• Ada Derana BIZ Sinhala
  • Minister of State for Finance
  • sri lanka

තාවකාලිකව අත්හිටවූ භාණ්ඩවල ආනයනය ප්‍රමුඛතාව මත ­ලිහිල් කිරීමට සූදානම් – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය

September, 29, 2022

පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් තාවකාලිකව ආනයනය අත්හිටවූ භාණ්ඩ ආනයනය, ප්‍රමුඛතාව මත ලිහිල් කිරීමට රජය සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ දේශීය වශයෙන් නිෂ්පාදනය කළ හැකි හෝ අත්‍යාවශ්‍ය නොවන පදනම මත අදාළ භාණ්ඩවලට ආනයන සීමා පැනවූ බවයි.

සියඹලාපිටිය මහතා මේ අදහස් පළ කළේ අද (29) පස්වරුවේ ආනයන සහ අපනයන පාලන දෙපාර්තමේන්තු මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමිනි.

එහි දී අමාත්‍යවරයා මෙසේ ද පැවැසීය.

“ණය සංචිත ඉතාම පහළ මට්ටමක තියෙන්නේ. ජනතාවට අත්‍යාවශ්‍ය ගෑස් තෙල් සෞඛ්ය සහ ඖෂධ ආනයනය සඳහා මුදල් අවශ්‍යයි. ඒ නිසා අපිට අවශ්‍ය වුණා ප්‍රමුඛතා ලේඛනයක් හදන්න. ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ අංශය මගින් තමයි මේක නිර්දේශ කළේ. ඒ අනුව ගැසට් නිවේදනයක් නිකුත් කළා. ඇත්තටම ඉතාම අවශ්‍ය නොවන දේවල් කියනවා ආනයනය කරන. අපි දැහැටි කූරු ආනයනය කළා, සරුංගල් ආනයනය කළා. බෙහෙත් නැති රටේ අපි විදේශවලින් සරුංගල් ගෙනාවා. අගෝස්තු මාසෙ 23 නිකුත් කළා ගැසට් නිවේදනයෙන් අපි භාණ්ඩ 1465ක්  නවත්වනකොට මේවා අපිට නවත්වන්න සිද්ධ වුණා. පසුව වාණිජ මණ්ඩල ඇතුළු විවිධ පාර්ශ්වවල ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් භාණ්ඩ 708ක ආනයන සීමා ඉවත් කළා” යැයි ද අමාත්‍යවරයා පැවැසීය.

ආනයන සීමා කරන අතරතුර අපනයනය වැඩි කිරීමට කටයුතු කළ යුතු බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ.

“අපි අපනයන වැඩි කරලා  ආනයන සීමා කළ යුතුයි. ඩොලර් හිඟය සමඟ තමයි මෙම තහනම ඇතිකළේ. නැවත වරක් සලකා බලලා අපි මේවා ලිහිල් කරන්න බලාපොරොත්තු වෙනවා. කර්මාන්තය අංශයට අවශ්‍ය කරන ඒවා නිදහස් කරලා තියෙනවා. කෘෂිකර්ම සහ අපනයන අවශ්‍යතාවක් නිසා රට පැත්තෙන් හිතලා කමිටුවක් මඟින්  කරන ආකාරයට තමයි මේවා ලිහිල් කිරීම් කටයුතු සිද්ධ වෙන්නේ. මීට අමතරව අපි දෘශ්‍යාබාධිත උපකරණ සඳහා පනවා තිබූ සීමා කිරීම් ද ඉවත් කිරීමට කටයුතු කළා ” යැයි ද අමාත්‍යවරයා පැවැසීය.

ඉදිරිපත් වන ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් ඉදිරියේ දී තව දුරටත් ආනයන සීමා ලිහිල් කිරීමට කටයුතු කරන බව සඳහන් කළ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ සංචිත ආරක්ෂා කර ගැනීම සේම දේශීය කර්මාන්ත  සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කිරීමට හැකි වන පරිදි ආනයන සීමා ලිහිල් කිරීමට ද රජයේ අපේක්ෂාව බවයි.

මෙම අවස්ථාව සඳහා ආනයන හා අපනයන පාලක ජනරාල් උපුල්මලී ප්‍රේමතිලක මහත්මය ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

  • Ada Derana BIZ Sinhala
  • Gampaha District
  • Mahindra IDEAL Finance
  • sri lanka

මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් දීපව්‍යාප්ත ශාඛා ජාලයට මීගමුවත් එක්වෙයි

September, 29, 2022

ශ්‍රී ලංකාවේ ආර්ථිකයට දෙවැනි වැඩිම දායකත්වය ලබාදෙන ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රධානතම ආර්ථික මධ්‍යස්ථානයක් වන මීගමුව නගරයේ තම ශාඛාවක් විවෘත කිරීමට මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් සමාගම පසුගියදා කටයුතු කළේ ය. මෙය තම ආර්ථික කටයුතු සහ ජීවනෝපාය මාර්ග සඳහා මූල්‍ය සහයක් බලාපොරොත්තු වන පුද්ගලයන්ට මෙන්ම, බැංකු හා මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ රැකියා අපේක්ෂා කරන පුද්ගලයන්ටද අතිශය වැදගත් පුවතක් වනු ඇත.

දිවයින පුරා විසිරුණු, සියලු පහසුකම් සහිත මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් ශාඛා ජාලයට එක්වුණු මෙම නවතම ශාඛාව අංක 293/1, ප්‍රධාන වීදිය, මීගමුව යන ලිපිනයෙහි පිහිටා තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි, බැංකු නොවන මූල්‍ය ආයතනයක් වන මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් මේ වන විට නාගරික ප්‍රදේශ වල මෙන්ම ග්‍රාමීය ප්‍රදේශ වලද සුළු, මධ්‍යම හා මහා පරිමාණ ව්‍යාපාර වලද ප්‍රමුඛතම තේරීමක් බවට පත්වී ඇත.

“මීගමුව ප්‍රදේශයේ ශාඛාවක් පිහිටුවීමට අප කටයුතු කළේ ප්‍රධාන අරමුණු කිහිපයක් පෙරදැරිවයි. මීගමුව සහ තදාසන්න ප්‍රදේශ වල ව්‍යවසායකයන්ට තම ව්‍යාපාර දියුණු කරගැනීමට අවශ්‍ය සහය ලබාදීම ඉන් ප්‍රධානතම අරමුණක්. මීගමුව ප්‍රදේශය ආර්ථික, සමාජීය සහ මුල්‍ය සේවා කේන්ද්‍රයක් ලෙස හැඳින්විය හැකියි. තවද එය සංචාරක හා ධීවර කර්මාන්ත මෙන්ම කෘෂිකර්මාන්තය ඇතුළු තවත් බොහෝ කර්මාන්ත හා ව්‍යාපාර සඳහාද තෝතැන්නක් බවට පත්වී තිබෙනවා. එමෙන්ම ඉහළ වත්කම් සහිත ප්‍රජාවක්ද මෙම ප්‍රදේශයේ ජීවත් වනවා. ඔවුන්ගේ උනන්දුව දිනාගනිමින්, ඔවුන් අර්ථවත් ආයෝජන සඳහා යොමුකරවීම අපගේ තවත් අරමුණක්. මීට අමතරව බැංකු හා මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ රැකියාවන් පිළිබඳව උනන්දුවක් දක්වන, සුදුසුකම් සපිරූ දක්ෂ තරුණ වෘත්තිකයන් පිරිසක්ද මේ ප්‍රදේශයේ සිටිනවා. අප සමග එක්වී අන්‍යොන්‍ය ප්‍රතිලාභ ලබමින් දියුණුව කරා යාමට අප ඔවුන්ට ආරාධනා කරනවා.”  මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී දුමින්ද වීරසේකර මහතා පැවසී ය.

ශ්‍රී ලංකාවේ මූල්‍ය සේවා ක්ෂේත්‍රය තුළ විශිෂ්ටතම සේවායෝජකයෙකු ලෙස පිළිගැනීමට ලක් වී ඇති මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් සමාගම අඛණ්ඩව වසර තුනක් Great Place to Work™ ඇගයීමද හිමිකරගෙන තිබේ. තම ශාඛා ජාලය දිවයින පුරා ව්‍යාප්ත කරමින්, දක්ෂ වෘත්තිකයන් තම කණ්ඩායමට එක්කර ගැනීමට සමාගම කටයුතු කරමින් සිටින අතර, නව මීගමුව ශාඛාව එම උත්සාහය තවදුරටත් ශක්තිමත් කරනු ඇත. ඉන්දියාවේ මහින්ද්‍රා ඇන්ඩ් මහින්දා ෆයිනෑන්ෂල් සර්විසස් සමාගම (Mahindra and Mahindra Financial Services Limited, India) අයිඩියල් ෆිනෑන්ස් සමාගමේ බහුතර කොටස් හිමිකාරීත්වය ලබාගැනීමත් සමග මේ ආකාරයට සමාගමේ ශාඛා ජාලය දිවයින පුරා පුළුල් කිරීමේ වැඩසටහන ආරම්භ වී තිබේ. මෙලෙස හිමිකාරීත්වය වෙනස් වීමෙන් අනතුරුව ෆිච් රේටිංස් විසින් මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් සමාගමේ ණය ශ්‍රේණිය ‘AA – (lka) with a stable outlook’ ලෙස උසස් කරන ලදි.

ඡායාරූපය: මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සාමාජිකයන්, එම සමාගමේ මීගමුව ශාඛාවේ කාර්ය මණ්ඩලය සහ ගනුදෙනුකරුවන් පිරිසක් සමග

  • Ada Derana BIZ Sinhala
  • Blood Donation Campaign
  • Industrial Security Foundation
  • sri lanka

ශ්‍රී ලංකා කාර්මික ආරක්ෂක පදනමේ රුධිර පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් නාරහේන්පිට දී

September, 29, 2022

ශ්‍රී ලංකා කාර්මික ආරක්ෂක පදනමේ සමාජ මෙහෙවරක් ලෙස ජාතික රුධිර මධ්‍යස්ථානය හා සම්බන්ධව සංවිධානය කරන ලද රුධිර පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2022 සැප්තැම්බර් මස 17 වන දින පෙ.ව 10 සිට ප.ව 03 දක්වා නාරහේන්පිට ඇන්ඩර්සන් මහල් නිවාසයේ සුභ සාධක සංගම් ශාලාවේ දී 100 ට ආසන්න පරිත්‍යාගශීලී ආරක්ෂක නිලධාරීන්, ආරක්ෂක ආයතනවල සාමාජිකයින් හා අසල් වාසීන්ගේ දායකත්වයෙන් පවත්වන ලදී.

ශ්‍රී ලංකා කාර්මික ආරක්ෂක පදනම 1999 අංක 51 දරණ පාර්ලිමේන්තු පනතින් ස්ථාපිත කරන ලද ලංකාවේ පුද්ගලික ආරක්ෂක කර්මාන්තය හා එහි වෘත්තිකයින් නියෝජනය කරනු ලබන රාජ්‍යය අනුග්‍රහය සහිත එකම සංවිධානය යි. වාර්ෂිකව තෝරාපත් කරගන්නා සභාපති ඇතුළු විධායක කමිටුව අදාළ රජයේ අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු සමග කර්මාන්තයේ අභිවෘද්ධිය වෙනුවෙන් අඛණ්ඩව කටයුතු කරනු ලබයි.

රට තුළ පසුගිය කාල වකවානුවේ දී ඇති වූ නොයෙකුත් ව්‍යසනයන් හා කලබලකාරී අවස්ථාවන්හි දී පෞද්ගලික ආරක්ෂක අංශය හා එහි නිලධාරීන් රජය හා පෞද්ගලික දේපළ මෙන්ම ජීවිත ආරක්ෂාවට කරන ලද විශිෂ්ට සේවය අගය කරන අතරතුර මෙවන් සමාජ මෙහෙවරකට තමන්ගේ රුධිරය පරිත්‍යාග කිරීමට පැමිණීමෙන් කරන ලද දායකත්වය ඉතා අගය කොට සලකන අතර ජාතික රුධිර මධ්‍යස්ථානයේ සහභාගී වූ වෛද්‍යවරුන් හා හෙද කාර්යය මණ්ඩලයට කාර්මික ආරක්ෂක පදනමේ විධායක කමිටුවේ හා එහි සාමාජිකයින්ගේ හෘදයාංගම ස්තූතිය කෘතවේදීව පිරිනමන බව එහි වත්මන් සභාපති විශ්‍රාමික විංග් කමාන්ඩර් ඩී ප්‍රදීප් එස් කන්නන්ගර මහතා ප්‍රකාශ කර සිටී.

  • Ada Derana BIZ Sinhala
  • bond issue
  • Central Bank
  • sri lanka

බැඳුම්කර නිකුතුවකින් මහ බැංකුව රු. බිලියන 127 ක් ලබාගනී

September, 29, 2022

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අද (29) දින කැඳවන ලද භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියේ දී රු. බිලියන 127.31 මුදලක් සම්පාදනය කර ගෙන තිබේ.

වෙන්දේසිය සඳහා ඉදිරිපත් කරන ලද බැඳුම්කරවල මුළු වටිනාකම රු. බිලියන 145 කි.

2025,2028 හා 2032 වසරවල දී කල්පිරෙන ආකාරයෙන් කාණ්ඩ 3 ක් යටතේ මෙම බැඳුම්කර නිකුතුව සිදුකරනු ලැබූ අතර එහිදී පිළිවෙලින් එක් එක් කාණ්ඩයට අදාළව පිළිවෙලින් රු. බිලියන 25.50 ක්, රු. බිලියන 31.80 ක් හා රු. බිලියන 70.00 ක් ලෙසින් ලංසු පිළිගෙන ඇත.

මෙම වෙන්දේසියේ දී ඉහත කී එක් එක් කාණ්ඩය සඳහා වූ බර තබන ලද සාමාන්‍ය ඵලදා අනුපාතිකයන් පිළිවෙලින් 30.95% ක්, 31.50% ක් හා 30.09% ක් ලෙසින් වාර්තා වේ.

මේ පිළිබඳ පූර්ණ සටහනක් පහතින් දැක්වේ.

  • Ada Derana BIZ Sinhala
  • INSEE
  • sri lanka

INSEE සිමෙන්ති, අභියෝගාත්මක කාලවලදී පවා ප්‍රජා සංවර්ධනය වෙනුවෙන් සිය අඛණ්ඩසහාය ලබා දෙයි

September, 29, 2022

2022 වසරේ පළමු භාගය ඉලක්ක කරගත් බහු සමාජ සත්කාරක ව්‍යාපෘති සාර්ථකව නිම කරයි.

ශ්‍රී ලංකාවේ විශාලතම සහ ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයා වන INSEE සිමෙන්තිසමාගමප්‍රතිලාභීන් 500,000 කට අධික සංඛ්‍යාවකට සහයෝගය ලබා දෙන,ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති ගණනාවක ආයෝජනය කරමින් 2022 වසරේ පළමු භාගය අවසන් කළේය.  මෙම ව්‍යාපෘති පුත්තලම සිමෙන්ති නිෂ්පාදනායතනයසහ රුහුණු සිමෙන්ති නිෂ්පාදනායතනයයන ආයතනආශ්‍රිතව සිදු කෙරුණු අතර,එහි දීINSEE සිමෙන්තිසමාගමආයතනික වශයෙන් ඉලක්කගතප්‍රජාවන් තුළ රැකියා, සවිබල ගැන්වීම්, ප්‍රජා සංවර්ධන ආදී සුවිශේෂීවැඩසටහන් හරහාසිය ආයතනික ප්‍රජාවගේ සුබසාධනය මෙන් මඑමගින්ආයතනික දියුණුව ද සාක්ෂාත්කරගැනීමට සමත් විය.

සාමූහික, කාලීන මෙන් ම දිගුකාලීනප්‍රයත්නයන් තුළින් 2030 වසර වනවිටසාක්ෂාත්කරගැනීමටඅපේක්ෂා කරන සිය තිරසාර සංවර්ධන අරමුණුහරහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන ඉලක්ක (SDGs)සහ අනෙකුත් ගෝලීය සංවර්ධන අරමුණු සමඟ බද්ධවනINSEE සිමෙන්තිඑමඟින්දේශීය සන්නාමයක් ලෙස සිය අනන්‍යතාව රැකගන්නා අතරතුර සමාජ, ආර්ථික හා පාරිසරික තිරසාරත්වයතහවුරු කිරීම වෙනුවෙන් කැප වෙයි.එමෙන් ම INSEE සමාගමේ තිරසාර අරමුණු වෙනුවෙන් ක්‍රියාත්මක වන වැඩසටහන්වල දීජනතාවගේ හාසිය පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වයට හිමි වන්නේ ප්‍රධානතැනකි.

ක්‍රියාත්මක වීමට ශක්තිය ලබා ගැනීම.

මෙම වැඩසටහන් සඳහා ප්‍රශස්ථජනතා සහභාගීත්වයක් ලබාගැනීම වෙනුවෙන්INSEE සිමෙන්ති සමාගම විසින් ප්‍රජා නායකයින්, දිස්ත්‍රික් ලේකම් කාර්යාල බලධාරීන් , කාන්තා හා ළමා කාර්යාංශය, ශ්‍රී ලංකා පොලිසිය, ආගමික නායකයින්, අධ්‍යාපන දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, මහ නගර සභාව, ග්‍රාම නිලධාරීන් ඇතුළු ග්‍රාමීය මට්ටමේ පරිපාලන නිලධාරීන් ආදීපාර්ශ්වයන්ගේ සහභාගිත්වයෙන් සැදුම්ලත් ප්‍රජා උපදේශන මණ්ඩල ස්ථාපිත කර ඇත.INSEE සිමෙන්තිසමාගම මෙම ප්‍රජා උපදේශන මණ්ඩල හරහාබිම් මට්ටමේජනතාවගේ අවශ්‍යතා හඳුනා ගනිමින්,එම අවශ්‍යතාසපුරාලීම වෙනුවෙන් සැලසුම් කළ සුවිශේෂී ව්‍යාපෘති කිහිපයක් මේ වසරේ දෙවන අර්ධයේ දී දියත් කිරීමට සියලු ම කටයුතු සූදානම් කර ඇත.

INSEE සියප්‍රජාසත්කාරක වැඩසටහන් මාලාව යටතේ අවධානය යොමු කරන ප්‍රධාන ක්ෂේත්‍රවලින් එකක් ලෙස ප්‍රජා සංවර්ධනය හැඳින්විය හැකි අතර,එහි දීඅධ්‍යාපනය, සෞඛ්‍ය සේවා, පිරිසිඳුජල සම්පාදනය සහ සනීපාරක්ෂාව කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරයි. අධ්‍යාපනික වැඩසටහන් යටතේINSEE සිමෙන්තිසමාගම පෙර පාසල් දරු දැරියන්ගේ මුල් ළමා විය අධ්‍යාපනය සංවර්ධනයට සහයෝගය ලබා දීම තුළින් යහපත් අනාගත පරපුරක් නිර්මාණය කිරීම අරමුණු කරමින් පෙරපාසල්හතරකට (පුත්තලම සිමෙන්ති නිෂ්පාදනායතනයසහ රුහුණු සිමෙන්ති නිෂ්පාදනායතනයඅවටින් දෙකක් සහ එළුවන්කුලමප්‍රදේශයේ  එක් පෙරපාසලක්) මූල්‍යමය වශයෙන් මෙන් ම තවත් විවිධ අයුරින් සහයෝගය ලබා දීමට කටයුතු කළ අතර,'ඉසුරුපාඨක සමාජය' සමඟ එක් වෙමින් පුත්තලම, අට්ටවිල්ලුව ප්‍රදේශයේ පුස්තකාලයක් පිහිටුවීමට හා ඒ සඳහා පොත්පත් සැපයීමට ද  කටයුතු කෙරිණි.

සෞඛ්‍ය සේවා ප්‍රවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක කෙරුණු වැඩසටහන් මාලාවේ දීINSEE සිමෙන්ති  සතිපතා නොමිලේ වෛද්‍ය සායනපවත්වමින්වෛද්‍ය පරීක්‍ෂණ සහ උපදේශනසේවා සැපයීමටත්, වාර්ෂිකව පවත්වන වෛද්‍ය කඳවුරු සඳහා පහසුකම් සැලසීම හරහාදිගුකාලීන ප්‍රජා සෞඛ්‍යසේවාවන්ප්‍රවර්ධනයටත් කටයුතු කරයි.ඊට අමතරව INSEE  වෙතින් පුත්තලම, ප්‍රජා සංවර්ධන මධ්‍යස්ථානවල සතියකට දෙවරක්නොමිලේ පැවැත්වෙන වෛද්‍ය සායන සඳහා පහසුකම් සැලසීම ද සිදුකරනඅතර, මෙවරවාර්ෂික වෛද්‍ය කඳවුර එළුවන්කුලම් ප්‍රදේශයේ ගම්වාසීන් 1500 කට අධික සංඛ්‍යාවකට සේවා ලබදෙමින්පැවැත්විණි.ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේවෛද්‍ය උපදේශක වරුන්, රුහුණු පෞද්ගලික රෝහලේ හෙදියන් සහ තවත් ස්වේච්ඡා  වෛද්‍ය කාර්ය මණ්ඩලයකසහභාගිත්වයෙන් පැවතිඑම වැඩසටහන සඳහා මහමෝදර මාතෘ ශික්ෂණ රෝහල,ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය හා වෛද්‍ය සේවා ඒකකය, රුහුණු රෝහල, සහ පානදුර ලයන්ස් ගිෆ්ට්ඔෆ්සයිට් රෝහලේ අක්ෂි සත්කාර ඒකකයද සහයෝගය ලබා දුන්අතර, සිංහ සමාජයේ ජාත්‍යන්තර දිස්ත්‍රික් 306A/ 1හි අනුග්‍රහයෙන් ඇස් කණ්ණාඩි 500 කට අධික ප්‍රමාණයක් බෙදා දීම ද එහි දී සිදුකෙරිණි.

දරුවන්, ගුරුවරුන්, දෙමාපියන්ඇතුළු සමස්තජනතාවට ප්‍රතිලාභ ලබා දෙමින්ජලය පිරිපහදු කිරීමේReverse Osmosis(RO) යන්ත්‍ර 6ක් ස්ථාපනය කිරීම මගින් පුත්තලම සිමෙන්ති නිෂ්පාදනායතනයආසන්නයේ පිහිටි පාසල් ගණනාවකට පිරිසිදු ජලපහසුකම් ලබාදීමද INSEE සිමෙන්තිසමාගමමගින් මෙම වසරේදී සිදු කෙරුණු ප්‍රජාසත්කාරයකි.  ප්‍රදේශයේසනීපාරක්ෂාව වෙනුවෙන්අත්‍යවශ්‍යව පැවති වැසිකිළි ඉදිකිරීමව්‍යාපෘතියක්සඳහා ද සිය සහයෝගය ලබා දීමට අරමුණු කරන INSEE සිමෙන්ති සමාගම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීන්ගේ සහ ප්‍රජා සංවර්ධන මධ්‍යස්ථානවලසහයෝගයෙන් ඒ සඳහා අවශ්‍යතා සහිත පවුල් තෝරාගැනීමේවැඩකටයුතු මේවන විට සිදුකෙරෙමින් පවතී.

රුහුණු සිමෙන්ති නිෂ්පාදනායතනයේසුබසාධක සංගමය විසින්සිය ආයතනික වගකීම ඉටුකිරීමඅරමුණු කරගනිමින්ප්‍රදේශයේ වැඩිහිටි ජනතාව වෙනුවෙන් සංවිධානය කරන ලද ‘අපි යමු පන්සල්’වැඩසටහන දසුවිශේෂී සමාජ සත්කාරක ව්‍යාපෘතියක් ලෙස දැක්විය හැකිය.මෙහිදී අදාළ ප්‍රදේශයේ ප්‍රජා සංවර්ධන මධ්‍යස්ථානයේ ඉල්ලීමකට අනුව,එම ප්‍රදේශයේ පිහිටා ඇති බොන්විස්ටාවැඩිහිටි නිවාසයේ වෙසෙන වැඩිහිටියන්ගේ ආධ්‍යාත්මික හා මානසික සුවය ඉහළ නැංවීම වෙනුවෙන්හම්බන්තොට කුරුළු උද්‍යානය, කතරගමරජ මහා විහාරය සහ  කැලණියරජ මහා විහාරස්ථානය වෙත සංචාරයක් රැගෙන යාම සිදු කෙරිණි.එහි දී එම වැඩිහිටියන්ට අවශ්‍ය සියලුම පහසුකම් සලසන ලද්දේ සමාගම විසිනි.

INSEE සිමෙන්ති සමාගම දිවයින පුරා කසළ කළමනාකරණයඉහළ නැංවීමේ අරමුණින්සිය කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණ අංශය වන INSEE Ecocycleහි ක්‍රියාකාරිත්වයපුළුල් කිරීමට කටයුතු කළ අතර,කසල කළමනාකරණය සහ එහි වැදගත්කමපිළිබඳව පාසල් සිසුසිසුවියන් දැනුවත් කිරීම වෙනුවෙන්,ශ්‍රී ලංකාවේ දී පැවැත්වුණු AIESECගෝලීය තරුණ සමුළුවට දසම්බන්ධ විය. INSEE Ecocycleවිසින්  AIESEC හි දී තෝරාගත් සිසු සිසුවියන් සඳහා කසළ කළමනාකරණය සහ අපද්‍රව්‍ය වෙන් කිරීම පිළිබඳ  දැනුමෙන් ඔවුන් සන්නද්ධ කිරීමට කටයුතු කළ අතර, ඒ වෙනුවෙන් සංවිධානය කෙරුණු සාර්ථක නියමු වැඩසටහනක්ගාල්ල ජනාධිපති බාලිකා විද්‍යාලයේ දී ක්‍රියාත්මක කෙරිණි.  එහි සාර්ථකත්වයහා යහපත් ප්‍රතිචාර හේතුවෙන් ඉදිරි මාසවලදී පුත්තලමසහ රුහුණු සිමෙන්ති නිෂ්පාදනායතනවලට ආසන්නතවත් පාසල් 6ක මෙම වැඩසටහන දියත් කිරීමට INSEE සිමෙන්ති සමාගම සැලසුම් කර ඇත.

“රටක් විදියට මේ වසරේ දී අප මුහුණ දුන් අභියෝග මධ්‍යයේ වුවත්, ජනතාවට අපගේසහයෝගය අඛණ්ඩව ලබා දීමේ අවශ්‍යතාවINSEE සිමෙන්ති සමාගම හොඳින් තේරුම් ගත්තා. ඒ නිසා විවිධ ව්‍යාපෘති හරහා මේ රටේ ජනතාවට නන් අයුරින් උපකාර කිරීමට අපට හැකියාව ලැබුණා.ඒ වගේ ම ඉදිරියේදීත්ජනතාව නඟා සිටුවීමට අපට හැකි උපරිමයෙන් කටයුතු කරන බව මම අවධාරණය කිරීමට කැමතියි." යනුවෙන්INSEE සිමෙන්ති සමාගමේ සභාපති/ප්‍රධාන විධායක නිලධාරීනන්දන ඒකනායක මහතා පැවසීය.

  • Ada Derana BIZ Sinhala
  • cash waste
  • Central Bank
  • sri lanka

මුදල් අපද්‍රව්‍ය බැහැර කිරීමට මහ බැංකුව සුදුසු විසඳුමක් සොයයි

September, 29, 2022

ඉරා දැමූ මුදල් නෝට්ටු අංශු/ බ්‍රිකට් (මුදල් අපද්‍රව්‍ය) ප්‍රතිචක්‍රීකරණය කිරීමට/ බැහැර කිරීමට සුදුසු විසඳුමක් සොයා බැලීම සඳහා අභිලාෂය ප්‍රකාශ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව ඇරයුම් කර සිටී.

මේ පිළිබඳ වැඩි විස්තර පහතින් දැක්වේ.

 

  • Ada Derana BIZ Sinhala
  • sri lanka
  • World gold prices

ලෝක රන් මිල හිටි අඩියේ ඉහළට. හෙට්ටිවීදියේ මිලත් වැඩි වෙයි

September, 29, 2022

ඊයේ (28) දිනයේ මුල් භාගයේ දී වාර්තාගත පහළ යාමකට ලක්ව තිබූ ලෝක රන් මිල යළිත් වරක් ඉහළ යන ස්වාභාවයක් පෙන්නුම් කරයි. ඒ අනුව ඊයේ දිනයේ එක් අවස්ථාවක දී ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල ඩොලර් 1,620 න් පහළ මට්ටමකට පැමිණ තිබුණ ද, දිනය සමාප්තියේ දී එම අගය ඩොලර් 1,650 සීමාවට පැමිණි තිබුණු නිරීක්ෂණය කළ හැකි විය.

මේ වන විට ලෝක වෙළෙඳපොළේ රත්‍රං අවුන්සයක මිල ඩොලර් 1,650 සීමාව ඉක්මවා ගොස් ඇති බව වාර්තා වේ.

මේ අතර කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 22 රත්‍රං පවුමක මිල ඊයේ දිනයේ දී රු. 159,100 ක් ලෙසින් සටහන්ව තිබුණු අතර එය අද (29) දිනයේ දී රු. 160,500 ක් දක්වා වැඩි වී ඇත.

තවද කැරට් 24 රත්‍රං පවුමක මිල ඊයේ පැවති රු. 172,000 මිලෙහි සිට අද දිනයේ දී රු. 173,500 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

  • Ada Derana BIZ Sinhala
  • IOCPL
  • SLT-MOBITEL
  • sri lanka

ඇමරිකානු තානාපති ජූලී චන්ග්, SLT-MOBITEL සහ IOCPL එක්ව ක්‍රියාත්මක කරන දකුණු ආසියාවේ ප්‍රථම සබ්මැරීන් කේබල් මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක

September, 29, 2022

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිවරියවන ජූලි චන්ග් මහත්මිය පසුගියදා ගාල්ල ප්‍රදේශයේ පිහිටා ඇති, දකුණු ආසියාවේ ප්‍රථම සබ්මැරීන් කේබල් මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූවාය. මෙය ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL සහ Indian Ocean Cable Ship Pte Ltd (IOCPL) එක්ව පවත්වාගෙන යන කේබල් නඩත්තු සේවා මධ්‍යස්ථානයකි.

මෙම හවුල්කාරීත්වය යටතේ Galle Submarine Cable Depot Pvt Ltd, නම් සමාගම පිහිටුවන ලද අතර, එය ද Singapore Telecom සහ Orange Marine of France අතර හවුල්කාරීත්වයක් ලෙස ක්‍රියාත්මක වේ. 2018 වසරේදී ආරම්භ කරන ලද මෙම කේබල් නඩත්තු සේවා මධ්‍යස්ථානය, දකුණු ආසියාවේ එම වර්ගයේ එකම මධ්‍යස්ථානය ලෙස සැලකේ. මෙම මධ්‍යස්ථානය ක්‍රමෝපායික වශයෙන් වැදගත් ස්ථානයක පිහිටා ඇති නිසා, මෙම කලාපයේ මෙන්ම යුරෝපයේ සිට ආසියාව දක්වා බොහෝ රටවල් සම්බන්ධ කරන, සාගරය යටින් දිවෙන රැහැන් අලුත්වැඩියා කිරීම සහ නඩත්තු කිරීම පහසු වී ඇත. මෙම අලුත්වැඩියා සහ නඩත්තු කටයුතු සඳහා අවශ්‍ය අතිරේක කේබල්, මෙවලම් සහ පරීක්ෂණ උපකරණ ආදිය ද මෙහි ගබඩා කර තබාගැනේ.

ඇමරිකානු තානාපති ජූලී චන්ග් මහත්මිය සහ ආර්ථික ඒකක ප්‍රධානී ෆිලිප් ලූස්ලි මහතා සමග SLT සමූහ සභාපති රොහාන් ප්‍රනාන්දු, SLT සමූහ ප්‍රධාන විධායක නිලධාරී ලලිත් සෙනෙවිරත්න සහ SLT ප්‍රධාන විධායක නිලධාරී ජානක අබේසිංහ යන මහත්වරුන් ඇතුළුව SLT-MOBITEL ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සාමාජික සාමාජිකාවන් පිරිසක් ද මෙම නිරීක්ෂණ චාරිකාවට එක්වූහ.

SEA-ME-WE 3, SEA-ME-WE 4, SEA-ME-WE 5, Bharat Lanka and Dhiraagu-SLT යන කේබල් පද්ධති 5 ඔස්සේ ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තරය අතර සම්බන්ධතා ශක්තිමත් කිරීමට SLT-MOBITEL දිගින් දිගටම කටයුතු කරමින් සිටී. අග්නිදිග ආසියාව, මැද පෙරදිග සහ බටහිර යුරෝපය යා කරමින් ඉදිකිරීමට යෝජිත SEA-ME-WE 6 කේබල් පද්ධතිය මෙය තවදුරටත් පුළුල් කරනු ඇත. තත්පරයකට ටෙරාබිට්ස් (terabits) 100කට අධික සම්ප්‍රේෂණ ධාරිතාවකින් යුත් මෙම කේබල් පද්ධතියේ ඉදිකිරීම් කටයුතු 2025 වසර වනවිට අවසන් කිරීමට නියමිත ය.

අනාගතයේදී වඩාත් හොඳ ශ්‍රව්‍ය දෘශ්‍ය සේවා ලබාදීම සඳහා SLT-MOBITEL සතු සැලසුම්වලට මෙම කේබල් පද්ධතිය අතිශයින් වැදගත් වේ. එමෙන්ම SLT-MOBITEL 5G ජාලයේ මෙහෙයුම් කටයුතු සහ උසස් තත්වයේ machine to machine සන්නිවේදනය සඳහා ද මෙම කේබල් පද්ධතිය මහෝපකාරී වනු ඇත. SEA-ME-WE 6 පද්ධතිය වෙනුවෙන් කරන ලද ආයෝජනය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ගෝලීය සන්නිවේදන සම්බන්ධතා මට්ටම දැන් ටෙරාබිට්ස් (terabits) තලයට පිවිසී ඇති අතර, ඒ ඔස්සේ රටට ඉදිරියේදී අන්තර්ජාල භාවිතාව සම්බන්ධ දැවැන්ත ඉල්ලුමට SLT-MOBITEL හරහා සාර්ථක ලෙස මුහුණ දීමට හැකියාව ලැබෙනු ඇත.

  • Ada Derana BIZ Sinhala
  • Philippine President
  • President
  • sri lanka

ජනපති පිලිපීන ජනපති හමුවෙයි

September, 29, 2022

ආසියානු කලාපීය සහයෝගීතාව වර්ධනය කර ගනිමින් ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය ඉදිරියට ගෙනයාමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පිලිපීන ජනාධිපති ෆර්ඩිනෑන්ඩ් ආර්. මාකෝස් -කණිෂ්ඨ (Ferdinand R.Marcos Jr.) මහතා අතර හමුව අද (29) පෙරවරුවේ මැනිලා නුවර දී පැවැත්වුණු අතර එහිදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

පිලිපීන ජනාධිපති මන්දිරය වන මලකනැංග් මන්දිරය (Malacanang Palace) වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිලිපීන ජනාධිපතිවරයා විසින් හරසරින් පිළිගනු ලැබීය.

නායක දෙපළ අතර සුහද කථා බහකින් අනතුරුව ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි.

පිලිපීනය සහ ශ්‍රි ලංකාව අතර අතීතයේ සිට පවතින ද්විපාර්ශ්වික සබඳතා නව ප්‍රවේශයන් ඔස්සේ තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳ එහිදී වැඩි අවධානයක් යොමු විය.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපති ෂොබිනි ගුණසේකර යන මහත්ම මහත්මිහු සහ ශ්‍රී ලංකා දූත පිරිස මෙම අවස්ථාවට එක්ව සිටියහ.

  • Ada Derana BIZ Sinhala
  • People's Leasing
  • sri lanka
  • Wellawatte

පීපල්ස් ලීසිං වැල්ලවත්ත ශාඛාව ත්‍රිරෝදරථ ක්‍රියාකරුවන්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීමට දායක වෙයි

September, 29, 2022

පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ වැල්ලවත්ත ශාඛාව විසින් වැල්ලවත්ත අවට ප්‍රදේශයෙහි ලියාපදිංචි ත්‍රිරෝදරථ ක්‍රියාකරුවන්ගේ රැකියා ගුණත්වය ඉහළ නංවාලීමේ ව්‍යාපෘතියක් දැන් අරඹා තිබේ. එහි මුලික වැඩසටහන වැල්ලවත්ත ත්‍රිරෝදරථ රියදුරන්ගේ සංගමය සහ වැල්ලවත්ත පොලිසියේ සහයෝගයෙන් පීපල්ස් ලීසිං වැල්ලවත්ත ශාඛාවේදී පසුගියදා පැවැත්විණි.

වර්ථමාන ශ්‍රී ලංකාව තුළ නාගරික සහ ග්‍රාමීය ප්‍රදේශවල බහුලව භාවිතාවන පොදු ප්‍රවාහන ක්‍රමය ත්‍රිරෝදරථය හෙයින් එය භාවිතයෙන් සිදුවන අපරාධ වැළැක්වීම හා ත්‍රිරෝද රථ ක්‍රියාකරුවන් සඳහා මනා වෘත්තීයභාවයක් ඇතිකිරීමේ අරමුණ පෙරදැරිව මෙම වැඩසටහන දියත් කෙරුණි. ඒ අනුව පීපල්ස් ලීසිං වැල්වත්ත ශාඛාව විසින් වැල්ලවත්ත ත්‍රිරෝද රථ රියදුරන්ගේ සංගමයේ ලියාපදිංචි වී ඇති සෑම ත්‍රිරෝද රථ ක්‍රියාකරුවෙකුටම හැඳුනුම්පතක් නිකුත්කිරීමද මෙහිදී  සිදු කෙරුණි.

වර්ථමානයේ සිදුවන ගෝලීය ඩිජිටල් පරිවර්ථනය හමුවේ සිය ජීවනෝපායන් පහසුකරලිම හා ඊට අනුගතවීම පහසුකරලීමේ අදිටනින් මෙම අවස්ථාවට සහභාගි වු ත්‍රිරෝදරථ ක්‍රියාකරුවන්ට zQR කේතය’ පිළිබඳ දැනුවත් කිරීමද මෙහිදී සිදුවිය.

පීපල්ස් ලීසිං සමාගමේ මෙහෙයුම් අංශයේ ප්‍රධාන කළමනාකාරිණි ප්‍රියංකා විමලසේන මහත්මියගේ මුලිකත්වයෙන් පැවැත්වුණු මෙම කර්ත්‍යව්‍යයට පීපල්ස් ලීසිං වැල්ලවත්ත ශාඛාවේ කළමනාකරු කේ. චන්ද්‍රසේකරන් මහතා, වැල්ලවත්ත පොලිස් ස්ථානාධිපති (OIC) ප්‍රධාන පොලිස් පරීක්ෂක පරිපාලන එල්.ඒ.යූ. නාඔටුන්න මහතා සහ ස්ථානාධිපති  (OIC) උප පොලිස් පරීක්ෂක රථවාහන ඩබ්ලිව්.පී. ප්‍රශාන්ත යන මහත්වරුන් ද “වෘත්තීය ත්‍රිරෝද රථ සංගම් නායකත්වයේ සැබෑ හඬ” සංවිධානයේ කැඳවුම්කරු එල්. රෝහණ පෙරේරා මහතා සහ වැල්ලවත්ත ත්‍රිරෝද රථ රියදුරන්ගේ සුබසාධක සංගමයේ සභාපති ජේ. පි. ස්වර්ණසිරි යන මහත්වරු සහභාගි වුහ.

පීපල්ස් ලීසිං සමාගම යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ බැංකු නොවන මුදල් ආයතනයක් වන අතර ප්‍රමුඛ රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත මුදල් ආයතනයකි. විශේෂිත ලීසිං සමාගමක් ලෙස වර්ෂ 1996 දී මෙහෙයුම් කටයුතු ආරම්භ කළ පීපල්ස් ලීසිං සමාගම 2011 වසරේ කොළඹ කොටස් වෙළඳපලේ ලැයිස්තුගත විය. පීපල්ස් ලීසිං සමාගම බංග්ලාදේශයේ විදේශීය ව්‍යාපාරයක් ඇතුළු අනුබද්ධිත ක්ෂේත්‍ර හයක් හරහා විවිධාංගීකරණය වු බැංකු නොවන මූල්‍ය බලවතෙක් දක්වා වර්ධනය වී ඇත.

ඡායා රූප විස්තරය -  QRකේතය පිළිබඳව ත්‍රිරෝද රථ ක්‍රියාකරුවන් දැනුවත් කරන අවස්ථාව සහ පීපල්ස් ලීසිං සමාගමේ ප්‍රධාන කළමනාකාරිණි (මෙහෙයුම්) ප්‍රියංකා විමලසේන මහත්මිය විසින් ත්‍රිරෝද රථ රියදුරු මහතෙකු වෙත හැඳුනුම්පතක් ලබාදෙන අයුරු.