• Ada Derana BIZ Sinhala
  • Sampath Bank
  • Sampath Sanhinda
  • sri lanka

‘සම්පත් සංහිඳ සේවර්’, ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙත රුපියල් මිලියන 200ක සෞඛ්‍ය ප්‍රතිලාභ හිමි කර දෙයි

October, 5, 2022

ජාතියේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සුරක්ෂිත කිරීමේ සම්පත් බැංකුවේ නිරන්තර කැපවීම තව තවත් අරුත් ගන්වමින් දිවයින පුරා විසිරුණු ‘සම්පත් සංහිඳ සේවර්’ ගිණුම් හිමියන් වෙත මෙම වසරේදී රුපියල් මිලියන 200ක අසමසම සෞඛ්‍ය ප්‍රතිලාභ ලබා දීමට පියවර ගෙන ඇත. ඒ අනුව 2021 වසරේ ජූලි 1 වන දින සිට 2022 වසරේ ජූනි 30 වන දින දක්වා ජ්‍යෙෂ්ඨ පුරවැසියන් විසින් තම ගිණුම්වල පවත්වාගෙන යනු ලැබූ ශේෂය මත පදනම්ව මෙම ප්‍රතිලාභ ඔවුන් වෙත හිමිකර දීමට සම්පත් බැංකුව කටයුතු කරයි. ඒ සඳහා හිමි වන මුදල් අදාළ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ සංහිඳ වෛද්‍ය ප්‍රතිලාභ කාඩ් වෙත බැර වන අතර ඒ තුළින් තෝරාගත් රෝහල්, රසායනාගාර හා ඔසුසල් වෙත මුදල් ගෙවීමේ පහසුවද ඔවුන්ට හිමි වේ. ‘සම්පත් සංහිඳ සේවර්’ 2009 වසරේ ආරම්භයේ සිටම සම්පත් බැංකුව විසින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම වෙනුවෙන් ලබා දෙන ඉහළම ඇගයීම ලෙසද සඳහන් කිරීම නිවැරදිය.

ඒ යටතේ වන හවුල්කාර ආයතන ලෙස ආසිරි රෝහල් සමූහය, CDEM රෝහල, දෙරණ වෛද්‍ය රසායනාගාරය, හේමාස් රෝහල්, ලංකා රෝහල්, මෙඩි හෙල්ප් රෝහල්, නවලෝක රෝහල්, නාවින්න මෙඩි කෙයාර් රෝහල්, නොදර්න් සෙන්ට්‍රල් රෝහල, පන්නිපිටිය පෞද්ගලික රෝහල, සෙත්මා රෝහල්, කිංග්ස් රෝහල, මෙල්ස්ටා ලැබ්, මෙල්ස්ටා ෆාමසි, සිංහ රෝහල්, සදර්න් ලංකා රෝහල්, වින්සෙත රෝහල සහ තෝරාගත් රාජ්‍ය ඔසුසල් (රාජ්‍ය ඖෂධ සංස්ථාව) හා විෂන් කෙයාර් දෘෂ්ඨි විශේෂඥ මධ්‍යස්ථානය සඳහන් කළ හැකිය.

තවද සම්පත් සංහිඳ සේවර් ගිණුම් හිමියන් හට 0112 30 30 80 අංකයට මිස්ඩ් කෝල් එකක් ලබා දීමෙන්, ළඟම ඇති සම්පත් බැංකු ශාඛාවට පැමිණීමෙන් හෝ 112 30 30 50 අංකයෙන් බැංකුවේ පාරිභෝගික සේවා මධ්‍යස්ථානය ඇමතීමෙන් තමන්ගේ සෞඛ්‍ය ප්‍රතිලාභ කාඩ්පතෙහි ඇති ශේෂය දැන ගැනීමේ අවස්ථාව උදා කර ගත හැකිය.

සම්පත් බැංකුව විසින් ලබාදෙන මෙම සෞඛ්‍ය ප්‍රතිලාභ වඩා වැදගත් වන්නේ විශේෂයෙන් ශ්‍රී ලංකාවේ උද්ධමනය, දේශපාලන ව්‍යාකූලත්වය, ඉන්ධන අර්බුදය, දරුණු ආර්ථික පසුබෑම මෙන්ම ඖෂධ හා අනෙකුත් අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයක් පවතින තත්වයක් තුළ දුෂ්කරතාවයන්ට මුහුණ නොදී  තමන්ගේ සෞඛ්‍ය ගැටළු විසඳා ගැනීමට ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අවස්ථාව උදා වීමයි. මින් පිළිබිඹු වන්නේ රටටත්, ව්‍යාපාරික ප්‍රජාවටත් යළි නැගී සිටින්නට දිරි දෙන අතරම තම ගනුදෙනුකරුවන් වෙනුවෙන්ද නිරන්තරයෙන් පෙනී සිටීමේ සම්පත් බැංකුවේ අසමසම කැපවීමයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සම්පත් බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - ඩිජිටල්කරණ, තැන්පතු ප්‍රවර්ධන හා අලෙවිකරණ - තාරක රන්වල මහතා සඳහන් කර සිටියේ “අපගේ වැඩිහිටි ජනතාවගේ යහපැවත්ම පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීම ජාති, ආගම් භේදයකින් තොරව සියලු ශ්‍රී ලාංකිකයන් පොදුවේ බෙදා ගනු ලබන කරුණක් බව මතක් කළ යුතුයි. විශේෂයෙන් අපගේ ජාතික සංස්කෘතිය තුළ ගැඹුරින් මුල් බැසගත් එවන් ලක්ෂණයක් සමඟ සමීපව කටයුතු කිරීමට ලැබීම පිළිබඳව අප වඩාත් සතුටට පත්වන්නේ සම්පත් බැංකුව ද එවන් වටිනාකම් රැසකින් පිරි ඇති හෙයිනි.  ‘සම්පත් සංහිඳ සේවර්’ සෞඛ්‍ය ප්‍රතිලාභ පැකේජය රුපියල් මිලියන 200ක් දක්වා ඉහළ නැංවීම තුළින් ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් හිමියන් දහස් ගණනකට මේ වසරේ මුහුණ දෙන දුෂ්කරතා සමඟ ඔවුන්ට අත්විඳීමට සිදුවන වියදම් පියවා ගැනීමට උපකාරී වනු ඇතැයි අපගේ විශ්වාසයයි” යනුවෙනි.

‘සම්පත් සංහිඳ සේවර්’ ගිණුම මඟින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙත ලබාදෙන සුවිශේෂී ප්‍රතිලාභ පිළිබඳ අදහස් දක්වමින් සම්පත් බැංකුවේ ප්‍රධාන කළමනාකාර තැන්පතු ප්‍රවර්ධන/ විකුණුම් ප්‍රධානී අමිල තෙවරප්පෙරුම මහතා “ ‘සම්පත් සංහිඳ සේවර් ගිණුම’ තුළින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් වෙනුවෙන් විශාල ප්‍රතිලාභ ලබා දෙන අතරම ඔවුන්ගේ සෞඛ්‍ය අවශ්‍යතාවන් සඳහා වන වියදම් වැනි තවත් අමතර ප්‍රතිලාභ රැසක් ලබා දෙනවා. වැඩිම පොලියක් ලබා දෙන ‘සම්පත් සංහිඳ සේවර් ගිණුම’ සඳහා බැංකුව විසින් මසකට දෙවරක් පොලියක් ලබා දීමට කටයුතු කර තිබෙනවා. නිරන්තරයෙන් නව්‍ය ඉතුරුම් ක්‍රමයන් හරහා සියලු ශ්‍රී ලාංකිකයින් වෙත වැඩි වටිනාකමක් ලබා දීම තුළින් සම්පත් බැංකුව ජනතාවගේ වෙනස්වන අවශ්‍යතා හඳුනා ගනිමින් ඒවා සපුරාලීම සඳහා ඉතා වැදගත් මූල්‍ය සැලසුම් ඉදිරිපත් කරන බවට මෙය ඉතා හොඳ නිදසුනක් ලෙස පෙන්වා දිය හැකියි. ” යනුවෙන් පවසා සිටින ලදී.

ශ්‍රී ලාංකේය බැංකු ක්ෂේත්‍රය මුහුණ දී ඇති අභියෝගයන් මධ්‍යයේ වුවද 2022 වසරේ පළමු කාර්තුව තුළ නියාමන අවශ්‍යතාවන් ඉක්මවූ ප්‍රාග්ධන අනුපාතයක් පවත්වා ගැනීමට සමත් විය. සිය ගනුදෙනුකරුවන් වෙත සුවිසල් අස්වැසිල්ලක් වෙමින් වසංගතය හේතුවෙන් පීඩාවට ලක් වූ සුදුසුකම්ලත් සියලු ගනුදෙනුකරුවන් වෙත රජය විසින් පිළිගන්වන ලද සියලු සහන ඒ ආකාරයෙන්ම  ලබා දීමට සම්පත් බැංකුව කටයුතු කරන ලදී. විශේෂයෙන් වසංගත කාලය තුලදී සිය ඩිජිටල්කරණ උපාය මාර්ගයන් තුළින් ගනුදෙනුකරුවන්ට පහසු හා ආරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට කැපවූ සම්පත් බැංකුව ඒ තුළින් යළි යළිත් තහවුරු කරනු ලැබුවේ සිය බැංකු සේවාවෙහි විශිෂ්ටත්වයයි.

සම්පත් බැංකුව යනු ශ්‍රී ලාංකේය ජනතාවගේ සිත් සතන් තුළ මුල් බැසගත් 100%ක් දේශීය බැංකුවකි. 1987 වසරේදී පිහිටුවන ලද සම්පත් බැංකුව නවීන තාක්ෂණය භාවිත කරනු ලබන මූල්‍ය ආයතනයක් බවට පත්ව ඇති අතර එහි නොවෙනස් නව්‍යකරණ පියවර හා ගනුදෙනුකරුවන් ඉලක්ක කරගත් ව්‍යාපාරකරණය හේතුවෙන් අද වන විට වෙළෙඳපොල ප්‍රමුඛයකු ලෙස ඉදිරියට යමින් සිටියි. ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රය, බැංකු කාලය දීර්ඝ කිරීම, slip-less බැංකුකරණය හා ස්පර්ශ කිරීමකින් තොරව ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයෙන් මුදල් ආපසු ගැනීම (Touch-less Cash withdrawal) ආදී මෙරට බැංකු ක්ෂේත්‍රයට නවතම හඳුන්වාදීම් සිදුකර ඇති සම්පත් බැංකුව දේශීය සම්ප්‍රදායන්ට හා වටිනාකම්වලට අනුකූලව යමින් ස්ථාවර තාක්ෂණික බැංකුකරණ සමාගමක් බවට පරිවර්තනය වෙමින් සිටියි.

  • Ada Derana BIZ Sinhala
  • export market
  • online session
  • sri lanka

පොල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා පවතින අපනයන වෙළඳපොල පිළිබද අන්තර්ජාල සැසියක්

October, 5, 2022

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවේ පොල් ආශ්‍රිත නිෂ්පාදන අංශයේ අපනයන අවස්ථා පිළිබඳ අන්තර්ජාල සැසියක් (Webinar) 2022 ඔක්තෝම්බර් 12 වන දින පෙරවරු 9.30 සිට 11.30 දක්වා පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ සිංහල භාෂා මාධ්‍යයෙන් පැවැත්වෙන මෙම සැසිය දැනට ව්‍යාපාරවල නියුතු ව්‍යවසායකයින්, නව ව්‍යවසායකයින් සහ දේශීය ආයෝජකයින් ඉලක්ක කර ගනිමින් පැවැත්වේ.

මෙම අන්තර්ජාල සැසිය (Webinar) ඔස්සේ පොල් ආශ්‍රිත නිෂ්පාදන අංශයේ ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන ව්‍යවසායකයින් හට ජාත්‍යන්තර වෙළඳපොළ තුල පවතින අවස්ථා පිළිබඳ අවබෝධය ලබාදීමට අදහස් කෙරේ. එහිදී මෙම ක්ෂේත්‍රයේ ගෝලීය වෙළඳපල සහ ප්‍රවණතා, වත්මන් අපනයන වෙළඳපළ සංයුතිය හා දිශානතිය, වෙළඳපොළ තරඟකාරිත්වය, අපනයන වෙළඳපොළට පිවිසීමේදී සපුරාලිය යුතු අවශ්‍යතා ආදී මාතෘකාවන් පිළිබද අවධානය යොමු කෙරේ.

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ ප්‍රාදේශීය සංවර්ධන අංශය මඟින් සංවිධානය කරනු ලබන මෙම වැඩසටහන එම අංශයේ  අධ්‍යක්ෂිකා සේපාලිකා ජයවර්ධන මහත්මිය විසින් මෙහෙයවන අතර සම්පත් දායකත්වය සපයන්නේ අපනයන කෘෂිකර්ම අංශයේ අපනයන ප්‍ර‍වර්ධන නිලධාරිනී ශානිකා වෙරලුගොල්ල මහත්මිය විසිනි.

සැසිය සඳහා ලියාපදිංචි වීමේ ප්‍රමුඛතාවය අනුව තෝරා ගැනීම සිදු වන අතර ලියාපදිංචි ගාස්තුව රු. 2000.00 කි. ලියාපදිංචි වීම සහ වැඩි විස්තර සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩල වෙබ් අඩවියේ පහත සදහන් වෙබ් සබැඳිය වෙත පිවිසෙන්න. https://www.edb.gov.lk/event/exportmarkets වැඩිදුර තොරතුරු සඳහා නිපුණි මුණසිංහ, අපනයන ප්‍රවර්ධන නිලධාරිනී අමතන්න - nipuni@edb.gov.lk / Tel: 0112300716

  • Ada Derana BIZ Sinhala
  • cse
  • sri lanka
  • stock market

දින 2ක් තුළ රු. බිලියන 323 ක් කොටස් වෙළෙඳපොළට අහිමි වෙයි

October, 4, 2022

අද (04) දින කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකයන් හි විශාල කඩා වැටීමක් වාර්තා විය.

සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 412.81 ක හෙවත් 4.28% ක දැවැන්ත පහළ යාමක් වාර්තා කළ අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී එය ඒකක 9,237.05 ක් ලෙසින් සටහන්ව තිබුණි.

මේ අතර S&P SL20 දර්ශකය ඒකක 173.66 ක් එනම් 5.70% පහළ යාමක් දිනය තුළ වාර්තා කර තිබුණි. එහි අගය දිනය අවසානයේ දී දැක්වුණේ ඒකක 2,875.21 ක් ලෙසයි.

රු. බිලියන 4.54 ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා විය.

මේ අතර පසුගිය සතියේ සිකුරාදා (සැප්තැම්බර් 30) ගනුදෙනු අවසානයේ දී රු. ට්‍රිලියන 4,341.12 ක් ලෙසින් සටහන්ව තිබු වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ වටිනාකම අද (04) දින ගනුදෙනු අවසානයේ දී රු. ට්‍රිලියන 4,017.23 ක් දක්වා පහත වැටී ඇති බව කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තා සඳහන් කරයි.

මේ අනුව ඊයේ (03) සහ අද (04) දෙදින තුළ දී පමණක් කොටස් වෙළෙඳපොළෙන් ගිලිහී ගොස් ඇති වටිනාකම රු. බිලියන 323.88 ක් වේ.

අද දින මිල දර්ශකවල කඩා වැටීමට එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස්, ලංකා අයි.ඕ.සී., වැලිබල් වන්, හේලීස් සහ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් යන ඉහළ වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයකට හිමිකමු කියනු ලබන සමාගම්වල කොටස් මිල පහළ යාම් විශාල වශයෙන් බලපා තිබුණි.

අද දින සියලු කොටස් මිල දර්ශකයට සමාගම් 206 කින්ම ලැබී තිබුණේ සෘණාත්මක දායකත්වයකි. සමාගම් 18 කින් පමණක් ධනාත්මක දායකත්වයක් ලැබී තිබුණි.

මේ අතර අද දින ගනුදෙනු ආරම්භ වී සුළු මොහොතකින්, එනම් පෙරවරු 10.11 ට දෛනික ගනුදෙනු අත්හිටුවනු ලැබූ අතර S&P SL20 දර්ශකය පෙර දිනයට වඩා 5% ක් ඉක්මවා පහළ ගොස් තිබීම ඊට හේතුවිය. අනතුරුව නැවත වරක් දෛනික ගනුදෙනු ආරම්භ වූයේ පෙරවරු 10.41 ටයි.

 

 

  • Ada Derana BIZ Sinhala
  • Dr. Priyanga Dunusinghe
  • sri lanka
  • Turnover tax

පිරිවැටුම මත බද්ද අහිතකරයි – ආචාර්ය ප්‍රියංග දුනුසිංහ

October, 4, 2022

රජය විසින් හඳුන්වා දෙන ලද සමාජ ආරක්ෂණ බද්ද, පිරිවැටුම මත අය කෙරෙන්නක් බැවින් ඒ හරහා වාර කිහිපයක් බද්දට යටත් වීම තුළ බදු බර සීඝ්‍ර ලෙස ඉහළ යනු ඇති බව කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පවසයි.

ආචාර්ය දුනුසිංහ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, පිරිවැටුම හරහා බදු අය කිරීම මීට දශකයකට පමණ පෙර තිබුණු ක්‍රමවේදයක් බවයි. එතැන් සිට වටිනාකම එකතු කළ බදු ක්‍රමයකට විතැන් වීමෙන් පසු නැවත වරක් පිරිවැටුම මත බදු අයකිරීමකට ගමන් කිරීම නොකළ යුත්තක් බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

බදු ක්‍රමය සරල විය යුතුයි යන මූලධර්මය යටතේ අත්‍යාවශ්‍යයෙන්ම අදාළ බදු හැකිතාක් දුරට උත්සාහ කළ යුතුයි, සරල බදු ක්‍රමයක, බදු වර්ග කිහිපයකට පමණක් අතලොස්සකට පමණක් සීමාකරන බදු ක්‍රමයක අවශ්‍යතාවය පවතිනවා.

විශේෂයෙන්ම පිරිවැටුම මත බදු අය කිරීම කියන සංකල්පය මීට දශකයකට පමණ පෙර තමයි එවැනි ක්‍රමවේදයක් අපිට තිබුණේ.  ඒ ක්‍රමවේදයේ ඉඳලා තමයි අපි වටිනාකම එකතු කිරීමේ බදු ක්‍රමයට ගමන් කළේ. නැවත වරක් පිරිවැටුම මත බදු අය කරෙන ක්‍රමවේදයට ගමන් කිරීම නොකළ යුතුව පැවතියා.

පිරිවැටුම මත අය කරන බද්ද සියයට 2.5 ලෙස ප්‍රකාශ කර තිබුණත් එම බද්ද අවස්ථා කිහිපයක දී අය වීමට වැඩි ඉඩකඩක් තියෙනවා, එකම භාණ්ඩයකට හෝ සේවාවකට අදාළව. එවැනි තත්ත්වයක් තුළ ‘බදු පිට බදු‘ එකට එකතු වීමක් හරහා අත්‍යාවශ්‍යයෙන්ම සමහර භාණ්ඩ හා සේවාවලට අදාළව Effective rate of tax, ඒ කියන්නේ ඇත්තවශයෙන්ම අයවෙන බදු අනුපාතිකය සියයට 5ක් 7ක් විතර ප්‍රමාණයට යා හැකි යැයි ඇස්තමේන්තු ගත කර තියෙනවා. ඒ නිසා තමයි අපි කියන්නේ පිරිවැටුම මත බද්ද අහිතකරයි කියලා. ඒකෙන් වාර කිහිපයක් බද්දට යටත් වීම තුළ බදු බර සීඝ්‍ර විදියට වැඩිවීමට නියමිතයි.

 

 

  • Ada Derana BIZ Sinhala
  • sri lanka
  • treasury bill

රු. මිලියන 85,000 ක භාණ්ඩාගාර බිල්පත් නිකුතුවක් හෙට

October, 4, 2022

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් හෙට (05) දිනයේ දී භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් කැඳවා තිබේ.

රු. මිලියන 85,000 ක වටිනාකමකින් යුතු බිල්පත් ප්‍රමාණයක් මෙම වෙන්දේසිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ සඳහා රජයේ සුරැකුම්පත් පිළිබඳ ප්‍රාථමික අලෙවිකරුවන්ගෙන් ලංසු කැඳවනු ලබන බව මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කර සිටී.

 

  • Ada Derana BIZ Sinhala
  • Family Pairing
  • FamilyFirst
  • sri lanka
  • TikTok

#FamilyFirst: TikTok සිය Family Pairing විශේෂාංගය සමඟින් ආරක්ෂාව සඳහා වූ කැපවීම තවත් ශක්තිමත් කරයි

October, 4, 2022

TikTok සිය අද්විතීය Family Pairing විශේෂාංගය සමඟින් පවුලේ සුරක්ෂාව සඳහා වන සිය ප‍්‍රයත්නයන් අඛණ්ඩව ඉදිරියට ගෙන යමින් සිටී. එමගින් දෙමාපියන්ට සහ යෞවන යෞවනියන්ට ඔවුන්ට ගැලපෙන පරිදි ආරක්ෂිත සැකසුම් සකස් කිරීමට අවස්ථාව ලබා දෙයි. සිය #FamilyFirst මුලපිරීම සමඟින් DM, දැනුම්දීම් (notifications), නැරඹීමේ සහ download කර ගැනීමේ සැකසීම් ඇතුළුව දෙමාපියන්ට ඔවුන්ගේ දරුවන්ගේ TikTok ගිණුම්වල ක‍්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමට Family Pairing විශේෂාංගය භාවිතා කළ හැකි ආකාරය පිළිබඳව ඔවුන්ව දැනුවත් කිරීමට TikTok අරමුණු කරයි. මෙය මෙම වේදිකාව භාවිත කරන යෞවනයින්ගේ සුරක්ෂාව පිළිබඳව සැලකිල්ලක් හා සහාය දැක්වීම සඳහා TikTok හි අඛණ්ඩ කැපවීමේ වැදගත් කොටසක් ලෙස පෙන්වා දිය හැකිය.

Family Pairing විශේෂාංගය හරහා දෙමාපියන්ට සිය TikTok ගිණුම් තම දරුවන්ගේ ගිණුම් සමඟ සම්බන්ධ කර පාලනය කිරීමට අවස්ථාව ලබා දෙන අතර පහත සඳහන් අංශ කෙරෙහි ද දෙමපියන්ගේ අවධානය යොමු කරවයි.

  • Screen Time Management මගින් මිනිත්තු 40 සිට 120ක් දක්වා වූ කාලයක් තෝරා ගැනීමේ විකල්පය සමඟින් තම දරුවා ටික්ටොක් හි ගත කරන කාලය පාලනය කිරීමට දෙමාපියන්ට ඉඩ සලසයි.
  • Restricted Mode හරහා, දෙමාපියන්ට තම දරුවාට නුසුදුසු යැයි හැෙඟන ඇතැම් අන්තර්ගතයන් නැවතා දැමීම ද කළ හැකිය. Family Pairing විශේෂාංගය අක‍්‍රීය කර ඇති විටෙකදී පවා ඕනෑම වේලාවක යෙදවුමේ ඇති Digital Wellbeing controls තුළින් දෙමාපියන්ට ඔවුන්ගේ දරුවන්ගේ Screen Time Management සහ Restricted Mode සැකසීමට උපකාර කළ හැකිය.
  • Direct Messages සහායෙන් දෙමාපියන්ට, ඔවුන්ගේ ටික්ටොක් යෙදවුම හරහා ඔවුන්ගේ දරුවාගේ ටික්ටොක් යෙදවුමේ ඇති direct message විකල්පය සම්පූර්ණයෙන්ම සීමා කිරීමට හෝ නවතා දැමීමට හැකියාව ඇත. පරිශීලක ආරක්ෂාව සමඟින් දැනටමත් පණිවිඩ යැවීම සඳහා බොහෝ කොන්දේසි හා පාලනයන් TikTok සතුව ඇත. උදාහරණයක් ලෙස, අනුමත කළ අනුගාමිකයින්ට පමණක් එකිනෙකාට පණිවිඩ යැවිය හැකි අතර පණිවිඩ යැවීමේදී පින්තූර හෝ වීඩියෝ යැවීමට TikTok ඉඩ ලබා දෙන්නේ නැත. එමෙන්ම TikTok වයස අවුරුදු 16ට අඩු ලියාපදිංචි පරිශීලකයින් සඳහා Direct Messages ස්වයංක‍්‍රීයව අක‍්‍රීය කරනු ලබයි.
  • Manage privacy and security settings මගින් දෙමාපියන්ට ඔවුන්ගේ දරුවන්ගේ වීඩියෝවලට like කිරීමට හෝ අදහස් දැක්විය හැක්කේ කාටද යන්න පිළිබඳව තීරණය කළ හැකි අතර ඔවුන්ගේ ගිණුම පුද්ගලික ද නැතහොත් මහජනතාව සඳහා විවෘත ද යන්න පිළිබඳව හෝ ඔවුන්ගේ ගිණුම වෙනත් අයට නිර්දේශ කළ හැකිද යන්න තීරණය කළ හැකිය.

TikTok ශ‍්‍රී ලංකාවේ වඩාත් ජනප‍්‍රිය හා කීර්තිමත් පුද්ගලයින් සහ නිර්මාණකරුවන් කිහිපදෙනෙකු සමඟ සහයෝගයෙන් කටයුතු කර ඇති අතර ඔවුන් විශේෂයෙන්ම වයස අවුරුදු 13 සහ 19 අතර තරුණ පරිශීලකයින් කෙරෙහි අවධානය යොමු කරමින් පවුලේ ආරක්ෂාව පිළිබඳව TikTok හි ක‍්‍රියාකාරකම් ඉහළ නැංවීම සඳහා ආකර්ෂණීය අන්තර්ගතයන් නිර්මාණය කරනු ඇත.

ජනතාව TikTok වැනි වේදිකා වැඩි වශයෙන් වැළඳ ගැනීම නිසා පවුල්වලට ඔවුන්ගේ නිර්මාණශීලීත්වය ප‍්‍රකාශ කිරීමට, ඔවුන්ගේ කථා බෙදාහදා ගැනීමට සහ ඔවුන්ගේ ප‍්‍රජාවන්ට සහයෝගය දැක්වීමට සියලූ ආකාරයේ අන්තර්ගයන් නිර්මාණය කිරීම සඳහා දේවල් එකට සම්බන්ධ කිරීමට ඔබට ඉඩ සලසන උසස් විශේෂාංග සපයයි.

පවුල් පිළිබඳ වැඩි අවධානයක් යොමු කරමින් සිය කොන්දේසි, ප‍්‍රතිපත්ති, පාලනයන් සහ අධ්‍යාපනික මූලාශ‍්‍ර වැඩිදියුණු කිරීමට සහ ඉහළ නැංවීමට TikTok පසුගිය වසර පුරා පියවර රැසක් ගෙන ඇත. එහිදී TikTok සිය ප‍්‍රතිපත්ති වඩාත් විනිවිදභාවයෙන් යුතුව සහ පහසුවෙන් ප‍්‍රවේශ විය හැකි ආකාරයට සකස් කර තිබේ. එහි Safety Center සතුව ඇති සම්පත් මත ගොඩනැගුණු එහි විශ්වාසය පිළිබඳ සහ ආරක්ෂිත කොන්දේසි සංවර්ධනය කර තිබෙන අතර ප‍්‍රමුඛ පෙළේ online safety සංවිධාන සමඟ ද අත්වැල් බැඳගෙන ඇත.

TikTok, Family Pairing හඳුන්වා දීමෙන් අපගේ පරිශීලකයින්ගේ ආරක්ෂාව සඳහා ගොඩනගා ඇති එහි කැපවීම ඉදිරියට ගෙන යයි. එය අන්තර්ජාලය ආරක්ෂිතව භාවිත කරන ආකාරය සහ අන්තර්ජාලය හා අනෙකුත් ඩිජිටල් තාක්ෂණයන් ඵලදායී හා වගකීමෙන් යුතුව භාවිත කිරීමට ඇති හැකියාව පිළිබඳව දරුවන්ට අවබෝධයක් ලබා දෙන අතරතුර දෙමාපියන්ට සිය දරුවන්ගේ online තාක්ෂණය පිළිබඳ අත්දැකීම් නිරීක්ෂණය කිරීමට ඔවුන්ට මගපෙන්වීම සඳහා වන TikTok හි අඛණ්ඩ ප‍්‍රයත්නයන්වල තවත් වැදගත් කොටසක් ලෙස පෙන්වා දිය හැකිය.

TikTok හි ආරක්ෂිත විශේෂාංග පවුල්වල ආරක්ෂාව සහතික කිරීම සඳහා වන එහි ප‍්‍රයත්නයන් මත ගොඩනගා ඇති අතර සිය ප‍්‍රජාවේ ආරක්ෂාව, පෞද්ගලිකත්වය සහ යහපැවැත්ම ආරක්ෂා කිරීමේදී එයට සීමාවක් නොමැත. මෙම වේදිකාව තවදුරටත් නව්‍යකරණය කිරීම සඳහා යෞවනයින්, ප‍්‍රජා සංවිධාන, දෙමාපියන් සහ නිර්මාණකරුවන් සමඟ කටයුතු කරමින් පුද්ගලයින්ට විනෝද වීමට, ඔවුන්ගේ එදිනෙදා ජීවිතය සතුටින් ගත කිරීමට වැදගත් වන දේවල් සඳහා සහ ඔවුන්ගේ නිර්මාණශීලීත්වය අන් අය සමඟ බෙදාහදා ගැනීමට ජීවිතයේ සෑම තරාතිරමකම පුද්ගලයින් TikTok වෙත අඛණ්ඩව පැමිණේ.

  • Ada Derana BIZ Sinhala
  • HNB
  • sri lanka
  • World Children's Day

දරුවන්ට හොඳම දේ දායාද කරන HNB මෙවරත් උත්කර්ෂවත් ලෙස ලෝක ළමා දිනය සමරයි

October, 4, 2022

කවදත් දැයේ දරුවන්ට හොඳම දේ දායාද කරන හැටන් නැෂනල් බැංකුව Giftober මාසය සමඟින් ඔක්තෝම්බර් 1 වනදාට යෙදුන ලෝක ළමා දිනයට සමගාමීව දරුවන්ගේ කුසලතා හා නිර්මාණශීලීත්වය අගයන අතරතුර ඔවුන් තුළ ඉතිරි කිරීමේ පුරුද්ද ඇති කිරීම හා දිරිමත් කිරීමේ අරමුණ ද පෙරදැරිව ආකර්ෂණීය තෑගි හා ප‍්‍රතිලාභ රැසක් රැගෙන දීප ව්‍යාප්ත HNB ශාඛාවල ලෝක ළමා දිනය උත්කර්ෂවත් ලෙස සැමරනු ලැබීය.

මේ වෙනුවෙන් HNB විසින් සංවිධානය කළ ප‍්‍රධාන සැමරුම් උත්සවයක් මහරගම HNB පාරිභෝගික ඒකකයේදී HNB කළමනාකාර අධ්‍යක්ෂක/ප‍්‍රධාන විධායක නිළධාරී, ජොනතන් අලස් මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.

ආරාධිත සිඟිති ගිණුම් හිමියන් 4000 ක් සහ ඔවුන්ගේ දෙමාපියන් දිවයින පුරා විහිදී ඇති HNB පාරිභෝගික ඒකක 40 ක් වෙත කැඳවා ඔවුන් සමඟ ලෝක ළමා දිනය සමරන්නට බැංකුව මෙවර කටයුතු කර තිබූ අතර එදිනට සහභාගී වූ දරුවන් වෙනුවෙන් විනෝදජනක කී‍්‍රඩා ඇතුළු විවිධාංග රැසක් සූදානම් තිබුණි.

සෑම විටම ගනුදෙනුකාරභවතුන්ට උපරිම ප‍්‍රතිලාභ ලබා දීමේ හැටන් නැෂනල් බැංකුවේ දැක්ම අනුව යමින් මෙම වසරේ Giftober වැඩසටහන හරහා සෑම සිඟිති ගිණුම්හිමි දරුවෙකුටම ජම්බෝ පෑන් රඳවන, පාසල් උපකරණ කට්ටල සහ ජම්බෝ කැට ඇතුළුව රුපියල් 100,000ක් දක්වා වූ තෑගි වවුචර ආදී ආකර්ෂණීය ත්‍යාග ලබා ගැනීමේ අවස්ථාව සලසා තිබෙනවා. 2022 සැප්තැම්බර් 30 වනදා සිට දින 60 ක් පුරාවට මෙම වැඩසටහන සෑම HNB පාරිභෝගික ඒකකයකදීම ක‍්‍රියාත්මක වන අතර අවුරුදු 16 ට අඩු සෑම දරුවෙකුටම මෙම ත්‍යාග ලබා ගැනීමට අවස්ථාව තිබෙනවා.

මෙවැනි වැඩසටහන් හරහා දරුවන්ට විනෝද වීමට මෙන්ම ඔවුන්ගේ නිර්මාණාත්මක හැකියාවන් හා කුසලතා වැඩිදියුණු වන අතරම ඔවුන් තුළ ආත්මවිශ්වාසය, ඉදිරිපත් වීමේ හැකියාව සහ සමාජානුයෝජනය වැනි ගුණාංග වර්ධනය වෙයි. සැමදා දරුවන්ට හොඳම දේ තිළිණ කිරීමේ වගකීම මැනවින් තේරුම්ගත් HNB බැංකුව දැයේ දරු පරපුරට දීප්තිමත් අනාගතයක් උදා කරදීම වෙනුවෙන් ඇප කැපවී සිටී.

්‍යභඊ කළමනාකාර අධ්‍යක්ෂක/ප‍්‍රධාන විධායක නිළධාරී, ජොනතන් අලස්, HNB ප‍්‍රධාන මෙහෙයුම් නිළධාරී, දිල්ෂාන් රොද්‍රිගෝ හා HNB පාරිභෝගික සේවා, කුඩා හා මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, සන්ජේ විජේමාන්න යන මහත්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිළධාරීන් දීප ව්‍යාප්ත HNB ශාඛාවල පැවති ලෝක ළමා දින සැමරුම් උත්සවවලට සහභාගී වූ අයුරු.

  • Ada Derana BIZ Sinhala
  • Commercial Bank
  • sri lanka

කොමර්ෂල් බැංකුව කළමනාකරණ පශ්චාත් උපාධි ආයතන සමඟ කළමනාකාරීත්වය සංවර්ධනය කිරීමේ වැඩසටහනක් ආරම්භ කරයි

October, 4, 2022

කොමර්ෂල් බැංකුව විසින් සිය මැදපෙළ කළමනාකාරීත්වය සංවර්ධනය කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙන අතර එමගින් මෙම කණ්ඩායමේ කුසලතා සහ හැකියාවන් වර්ධනය කරමින් ඔවුන්ගේ වෘත්තීය වර්ධන අපේක්ෂාවන් ඉහළ නැංවීමට අපේක්ෂා කර තිබේ. ශ‍්‍රී ලංකාවේ කීර්තිමත් වෘත්තීය සහ රැකියා සංවර්ධන ආයතන විසින් සමාන්තරව සිදුකරන මැදපෙළ කළමනාකාරීත්වය සංවර්ධනය කිරීමේ වැඩසටහන් දෙකක් සඳහා බැංකුවේ විදේශීය මෙහෙයුම් කටයුතුවල සිටින ඇතැම් විධායක නිළධාරීන්ද ඇතුළුව තෝරාගත් විධායක නිළධාරීන් බැංකුව විසින් ලියාපදිංචි කර තිබේ. මේ අනුව, ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට අනුබද්ධ කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයේ (PIM) උපදේශන කණ්ඩායමක් සහ බාහිර වෘත්තීයවේදීන් කණ්ඩායමක් විසින් මෙම මැදපෙළ කළමනාකාරීත්වයේ දක්ෂතා, නායකත්වය සහ කළමනාකරණ කුසලතාවයන් වර්ධනය කිරීමට කටයුතු කරන අතර බැංකුව සඳහන් කරන්නේ මෙම වැඩසටහන දෙමුහුන් ආකෘතියකින් ක‍්‍රියාත්මක කරන බවයි.

මෙහිදී, කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනය විසින් මෙම වැඩසටහන වසර දෙකකට වඩා වැඩි කාලයක් ක‍්‍රියාත්මක කරන අතර මේ සඳහා සහභාගී වන කොමර්ෂල් බැංකුවේ විධායක නිළධාරීන්ට තමන්ගේ නායකත්ව කුසලතාවයන් දියුණු කරගැනීමට අවස්ථාව උදාවනු ඇත. මෙම වැඩසටහන පසුගියදා ඒ සඳහා ලියාපදිංචි වූවන් සහ බැංකුවේ මානව සම්පත් මෙහෙයුම් විධායක කමිටුවේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයේ (PIM) ශ‍්‍රවණාගාරයේදී ආරම්භ කරන ලදී.

සේයාරුවෙන් පෙනෙන්නේ (ඉහළ) කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරී, සනත් මනතුංග මහතා වැඩසටහන ආරම්භ කළ අවස්ථාවේ රැස්ව සිටි පිරිස ඇමතූ ආකාරයයි. (පහළ) කොමර්ෂල් බැංකුවේ ආයතනික සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ නියෝජිතයින්, මෙම වැඩසටහන හැදෑරීමට එක්වූ බැංකුවේ මැදපෙළ කළමනාකාරීත්වයේ සාමාජිකයින් සමග සිටින අයුරු.

  • Ada Derana BIZ Sinhala
  • celebrates
  • Diva Power
  • Jaffna
  • Nallur Festival
  • sri lanka

දීවා පවර් යාපනයේ දී සිය පාරිභෝගිකයන් සමඟින් නල්ලූර් උත්සවය සමරයි

October, 4, 2022

හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් හි දීවා පවර් ඇතුළු වෙල්වට්, පැරිස්, කුමාරික සහ විව්‍යා යන අනෙකුත් රූපලාවන්‍ය සන්නාම එකතුව යාපනය - නල්ලූර් උත්සවයට පැමිණි පාරිභෝගිකයන් වෙනුවෙන් සුවිශේෂී මුලපිරීමක් පසු‍ගිය මස දියත් කරන ලදි. දිගු කාලයකට පසු නැවත තම පාරිභෝගිකයන් සමඟ ඉතා  සමීපව කටයුතු කිරීමේ අවස්ථාව  මෙහි දී ලැබිණි. විවිධ වැඩසටහන් සහ දිනුම් ඇදීමේ තරඟ පැවැත්වෙන කුටියන්ගෙන් සමන්විත වූ මෙම වැඩසටහන මඟින් ආකර්ෂණීය ත්‍යාග ලබා දුන් අතර  සහ සුපිරි ත්‍යාගය වශයෙන් රෙදි සෝදන යන්ත්‍රයක් දිනා ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයන්ට සැලසිණි. මීට අමතරව, පාරිභෝගිකයින්ට ඔවුන්ගේ මීළඟ දීවා පවර් මිලදී ගැනීමේ දී ලබා ගත හැකි වට්ටම් කූපන් පත් ද ලැබිණි. මීට සමගාමීව, තෝරා ගත් SMMT අලෙවි සැල්වල මේ හා සමාන වැඩසටහන් දීවා පවර් වෙතින් දියත් කරන ලදි.

දීවා පවර් Colour Guard සහ Germ Guard යන උසස් ප්‍රභේදයන්ගෙන් වෙළදපලට නිකුත් කර ඇත. Colour Guard  ඇඳුම්වල වර්ණ රැක ගැනීමට සහය වෙන අතර Germ Guardවල අඩංගු කොහොඹ සහ දෙහි ඇඳුම්වල ඇති විසබීජවලට එරෙහිව සටන් කරයි. මෙම ප්‍රභේද සුපිරි පිරිසිදු කිරීමක් සිදු කරන අතර එය රෙදි සෝදන යන්ත්‍රවල භාවිතයට ද වඩාත් සුදුසුය. මෙම නිෂ්පාදන ද්විත්වයම දියර සහ රෙදි සේදුම් කුඩු යන ප්‍රබේදයන්ගෙන්  ලබා ගත හැකිය.

දීවා පවර් නිෂ්පාදන පිළිබඳ දැනුවත්භාවය ඇති කිරීම සහ සන්නාමය සමඟ පාරිභෝගිකයන්ට එක් වී කටයුතු කිරීමට මුලපිරීමක් වශයෙන් මෙය දියත් කරන ලදී. දිවා පවර් පාරිභෝගිකයන් සමග සමීපව එක් වී මෙවැනි වැඩසටන් සදහා ඉදිරියටත් මුල පුරනු ඇත.

  • Ada Derana BIZ Sinhala
  • fertilizer
  • Singapore company
  • sri lanka

මහ කන්නයේ පොහොර කොන්ත්‍රාත්තුවක් සිංගප්පූරු සමාගමකට

October, 4, 2022

ආසියානු සංවර්ධන බැංකුව විසින් සපයනු ලබන ඇමරිකානු ඩොලර් මිලියන 50ක අරමුදල් භාවිත කරමින් 2022/23 මහ කන්නය සඳහා අවශ්‍ය මියුරේට් ඔෆ් පොටෑෂ් (MOP) පොහොර මෙට්‍රික්ටොන් 40,000ක් ප්‍රසම්පාදනය කිරීම සඳහා 2022.06.20 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබා දෙන ලදී.

ඒ අනුව, නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කර ඇති අතර, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි අදාළ කොන්ත්‍රාත්තුව Ameropa Asia pte. Ltd සමාගම වෙත ප්‍රදානය කිරීම පිණිස වාරිමාගර් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

Ameropa Asia pte. Ltd යනු ජාත්‍යන්තර කෘෂි ව්‍යාපාරයන්හි නිරත සිංගප්පූරුව මූලස්ථානය කර ගත් සමාගමකි. එහි මෙට්‍රික් ටොන් මිලියන 1.8 ක වාර්ෂික ධාරිතාවයකින් යුතු පොහොර නිෂ්පාදනාගාරය රුමේනියාවේ පිහිටා තිබේ.