• Ada Derana BIZ Sinhala
  • NOLIMIT
  • NOLIMIT BONANZA
  • sri lanka

NOLIMIT 30 වන සංවත්සරය වෙනුවෙන් NOLIMIT BONANZA වෙතින් 30% ක වට්ටම් සමග බිල්පත් 300 ක මුදල් ආපසු

October, 11, 2022

ශ්‍රී ලංකාවේ විශාලතම ඇඟලුම් අලෙවිසැල් ජාලය වන NOLIMIT සිය 30 වන සංවත්සරය වෙනුවෙන් ‘NOLIMIT BONANZA’ නමින් විශේෂ වරප්‍රසාද වැඩසටහනක් හඳුන්වා දී තිබේ. 2022 සැප්තැම්බර් 19 දින සිට 2022 ඔක්තෝබර් 18 දක්වා ක්‍රියාත්මක වන මෙම වැඩසටහන යටතේ තෝරාගත් ඇඟලුම් සඳහා 30% ක වට්ටමක් හිමිවන අතර, රු. 4,000 ට වැඩි බිල්පත් අතරින් දිනුම් ඇදීමකින් තෝරාගන්නා බිල්පත් 300 ක මුදල් සම්පූර්ණයෙන්ම ආපසු ගෙවනු ලබනු ඇත. මීට අමතරව ‘Arapaima Loyalty’ සාමාජිකයන්ට අතිරේක Arapaima Loyalty ලකුණු 30 ක් හිමිවන අතර, අහඹු ලෙස තෝරාගනු ලබන පාරිභෝගිකයන්ට දිනපතා තවත් තෑගිද හිමි වේ. මේ සියල්ල මෙම වරප්‍රසාද වැඩසටනනට අදාළ නියමයන් හා කොන්දේසි වලට යටත් වනු ඇත.

“මේ වසර 30 ක කාලය පුරා අප සමග රැඳුණු අපගේ වටිනා පාරිභෝගිකයන්ට ස්තූතිය පළකිරීමට අප මෙය අවස්ථාවක් කරගන්නවා. ඒ අතරම, අපගේ පාරිභෝගිකයන්ට පමණක් නොව සමස්තයක් ලෙස සියලුම දෙනාට ආකර්ෂණීය වන වැඩසටහනක් දියත් කිරීමට අපට අවශ්‍ය වුණා. ඒ අනුව, භාණ්ඩ වර්ග රැසකට 30% ක් දක්වා වට්ටම් ලබාදීමටත්, තවත් ත්‍යාග හා දීමනා රැසක් පිරිනැමීමටත් අප කටයුතු යොදා තිබෙනවා. දිවයින පුරා පිහිටි අපගේ අලෙවිසැල් වෙත පැමිණ NOLIMIT BONANZA ප්‍රතිලාභ අත්විඳින මෙන් අප සියලුම දෙනාට ආරාධනා කර සිටින්නේ ඉමහත් සතුටින්. ඉදිරියේදීත් ජනතාවගේ ඇඟලුම් හා විලාසිතා අවශ්‍යතා උපරිමයෙන් සපුරාලීමට අප කැපවී සිටිනවා.” NOLIMIT ව්‍යාපාර ක්‍රමෝපාය, විකුණුම් හා අලෙවි ප්‍රධානී රනීස් ෂෙරීෆ් මහතා පැවසී ය.

NOLIMIT 1992 වසරේදී ආරම්භ වූයේ French Corner යන නමිනි. ඉන් අනතුරුව ක්‍රමයෙන් දියුණු වූ එය 2005 වසරේදී NOLIMIT බවට පත් විය. දෙහිවල පිහිටි, සේවක සේවිකාවන් 5 දෙනෙකුගෙන් යුත් අලෙවිසැලකින් ආරම්භ වූ NOLIMIT මේ වනවිට දිවයින පුරා අලෙවිසැල් විවෘත කර ඇති අතර එහි ප්‍රධාන ශාඛාව දෙහිවල පිහිටා තිබේ. පාරිභෝගිකයන් මිලියන ගණනක් ආකර්ෂණය කරගනිමින් රටේ ඇඟලුම් හා විලාසිතා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු බවට ඉක්මනින්ම පත්වීමට NOLIMIT සමත් විය.

වර්තමානයේ NOLIMIT ශාඛා 23 ක් රට පුරා විවිධ ස්ථාන වල පිහිටුවා තිබේ. එහි අලෙවිසැල් වල සමස්ත ඉඩ ප්‍රමාණය වර්ග අඩි 400,000 කට අධික වන අතර, එහි කාර්ය මණ්ඩලය 1,500 ඉක්මවා තිබේ. මෑතකදී එහි නවතම ශාඛාව Colombo City Centre හි විවෘත කරන ලදි.

ආරම්භයේ සිට මේ දක්වා NOLIMIT විවිධ සම්මාන හා ඇගයුම් රාශියකින් පිදුම් ලබා තිබේ. 2009 සිට 2021 දක්වා Brand Finance විසින් මෙරට පාරිභෝගික විලාසිතා ක්ෂේත්‍රයේ වඩාත්ම ආදරය දිනූ සන්නාමය ලෙස NOLIMIT නම්කර ඇත. එමෙන්ම Great Place to Work® ආයතනය විසින් 2017 සිට 2021 දක්වා NOLIMIT මෙරට රැකියාව කිරීමට සුදුසුම රැකියා ස්ථානයක් ලෙස නම්කරන ලදි. තවද සමාගමේ ක්‍රියාපටිපාටි සහ ක්‍රමවේදයන් වෙනුවෙන් JASTECA Taiki Akimoto 5S සම්මානයද හිමි විය. මීට අමතරව LMD, Brands Annual සහ Brand Finance ඇතුළු තවත් ආයතන රැසකින් පිරිනමන ලද සම්මාන හා ඇගයුම් හිමිකර ගැනීමට NOLIMIT සමත් වී තිබේ.

  • Ada Derana BIZ Sinhala
  • sri lanka
  • WTC Colombo

ශ්‍රී ලංකාවේ හොඳම ව්‍යාපාරික ස්ථානය වන WTC Colombo, සිය අභිමානවත් 25 වන සංවත්සරය සමරමින් අනාගත සාර්ථකත්වයන් කරා ගමන් කරයි

October, 11, 2022

ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වශයෙන් කේන්ද්‍රීය වූ දිස්ත්‍රික්කයේ අද්විතීය වාණිජ නිර්මාණයක් ලෙස පිහිටා ඇති කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානය (World Trade Center Colombo) සාර්ථකව සිය 25 වන සංවත්සරය අභිමානයෙන් යුතුව සමරනු ලබයි. වර්තමානයේ කොළඹ නගරය තුළ වඩාත්ම සුවිශේෂී වූ ආකර්ෂණයට ලක්ව තිබෙන වාණිජමය මධ්‍යස්ථානයක් සහ ව්‍යාපාරික ස්ථානයක් ලෙසින් එහි පැවැත්ම ඉදිරියටත් සනිටුහන් කර තිබීම විශේෂත්වයකි.

1991 වසරේ, සිංගප්පූරුවේ ෂිංග් ක්වාන් සමූහයේ නිර්මාතෘ සහ සභාපතිවරයා වූ එස්.පී. ටාඕ මහතා ව්‍යවසායකත්වය පිළිබඳ විශාල කැමැත්තකින් පසුවිය. ව්‍යවසායකත්වය කෙරෙහි ඔහු සතුව තිබූ දැඩි උනන්දුව හා කැපවීම මත සංවර්ධනයේ ඉදිරි දැක්මක් සහිතව මෙරටේ වාණිජ සංකීර්ණයක් සංවර්ධනය කිරීමේ ඒකායන අරමුණ ඇතිව ටාඕ මහතා සැලැස්මකට මුලපුරනු ලැබීය. ඔහුගේ අරමුණ ඉටු කර ගැනීම සඳහා ටාඕ මහතා විසින් කොළඹ කොටස් වෙළඳපොලෙහි ලැයිස්තුගත සමාගමක් වන Overseas Realty (Ceylon) Ltd සතුව තිබූ Echelon චතුරස්‍රයෙහි සංවර්ධයන නොවූ ඉඩමක හිමිකාරත්වය ලබා ගනු ලැබුවේ එහි පළමු පියවර ලෙසය.

ශ්‍රී ලංකාව තුළ ප්‍රමුඛ හා කැපී පෙනෙන විදේශීය ආයෝජකයින් අතර සිය දැක්ම ඉටුකර ගැනීමට නම්, වාණිජ සංකීර්ණය සඳහා වඩාත්ම සුදුසු සැළසුම් නිර්මාණ සංකල්පයක්, ලොව ප්‍රමුඛපෙළේ ඉදිකිරීම් සමාගමක් යොදා ගැනීම හා විශේෂයෙන් බැංකු ණය ගැනීම් නොමැතිව ඉදිකිරීම් කටයුතු සිදු කිරීම යන ප්‍රධාන කාරණා ත්‍රිත්වය කෙරෙහි ටාඕ මහතා හට මනා අවබෝධයක් තිබිණි.

ටාඕ මහතා හට ශ්‍රී ලංකාව කෙරෙහි පවතින උද්යෝගීමත් හැඟීම සහ මෙරටේ අනාගත සංවර්ධන අපේක්ෂාවන් පිළිබඳ පැවති විශ්වාසය හේතුවෙන්, අහස සිඹින මහල් 39 කින් යුත් කුළුණු ද්විත්වයක ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමේ සිහිනය මල්ඵල ගැන්වීමට හැකි විය. ඒ අනුව ඔහු එහි පළමු වෙඩිමුරය තබමින්, රටෙහි වේගවත් සංවර්ධනයක අපේක්ෂාව ඇතිව, ඇමරිකානු ඩොලර් මිලියන 130 ක මුදල් ආයෝජනයක් කරමින් 1992 වසරේ දී ශ්‍රී ලංකාවේ එවකට උසම ගොඩනැගිලි සැලැස්මේ ඉදිකිරීම් කටයුතු සඳහා මුල්ගල් තැබීමේ චාරිත්‍රය සිදු විය.

එම ආයෝජනය ශ්‍රී ලංකාවේ එවකට විශාලතම සෘජු විදේශ ආයෝජනය (FDI) සහ රටෙහි අනෙකුත් ඕනෑම වාණිජ සංවර්ධනයකට වඩා වසර ගණනාවක් ඉදිරියෙන් ඇති ආයෝජනයක් බවට එකල පවසා ඇත.1997 වසරේ ඔක්තෝබර් මස 12 වන දින මෙය කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානය (WTC Colombo) යන නාමය ඇතිව නිල වශයෙන් උත්සවශ්‍රීයෙන් විවෘත කරනු ලැබීය.

ටාඕගේ එඩිතර වූ නායකත්වය යටතේ දශක තුනක් පුරාවට සමාගම ඔහු විසින් මෙහෙයවනු ලැබූ අතර පසුගිය වසරේදී ඒ මහතා අභාවප්‍රාප්ත වන තෙක්ම එහි සභාපතිවරයා වශයෙන් අනුපමේය මෙහෙවරක් ඉටු කරමින් කටයුතු කළේය.

අද වන විට කොළඹ අහස් කුස සිඹින කුළුණු ද්විත්වයක නවීනත්වයෙන් යුත් ආකර්ෂණීය කාර්යාල සංකීර්ණයක් සහ සුවිසල් ව්‍යාපාර හා ව්‍යාපාර ජාලා ඇතුළත්ව ලෝක මට්ටමේ සැප පහසුව එකම වහලක් යටදී අත්විඳ ගැනීම සඳහා සියලු යටිතල පහසුකම් සහිත ආයතනික පරිසරයක්, කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානය නිර්මාණය කර දී ඇත.

නවීන පහසුකම් සහ සේවාවන් සැපයීමේ විශිෂ්ඨත්වය වෙනුවෙන් කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයෙහි කැපවීම විධිමත් අයුරින් සනාථ කරනු ලැබීය. ඒ සඳහා ඉහළ ඇගයීමක් ලබා ගනිමින් එය 'ලෝක වෙළඳ මධ්‍යස්ථාන සංගමයට' (World Trade Centers Association) අයත් ගෝලීය වශයෙන් පිළිගනු ලබන 'ලෝක වෙළඳ මධ්‍යස්ථානය' සහ 'WTC' යන වෙළඳ සන්නාමය සඳහා වන සුවිශේෂී බලපත්‍රය හිමිකර ගැනීමට සමත්ව ඇත. 'ලෝක වෙළඳ මධ්‍යස්ථාන සංගමය' යනු රටවල් 100 ක් පුරා විහිදී ඇති ලෝක වෙළඳ මධ්‍යස්ථාන 325 කට වැඩි ප්‍රමාණයකින් යුත් එහි ප්‍රබල ව්‍යාපාරික ජාලය සමඟ ජාත්‍යන්තර වෙළඳාමට පහසුකම් සපයන කීර්තිමත් ලෙස පිළිගනු ලබන ගෝලීය සන්නාමයකි.

තවද, මෙහි කාර්යාල සංකීර්ණය වෙත පැමිණෙන්නන් ඇතුළුව පිටතින් පැමිණෙන අමුත්තන් වෙනුවෙන් ඉහළ මට්ටමේ පහසුකම් සහ සේවාවන් තවදුරටත් අඛණ්ඩව සැපයීම සඳහා, ඊට අදාළ කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු 2021 වසරේ අප්‍රේල් මාසයේදී අවසන් කරන ලදී. ඒ අනූව එම ප්‍රජාවන්ගේ සුව පහසුව වැඩි දියුණු කිරීම සඳහා ගොඩනැගිල්ල අභ්‍යන්තරයේ පුළුල් ප්‍රතිසංස්කරණයක් සහ සියලුම ප්‍රධාන යාන්ත්‍රික, විදුලි හා ජලනල (MEP) පද්ධති නැවත පිළිසකර කිරීම ද සිදු විය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් Overseas Realty (Ceylon) PLC හි සමූහ අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරී ප්‍රවීර් සමරසිංහ මහතා මෙසේ පැවසීය. ''ලෝක වෙළඳ මධ්‍යස්ථානය ගෝලීය වශයෙන් හා හොඳින් ස්ථාවර වූ දේශීය ව්‍යාපාර සඳහා කොළඹ මධ්‍යයේ පිහිටි සුවිශේෂී සේවා ස්ථානයක් ලෙස පිළිගැනීමක් ලබා තිබෙනවා. අපි අපගේ ඉතා වැදගත් සන්ධිස්ථානයක් ලෙස, 25 වන සංවත්සරය සමරන මේ මොහොතේ අප ඉදිරියටත් කොළඹ කේන්ද්‍ර කරගත් ඔබගේ හොඳම ව්‍යාපාරික ස්ථානය ලෙස කටයුතු කරන නිසා, අපගේ ගනුදෙනුකරුවන්ට, ව්‍යාපාරික හවුල්කරුවන්ට හා පාර්ශවකරුවන්ට සහ සේවකයින් හට අපගේ කෘතඥතාව පළ කිරීමට අපි මෙය අවස්ථාවක් කර ගන්නවා. එපමණක් නොවේ, WTC (ලෝක වෙළඳ මධ්‍යස්ථානය) සන්නාමය සමඟ සම්බන්ධව පවතින සුවිශේෂි වූ ගෝලීය ගුණාත්මකභාවයන් වෙනුවෙන් අප කෙරෙහි දක්වන පිළිගැනීම, ගුණාත්මක කාර්යාල අවකාශයක් සලසා දීම සඳහා සමාගම සතු කැපවීම සහ විශිෂ්ඨත්වය පිළිබඳව මනාව පිළිබිඹු කරනවා.''

අද වන විට කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානය තුළ කොළඹ කොටස් හුවමාරුව, විනිමය සුරැකුම්පත් කොමිෂන් සභාව, ආයෝජන මණ්ඩලය, Huawei Technologies, Glaxo SmithKline, Earnest & Young Global Deliver Services, Lanka IOC, Mitsubishi Corporation, Deloitte Consulting, Valible One, Bharti Airtel, චයිනා හාබර් ඉංජිනේරු සමාගම, Asia Broadcasting Corporation, වැනි ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික භවතුන් තම සේවාවන් පවත්වාගෙන යනු ලබයි.

කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ හිමිකරු, කළමනාකරු සහ සංවර්ධකයා ලෙස,Overseas Realty (Ceylon) PLC සමාගම, සිය දේපළ සහ වෙළඳාම් සංවර්ධනය සඳහා පුළුල් හැකියාවක්, දැනුමක් සහ පළපුරුද්දක් සහිතව වාණිජ වෙළඳපොලෙහි  සියල්ලට ඉහළින් ආධිපත්‍යය දරමින් කටයුතු කරයි. කොළඹ නගරය කේන්ද්‍ර කරගත් නේවාසික සහ වාණිජ යන දෙඅංශයේම විවිධ කාර්යයන් සඳහා එකාබද්ධව ඉදිකරමින් පවතින තවත් විශාලතම සංවර්ධන ව්‍යාපෘතියක් වන Havelock City හි  සංවර්ධකයා ද වන්නේ මෙම සමාගමයි.

  • Ada Derana BIZ Sinhala
  • Japan
  • JCM
  • Low Carbon Growth
  • sri lanka

ශ්‍රී ලංකාව සහ ජපානය ගිවිසුමකට අත්සන් තබයි

October, 10, 2022

කාබන් හර කිරීමේ ඒකාබද්ධ යාන්ත්‍රණය ශ්‍රී ලංකාව සහ ජපානය අතර ක්‍රියාත්මක කිරීමට අදාළ සහයෝගීතා ගිවිසුමට අත්සන් තැබීම අද (10) පස්වරුව් ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සහ ජපානයේ ශ්‍රී ලංකා තානාපති මිසුකෝෂි හිදෙකි මහතා ගිවිසුමට අත්සන් තැබූ අතර අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වූ ජපාන තානාපතිවරයා ඇතුළු පිරිස සාකච්ඡාවක ද නිරත වූහ.

ජපානය, ගෝලීය උණුසුමට හේතුවන හරිතාගාර වායු විමෝචනය අවම කිරීම සඳහා ගෝලීය ප්‍රජාව විසින් පිහිටුවා ගන්නා ලද කියතෝ සංවිධානයෙහි දෙවන ධුර කාලයෙන් (2013 – 2020) ඉවත්වීමෙන් පසුව ගෝලීය හරිතාගාර වායු විමෝචනය අවම කිරීමට දායකවීම උදෙසා 2013 වසරේ දී ද්විපාර්ශ්වික ඒකාබද්ධ කාබන් හර කිරීමේ යාන්ත්‍රණයක් හඳුන්වා දෙන ලදී.

මෙම යාන්ත්‍රණය සංවර්ධනය වෙමින් පවතින රාජ්‍යයන් සමග ඒකාබද්ධව හරිතාගාර වායු විමෝචනය අවම කරමින් එම අවම කරන ලද ප්‍රමාණය සංවර්ධනය වෙමින් පවතින රටවල් හා ජපානය අතර බෙදී යන පරිදි සකස් කර ඇති යාන්ත්‍රණයකි.

ජපානය විසින් මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබුවේ එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබද රාමුගත සම්මුතියේ පාර්ශ්වකරුවන්ගේ 21 වන සමුළුවේදී ඇතිකරගත් පැරිස් ගිවිසුමෙන් එකඟ වූ ජාතික වශයෙන් නිර්ණය කරන ලද දායකත්ව සඳහා අනුගත වීම උදෙසාය.

දැනට මෙම වැඩසටහන මොන්ගෝලියාව, බංගලාදේශය, ඉතියෝපියාව, කෙන්යාව, මාලදිවයින, වියට්නාමය, ලාඕසය, ඉන්දුනීසියාව, කොස්ටරිකා, පලාවු, කාම්බෝජියාව, මෙක්සිකෝව, සවුදි අරාබිය, චිලී, මියන්මාරය, තායිලන්තය හා පිලිපීනය යන රටවල් 17 ක්‍රියාත්මක කරනු ලබයි.

කාබන් විමෝචනය අවම වූ උසස් තාක්ෂණය භාවිතා කර හරිතාගාර වායු විමෝචනය අඩු කිරීමෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල එමගින් අඩු කරනු ලබන කාබන් විමෝචන ඒකක (Carbon Credit Sharing) දෙරට අතර බෙදී යන ලෙස මෙම යාන්ත්‍රණය සකස් කර ඇත.

මෙම යාන්ත්‍රණය (JCM) මගින් සංවර්ධනය වෙමින් පවතින රටවල ක්‍රියාත්මක කිරීම සඳහා ජපාන රජය හෝ එහි පුද්ගලික අංශය තාක්ෂණික දායකත්වය සපයන අතර ඒ සඳහා වැය වන මූලික වියදමෙන් කොටසක් ව්‍යාපෘති සඳහා ආයෝජනය කෙරේ.

එමෙන්ම මෙම යාන්ත්‍රණය යටතේ බලශක්ති, කර්මාන්ත, ප්‍රවාහනය, අපද්‍රව්‍ය කළමනාකරණය හා කෘෂිකර්මය යන ක්ෂේත්‍ර යටතේ ව්‍යාපෘති ක්‍රියාත්මක කළ හැකිය.

එම නිසා, ඒකාබද්ධ කාබන් හර කිරීමේ යාන්ත්‍රණය (JCM) ක්‍රියාත්මක කිරීම යටතේ කාබන් විමෝචනය අඩු කළ හැකි ප්‍රමුඛතම තාක්ෂණික සහ නව නිෂ්පාදන ක්‍රමවේද හඳුන්වාදීම ද එම ව්‍යාපෘතිවල ඉදිකිරීම්, යන්ත්‍ර සුත්‍ර හා උපකරණ ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය කර ගත හැකි වීම ද ශ්‍රී ලංකාවට ලැබෙන තවත් ප්‍රතිලාභයකි.

ශ්‍රී ලංකාව 2016 සැප්තැම්බර් මස 21 දින දේශගුණික විපර්යාස පිළිබද පැරිස් ගිවිසුමට අනුගත වන ලදී. මෙම ගිවිසුමට අනුව හරිතාගාර වායු විමෝචනය අඩු කිරීම සදහා ජාතිකව නිර්ණය කරන ලද දායකත්වයන් බලශක්ති, කර්මාන්ත, ප්‍රවාහනය, අපද්‍රව්‍ය කළමනාකරණය, කෘෂිකර්මය හා වනාන්තර යන ක්ෂේත්‍රන්ට අදාළව 2021 ජුලි මස 30 වැනි දින ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබද රාමුගත සම්මුතිය වෙත ඉදිරිපත් කළේය.

ඒ අනුව, ඒකාබද්ධ කාබන් හර කිරීමේ යාන්ත්‍රණය (JCM) ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම තුළින් පැරිස් ගිවිසුම යටතේ ශ්‍රී ලංකාව බැඳී ඇති ඉලක්ක සපුරා ගැනීම සඳහා වන ගෝලීය ප්‍රයත්නයට ද දායක වනු ඇත.

ජපානය හා ශ්‍රී ලංකාව අතර ඒකාබද්ධ කාබන් හරකිරීමේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය හා නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා ගෙන ඇති අතර ඊට අදාළ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමිව තිබේ.

තවද, මෙම යාන්ත්‍රණය (JCM), ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමේ දී ඊට අදාළ ව්‍යාපෘති අනුමත කිරීම සඳහා දෙපාර්ශ්වයෙන්ම සමන්විත ඒකාබද්ධ කමිටුවක් ස්ථාපිත කරනු ලබන අතර එහි සම සභාපතිත්වය ශ්‍රී ලංකා රජය හා ජපන් රජය නියෝජනය කරනු ලබයි.

පරිසර අමාත්‍ය නසීර් අහමඩ්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජේවර්ධන යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

  • Ada Derana BIZ Sinhala
  • Katunayake
  • manufacturing
  • opened
  • pharmaceutical
  • sri lanka

නවතම ඖෂධ නිෂ්පාදනාගාරයක් කටුනායක දී විවෘත කෙරේ

October, 10, 2022

ශ්‍රී ලංකාවේ ස්ථාපිත ප්‍රථම ජීවානුහරණය කරන ලද ද්‍රව්‍යමය ලෙස නිපදවන ඖෂධ නිෂ්පාදනාගාරය වන Yaden Laboratories ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාව කටුනායක ආයෝජන කලාපයේ දී අද (10) දින විවෘත කෙරුණි. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය ඖෂධ ලබාදීමේ ප්‍රමුඛ අරමුණින් මෙම රසායනාගාරය ස්ථාපිත කළ බව Yaden Laboratories නිර්මාතෘ හා කළමනාකාර අධ්‍යක්ෂ ශශීමාල් දිසානායක මහතා කියා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශශීමාල් දිසානායක මහතා,

“පසුගිය වසර දහයක කාලයේ දී යාඩෙන් සමාගම දිගු දුරක් පැමිණ තිබෙනවා. 2012 වර්ෂයේ දී දෙදෙනෙකුගෙන් මේ රසායනාගාරය ආරම්භ කළා. අද වනවිට සියයට සීයක්ම උසස් තත්ත්වයේ ඖෂධ නිෂ්පාදනය කරන්න අපේ රසායනාගාරයට හැකියාව ලැබී තිබෙනවා. මෙම ඖෂධ රසායනාගාරය අද ශ්‍රී ලංකා ඉතිහාසයට එක්ව තිබෙනවා. අද වනවිට රසායනාගාර කාර්ය මණ්ඩලය 110ක් මෙහි සිටිනවා. ඒ වගේම තාක්ෂණික ශිල්පීන් 20 දෙනෙක් ද සේවය කරනවා. අති නවීන පහසුකම්වලින් අපේ රසායනාගාරය සමන්විතයි. ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය ඖෂධ ලබාදීමේ ප්‍රමුඛ අරමුණින් මෙම රසායනාගාරය ස්ථාපිත කර තිබෙනවා. ඒ අනුව විදේශයන්ට ඇදීයන විශාල මුදලක් රටතුළ ඉතිරි කර ගැනීමට අවස්ථාව සැලසී තිබෙනවා.“

 

  • Ada Derana BIZ Sinhala
  • Eco Channelling Delivery
  • SLT-MOBITEL
  • sri lanka

SLT-MOBITEL ‘Eco Channelling Delivery’ හඳුන්වා දුන් ප්‍රථම දුරකථන සේවා සමාගම බවට පත්වෙයි

October, 10, 2022

eChannelling හරහා පාරිභෝගිකයන්ගේ නිවෙස් වලටම ඖෂධ ගෙනැවිත් භාරදීමේ සේවාවක්

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL හි චැනලින් සේවාව වන eChannelling, මේ වනවිට ‘Eco Channelling Delivery’ නමින් නවතම සේවාවක් හඳුන්වා දී තිබේ. පරිසර හිතකාමී ලෙස පාරිභෝගිකයන්ගේ නිවෙස් වලටම ඖෂධ ගෙනගොස් භාරදීම මෙහි ප්‍රධාන අරමුණ වී ඇත.

මෙබඳු තිරසාර සේවාවක් හඳුන්වා දුන් ප්‍රථම දුරකථන සමාගම SLT-MOBITEL වීම විශේෂත්වයකි. ඖෂධ ඇණවුම් කළ පසුව දිනක් ඇතුළත SLT-MOBITEL mAgent වරයෙකු විසින් රු. 200/- ක් වැනි සහනදායී ගාස්තුවක් යටතේ පාපැදියක් භාවිතා කරමින් අදාළ ඖෂධ පාරිභෝගියාගේ නිවස වෙත ගෙනගොස් භාරදෙනු ලැබේ. කොළඹ 03 ප්‍රදේශයේ ප්‍රමුඛ පෙළේ රෝහලක පිහිටි ඖෂධ අලෙවිසැලක් විසින්, කොළඹ 01 සිට කොළඹ 08 දක්වා ප්‍රදේශ වල කිලෝමීටර් 5 ක දුර පරාසයක් තුළ මේ ආකාරයට ඖෂධ බෙදාහැරීම සිදුකෙරෙනු ඇත.

mAgent වරුන් යනු මෙම සුවිශේෂී වැඩසටහන ක්‍රියාවට නැංවීම සඳහා මෙන්ම SLT-MOBITEL නිෂ්පාදන හා සේවාවන් රට පුරා ව්‍යාප්ත කිරීම සඳහා පත්කරන ලද නියෝජිතයන් පිරිසකි.

https://www.echannelling.com/ වෙත ගොස් ‘Eco channelling’ ක්ලික් කිරීම හෝ eChannelling app බාගත කරගැනීම මගින් ඕනෑම කෙනෙකුට මෙම සේවාව හරහා ඖෂධ ඇණවුම් කළ හැකි වේ. සෑම දිනකම පස්වරු 4.00 ත් පස්වරු 6.00 ත් අතර ඖෂධ ගෙනගොස් භාරදීම සිදුකෙරෙන අතර, අදාළ ඖෂධ අලෙවිසැල විසින් ඖෂධ වලට වටිනාකම සඳහන් විද්‍යුත් ප්‍රකාශයක් පාරිභෝගිකයා වෙත යොමුකරනු ඇත. භාණ්ඩ ලැබුණු විට ගෙවීමේ පදනම යටතේ (Cash of delivery), මාර්ගගත ක්‍රමයට (Online) හෝ POS යන්ත්‍ර භාවිතයෙන් මුදල් ගෙවීම සිදුකළ හැකි වේ.

රටේ පවතින දුෂ්කර තත්ත්වය හමුවේ පාරිභෝගිකයන්ට බාධාවකින් තොරව ඖෂධ ගෙන්වා ගැනීමට අවස්ථාව සලසා දීම සඳහා eChannelling හරහා මෙම ‘Eco Channelling Delivery’ සේවාව ආරම්භ කරන ලදි. මෙමගින් පාරිභෝගිකයන්ට දිනක් ඇතුළත තමන්ට අවශ්‍ය ඖෂධ ගෙන්වා ගැනීමට හැකියාව ලැබේ.

ඖෂධ යනු පුද්ගලයන්ගේ මූලික අවශ්‍යතාවක් වන අතර, එය සපුරාලීම සඳහා කාර්යක්ෂම ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීම කාලීන අවශ්‍යතාවකි. එමෙන්ම පාපැදි භාවිතා කිරීම මගින් ප්‍රවාහන කටයුතු වලදී ඉන්ධන හෝ විදුලි බලය වැය නොවන නිසා එය පරිසර හිතකාමී පියවරක් වන අතරම, වඩාත් සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ප්‍රවර්ධනය කිරීමක්ද වේ.

අන්තර්ජාලය සහ ජංගම යෙදවුම් භාවිතා කරමින් ජනතාවගේ එදිනෙදා ජීවිත පහසු කිරීම සඳහා විවිධාකාර වූ නවෝත්පාදනයන් හඳුන්වා දීමට eChannelling සෑම විටම කටයුතු කරයි. SLT-MOBITEL හි කාර්ය සම්පාදන අංශය මගින් mAgent වරුන් හරහා ක්‍රියාත්මක කරන, සතියේ සෑම දිනකම ඖෂධ ගෙනගොස් භාරදීම සිදුකරන මෙම නවතම විසඳුමද එම උත්සාහයේ තවත් ඉදිරි පියවරකි.

ඉදිරියේදී මෙම සේවාව තවදුරටත් කාර්යක්ෂම කරමින් දිවයින පුරාම ව්‍යාප්ත කිරීමටත්, ඊට නව අංග රැසක් ඇතුළත් කිරීමටත් eChannelling බලාපොරොත්තු වෙයි.

SLT-MOBITEL Mobile mAgent කණ්ඩායම සහ ඔවුන් පාරිභෝගිකයන් වෙත ඖෂධ ගෙනගොස් භාරදෙන අයුරු

  • Ada Derana BIZ Sinhala
  • Huawei
  • HUAWEI CONNECT 2022
  • sri lanka

Huawei විසින් උසස් තත්ත්වයෙන් යුත් ඩිජිටල් දත්ත ගබඩාකරණ සේවාවන්ට අදාළ ධවල පත්‍රිකාව නිකුත් කරයි

October, 10, 2022

මෑතක දී පැවති Huawei Connect 2022 සමුළුවෙහි දී Huawei සමාගම විසින් සිය උසස් තත්ත්වයෙන් යුත් ඩිජිටල් දත්ත ගබඩාකරණ සේවාවන්ට අදාළව ධවල පත්‍රිකාවක් නිකුත් කෙරිණි. මෙම ධවල පත්‍රිකාව හරහා දත්ත ගබඩාකරණයේ  වර්ධනය පරීක්ෂා කරමින්, දත්ත ගබඩා කිරීමේ ශක්‍යතාව මැනීම සඳහා ප්‍රාමාණික දර්ශක නිර්මාණය කිරීමේ හැකියාව ලබා දෙන අතර, ලොව පුරා විසිරී ඇති දත්ත ගබඩා ක්‍රමවේදයන් විශ්ලේෂණය කරමින් ගුණාත්මක දත්ත ගබඩාකරණ පද්ධතියක් ගොඩනංවා ගැනීමට රජයන්ට හා ව්‍යාපාරවලට සහයෝගය ලබා දෙයි.

Huawei IT නිෂ්පාදනායතනයේ උප සභාපති ගු ක්සුවේජුන් මහතා පැවසුවේ, "දැනට දත්ත ගබඩා කිරීමේ හැකියාව මනිනු ලබන්නේ ධාරිතාව අනුවයි. එය එසේ වුණත්, කර්මාන්තයේ ශීඝ්‍ර දියුණුව,  කෘත්‍රිම බුද්ධිය, ප්‍රමාණයෙන් විශාල දත්ත, ධාරිතාව වැනි දත්ත ආශ්‍රිත විවිධ අවශ්‍යතාවන් නිර්මාණය වීම නිසා පවතින දත්ත ගබඩාකරණ ක්‍රමවේද ප්‍රමාණවත් නොවන බව පෙනෙන්නට තිබෙනවා. එම නිසා ම දත්ත ගබඩා කිරීමේ හැකියාව ඵලදායී ලෙස වර්ධනය කරගැනීමට අපට සුවිශේෂී සේවාවක අවශ්‍යතාව මතු වෙලා තිබෙනවා." යනුවෙනි.

බුද්ධිමය ලෝකය තුළ ක්‍රියාත්මක වන කර්මාන්ත ආශ්‍රිතව අති විශාල දත්ත වර්ධනයක් පෙන්නුම් කරන අතර, එම කර්මාන්තවල ඩිජිටල් පරිවර්තනය සඳහා දත්ත ගබඩා කිරීමේ ගුණාත්මක ක්‍රමවේදයක් අත්‍යවශ්‍ය වේ. Huawei සමාගම නිකුත් කළ ධවල පත්‍රිකාව මගින් දත්ත ගබඩා කිරීම වෙනුවෙන් එම සමාගම හඳුන්වා දී ඇති නව්‍ය සේවාවන් බලගන්වයි.

දත්ත ගබඩා කිරීමේ බලය පිළිබඳ සංකල්පයක් හා අරුතක් : දත්ත ගබඩා කිරීමේ බලය යනු, ගබඩා ධාරිතාව, කාර්ය සාධනය, විශ්වසනීයත්වය හා හරිත සංකල්පයන්ට අනුගත වීම යන ගුණාංග ඇතුළත් විස්තීරණ සංකල්පයකි.

දත්ත ගබඩාකරණයේ වටිනාකම පිළිබඳ ප්‍රමාණාත්මක පර්යේෂණ : Huawei සමාගම සිදුකළ ගණනය කිරීම්වලින් පෙන්නුම් කරන්නේ දත්ත ගබඩා කිරීම වෙනුවෙන් සිදුකරනු ලබන ඇමරිකානු ඩොලර් 1 ක ආයෝජනයක්, ඇමරිකානු ඩොලර් 5 ක සෘජු වටිනාක්, ඇමරිකානු ඩොලර් 8 ක වක්‍ර අගයක් සහ ඇමරිකානු ඩොලර් 30-40 වටිනා ප්‍රේරිත අගයක් නිර්මාණය කරන බවයි.

යම් ප්‍රදේශයක හෝ දත්ත මධ්‍යස්ථානයක දත්ත ගබඩා කිරීමේ බලය තක්සේරු කරන දර්ශක පද්ධතියක් : මෙම පද්ධතිය රාජ්‍ය  හා ව්‍යාපාරික ලක්ෂණ මත පදනම්ව විශාලත්වය, කාර්යක්ෂමතාව, පදනම සහ වර්ධනය යන අංශ  හරහා දිවෙන දර්ශක 35 කින් පමණ සමන්විත වේ.

රටවල් 20ක හා කලාපීය ගබඩා බලය පිළිබඳ ඇගයීමක් : මෙම ධවල පත්‍රිකාව මගින් දත්ත ගබඩා කිරීමේ බලය ශ්‍රේණිගත කිරීමේ දී ඇතැම් රටවල් පෙරමුණ ගැනීම සම්බන්ධව සහ පහත ශ්‍රේණිගත පාර්ශ්වයන්ට එය ලබා ගත හැක්කේ කෙසේ ද යන්න විශ්ලේෂණය කරයි. එමෙන් ම එමඟින් දත්ත ගබඩා කිරීමේ බලය වැඩි දියුණු කෙරෙන ප්‍රතිපත්ති යෝජනා සැපයීම ද සිදු කරයි.

"මෙම ධවල පත්‍රිකාව දත්ත ගබඩා කිරීම් ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් සුවිශේෂී කාර්‍යභාරයක් ඉටු කරන අර්ථවත් ගවේෂණයක් විදියට මා දකිනවා. එමගින් දත්ත සහ උසස් තත්ත්වයේ ආර්ථික හා සමාජ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට වගේ ම, ඩිජිටල් යටිතල ව්‍යුහය වර්ධනය කිරීම සඳහා  දත්ත මනාව ගබඩා කිරීම, කාර්‍යක්ෂමව ගණනය කිරීම හා ජාල හරහා ස්ථායීව සම්ප්‍රේෂණය කිරීම යන කරුණු පූර්ණ කිරීමත් සුවිශේෂයි." යනුවෙන් ක්සුවේජුන් මහතා වැඩිදුරටත් පැවසුවේය.

  • Ada Derana BIZ Sinhala
  • new discovery
  • sri lanka
  • Sri Lankan professor

ශ්‍රී ලාංකීය මහාචාර්යවරයකුගේ නව සොයා ගැනීමක් ඩොලර් මිලියන 180කට අලෙවි වෙයි

October, 10, 2022

යම් පුද්ගලයෙකුගේ කැස්සේ ශබ්දයට සවන් දීමෙන් ඔහු කොවිඩ් ආසාදිතයෙකුදැයි නිශ්චය කර ගත හැකි ආකාරයෙන් නිර්මාණය වූ දුරකථන යෙදවුමක් ලෝ ප්‍රකට ෆයිසර් සමාගම විසින් ඩොලර් මිලියන 180ක මුදලකට මිල දී ගෙන ඇති බව වාර්තා වේ.

මෙහි ශ්‍රී ලංකාවට ඇති වැදගත්කම නම්, ඕස්ට්‍රේලියාවේ University of Queensland (UQ) හි මහාචාර්ය උදන්ත අබේරත්න මහතා ප්‍රධානත්වය දරනු ලැබූ පර්යේෂණ කණ්ඩායමක් විසින් මෙම සොයා ගැනීම සිදුකිරීමයි.

මෙම යෙදවුම ResApp Health Limited විසින් වැඩිදියුණු කිරීමෙන් අනතුරුව එහි සාර්ථකත්වය අත්හදා බලා ෆයිසර් සමාගම විසින් ඩොලර් මිලියන 180 කට එය මිල දී ගෙන ඇත.

  • Ada Derana BIZ Sinhala
  • Ambassador level
  • dairy cattle
  • import
  • India
  • Pakistan
  • sri lanka

කිරි ගවයින් ආනයනයට ඉන්දියාව සහ පකිස්තානය සමඟ තානාපති මට්ටමේ සාකච්ඡා

October, 10, 2022

රජයට අයත් කිරි නිෂ්පාදන සමාගමක් වන මිල්කෝ පුද්ගලික සමාගම ලාබ ලබන රාජ්‍ය ආයතනයක් බවට පත් කිරීම සඳහා නව  වැඩපිළිවෙලක් කඩිනමින් අරඹන ලෙස කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම සමාගමේ ඉහළ කළමනාකාරිත්වයට උපදෙස් ලබා දී ඇත.

මිල්කෝ පුද්ගලික සමාගමේ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව වැඩපිළිවෙළක් සැකසීම පිළිබඳව ප්‍රගති සමාලෝචන රැස්වීමකට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

විශේෂයෙන් එම සමාගම විසින් මෙම වසරේ උපයා ඇති ආදායම සම්බන්ධව අමාත්‍යවරයා, මෙහිදී ඉහළ කළමනාකාරිත්වයෙන් කරුණු විමසනු ලැබීය.

2021 වසරේ දී මිල්කෝ සමාගම කිරි ආශ්‍රිත නිෂ්පාදන අලෙවියෙන් ලබන ලද ආදායම රුපියල් මිලියන 8,052කි. නමුත් 2022 වසරේ ජනවාරි මාසයේ සිට අගොස්තු මාසය දක්වා රටේ යම් ආර්ථික පසුබැස්මක් පැවතියද පසුගිය වසරේ ඇතැම් මාසවලට සාපේක්ෂව 2022 වසරේ දී ඇතැම් මාසවල ඉහළ ආදායමක් ඉපයීමට එම සමාගමට හැකි වී තිබේ.

මෙම වසරේ අගෝස්තු මාසය වනවිට මිල්කෝ සමාගම රුපියල් මිලියන 7774ක ආදායමක් ඉපයීමට හැකි වී තිබේ. මෙම වසර අවසාන වන විට රුපියල් මිලියන 8,500 ඉක්මවූ ආදායමක් ඉපයීමට හැකි වෙතැයි එම සමාගමේ ඉහළ කළමනාකාරිත්වය අමාත්‍යවරයාට දැනුම් දුන්නේය. මෙම වසරේ ජූලි මාසයෙන් පසු සෑම මාසයකම රුපියල් මිලියන 20-30 අතර මට්ටමින් ලාබ ඉපයීම විශේෂත්වයකි.

මිල්කෝ සමාගම මෙම වසරේ දී කිරි සහ කිරි ආශ්‍රිත නිෂ්පාදන රැසක් වෙළඳපොළට නිකුත් කර ඇති බවත් විශේෂයෙන් පැස්ටරීකරණයට ලක් කළ දියර කිරි ලීටර් 2,945,329ක්, යෝගට් ලීටර් 4,875,602ක්, මුදවපු කිරි ලීටර් 889,216ක්, අයිස්ක්‍රීම් ලීටර් 3,546,409ක්, එළඟිතෙල් කිලෝග්‍රෑම් 36,906 ක්ද වශයෙන් නිදපවා ඇති බවත් එම සමාගම පවසයි.

එමෙන්ම චීස් කිලෝ ග්‍රෑම් 12,648ක්, බටර් කිලෝග්‍රෑම් 173,897ක්, කිරිපිටි කිලෝ ග්‍රෑම් 1,290,622ක් ද නිපදවා ඇත.

දැනට ශ්‍රී ලංකාව තුළ කිරිගවයින් බෝ කිරීම සඳහා මව් සතුන්ගේ හිඟකම දැඩිව බලපා ඇති නිසා ඉන්දීය රජය මගින් කිරිගවයින් ලබා ගැනීමට මෙරට ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් භග්ලේ මහතා සමග සාකච්ඡා කළ බවත් එම සාකච්ඡා සාර්ථක වනු ඇතැයි ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

එමෙන්ම පකිස්ථානයෙන් ද කිරි ගවයින් ලබා ගැනීම සඳහා මෙරට පකිස්ථානු තානාපතිවරයා සමග ඉදිරියේ දී සාකච්ඡා කිරීමට පියවර ගෙන ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. අපේ රටේ දේශගුණයට ඔරොත්තු දෙන කිරි ගවයින් ලබා ගැනීමට සිදුවන්නේ ඉන්දියාවෙන් හා පකිස්ථානයෙන් වුවද දැනට එම රටවල් දෙකම කිරි ගවයින් අපනයනය කිරීම අත් හිටුවා ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය. එහෙත් ඉන්දීය මහකොමසාරිස්වරයා ඉන්දීය රජය සමග සාකච්ඡා කර ශ්‍රී ලංකාවට අවශ්‍ය සහයෝගය ලබා දීමක් වශයෙන් කිරි ගවයින් ලබා දීමට එකඟතාවය පළ කර තිබේ.

News.lk

 

  • Ada Derana BIZ Sinhala
  • Maliban Biscuts
  • Nidahase Ran Daruwo
  • sri lanka

දරුවන්ගේ සතුට හා නිදහස වෙනුවෙන් කැපවූ මැලිබන් ගෝල්ඩ් මාරි ‘නිදහසේ රන් දරුවෝ‘ ප්‍රජා සත්කාරයේ දෙවැනි මෙහෙයුම අරඹයි

October, 10, 2022

2021 ලෝක ළමා දිනය නිමිති කර ගනිමින් මැලිබන් ගෝල්ඩ් මාරි සන්නාමය යටතේ ආරම්භ කරනු ලැබූ ‘නිදහසේ රන් දරුවෝ’ අති සාර්ථක වසරක් සනිටුහන් කිරීමට සමත් වූයේ ශ්‍රී ලාංකේය දරුවන් රැසකට සතුට හා නිදහස උරුම කර දෙමිනි. පවුලේ ආර්ථික අපහසුතාවන් හමුවේ විවිධ රැකියාවන් වෙත යොමු වීමේ වැඩි ඉඩකඩක් සහිත දරුවන් තෝරා ගනිමින් ඔවුන්ගේ මව්පියන්ගේ හැකියාවන් මත පවුලේ ආර්ථික දියුණුව සළසා ගැනීම සඳහා ආධාර උපකාර ලබා දීමට කටයුතු කළ මැලිබන් බිස්කට් ‘නිදහසේ රන් දරුවෝ’ අරමුදල එම දරුවන්ගේ අඛණ්ඩ අධ්‍යාපනය සඳහා ශිෂ්‍යත්ව ලබා දීමටද කටයුතු කරන ලදී. ඒ යටතේ දකුණු පළාතේ හා උතුරු මැද පළාතේ පවුල් වෙත ආර්ථික දියුණුව සළසා ගැනීමේ මංපෙත් විවර කර දෙමින් එම දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් සවියක් වන්නට මැලිබන් ගෝල්ඩ් මාරි නිදහසේ රන් දරුවෝ අරමුදල සමත් විය. එම පවුල්වලින් බොහොමයක් ඉතා සාර්ථක අයුරින් සිය ආර්ථික දියුණුව සලසා ගනිමින් සිටින බවද මෙහිදී සඳහන් කළ යුතුය.

අලෙවි වන සෑම මැලිබන් ගෝල්ඩ් මාරි ග්‍රෑම් 80 පැකට්ටුවකින්ම ශත 50ක මුදලක් බැර කරමින් ශක්තිමත් වන මැලිබන් ගෝල්ඩ් මාරි‘නිදහසේ රන් දරුවෝ’ අරමුදල තව දුරටත් ඉදිරියට ගෙන යාම වෙනුවෙන් ඊට අදාළ ත්‍රෛපාර්ශවික ගිවිසුම නැවත අලුත් කිරීමට කටයුතු කරන ලදී. කම්කරු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් බී.කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා, මැලිබන් බිස්කට් පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂිකා කුමුදිකා හේමන්ති ප්‍රනාන්දු මහත්මිය හා MullenLowe  Sri Lanka හි සමූහ ප්‍රධාන නිර්මාණ නිලධාරී ඩිල්ශාරා ජයමාන්න මහතා විසින් අත්සන් කළ එම ගිවිසුම යටතේ ශ්‍රී ලංකාවේ අනෙකුත් පළාත් තුළද ළමා ශ්‍රමිකයින් බවට පත්වීමේ අවදානමක් සහිත දරුවන් හඳුනා ගනිමින් ඔවුන්ගේ පවුල් සඳහා ජීවනෝපාය මාර්ගයක් සකස්කර දීමට මෙන්ම දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් අවශ්‍ය මූල්‍යමය සහයෝගය ලබා දීමට ඒ තුළින් බලාපොරොත්තු වේ.

මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමට අමතරව මැලිබන් ගෝල්ඩ් මාරි ‘නිදහසේ රන් දරුවෝ’ අරමුදල විසින් එම අවස්ථාවේදී දරුවන් 100ක් සඳහා අවශ්‍ය පාසල් උපකරණ පරිත්‍යාග කිරීමට කටයුතු කිරීමද විශේෂත්වයකි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කම්කරු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් බී. කේ. ප්‍රභාත් චන්ද්‍රසිරි මහතා පවසා සිටියේ මෙසේයි. “පසුගිය වසර පුරා අධ්‍යාපන අවශ්‍යතා සපුරා ගැනීමේ දුෂ්කරතාවන්ට මුහුණ දෙමින් සිටි දරුවන් රැසක් වෙත සතුට හා නිදහස ගෙන ඒමට මැලිබන් ගෝල්ඩ් මාරි ‘නිදහසේ රන් දරුවෝ’ අරමුදලට හැකියාව උදා වුණා. මෙවන් කාල වකවානුවක් තුළ දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් ඔවුන්ගේ පවුල් ආර්ථික වශයෙන් නගා සිටුවීමට දායක වීම පිළිබඳව මැලිබන් බිස්කට් ආයතනයටත්, නිදහසේ රන් දරුවෝ අරමුදලටත් මගේ ස්තුතිය පුද කිරීමට කැමතියි. එම වැඩසටහන තව දුරටත් ඉදිරියට ගෙන යාම වෙනුවෙන් ගිවිසුම් ගත වීම තුලින් තවත් විශාල පිරිසකට පැහැබර අනාගතයක් උදා කර දීමට අප සියලු දෙනාට හැකියාව උදා වනු ඇතැයි මා විශ්වාස කරනවා.”

මෙහිදී අදහස් දැක්වූ මැලිබන් බිස්කට් පුද්ගලික සමාගමේ ජ්‍යෙෂ්ඨ අලෙවි කළමනාකාරිණී කුෂාණි පීරිස් මහත්මිය සඳහන් කර සිටියේ “2021 වසරේ ලෝක ළමා දිනය වෙනුවෙන් ආරම්භ කරන ලද ‘නිදහසේ රන් දරුවෝ’ අරමුදල තුළින් ආර්ථික දුෂ්කරතාවයන්ගෙන් යුත් පවුල් රැසක් නගා සිටුවීමට මෙන්ම ඒ තුළින් දරුවන් රැසකට සතුට හා නිදහස යළි උරුමකර දීමට අපට හැකි වුණා. ඉදිරියේදීත් ශ්‍රී ලංකාවේ අනෙකුත් පළාත්වලද මැලිබන් ගෝල්ඩ් මාරි ‘නිදහසේ රන් දරුවෝ’ අරමුදල හරහා දරුවන්ගේ සතුට හා නිදහස වෙනුවෙන් කැපවෙමින් ඔවුන්ගේ පවුල්වල ආර්ථිකය නගා සිටුවීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීමට කැපවී කටයුතු කරනවා. ඒ වගේම එම වැඩසටහන සමඟ අත්වැල් බැඳගෙන සිටින සියලු ආයතනයන් වෙනුවෙන් මේ මොහොතේ මාගේ ස්තුතිය පුද කිරීමට කැමතියි” යනුවෙනි.

මෙම ගිවිසුම යටතේ කම්කරු දෙපාර්තමේන්තුව වෙත වාර්තා වන ළමා මෙහෙකාර සේවය හා සම්බන්ධ දරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල තොරතුරු මත පදනම්ව මැලිබන් බිස්කට් ආයතනය විසින් සිය ගෝල්ඩ් මාරි සන්නාමය යටතේ පිහිටුවා ඇති ‘නිදහසේ රන් දරුවෝ’ අරමුදල හරහා එම දරුවන්ගේ පවුල් ආර්ථික වශයෙන් දිරිමත් කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දීමට කටයුතු කරනු ලබයි. අලෙවි වන සෑම මැලිබන් ගෝල්ඩ් මාරි 80ට ක පැකට්ටුවකින්ම ශත 50ක මුදලක් එම අරමුදල වෙත බැර වේ. එම අරමුදල යොදා ගනිමින් අදාල පවුල් ආර්ථිකමය වශයෙන් දිරි ගැන්වීමට කටයුතු කරන අතර අදාළ ව්‍යාපෘතිය සම්බන්ධීකරණය කිරීම හා අධීක්ෂණය කිරීම සඳහා MullenLowe  Sri Lanka ආයතනය කටයුතු කරනු ලබයි.

මැලිබන් බිස්කට් පුද්ගලික සමාගමේ  කළමනාකාර අධ්‍යක්ෂිකා කුමුදිකා ප්‍රනාන්දු මහත්මිය, කම්කරු දෙපාර්තමේන්තුවේ කම්කරු කොමසාරිස් ජනරාල් නීතීඥ බී.කේ. ප්‍රභාත්  චන්ද්‍රකීර්ති මහතා සහ Mullenlowe Sri Lanka ආයතනයේ   සමූහ ප්‍රධාන නිර්මාණ නිලධාරී ඩිල්ශාරා ජයමාන්න මහතා ගිවිසුමට අත්සන් තබමින්

 

ඡායාරූප විස්තරය - ලිබන් බිස්කට් පුද්ගලික සමාගමේ  කළමනාකාර අධ්‍යක්ෂිකා කුමුදිකා ප්‍රනාන්දු මහත්මිය විසින් නිදහසේ රන් දරුවෝ සමරු ඵලකය කම්කරු දෙපාර්තමේන්තුවේ කම්කරු කොමසාරිස් ජනරාල් නීතීඥ බී.කේ. ප්‍රභාත්  චන්ද්‍රකීර්ති මහතා වෙත ලබා දෙමින්. මැලිබන් බිස්කට් පුද්ගලික සමාගමේ  සමූහ විධායක නිලධාරී රවී ජයවර්ධන මහතාද  පසෙකින් වේ.

  • Ada Derana BIZ Sinhala
  • friendliest countries
  • sri lanka
  • world

ශ්‍රී ලංකාව ලොව හොඳම මිත්‍රශීලී රටවල් 10 අතරට

October, 10, 2022

ලොව ජනප්‍රිය සඟරාවක් වන Condé Nast Traveller විසින් පවත්වනු ලැබූ 2022 පාඨක මත විමසුමකට අනුව ලෝකයේ වඩාත් මිත්‍රශීලී රටවල් 10 (Top 10 friendliest countries) ප්‍රකාශයට පත් කර තිබේ.

මෙහි අපට ඇති විශේෂත්වය නම් එම ලැයිස්තුවේ 09 වැනි ස්ථානයට ශ්‍රී ලංකාව නම් කර තිබීමයි.

එහි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තබා ඇත්තේ මෙවන් සටහනකි.

From children to the elderly, the people of Sri Lanka are known for their love of visitors, and genuine desire to help. On the south coast, set sail on a whale watching expedition in Mirissa, shop the colourful boutiques of the fort city of Galle or shack up at the uber-luxe Cape Weligama hotel, occupying a cliff next to the ocean. Make the climb up to the Tea District, where precarious winding roads will lead you into the heart of the country's tea plantations, or, towards the centre, climb Sigiriya Rock for views far and wide.

මෙම සඟරාව විසින් නම් කර ඇති ලොව හොඳම මිත්‍රශීලී රටවල් 10 පහත පරිදි වේ.

1. French Polynesia
2. Colombia
3. New Zealand
4. Thailand
5. Costa Rica
6. Botswana
7. Peru
8. Belize
9. Sri Lanka
10. Philippines