කාලෝචිත වැඩසටහනක් වනු ඇත.

මෙම වැඩසටහන නම් කර ඇත්තේ ‘මනුසත්කාර විශ්ව විද්‍යාල ශිෂ්‍යත්ව වැඩසටහන’ යනුවෙනි. උසස් පෙළ විභාගයෙන් විශිෂ්ටතම දක්ෂතා පෙන්නුම් කරන සිසු සිසුවියන්ගේ උසස් අධ්‍යාපන කටයුතු වලට අත්වැලක් වෙමින්, ඔවුන්ගේ පෞද්ගලික සහ වෘත්තීය සංවර්ධනයට අවශ්‍ය පිටුබලය ලබාදීම මෙහි මූලික අරමුණ වී ඇත.

වැඩසටහනේ ප්‍රථම අදියරේදී, ‘බ්‍රැන්ඩික්ස් ආදර්ශ ගම්මාන’ වල වෙසෙන සිසු සිසුවියන් අතරින් උසස් පෙළ විභාගයේදී ඉහළම දක්ෂතා පෙන්නුම් කරමින් රාජ්‍ය විශ්ව විද්‍යාලවලට ඇතුළත් වීමට සුදුසුකම් ලැබූ සිසු සිසුවියන්ට ශිෂ්‍යත්ව පිරිනැමේ. ආදර්ශ ගම්මාන යනු බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවල සිට කිලෝමීටර් 10 ක දුර ප්‍රමාණයක් තුළ වෙසෙන ප්‍රජාවන්ගේ යහපත වෙනුවෙන් බ්‍රැන්ඩික්ස් විසින් ක්‍රියාවට නංවන ලද විශේෂ වැඩසටහනකි. මෙම ශිෂ්‍යත්ව වැඩසටහන, ශ්‍රී ලංකාවේ රැකියා වෙළඳපොළේ අනාගත අවශ්‍යතාවන්ට ගැළපෙන ශ්‍රම බලකායක් නිර්මාණය කිරීම සඳහා කැපීපෙනෙන දායකත්වයක් දක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මේ දක්වා මෙම වැඩසටහන යටතේ සිසු සිසුවියන් 18 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනමා ඇත. එම සිසු සිසුවියන් දැනටමත් පූර්ව පුහුණු වැඩසටහන් සහ ඉංග්‍රීසි භාෂා වැඩසටහන් සාර්ථක ලෙස අවසන් කර ඇති අතර, ඔවුන්ගේ විශ්ව විද්‍යාල දේශනද මේ වනවිට සාමාන්‍ය සහ මාර්ගගත ක්‍රම යටතේ ආරම්භ වී තිබේ. ශ්‍රී ජයවර්ධනපුර, කොළඹ, කැළණිය, මොරටුව, රජරට, නැගෙනහිර, පේරාදෙණිය සහ වයඹ යන විශ්ව විද්‍යාලවල මෙම සිසු සිසුවියෝ ඉගෙනුම ලබති.

බ්‍රැන්ඩික්ස් මනුසත්කාර විශ්ව විද්‍යාල ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ ප්‍රථම ශිෂ්‍යත්වය හිමිකර ගැනීමට සමත් වූයේ කේ. අක්ෂිකා සිසුවියයි. කොළඹ විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයට සුදුසුකම් ලැබූ ඇයට 2021 වසරේදී මෙම ශිෂ්‍යත්වය හිමි විය. 2019 වසරේ උසස් පෙළ විභාගයෙන් ජීව විද්‍යා අංශය යටතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය සහ සමස්ත ලංකා දෙවැනි ස්ථානය දිනාගන්නා ලද්දේ ඇය විසිනි.

“බ්‍රැන්ඩික්ස් යනු සියලුම දෙනා වෙනුවෙන් පිබිදුණු විසඳුම් ලබාදීමට කැපවුණු ව්‍යාපාරයක්. එම අරමුණ ඔස්සේ, හුදෙක් ව්‍යාපාර කටයුතු වලින් ඔබ්බට යමින්, ජනතාවටත් පරිසරයටත් යහපත සැලසීම සඳහා ක්‍රමවේදයක් නිර්මාණය කරගැනීමට අප පියවර ගෙන තිබෙනවා. ‘Provide, Educate and Engage’ යන සංකල්පය යටතේ ක්‍රියාත්මක වන අපගේ සමාජ තිරසාරත්ව උත්සාහයන්ට සමගාමීව අප මනුසත්කාර විශ්ව විද්‍යාල ශිෂ්‍යත්ව වැඩසටහන දියත් කළා. අභියෝග හමුවේ නොසැලී උසස් අධ්‍යාපන කටයුතු කරගෙන යාමට ශ්‍රී ලාංකික තරුණ පරපුරට අත්වැලක් වීම එහි අරමුණයි.” බ්‍රැන්ඩික්ස් සමූහයේ සමාජ සත්කාර  ප්‍රධානී මාලිකා සමරවීර මහත්මිය පැවසුවා ය.

“රාජ්‍ය විශ්ව විද්‍යාලවලට සුදුසුකම් ලබන සිසු සිසුවියන් අතරින් සැලකිය යුතු පිරිසකට තම උසස් අධ්‍යාපන කටයුතුවලදී විවිධාකාර ගැටලුවලට මුහුණ දීමට සිදුවනවා. මෙය ඔවුන්ගේ වෘත්තීය සුදුසුකම්වලට සහ වෘත්තීය දියුණුවට දැඩි ලෙස බලපාන දෙයක්. දැනට පවතින ආර්ථික තත්ත්වයන් හමුවේ මෙම ගැටලු පෙරටත් වඩා බහුලව පවතින බව අපට පෙනී ගියා. මෙම සිසු සිදුවියන්ට බාධාවකින් තොරව උසස් අධ්‍යාපන කටයුතුවල නිරත වීමට අවස්ථාව සලසා දෙන මනුසත්කාර විශ්ව විද්‍යාල ශිෂ්‍යත්ව  වැඩසටහන දියත් කිරීමට අප කටයුතු කළේ ඒ නිසයි. මෙම වැඩසටහන ඔවුන්ට ඉමහත් සහනයක් වනු ඇතැයි කියා අප සිතනවා.” මාලිකා සමරවීර මහත්මිය වැඩිදුරටත් කියා සිටියා ය.

ශ්‍රී ලංකාවේ ඉතා වගකීම් සහගත සමාගමක් වශයෙන්, පුද්ගලයන්ට තම අධ්‍යාපන කටයුතු බාධාවකින් තොරව කරගෙන යමින් පෞද්ගලික ඉලක්ක ළඟා කර ගැනීමට අත්වැලක් වීම සඳහා බ්‍රැන්ඩික්ස් හි සමාජ සත්කාර සහ මානව සම්පත් ක්‍රමෝපායන් තුළ වැදගත් තැනක් හිමි වේ.  මෙය එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක අතර 4 වන ඉලක්කය වන ‘ගුණාත්මක අධ්‍යාපනය’ යන්නටද සමගාමී මෙහෙවරකි.

ශිෂ්‍යත්ව ලාභිනියක වූ අවිස්සාවේල්ලේ පදිංචි ටී. එම්. එස්. පී. තෙන්නකෝන් ශිෂ්‍යාව ඇගේ පවුලේ සාමාජිකයන්ද සමග. ඇය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා පීඨයට සුදුසුකම් ලබා ඇත.

කුරුණෑගල පදිංචි බී. ඩී. ආර්. එච්. කේ. ජයරත්න ශිෂ්‍යාව, ශිෂ්‍යත්වය ලබාගැනීමෙන් අනතුරුව ඇගේ පාසලේ විදුහල්පතිතුමන් සමග. ඇය කොළඹ විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයට සුදුසුකම් ලබා ඇත.

 

ඡායාරූපය 01 – කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයට සුදුසුකම් ලැබූ ගම්පහ ප්‍රදේශයේ ඩී. එන්. ඩී. දැරණියගල ශිෂ්‍යාව තමන්ට හිමි ශිෂ්‍යත්වය ලබාගනිමින්. ඇගේ පවුලේ සාමාජික සාමාජිකාවන් ඇතුළු තවත් පිරිසක්ද ඡායාරූපයෙහි සිටිති.

  • Ada Derana BIZ Sinhala
  • seylan bank
  • sri lanka

සෙලාන් බැංකුව ADB ණය පහසුකම ඔස්සේ යළිත් මෙරට කුඩා පරිමාණ තේ වතු හිමියන්ට අත්වැලක් වෙයි

November, 1, 2022

සුහද හදක් ඇති දේශීය බැංකුව,  සෙලාන් බැංකුව,  මෙරට කුඩා පරිමාණ තේ වතු හිමියන්ට අත්වැලක් වීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව සහ මුදල් අමාත්‍යාංශය එක්ව ක්‍රියාවට නංවනු ලබන ණය යෝජනා ක්‍රමයේ දෙවැනි අදියර යටතේ ණය නිකුත් කිරීම සඳහා සූදානමින් සිටී. ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදන කර්මාන්තය නංවාලීම සඳහා ක්‍රියාවට නංවනු ලබන සුවිශේෂී වැඩපිළිවෙළක් වශයෙන් මෙම ණය යෝජනා ක්‍රමය හඳුන්වා දී තිබේ.

මෙම අරමුණ වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුව, මුදල් අමාත්‍යංශයේ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව හරහා වැඩිදුර මූල්‍ය පහසුකම් සපයා ඇත. මීට පෙර මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රය නගාසිටුවීම ඉලක්ක කරගෙන මෙම ණය යෝජනා ක්‍රමයේ ප්‍රථම අදියරේ ණය පහසුකම් පිරිනැමීමට ඉදිරිපත් වූ සෙලාන් බැංකුවට දැන් එහි දෙවැනි අදියර යටතේ ණය නිකුත් කිරීම සඳහා අනුමැතිය හිමි වී තිබේ.

මෙම වැඩසටහනට එක්වී සිටින බැංකු 5 අතරින්, වැඩිම ණය මුදල් ප්‍රමාණයක් කුඩා පරිමාණ තේ වතු හිමියන් වෙත නිකුත් කර ඇත්තේ සෙලාන් බැංකුව වීම විශේෂත්වයකි. මේ නිසා මෙරට කුඩා පරිමාණ වතු හිමියන්ගේ දියුණුව වෙනුවෙන් කටයුතු කරන ප්‍රමුඛතම බැංකුවක් ලෙස සෙලාන් බැංකුව පිළිගැනීමට ලක් වී තිබේ.

අක්කර 50 ට අඩු කුඩා තේ වතු හිමියන්ට තේ නැවත වගා කිරීම, අලුතින් තේ වගා කිරීම, ගොඩ කිරීම, ජල සම්පාදනය සහ යාන්ත්‍රිකකරණය වැනි අරමුණු සඳහා මෙම යෝජනා ක්‍රමය යටතේ ණය ලබා ගැනීමට හැකියාව ඇත. අක්කර 10 ට අඩු තේ වතු හිමියන්ට තේ නැවත වගා කිරීම සහ අලුතින් වගා කිරීම සඳහා ණය වටිනාකමින් 10% ක් පමණක් ලබාගත හැකි වේ. මේ සඳහා කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ නිර්දේශය සහිත ලිපියක් ඉදිරිපත් කළ යුතු අතර, වාර්ෂික පොලී අනුපාතය 7% කි. ණය පහසුකම් ලබාදෙන අරමුණ අනුව, වසර 2 ක උපරිම සහන කාලයකට යටත්ව, වසර 10 ක් දක්වා ණය පහසුකම් ලබාගත හැකි වේ.

2021 වසරේ එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛන අනුව, ශ්‍රී ලංකාවේ තේ අස්වැන්නෙන් 75% ක් ම ලැබෙනුයේ කුඩා පරිමාණ තේ වතු හිමියන්ගෙනි. මේ අතරින් බහුතරයක් අක්කර 10 ට අඩු, පවුල් විසින් වගාකරනු ලබන තේ වතු ය. මේ අනුව බලන විට, ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ ජීවනාලිය වන්නේ මෙම කුඩා පරිමාණ තේ වතු හිමියන් බව පැහැදිලි වේ. ශ්‍රී ලංකාවේ සමස්ත තේ වගාවෙන් 60% ක් පමණම සිදුකරනු ලබන්නේ ඔවුන් විසිනි.

“මෙම යෝජනා ක්‍රමයේ පළමු අදියරේ ණය නිකුත් කිරීම සාර්ථක ලෙස සිදුකළ නිසා මේ ආකාරයට දෙවැනි අදියර සඳහාත් අපට අනුමැතිය හිමි වුණා. රටේ ආර්ථිකයේ ජීවනාලිය වන්නේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර බව සෙලාන් බැංකුව විශ්වාස කරනවා. කුඩා පරිමාණ තේ වතු හිමියන් යනු ඒ අතරින් ප්‍රමුඛතම පිරිසක්. ප්‍රධාන වශයෙන් මෙම ණය නිකුත් කරනු ලබන්නේ තේ අලුතින් වගා කිරීම සහ නැවත වගාකිරීම සඳහායි. මෙමගින් දැනටමත් වැවිලි කර්මාන්තයේ නිරත වී සිටින, අලුතින් තේ වගාකිරීමට බලාපොරොත්තු වන විශාල පිරිසකට අත්වැලක් වීමට අපට හැකියාව ලැබෙනවා. මෙම වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ආසියානු සංවර්ධන බැංකුව යළිත් වරක් අප කෙරෙහි විශ්වාසය තැබීම අපට ආඩම්බරයක්.” සෙලාන් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී (ශාඛා ණය) රනිල් දිසානායක මහතා පැවසී ය.

මෙම ණය යෝජනා ක්‍රමය මගින් ලැබෙන පිටුබලය ඔස්සේ මෙරට තේ අස්වැන්න තවදුරටත් වැඩිකිරීමට හැකිවනු ඇතැයි සෙලාන් බැංකුව විශ්වාස කරයි. ඉදිරියේදීත් රටේ ආර්ථික සංවර්ධනයට උරදෙමින්, අපනයනය දිරිමත් කිරීම ඉලක්ක කරගත් විවිධ වැඩසටහන් ඔස්සේ කුඩා පරිමාණ තේ වතු හිමියන් අපනයනය වෙත යොමුකරවීම සෙලාන් බැංකුවේ ඉලක්කය වී තිබේ.

  • Ada Derana BIZ Sinhala
  • Softlogic Finance
  • sri lanka

සොෆ්ට්ලොජික් ෆයිනෑන්ස් රුපියල් මිලියන 850 කට වැඩි හිමිකම් නිකුතුවක් දියත් කරයි

November, 1, 2022

සොෆ්ට්ලොජික් කැපිටල් පීඑල්සී හි අනුබද්ධිත සමාගමක් වන සොෆ්ට්ලොජික් ෆයිනෑන්ස් ආයතනය ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අවශ්‍යතාවලට අනුකූලව ප්‍රාග්ධනය වැඩි කිරීමට මෙන්ම සිය ඩිජිටල්කරණ වැඩසටහන සහ ව්‍යාපාරය තවදුරටත් පුළුල් කිරීම සඳහා රුපියල් මිලියන 850කට වඩා වැඩි හිමිකම් නිකුතුවක් දියත් කිරීමට සැලසුම් කර ඇත. සමාගමේ කොටස් හිමියන් සතු සෑම සාමාන්‍ය කොටස් හාරසිය විසිතුනකටම (423) එක් කොටසක් රුපියල් 7.31 බැගින් නව සාමාන්‍ය කොටස් සියයක් (100) මෙම හිමිකම් නිකුතුව මගින් ක්‍රියාත්මක කරනු ඇත.

එක් කොටසක් රුපියල් 7.31 බැගින් වූ සාමාන්‍ය කොටස් එකසිය දහසය මිලියන හාරසිය අසූ තුන්දහස් නවසිය එකක ^116"483"901& හිමිකම් නිකුතුවක් මගින් නිකුත් කරන ලද කොටස් ප්‍රාග්ධනය වැඩිකර ගැනීමට සමාගම යෝජනා කරයි. එවිට සියලු කොටස්වල මුළු වටිනාකම රුපියල් අටසිය පනස් එක් මිලියන හාරසිය අනූ හත් දහස් තුන්සිය දහසය ^re' 851"497"316& ක් වේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් සොෆ්ට්ලොජික් ෆයිනෑන්ස් ආයතනයෙහි වැඩබලන ප්‍රධාන විධායක නිලධාරීනී ඉවෝන් බ්‍රොහියර් මහත්මිය පවසන ආකාරයට zzවසර දෙකක කාලයක් පුරා පවතින කොවිඩ්-19 වසංගතය සහ අප මෙතෙක් මුහුණ දෙන දරුණුතම මූල්‍ය අර්බුදය වැනි සිදු වීම්වලින් පසු රට තුළ පවතින පෙර නොවූ විරූ තත්වයට අප සාර්ථකව මුහුණ දෙමින් සිටිනවා- ඒ ඔස්සේ අපගේ ව්‍යාපාරය පුළුල් කිරීමටත් ඩිජිටල් තාක්ෂණය හරහා අපගේ අසමසම වූ සේවාවන් තුළින් අපගේ පාරිභෝගිකයින්ට පහසුකම් සලසා දීමටත් සොෆ්ට්ලොජික් ෆයිනෑන්ස් ආයතනය දැඩි අධිෂ්ඨානයකින් කටයුතු කරමින් සිටිනවා. මෙරට විශාලතම පාරිභෝගික පිරිසකට හිමිකම් කියන සොෆ්ට්ලොජික් සමූහය සහ එම සමාගම නියෝජනය කරන සමාගමක් ලෙස මෙය අපට වැදගත් අවස්ථාවක්. මෙම ප්‍රාග්ධනය අපගේ ප්‍රධාන අරමුණු ඉටුකර ගැනීම සඳහා මනා පිටුවහලක් වනු ඇතැයි අප විශ්වාස කරනවා.

නියාමන ආයතනයන් විසින් Tier 1 Capial ප්‍රාග්ධන අවශ්‍යතාවයන් ලෙස දක්වා ඇති ප්‍රාග්ධන ධාරිතාවය එම මට්ටම තෙක් වර්ධනය කරගැනීම සඳහා නව ප්‍රාග්ධන සංචිතය ඉවහල් කර ගනු ඇත. එකසිය දහසය මිලියන හාරසිය අසූ තුන්දහස් නවසිය එකක ^116"483"901& මෙම නව සාමාන්‍ය කොටස් කොළඹ කොටස් වෙළෙඳපොළේ දිරි සවි දර්ශකයේ ලැයිස්තුගත කෙරේ.

සොෆ්ට්ලොජික් සමූහ සමාගම යනු සෞඛ්‍ය" වෙළෙඳ, තොරතුරු හා සන්නිවේදන, සංචාරක" රථ වාහන හා මූල්‍ය සේවා යන ප්‍රධාන අංශයන් සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ශ්‍රී ලංකාවේ වඩාත් විවිධාංගීකරණය වූ සහ සීඝ්‍රයෙන් වර්ධනය වන සමාගමක් ලෙස පිළිගනු ලබයි. සොෆ්ට්ලොජික් ෆයිනෑන්ස් යනු 2011 අංක 42 දරණ මූල්‍ය ව්‍යාපාර පනත යටතේ ලියාපදිංචි මූල්‍ය සමාගමක් මෙන්ම 2000 අංක 56 දරණ මූල්‍ය හා කල්බදු පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුමත කරන ලද මූල්‍ය ආයතනයකි.

  • Ada Derana BIZ Sinhala
  • CBL Nutriline
  • Multigrain Chips
  • Nutriline Corn
  • sri lanka

CBL Nutriline විසින් හඳුන්වාදෙන නවතම උදෑසන ධාන්‍යමය ආහාරය Nutriline Corn සහ Multigrain Chips

November, 1, 2022

ශ්‍රී ලාංකීය ජනතාවගේ ප්‍රියතම පෝෂ්‍යදායී උදෑසන ධාන්‍යමය ආහාර රැසක සැපයුම්කරුවකු වන CBL Nutriline, දරුවන්ගේ ආහාර රුචිය වඩවන රසවත්, සෞඛ්‍ය සම්පන්න සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකුලව නිෂ්පාදන කෙරෙන නිෂ්පාදන රැසක් ඔබ වෙත ගෙන එන ප්‍රමුඛතම දේශීය සන්නාමයකි. මෙම නිෂ්පාදන පෙළ තවත් පුළුල් කරමින් ප්‍රබෝධමත් සහ සෞඛ්‍ය සම්පන්න බවෙන් පිරි උදෑසනක් සඳහා අවශ්‍ය පෝෂණ ගුණය සහිත Nutriline Corn සහ Multigrain Chips යන නිෂ්පදනය හඳුන්වාදීමට පියවර ගෙන තිබේ.

මුළු පවුලේම සෞඛ්‍යය සහ යහපැවැත්ම සඳහා දායක වෙමින්, ක්‍රියාශීලී ජීවන රටාවක් පවත්වා ගැනීමට හැකි වන පරිදි, නව CBL Nutriline Corn සහ Multigrain Chips 100% දේශීයව ලබා ගන්නා බඩ ඉරිඟු, සහල්, කව්පි සහ මුං ඇට යන ධාන්‍ය වලින් නිෂ්පාදනය කර ඇත. මෙය කිරි, යෝගට් හෝ පළතුරු එකතු කර ගැනීමෙන් රස තවත් වැඩි කර ගත හැකිය.

මෙහි යකඩ අඩංගු වන අතර විටමින් A, D3, සින්ක්, කැල්සියම් සහ තන්තුමය ආහාර ඇතුළු ප්‍රධාන විටමින් සහ ඛනිජ ලවණ මුළු පවුලේම පෝෂණ අවශ්‍යතා සපුරාලීම සඳහා උපකාරී වනු ඇත. CBL Nutriline Corn සහ Multigrain Chips ග්‍රෑම් 150 ක පැකට්ටුවක් සඳහා රුපියල් 360ක මිලක් නියම කර ඇත්තේ ද උසස් තත්ත්වයෙන් යුත් පෝෂ්‍යදායී උදෑසන ආහාරය පාරිභෝගිකයා හට දැරිය හැකි මිලක් යටතේ ලබා දීම සඳහාය.

Convenience Foods (Lanka) PLC හි ප්‍රධාන විධායක නිලධාරී තිලංක ද සොයිසා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැවසූයේ ''මෙම නිෂ්පාදනය උදෑසන කෑම මේසයට සුදුසු, පෝෂ්‍යදායී සහ ප්‍රණීත රසයක් ලබා දෙන විශිෂ්ඨ ආහාරයක්. CBL Nutriline Corn සහ Multigrain Chips යනු ශ්‍රී ලාංකේය පාරිභෝගිකයාගේ රුචිකත්වයට සහ ඔවුන්ගේ රසයට හෝ පෝෂණ ගුණයට හානියක් නොවන පරිදි නිෂ්පාදනය කර ඇති උදෑසන ධාන්‍යමය ආහාරයකි.''

''පෝෂ්‍යදායී ආහාර නිෂ්පාදනයේ පුරෝගාමියෙකු වශයෙන් පාරිභෝගිකයින්ට ඔවුන්ගේ කැමැත්ත අනූව ගුණාත්මක නිෂ්පාදන ලබා දීමට අපි කැපවී සිටිනවා. සෞඛ්‍ය සම්පන්නව දවස ආරම්භ කිරීම සඳහා පාරිභෝගික කැමැත්ත හඳුනා ගනිමින්, නව තන්තුමය ගුණයෙන් සහ රසයෙන් යුත් CBL Nutriline Corn සහ Multigrain Chips නිෂ්පාදන හඳුන්වාදීමට හැකි වීම පිළිබඳව අප සතුටු වෙනවා. එමෙන්ම පවතින අර්බුදකාරී ආර්ථික තත්ත්වය තුළ පාරිභෝගිකයින් හට දැරිය හැකි සාධාරණ මුදලකට ධාන්‍ය රැසක් අඩංගු පෝෂ්‍යදායී විකල්ප ආහාරයක් හඳුන්වාදීමට හැකි වීම ගැන අප ආඩම්බර වෙනවා.'' CBL ආහාර අංශයේ සාමාන්‍යාධිකාරී - අලෙවි, ජයංග පෙරේරා අදහස් දක්වමින් පැවසීය.

CBL Nutriline ආහාර සඳහා කිසිඳු කෘතීම රසකාරක, වර්ණක හෝ කල්තබා ගැනීමේ ද්‍රව්‍යක් අඩංගු කර නැත. ළමුන් සඳහා වන සෞඛ්‍ය සම්පන්න හා පෝෂණ ගුණයෙන් යුත් උදෑසන ධාන්‍යමය ආහාර වන Choco Grains, Choco Blobs, Choco Chips, Lemon Crunch, Grain Berry සහ Honey Bee ලෙස විවිධ රසයන් හයකින් ලබා ගත හැක. CBL Nutriline ISO 9001, ISO 22000, ISO 14001, HACCP, GMP සහ OHSAS 18001 සහතික ඇතුළුව ජාත්‍යන්තර තත්ත්ව ප්‍රමිතීන් යටතේ නිෂ්පාදනය කරනු ලබයි. තවද, දේශීය ගොවීන්ගෙන් මිලදී ගන්නා උසස් ගුණත්වයෙන් යුත් ධාන්‍ය වලින් පමණක් නිපදවෙන CBL Nutriline මඟින් දේශීය කෘෂිකර්මාන්තය ශක්තිමත් කරමින් පාරිභෝගික ජනතාවටද වඩාත් රසවත් හොඳම නිෂ්පාදන ලබා දීමට කටයුතු කර ඇත.

CBL Nutriline යනු ශ්‍රී ලංකාවේ විශාලතම FMCG සමූහ ව්‍යාපාරයක් වන CBL සමූහයේ පූර්ණ අනුබද්ධිත සමාගමක් වන Convenience Foods (Lanka) PLC හි සන්නාමයකි. ශ්‍රී ලංකාවේ ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම දේශීය සමාගමක් ලෙස සැලකෙන CBL සමූහය පාරිභෝගික අවශ්‍යතා වලට සරිලන පරිදි ඉතා පුළුල් නිෂ්පාදන පෙළක් වෙළඳපොළට නිකුත් කරන අතරම, සිය නිෂ්පාදන ක්‍රියාවලිය හරහා සැපයුම් දාමයට සම්බන්ධ සියලු පාර්ශවකරුවන් බලගැන්වීමටද නිරන්තරයෙන් කැපවෙන සමාගමකි.

  • Ada Derana BIZ Sinhala
  • Baby Sherami
  • Matara district
  • sri lanka

දරුවාගේ යහපැවැත්ම සඳහා දෙමාපිය දායකත්වය පිළිබඳ දැනුවත් කරමින් බේබි ෂෙරමි දෙමව්පිය සායන මාලාව මාතර දිස්ත්‍රික්කය ආවරණය කරයි

November, 1, 2022

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හා ජනප්‍රිය ම ළදරු නිෂ්පාදන  සන්නාමය වන බේබි ෂෙරමි විසින් දියත් කරනු ලබන දෙමාපිය සායන මාලාවේ තවත් වැඩසටහන් මාලාවක්  2022 අගෝස්තු මස 15 සිට 19  කාලය තුළ මාතර දිස්ත්‍රික්කයේ කොටපොල, ඌරුබොක්ක, මොරවක, කැකුණදුර, වැලිගම, වැලිපිටිය, හක්මන සහ කිරින්ද යන ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් සාර්ථකව පැවැත්විණි. මෙම වැඩසටහන මඟින් ළදරුවන්ගේ රැකවරණය, පූර්ව ළමා විය සංවර්ධනය හා ඒ සඳහා දෙමාපියන්ගේ කාර්‍යභාරය පිළිබඳව දෙමාපියන් දැනුවත් කෙරුණු අතර, වර්තමානයේ පවතින ආර්ථික අභියෝග හමුවේ දරුවන්ගේ කායික, මානසික හා චර්යාත්මක සංවර්ධනය ළඟා කර ගැනීම සඳහා අවශ්‍ය පෝෂණය ලබා දෙන ආකාරය පිළිබඳව ද එහි දී සාකච්ඡා කෙරිණි.

මෙම අධ්‍යාපනික වැඩසටහන අවසානයේ දී, මව්වරුන්ට වටිනා බේබි ෂෙරමි ත්‍යාග පාර්සලයක්, පෝෂණීය උදෑසන ආහාර අතිරේකයක්, නැවුම් කිරි පැකට්ටුවක් සහ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය විසින් අනුමත කරන ලද ගැබ් ගැනීම් සහ ළදරු රැකවරණය පිළිබඳව සම්පාදිත පොත් පිංචක් ද පරිත්‍යාග කෙරිණි. මාතෘ හා ළදරු රැකවරණය පිළිබඳ පළපුරුදු වෘත්තිකයින්ගෙන් සමන්විත විශේෂඥ මණ්ඩලයක් විසින් මෙම සුවිශේෂී  වැඩසටහනට සහභාගි වූ දෙමාපියන් අමතනු ලැබූ අතර, මාතෘ හා ළමා සෞඛ්‍ය උපදේශිකා ශ්‍යාමලී පතිරගේ මහත්මිය ළදරු රැකවරණය හා ළදරු පෝෂණය  පිළිබඳව සභාව ඇමතුවාය. එමෙන්ම, මුල් ළමාවිය සංවර්ධන නිලධාරිනී, පුෂ්පා වල්පිට මහත්මිය විසින් මුල් ළමාවිය සංවර්ධනය  සහ එහි වැදගත්කම පිළිබඳව දෙමාපියන් දැනුවත් කරන ලදී. එහි දී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හිටපු සංගීත අධ්‍යක්ෂක ජගත් වටවල මහතා සහ ඇල්පිටිය කලාප අධ්‍යාපන කාර්යාලයේ සෞන්දර්ය ගුරු උපදේශිකා ස්වර්ණා වටවල මහත්මිය විසින් සංගීත චිකිත්සක සැසියක් ද පැවැත්විණි. කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ මුල් ළමාවිය සංවර්ධන අධිකාරිය සමඟ එක්ව සංවිධානය කෙරුණු මෙම වැඩසටහනේ දී ප්‍රාදේශීය වෛද්‍ය කාර්‍යාලයේ  වෛද්‍යවරුන් ද දෙමාපිය සායනය ඇමතූ අතර, සහභාගී වූ දෙමාපියන්  එම වැඩසටහනට ඉතා හොඳ ඇගයීමක් ලැබිණි.

‘දරු පැටියාට සුරක්ෂිත ලොවක්’ යන තේමාව යටතේ බේබි ෂෙරමි විසින් දියත් කරන මෙම වැඩසටහන් මාලාව යටතේ සායන 30ක්  බස්නාහිර, දකුණ සහ නැගෙනහිර යන පළාත් කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට සැළසුම් කර තිබේ. දංකොටුවේ දී සිදු කෙරුණු එහි පළමු වැඩසටහනේ දී බේබි ෂෙරමි විසින් දංකොටුව රෝහලේ ළමා වාට්ටුවට නිෂ්පාදන ඇතුළත් කැබිනට්ටුවක් පරිත්‍යාග කෙරිණි. එහිදී මවුවරුන්ට ඕනෑම නිෂ්පාදනයක්, ඔනෑම වෙලාවක අපහසුවකින් තොරව ලබා ගැනීමට සහ රෝහල තුළදී හෝ නිවසට රැගෙන ගොස් හෝ භාවිතා කිරීමට පහසුකම් සලසයි.

ශ්‍රී ලාංකේය මව්වරුන්ගේ විශ්වාසය දිනාගනිමින්, මෙරට වඩාත් ආදරය දිනාගත් ළදරු නිෂ්පාදන සන්නාමය බවට පත්වෙමින් සිය 60 වැනි සංවත්සරය සමරන බේබි ෂෙරමි, දෙමාපිය සායන දියත් කිරීම අඛණ්ඩව පවත්වාගෙන යයි. බේබි ෂෙරමි නිෂ්පාදන හා මෙම යන මාලාව පිළිබඳ වැඩි විස්තර දැන ගැනීමට www.babycheramy.lk වෙබ් අඩවියට හෝ https://www.facebook.com/BabyCheramy/ මගින් බේබි ෂෙරමි Facebook පිටුවට පිවිසෙන්න.

  • Ada Derana BIZ Sinhala
  • export
  • online session
  • sri lanka

රබර් ආශ්‍රිත නිෂ්පාදනවල අපනයන අවස්ථා පිළිබද අන්තර්ජාල සැසියක්

November, 1, 2022

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවේ රබර් ආශ්‍රිත නිෂ්පාදන (Rubber based Products) අංශයේ අපනයන අවස්ථා පිළිබද අන්තර්ජාල සැසියක් (Webinar) 2022 නොවැම්බර් මස 10 වන දින පෙ.ව. 9.30 සිට පෙ.ව. 11.30 දක්වා පැවැත්වීමට කටයුතු සූදානම් කොට ඇත. අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ සිංහල භාෂා මාධ්‍යයෙන් පැවැත්වෙන මෙම සැසිය දැනට ව්‍යාපාරවල නියුතු ව්‍යවසායකයින්, නව ව්‍යවසායකයින් සහ දේශීය ආයෝජකයින් ඉලක්ක කර ගනිමින් පැවැත්වේ.

මෙම අන්තර්ජාල සැසිය ඔස්සේ රබර් ආශ්‍රිත නිෂ්පාදන අංශයේ ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන ව්‍යවසායකයින් හා නව ව්‍යවසායකයින් හට ජාත්‍යන්තර වෙළඳපොළ තුළ පවතින වෙළඳපොළ අවස්ථා පිළිබඳ අවබෝධයක් ලබාදීමට අදහස් කෙරේ.

එහිදී මෙම ක්ෂේත්‍රයේ ගෝලීය රබර් ආශ්‍රිත කර්මාන්තයේ වෙළඳපොළ සහ ප්‍රවණතා, ගෝලීය අපනයන අංශයේ සංඛ්‍යා දත්ත, වර්තමාන අපනයන භූ දර්ශනය, අපනයන විභවතා, තරගකාරී වෙළඳපොළ, නියාමනය සහ වෙළඳපල ප්‍රවේශ අවශ්‍යතා ආදී මාතෘකාවන් පිළිබද අවධානය යොමු කෙරේ.

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ ප්‍රාදේශීය සංවර්ධන අංශය මඟින් සංවිධානය කරනු ලබන මෙම වැඩසටහන, එම අංශයේ  අධ්‍යක්ෂිකා සේපාලිකා ජයවර්ධන මහත්මිය විසින් මෙහෙයවන අතර සම්පත් දායකත්වය සපයන්නේ  කාර්මික නිෂ්පාදන අංශයේ සහකාර අධ්‍යක්ෂ පී. එල්. සුසන්ත ප්‍රේමරත්න මහතා විසිනි.

සැසිය සඳහා ලියාපදිංචි වීමේ ප්‍රමුඛතාවය අනුව තෝරා ගැනීම සිදු වන අතර ලියාපදිංචි ගාස්තුව රු. 2000.00 කි. 2022 නොවැබම්බර් 08 වන දිනයෙන් ලියාපදිංචි කිරීම අවසන් වේ. ලියාපදිංචි වීම සහ වැඩි විස්තර සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩල වෙබ් අඩවියේ https://www.edb.gov.lk/event/exportmarkets යන වෙබ් සබැඳිය වෙත පිවිසෙන්න. අපනයන ප්‍රවර්ධන නිලධාරිනී නිපුණි මුණසිංහ මහත්මිය ඇමතීමෙන් වැඩිදුර තොරතුරු ලබා ගත හැකිය - nipuni@edb.gov.lk / Tel: 0112300716

  • Ada Derana BIZ Sinhala
  • CHRISTELL
  • Christell Luxury Wellness
  • sri lanka

Christell Luxury Wellness වෙතින් “CHRISTELL” සන්නාමය යටතේ නවතම රූපලාවණ්‍ය නිෂ්පාදන එකතුවක්

November, 1, 2022

Christell Luxury Wellness ප්‍රථම වරට තම “CHRISTELL” සන්නාමය යටතේ සම, හිසකෙස් සහ සිරුර සඳහා රූපලාවණ්‍ය නිෂ්පාදන එකතුවක් හඳුන්වා දී තිබේ. Christell Luxury Wellness යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රූපලාවණ්‍ය සේවා මධ්‍යස්ථානයකි. මෙම නව නිෂ්පාදන හඳුන්වා දීමේ උත්සවය 2022 ඔක්තෝබර් 29 දින කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේදී පැවැත්වුණු අතර, එහිදී ආරාධිතයන්ට මෙම සුවිශේෂී නිෂ්පාදන එකතුව දැකබලා ගැනීමටත්, ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීමටත් අවස්ථාව ලැබිණි.

ශ්‍රී ලංකාවට ආවේණික ඖෂධීය ශාක වල ගුණය සමග නවීන විද්‍යාවේ හා තාක්ෂණයේ මහිමය එක්තැන් කරමින්, අතිසාර්ථක ප්‍රතිඵල ලබාදෙන ආකාරයට “CHRISTELL” නිෂ්පාදන නිපදවා තිබේ. සමට හෝ පොදුවේ සෞඛ්‍යයට අහිතකර ද්‍රව්‍ය වලින් තොර මෙම නිෂ්පාදන සඳහා භාවිතා වනුයේ ගුණාත්මක භාවයෙන් ඉහළ ශාකමය අමුද්‍රව්‍ය වන අතර,  ශාකවල හොඳම කොටස් පමණක් ලබාගෙන, සාම්ප්‍රදායික දැනුමින් ආභාසය ලැබූ නව ක්‍රමවේදයන් අනුව ඒවා නිපදවනු ලබයි. මේවා මුළුමනින්ම දේශීය නිෂ්පාදන නිසා එමගින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ශක්තියක් ලැබෙන අතරම, එය රටේ කෘෂිකාර්මික ප්‍රජාවටද මහඟු අත්වැලක් වනු ඇත.

චර්ම සත්කාරක (Skin care) යනු හුදෙක් සම හොඳින් පවත්වා ගැනීම පමණක් ඉලක්ක කරගත් නිෂ්පාදන නොවේ. නිසි ගුණාත්මක බවකින් යුක්ත නම්, පොදුවේ කෙනෙකුගේ සෞඛ්‍යය හා යහපැවැත්ම වැඩිදියුණු කිරීමේ හැකියාව එම නිෂ්පාදන සතු ය.

“අනාරක්ෂිත රූපලාවණ්‍ය නිෂ්පාදන භාවිතා කිරීම නිසා බරපතළ අතුරු ආබාධ වලට ලක් වූ සේවාදායකයන් අපට හමු වී තිබෙනවා. මෙම සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පැවතීම කණගාටුවට කරුණක්.” Christell Skin Clinic හි වෛද්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය ශානිකා අර්සකුලරත්න මහත්මිය පැවසුවා ය.

“වසර ගණනාවක් තිස්සේ අපගේ සේවාදායකයන් තම රූපලාවණ්‍ය අවශ්‍යතා සඳහා අප නිර්දේශ කරන ආකාරයේ නිෂ්පාදන ඉල්ලා සිටියා. Christell Skin Clinic යනු ශ්‍රී ලංකාවේ රූපලාවණ්‍ය සේවා ක්ෂේත්‍රයේ පුරෝගාමී ආයතනයක්. අප වසර 10 ක් තිස්සේ සම, හිසකෙස් සහ ශරීරය සඳහා අතිනවීන, ‘non-invasive’ වර්ගයේ ප්‍රතිකර්ම ලබාදෙනවා. අප සතු දැනුම සහ පළපුරුද්ද භාවිතා කරමින් අපගේම නිෂ්පාදන එකතුවක් හඳුන්වා දීමට අප තීරණය කළා. මෙය අප ලබාදෙන ජාත්‍යන්තර මට්ටමේ සේවාවේ තවත් සුවිශේෂී ඉදිරි පියවරක් ලෙස හැඳින්වීමට පුළුවන්.” Christell Skin Clinic හි අධ්‍යක්ෂිකා මහාචාර්ය රමණි අර්සකුලරත්න මහත්මිය පැවසුවා ය.

දිවයින පුරා පිහිටි  Christell Skin Clinic ශාඛා සහ එහි වෙබ් අඩවිය ඔස්සේ ‘CHRISTELL’ නිෂ්පාදන මිලදීගත හැකි වේ.

  • A’pura
  • Ada Derana BIZ Sinhala
  • ComBank
  • sri lanka
  • VTA students

කොමර්ෂල් බැංකුවෙන් අනුරාධපුරයේ VTA සිසුන් සඳහා ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහනක්

November, 1, 2022

අනුරාධපුරයේ විවිධ වෘත්තීය පුහුණු පාඨමාලා හදාරන සිසුන් 125 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක්, පසුගියදා කොමර්ෂල් බැංකුව විසින් ක‍්‍රියාත්මක කරන ලද ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහනකින් ප‍්‍රතිලාභ ලැබීය. එය එම බැංකුවේ ‘දිරිශක්ති ව්‍යවසායකත්ව සංවර්ධන මුල්පිරීම්’ ව්‍යාපෘතිය යටතේ සිදු කරන ලද වැඩසටහනකි.

කොමර්ෂල් බැංකුව මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබුවේ අනුරාධපුරයේ වෘත්තීය පුහුණු අධිකාරිය සමග එකට එක්වය. එම ආයතනයේ පාඨමාලා හදාරන සිසුන්ට මූල්‍ය සාක්‍ෂරතාවය සහ ව්‍යාපාර සංවර්ධනය පිළිබඳ දැනුම ලබා දීම මෙහි පරමාර්ථය විය. වායු සමීකරණ අලූත්වැඩියාව, බේකරි ශිල්පය, රූපලාවන්‍ය ශිල්පය, පරිගණක දෘඪාංගකරණය, විදුලි ඉන්ජිනේරු විද්‍යාව, පාවහන් නිර්මාණය, භූමි අලංකරණය, මෝටර් කාර්මික විද්‍යාව සහ තවත් අනෙකුත් විෂයන්ද හදාරනු ලබන සිසුන් මෙම වැඩසටහනට ඇතුළත්ය.

ග‍්‍රාමීය ආර්ථිකයට ප‍්‍රතිලාභ ලබා දීම සඳහා සිසුන්ගේ ව්‍යවසායකත්ව කුසලතා සහ උගත් කුසලතා අලෙවි කිරීමේ හැකියාව වැඩිදියුණු කිරීම සඳහා මෙම ව්‍යාපෘතිය සංවිධානය කෙරිණි. මෙම මූලිකත්ව වැඩසටහන කොමර්ෂල් බැංකුවේ සංවර්ධන ණය දෙපාර්තමේන්තුව සහ කෘෂිකාර්මික සහ ක්ෂුද්‍ර මූල්‍යන ඒකකය (AMFU) විසින් කළමනාකරණය කරන ලද අතර, එයට ශ‍්‍රී ලංකා මහ බැංකුවේ සහයෝගීතාවය හිමිවිය.

මූල්‍ය කළමනාකරණය සහ ව්‍යාපාර සංවර්ධනය පිළිබඳ ප‍්‍රවීණ කථිකයකු වන, ශ‍්‍රී ලංකා මහබැංකුවේ අනුරාධපුරය කලාප කාර්යාලයේ කළමනාකාර ධුරය දරන දුමින්ද දිසානායක මහතා මෙම වැඩසටහනෙහි සම්පත් දායකයකු ලෙස ආරාධනා ලැබීය.

කොමර්ෂල් බැංකුවේ උතුරු මැද පළාත බාර ප‍්‍රාදේශීය කළමනාකාර මයිකල් ද සිල්වා, නොච්චියාගම ශාඛා කළමනාකාර වෙනුර ධනපාල සහ වෘත්තීය පුහුණු අධිකාරියේ වැඩසටහන් නිලධාරී චමින්ද ප‍්‍රියංකර විජයදාස යන මහත්වරුන් සහ කොමර්ෂල් බැංකුවේ තවත් නිලධාරීන්ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

ශ‍්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප‍්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 12 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 940 ක් ක‍්‍රියාත්මක කරයි. ශී‍්‍ර ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

සේයාරූ සටහන - මූල්‍ය කළමනාකරණය සහ ව්‍යාපාර සංවර්ධනය පිළිබඳ දේශක දුමින්ද දිසානායක මහතා සහ කොමර්ෂල් බැංකුවේ උතුරු මැද පළාත භාර ප‍්‍රාදේශීය කළමනාකාර මයිකල් ද සිල්වා මහතා සම්මන්ත‍්‍රණයට සහභාගී වූවන් අමතන ආකාරය ඡායාරූපයෙන් දැක්වෙයි.