September, 19, 2022
ආදායම වියදම ඇතුළු රාජ්ය මූල්ය පාලනයට අදාළ නිවැරදී තොරතුරු ඍජු ලෙස ලබා ගනිමින් එම මූල්ය කටයුතු අධීක්ෂණය සදහා වෙනම අයවැය කාර්යාලයක් පාර්ලිමේන්තුව තුළ පිහිටුවීමට ඉදිරියේදී පියවර ගන්නා බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පසුගිය (15) දා පැවසීය.
සැප්තැම්බර් 15 වැනිදාට යෙදුණු ප්රජාතන්ත්රවාදය පිළිබද ජාත්යන්තර දිනයට සමගාමීව ශ්රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සහ ශ්රී ලංකා පුවත්පත් ආයතනය එක්ව ජාතික ප්රජාතන්ත්රවාදී ආයතනයේ (National Democratic Institute / NDI) අනුග්රහය මත සංවිධානය කළ විශේෂ මහජන සේවා වැඩසටහනකදී ඒ මහතා මේ බව පවසා සිටියේය.
September, 19, 2022
දින 90 ක් තුළ අමෙරිකානු ඩොලර් මිලියන 1.5ක් එක්රැස් කිරීමේ වෑයමක්
අද දවසේ ශ්රී ලාංකිකයන් බොහෝ දෙනෙකුට තම මූලික අවශ්යතා සපුරා ගැනීම සඳහා දැඩි පරිශ්රමයක් දැරීමට සිදු වී තිබේ. එම නිසා ඔවුන්ට දරුවන්ගේ අධ්යාපනය වෙනුවෙන් මුදල් වෙන් කිරීම අතිශය දුෂ්කර කාර්යයක් වී ඇත. ‘Save the Children’ ආයතනය මගින් මෑතකදී සිදුකරන ලද සමීක්ෂණයකට අනුව, ශ්රී ලංකාවේ පවුල් අතරින් 50%කට පමණ තම දරුවන්ගේ අධ්යාපනය වෙනුවෙන් මුදල් වැය කිරීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති අතර, ඇතැම් දරුවන් දැනටමත් පාසල් හැරයාමට පෙළඹී ඇත.
දරුවන් පාසල් හැරයාම මගින් ඔවුන්ගේ සමාජ-ආර්ථික වර්ධනයට පමණක් නොව, සමස්තයක් ලෙස රටක සහ එහි ජනතාවගේ ආර්ථික හා සමාජයීය ප්රගමනයට ද අහිතකර බලපෑම් එල්ලවන බව ලොව පුරා පවතින සාක්ෂි මගින් පැහැදිලිව පෙනී යයි.
ශ්රී ලංකාවේ දරුවන් මුහුණ දී සිටින මෙම ඛේදනීය තත්ත්වයට විසඳුමක් සෙවීම සඳහා සර්වෝදය ආයතනය ඉදිරිපත් වී සිටී. දීර්ඝ කාලයක් පටන් ශ්රී ලංකාවේ ප්රජා සංවර්ධනය ඉලක්ක කරගත් සුවිශේෂී මෙහෙවරක නිරත වී සිටින සර්වෝදය ආයතනය, මෙරට විශාලතම රාජ්ය නොවන සංවිධානය වේ. මෙම වැඩසටහනට යටතේ, පරිත්යාගශීලීන්ගේ ආධාර භාවිතා කරමින්, රටේ දරුවන්ට තම පාසල් අධ්යාපන කටයුතු අඛණ්ඩව කරගෙන යාම සඳහා අත්යවශ්ය උපකරණ සහ ලිපිද්රව්ය ආදිය ලබාදීමට සර්වෝදය ආයතනය කටයුතු කරනු ඇත.
මේ සඳහා මෙරට ප්රමුඛතම අධ්යාපන සන්නාමය වන ඇට්ලස් සමග එක්වී, ‘Light a Future’ නමින් විශේෂ වැඩසටහනක් දියත් කිරීමට සර්වෝදය ආයතනය පියවර ගෙන තිබේ. මෙමගින් පාසල් හැරයාමේ අවදානමට දැඩිව මුහුණ පා සිටින දරුවන් 100,000කට අත්යවශ්ය පහසුකම් ලබා දී ඔවුන්ගේ පාසල් ගමන සුරක්ෂිත කිරීමට පියවර ගැනෙනු ඇත.
මේ සඳහා දින 90ක් ඇතුළත ඇමරිකානු ඩොලර් මිලියන 1.5ක මුදලක් සපයා ගැනීම ‘Light a Future’ වැඩසටහනේ මූලික අරමුණ වේ. දරුවන් 100,000ක් වෙනුවෙන් 2023 වර්ෂය සඳහා අත්යවශ්ය පාසල් උපකරණ මිලදී ගැනීමට මෙම මුදල් භාවිතා කෙරෙනු ඇත. මේ සඳහා ජාත්යන්තර ප්රජාව සහ එතෙර වෙසෙන ශ්රී ලාංකිකයන්ගේ දායකත්වය ලබාගැනීම සඳහා අවශ්ය සහයෝගය, මෙරට ප්රධාන පෙළේ ව්යාපාර හා පුද්ගලයන්ගෙන් නො-අඩුව ලැබෙනු ඇතැයි ‘Light a Future’ වැඩසටහන බලාපොරොත්තු වෙයි.
වැඩසටහනේ ප්රධාන හවුල්කරු වශයෙන්, දරුවන් 2,500 ක් සඳහා අවශ්ය මූල්යමය දායකත්වය මෙන්ම, ‘Light a Future’ වැඩසටහනට අවශ්ය පාසල් උපකරණ සහන මිලට ලබාදීමට ද ඇට්ලස් සමාගම ඉදිරිපත් වී සිටී. එමෙන්ම මේ සඳහා විශේෂ ස්වේච්ඡා කණ්ඩායමක් අනුයුක්ත කිරීමට ද ඇට්ලස් සමාගම පියවර ගෙන ඇති අතර, ඔවුන් මෙම ව්යාපෘතිය වෙනුවෙන් රාජකාරි පැය 10,000කට අධික ප්රමාණයක් වැයකරනු ඇත. මෙම කණ්ඩායමේ දායකත්වය සමගින් මෙම වැඩසටහනේ මූලික යටිතල පහසුකම් ස්ථාපිත කිරීමට ඇට්ලස් සමාගම දායක වනු ඇති අතර, මේ ඔස්සේ මිලියන 3කට අධික ජාත්යන්තර ප්රජාවක් වෙත ආමන්ත්රණය කිරීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ලොව සුප්රකට විගණන සමාගමක් වන Ernst & Young (EY), මෙම වැඩසටහනෙ විනිවිදභාවය තහවුරු කිරීම සඳහා විගණන දායකත්වය ලබාදීමට ඉදිරිපත් වී සිටී. පරිත්යාගශීලීන්ට තම පරිත්යාගයන්ගේ තත්ත්වය පිළිබඳව ‘Light a Future’ නිල වෙබ් අඩවිය හරහා පරීක්ෂා කිරීමට හැකිවන ආකාරයට එම වෙබ් අඩවිය තුළ සජීවී තොරතුරු පවත්වාගෙන යාමට සැලසුම් කර තිබේ.
දරිද්රතා සීමාවට පහළ ආර්ථික තත්ත්වයක් පැවතීම, ජීවනෝපාය මාර්ගයන්ට බාධා එල්ල වී තිබීම, කාන්තාවන්ගේ ප්රධානත්වයෙන් යුත් පවුල්, ආබාධ සහිත පුද්ගලයන්, සමෘද්ධි සහනාධාර ලාභීන්, දෛනික වැටුප් උපයන්නන්, අර්බුදයේ බලපෑමට ලක් වූ සුළු හා මධ්යම පරිමාණ ව්යාපාර හිමි පවුල් සහ සාත්තු නිවාස ආදියෙහි නේවාසිකව සිටින පුද්ගලයන්ගේ දරුවන් යනාදී නිර්ණායක අනුව, මෙම වැඩසටහන යටතේ ආධාර හිමිවන ප්රතිලාභී දරුවන් තෝරාගැනෙනු ඇත.
මෙම වැඩසටහන වෙනුවෙන් පරිත්යාග කරනු ලබන සියලු අරමුදල්, ඒ වෙනුවෙන්ම ස්ථාපිත කරන ලද සුරක්ෂිත ගෙවීම් ද්චාරයක් හරහා සර්වෝදය ආයතනය වෙත යොමුකෙරේ. අරමුදල් ලැබෙන ආකාරය අනුව, පාසල් උපකරණ කට්ටල 1,000 බැගින් පරිත්යාග කිරීමට සර්වෝදය ආයතනය කටයුතු කරනු ඇත. පෙරපාසල්, ප්රථමික සහ ද්විතීය යන ප්රධාන වයස් කාණ්ඩ තුනට ගැළපෙන ආකාරයට මෙම පාසල් උපකරණ කට්ටල සකස් කර තිබේ. මෙම උපකරණ අතරට පොත්, පැන්සල්, පෑන්, පාට පැන්සල්, පැස්ටල්, කටර්, මකන කෑලි, අඩිරූල්, ගම්, ක්ලේ, කතුරු, වතුර බෝතල්, කෑම පෙට්ටි සහ කවකටු පෙට්ටි ආදිය ඇතුළත් වී ඇත.
හුදෙක් පරිත්යාගශීලීන් ලෙස පමණක් නොව, හවුල්කරුවන් ලෙස ද මෙම මෙහෙවර සමග එක්වන මෙන් ‘Light a Future’ වැඩසටහන ශ්රී ලාංකිකයන්ට සහ සමාගම් හා ආයතනවලට ආරාධනා කර සිටී. මෙම පණිවිඩය වඩාත් හොඳින් ලොවට ගෙනයමින්, ජාත්යන්තර ප්රජාව සහ එතෙර වෙසෙන ශ්රී ලාංකිකයන් මෙම වැඩසටහන සමග සම්බන්ධ කිරීමේ හැකියාව සහිත හවුල්කරුවන්ට මෙම උදාර කර්තව්යයට තම වටිනා දායකත්වය ලබාදීමේ අවස්ථාව දැන් උදාවී තිබේ.
මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ‘Light a Future’ වැඩසටහනේ නිල වෙබ් අඩවියවන www.lightafuture.com හි දක්වා ඇත.
සංවාද මණ්ඩපයට එක්වූ සාමාජිකයෝ :
September, 19, 2022
මෙරට ලැයිස්තුගත බලශක්ති සමාගමක් වන ලංකා IOC පීඑල්සී, සිය නවතම ව්යාපාරය වන ත්රිකුණාමලයේ පිහිටි ග්රීස් නිෂ්පාදනාගාරයේ (Grease Plant) මෙහෙයුම් කටයතු පසුගිය සතියේ දී ආරම්භ කර ඇත.
මේ සමඟම සමාගමේ ත්රිකුණාමල පර්යන්තයේ දැනට පවතින ලිහිසිතෙල් මිශ්රණාගාරයේ (Lube Blending) කටයුතු තවදුරටත් පුළුල් කිරීම සඳහා ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බව ද නිවේදනයක් නිකුත් කරමින් ලංකා IOC පීඑල්සී හි කළමනාකාර අධ්යක්ෂ මනෝජ් ගුප්තා මහතා පවසයි.
ග්රීස් නිෂ්පාදනාගාරය වෙනුවෙන් පසුගිය 2020 පෙබරවාරි මාසයේ දී සමාගම විසින් රු. මිලියන 320 ක් ආයෝජනය කරන ලදී.

September, 19, 2022
මෙරට ක්රියාක්මක ජාත්යන්තර අවහන් ජාලයක් වන Subway හි මෙහෙයුම් නියෝජිත හිමිකාරීත්වය (franchise) සිය පාලිත සමාගමක් වන Softlogic Restaurants Ltd යටතට පවරා ගෙන ඇති බව ශ්රී ලංකාවේ ප්රමුඛතම සමාගම් සමූහයක් වන සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් නිවේදනය කර සිටී.
ඒ අනුව මීට පෙර Subway Development Ltd විසින් සිදුකරන ලද Subway හි මෙරට මෙහෙයුම් කටයුතු Softlogic Restaurants Ltd යටතට පැවරෙනු ඇත.
Subway යනු ඇමරිකානු අවහන් ජාලයකි. එය ප්රධාන වශයෙන් submarine, sandwiches, wraps, salads සහ පාන වර්ග (beverages) නිරත වනු ලබයි.
මේ වන විට ජාත්යන්තර ආහාර සන්නාම කිහිපයකම මෙරට නියෝජිතත්වය සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් සතුවන අතර Burger King, Basking- Robbins, Popeyes, Delifrance සහ Crystal Jade ඒ අතර වේ.

September, 19, 2022
ජාත්යන්තර මූල්ය අරමුදල සමඟ ගිවිසා ගෙන ඇති ණය සහන පැකේජය සහ ණය ප්රතිව්යූහගතකරණ ක්රියාවලියේ ඉදිරි සැලසුම් පිළිබඳව ශ්රී ලංකාව විසින් එළඹෙන සිකුරාදා (23) සිය ජාත්යන්තර ණය හිමියන් දැනුවත් කිරීමට නියමිතය.
ණය ප්රතිව්යූහගතකරණ ක්රියාවලිය සඳහා ශ්රී ලංකාව විසින් තෝරාගන්නා ලද මූල්ය නීති උපදේශක ආයතනයක් වන Clifford Chance සමාගම හරහා මෙරට මුදල් අමාත්යාංශය විසින් ප්රකාශයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇති බව රොයිටර් පුවත් සේවය සඳහන් කර සිටී.
ඔන්ලයින් ක්රමවේදය මෙලෙස ණය හිමියන් සමඟ සම්බන්ධ වීමට කටයුතු යොදා ඇති අතර එය සහභාගීවන සියලු දෙනාට අදහස් දැක්විය හැකි ආකාරයේ අන්තර්ජාල සැසියක් බව වැඩිදුරටත් සඳහන් වේ.
September, 17, 2022
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් වැඩ බලන ආයෝජන ප්රවර්ධන අමාත්යවරයා ලෙස දිලුම් අමුණුගම මහතා පත් කර ඇත.
ජනාධිපතිවරයා දිවයිනේ බැහැර වීමට ප්රථම ඔහු වෙත ආණ්ඩුක්රම ව්යවස්ථාවෙන් පැවරී ඇති බලතල ප්රකාරව මෙම පත් කිරිම සිදු කර ඇත.
2022.09.17 දින සිට ජනාධිපතිවරයා නැවත දිවයිනට පැමිණෙන තෙක් මෙම පත්වීම බලාත්මක වේ.
September, 17, 2022
එක්සත් ජනපදය USAID සංවිධානය හරහා ශ්රී ලංකාවට වසර පහක කාලයක් පුරා අතිරේක ඇස්තමේන්තුගත ඩොලර් මිලියන 65ක (ශ්රී ලංකා රුපියල් බිලියන 23කට අධික) ආධාර ලබා දෙන බව USAID පරිපාලක සමන්තා පවර්ගේ මෑත සංචාරය මත පදනම්ව, ශ්රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් මහත්මිය අද (16) ප්රකාශ කළාය. ශ්රී ලංකාවේ සහ මාලදිවයිනේ USAID දූත මණ්ඩල අධ්යක්ෂ ගේබ්රිෙයල් ග්රෝ මහතා සහ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්රතිපත්ති අමාත්යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා විසින් අත්සන් කරන ලද සංවර්ධන අරමුණු සහාය ගිවිසුම ((DOAG) යටතේ මෙම ආධාර පිරිනමනු ලැබේ.

September, 16, 2022
ඉන්දියානු ප්රකෝටිපති ව්යාපාරික ගෞතම් අදානි, මේ වන විට ලොව ධනවත්ම පුද්ගලයින්ගේ ලැයිස්තුවට අනුව දෙවැනි ස්ථානයට පත්ව සිටී.
එම ලැයිස්තුවේ දෙවැනි තැන සිටි Amazon නිර්මාතෘ Jeff Bezos මේ වන විට සිව්වැනි තැනට පත්ව ඇති අතර LVMH ප්රධාන විධායක නිලධාරී Bernard Arnault තෙවැනි තැනට පත්ව සිටී. මොවුන් අභිබවමින් ඔහු ඉදිරියට පැමිණ ඇත්තේ Adani සමූහයට අයත් කොටස්වල සීඝ්ර වර්ධනයක් පෙන්නුම් කිරීමත් සමඟිනි.
ෆෝබ්ස් දත්ත වාර්තාවලට අනුව ඔහු දෙවැනි වන්නේ ඩොලර් බිලියන 273.5 ක වත්කමක් ඇති ලොව ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන ටෙස්ලා ප්රධාන විධායක නිලධාරී එලොන් මස්ක්ට පමණි.
2022 සැප්තැම්බර් 16 වන විට අදානි ගේ ශුද්ධ වත්කම ඩොලර් බිලියන 155.7ක් ලෙසින් සටහන්ව ඇත.
ෆෝබ්ස් වාර්තාවන්ට අනුව ලොව ධනවත්ම පුද්ගලයින් 9 දෙනා පහත පරිදි වේ.
September, 16, 2022
ඇමරිකා එක්සත් ජනපදයෙහි සහ ලොව වටා ගමනාන්ත සිය ගණනකට පහසු ගුවන් සම්බන්ධතා ලබා දෙමින් තම ජාත්යන්තර ජාලයන් ව්යාප්ත කරන ඓතිහාසික නව ගිවිසුමකට එමිරේට්ස් ගුවන් සමාගම සහ යුනයිටඞ් එයාර්ලයින්ස් සමාගම එළඹ ඇත.
මෙම ගිවිසුම යටතේ නොවැම්බර් මාසයේ සිට ඇමරිකාවේ විශාලතම ව්යාපාරික කේන්ද්රස්ථාන තුනක් වන චිකාගෝ, සැන් ෆ්රැන්සිස්කෝ සහ හුස්ටන් නගරවලට පියාසර කරන එමිරේට්ස් ගුවන් මගීන්ට තනි ප්රවේශ පත්රයකින් ඇමරිකාවේ තවත් ගමනාන්ත 200 කට ආසන්න ගණනකට යුනයිටඞ් එයාර්ලයින්ස් ගුවන් සේවා ලබාගත හැකි වනු ඇත.
එමිරේට්ස් ගුවන් සේවා ක්රියාත්මක කරන ඇමරිකාවේ තවත් ගමනාන්ත අටක් වන බොස්ටන්, ඩැලස්, ලොස් ඇන්ජලීස්, මයෑමි, නිව් යෝර්ක්, ඕලැන්ඩෝ, සියැටල් සහ වොෂිංටන් DC නගරවලට ගමන් ගන්නා මගීන් සඳහා යුනයිටඞ් ගුවන් සමාගම සමඟ ඉන්ටර්ලයින් (Interline) ගිවිසුමක් ක්රියාත්මක වනු ඇති බව එමිරේට්ස් නිවේදනය කර ඇත.
2023 මාර්තු මාසය සිට යුනයිටඞ් එයාර්ලයින්ස් නිව්යෝර්ක් සහ නිවාර්ක් සිට ඩුබායි වෙත ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිත වන අතර එම ගුවන් සේවා භාවිතා කරන මගීන්ට එමිරේට්ස් හෝ ෆ්ලයිඩුබායි ගුවන් සේවා යොදාගනිමින් ඩුබායි සිට ගමනාන්ත 100 කට අධික ගණනකට පියාසර කිරීමට හැකි වනු ඇත.
මෙම ඓතිහාසික ගිවිසුම පිළිබඳව අදහස් දක්වමින් එමිරේට්ස් ගුවන් සේවයේ ප්රධානී ශ්රීමත් ටිම් ක්ලාක් මහතා මෙසේ පැවසුවේය. ”ජාත්යන්තර ගුවන් සේවා වලට ඉල්ලූම වර්ධනය වන අවධියක ලෝකයේ විශාලතම මෙන්ම වඩාත් සුප්රසිද්ධ ගුවන් සමාගම් දෙකක් මෙලෙස අත්වැල් බැඳගැනීම පාරිභෝගිකයින්ට විශිෂ්ට වරප්රසාද රැසක් ගෙනදෙනවා. ඊට අමතරව, මෙයින් එක්සත් අරාබි එමීර් රාජ්යය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර තිබෙන සම්බන්ධතාවය තවත් ශක්තිමත් වෙනවා. දීර්ඝකාලීනව යුනයිටඞ් එයාර්ලයින්ස් සමඟ ඇතිකර ගෙන තිබෙන සම්බන්ධතාවය තව දුරටත් වර්ධනය කිරීමට අප බලාපොරොත්තු වනවා.”
යුනයිටඞ් එයාර්ලයින්ස් ප්රධාන විධායක නිළධාරී ස්කොට් කර්බි මහතා පැවසුවේ ලොව සුප්රකට ගුවන් සමාගම් දෙකක් එකමුතු වීම තුළින් මගීන්ට ගුවනේ ලබාදිය හැකි හොඳම අත්දැකීම් සම්පාදනය කිරීමට දැඩි කැපවීමක් තිබෙන බවයි. ගෝලීය සංචාරක කටයුතු තවත් පහසු කරන අතරම, සංස්කෘතික සම්බන්ධතා ගොඩනගමින් දේශීය ආර්ථීකයන්ගේ වර්ධනයට ද මෙම ගිවිසුම දායකත්වයක් ලබා දෙනු ඇතැයිද ඔහු ප්රකාශ කළේය.

September, 16, 2022
උත්සව සමය අත ළඟටම පැමිණ ඇත. ඔබේ නිවස නවීකරණය කිරීම පහසු කර ගැනීම සඳහා සැම්සුන් එහි නවතම නිෂ්පාදන පෙළක් ඔබ වෙතටම රැගෙන ඒමට කටයුතු කර තිබේ. මෙම නිෂ්පාදන මගින් ඔබට නවීන පන්නයේ ජීවන අත්දැකීමක් ලබා දෙනවා පමණක් නොව එළඹෙන උත්සව සමයේදී ඔබේ ගෘහ අලංකරණයට අපූරු පෙනුමක් ද ලබා දෙනු ඇත.
AI තාක්ෂණයෙන් යුතුව එන සැම්සුන් හි නවතම ගෘහ උපකරණ පෙළ ඔබේ නිවසට අන් කවරදාටත් වඩා වැඩි තාක්ෂණයෙන් පරිපූර්ණ නැවුම් අත්දැකීමක් රැගෙන එනු ඇත. ඔබේ ජීවන අත්දැකීමට විශේෂ ප්රතිලාභයක් ලබා දිය හැකි නිෂ්පාදන කිහිපයක් පහතින් දැක්වේ.
Neo QLED 8K Smart TV සමඟින් ඉහළ පෙළේ සිනමාරූපි අත්දැකීමක් විඳගන්න
පසුබිම් අලෝකය මනා ලෙස පාලනය කළ හැකි Quantum Matrix තාක්ෂණය සහ නරඹන්නන්ට ප්රශස්ත නැරඹීමේ අත්දැකීමක් ලබා දෙන Neo Quantum Lite 8K ප්රොසෙසරය වැනි ප්රබල විශේෂාංග සහිත ඉතා සිහින් රාමුවකින් නිමවූණු සැම්සුන් Neo QLED 8K Smart TV ඔබ නැරඹිය යුතුම නිෂ්පාදනයකි. පුළුල්ම වර්ණ පරාසයක් සහිත ඉතා සුපැහැදිලි දසුන් ඔබ වෙත රැගෙන ඒමට අමතරව දසුන් නැරඹීමේදී පුළුල් කෝණයක් සහ ශබ්ද ස්වයංක්රීයව පාලනය කිරීමේ හැකියාව ඇති Neo QLED 8K හට එහි ඇති 8K AI ඉහළ නැංවීමේ සුවිශේෂී හැකියාව නිසා ඔබට ඔබගේ ප්රියතම චිත්රපට නැරඹීමේදී ඒවා 8K resolution දක්වා ඉහළ නංවා ගැනීමට ද හැකිය.
Curd Maestro™ සහ SpaceMax™ ශීතකරණ සමඟින් සරල හා නවීන දිවියක් ගත කරන්න
ඕනෑම ශ්රී ලාංකිකයෙකුගේ නිවසක ඇති නිතර භාවිතා කරන රසවත් අතුරුපසක් වන යෝගට් සෑදීමේ සහ ගබඩා කිරීමේ තාක්ෂණය සහිත මෙරට ඇති එකම ශීතකරණය වන Curd Maestro™ ශීතකරණය ද සැම්සුන් හි බොහෝ නවීන ගෘහ උපකරණ අතරට ඇතුලත් වීම විශේෂත්වයකි. කිසිදු කරදරයකින් තොරව යෝගට් ගබඩා කර තැබීමට මෙම ශීතකරණය සෑම නිවසකම තිබිය යුතුම උපකරණයකි.
SpaceMax ශීතකරණය යනු සැම්සුන් හි උසස්ම කාණ්ඩයේ ශීතකරණයකි. එහි ගබඩා ධාරිතාවය සාමාන්ය ශීතකරණයක මෙන් දෙගුණයක් වන අතර ඔබට ආහාර ගබඩා කිරීමට වැඩි ඉඩක් ලබා දෙයි. එහි ඇති නවීන පෙනුම සහ සුවිශේෂී නිමාව ඔබගේ ජීවිතය වඩාත් පහසු කරවයි.
Smart cooling සහිත Wind-Free වායු සමීකරණ
WindFree™ සිසිල් කිරීමේ තාක්ෂණය සමඟින් එන සැම්සුන් හි නවතම වේගවත් සුළං රහිත Wind Free වායු සමීකරණ මගින් micro holes 23,000 මගින් දැඩි සුළං වායු ධාරාවලට ඉඩ නොදී කාමරය පුරා සීතල වාතය මෘදු ලෙස විසුරුවා හරී. එහි ඇති AI Auto Cooling තාක්ෂණය මගින් ඔබ කාමරයේ කොතැන සිටියත් කාර්යක්ෂම සහ බලශක්ති පිරිමැසුම්දායී සිසිලනයක් ලබා දීම සඳහා ඔබ භාවිත කරන රටාව විශ්ලේෂණය කරන අතරම Motion Detect Sensor මගින් ඔබගේ චලනයන් නිරීක්ෂණය කරයි. WiFi සමඟ සම්බන්ධ කළ හැකි Welcome Cooling විශේෂාංගය නිසා ඔබ නිවසේ නොමැති අවස්ථාවකදී පවා ඔබේ වායු සමීකරණය ක්රියාතමක කිරීමට හෝ ක්රියා විරහිත කිරීමට ඔබ හැකියාව ඇත.
AI Ecobubble™ රෙදි සෝදන යන්ත්රය සමඟින් රෙදි සේදීමේ නවතම පෙරළිය අත් විඳින්න
ඉතා දර්ශනීය ලෙස නිර්මාණය කර ඇති සැම්සුන් නව AI Ecobubble™ රෙදි සෝදන යන්ත්රයේ ඇති අතිනවීන තාක්ෂණය නිසා රෙදි සේදීමේදී ඔබගේ රෙදිවලට වැඩි ආරක්ෂාවක්, කල්පැවැත්මක් හා දීප්තියක් ලබා දේ. එහි ඇති Ecobubble™ තාක්ෂණය මගින් ඔබ විශේෂ අවස්ථාවකදී අදින ඇඳුම් පවා ඉතා සුමුදු ලෙස පිරිසිදු කරමින් එම ඇඳුම්වලට දිගු කල්පැවැත්මක් ලබා දෙයි. AI control මගින් ඔබ භාවිත කරනු ලබන රටාවන් අනුව ඔබට කැමති පරිදි ඔබගේ රෙදි සේදුම් චක්රය වෙනස් කර ගත හැකි නිසා ඔබ කාර්යබහුල අවස්ථාවකදී වුවත් ඔබගේ ඇඳුම් පැළඳුම් සෝදා ගත හැකිය.
සැම්සුන් හි බලයලත් හවුල්කරුවන් වන Softlogic, Singer, Singhagiri, Damro සහ Samsung EStore වෙතින් ඔබට ඉහත නිෂ්පාදන ගැන විමසීමට හෝ මිලදී ගැනීමට හැකිය.

Video Story