September, 7, 2022
ග්රාමීය ආර්ථික සංවර්ධනයය දැක්ම කොටගත් සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC 22/23 මූල්ය වර්ෂයේ පළමු කාර්තුව තුල අඛන්ඩව ඉහළ වර්ධනයක් සහතික කරගෙන තිබේ.
එහිදී, සමාගම කෙරෙහි වූ මහජන විශ්වාසය තවදුරටත් පිළිබිඹු කරමින්, SDF හි තැන්පතු පදනම 2022 මාර්තු මස අග සිට 2022 ජුනි අවසානය දක්වා 10.1%කින් වර්ධනය වී ඇත.
මෑතකදී රට තුළ අත්දකින ලද සමාජ, දේශපාලන සහ ආර්ථික අභියෝග සියල්ල මධ්යයේ වුවද සමාගමේ සමස්ත වත්කම්වල වර්ධනයක් SDF පිළිබිඹු කරයි.
එමෙන්ම, 2022 ජූනි 30 වැනි දිනෙන් අවසන් වූ කාර්තුව සඳහා SDF හි සමස්ත ආදායම රුපියල් මිලියන 559.84කි. එය 2021-22 මූල්ය වර්ෂයේ අනුරූප කාලපරිච්ඡේදයේ වාර්තා වූ රුපියල් මිලියන 397.34ක ආදායමට සාපේක්ෂව 40.9% ක වර්ධනයකි.
මෙම කාර්තුව සඳහා ශුද්ධ මෙහෙයුම් ආදායම 22.6%කින් වැඩිවී ඇති අතර, එය පෙර වසරේ අනුරූප කාර්තුවේ වාර්තා වූ රුපියල් මිලියන 235.65 සිට රුපියල් මිලියන 288.82ක් දක්වා කැපි පෙනෙන වර්ධනයකි.
එසේම, මූල්ය සේවා මත බදු ගෙවීමට පෙර මෙහෙයුම් ලාභය පෙර වසරේ වාර්තා වූ රුපියල් මිලියන 47.90ක අගය හා සැසඳීමේදී, මෙවර රුපියල් මිලියන 74.62ක් දක්වා 55.8%කින් වැඩිවී ඇති අතර, SDF හි බදු ගෙවීමට පෙර ලාභය පෙර වසරේ පළමු කාර්තුවේ වාර්තා වූ රුපියල් මිලියන 28.36ට සාපේක්ෂව රුපියල් මිලියන 45.30ක් දක්වා 59.8%කින් වර්ධනය විය.
2021-22 මූල්ය වර්ෂයේ පළමු කාර්තුවේදී රුපියල් මිලියන 15.73ක් ලෙස වාර්තා වූ බදු ගෙවීමෙන් පසු ලාභය, මෙවර 115.0%ක වර්ධනයක් සනිටුහන් කරමින්, රුපියල් මිලියන 33.83ක බදු ගෙවීමෙන් පසු ලාභයක් සමග SDF 2022-23 මූල්ය වර්ෂයේ පළමු කාර්තුව අවසන් කරන ලදී.
සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී (SDF) මේ වනවිටත් සිය කෘෂිකාර්මික ණය ලබාදීම සහ ගොවිතැන් ආශ්රිත ආධාරක සේවා පුළුල් කර ඇති අතර, එමගින් රටේ ජීවනාලිය බඳු අත්යවශ්ය කෘෂිකාර්මික අංශය යථාතත්ත්වයට පත් කිරීමට සක්රීයව පහසුකම් සපයමින් සිටින බව මහත් අභිමානයෙන් යුතුව පවසයි.
එහිදී, ප්රමුඛ පෙළේ කෘෂිකාර්මික උපකරණ සහ යන්ත්රෝපකරණ සැපයුම්කරුවන් සමග පවතින උපායමාර්ගික ගිවිසුම් සුවිශේෂී වැදගත්කමක් දක්වයි. ඒ තුළින් කෘෂි ඵලදාව සහ නිමවුම වර්ධනය වෙනුවෙන් SDF විසින්, බහුකාර්ය අස්වනු නෙළන යන්ත්ර, ට්රැක්ටර්, ස්වයංක්රීය සහල් මෝල් සහ වෙනත් උපකරණ වැනි නවීන කෘෂිකාර්මික යන්ත්රෝපකරණවලින් ග්රාමීය ගොවි ජනතාව තාක්ෂණයෙන් සන්නද්ධ කරමින් සිටියි. මෙම උපායමාර්ගික ගිවිසුම් එසේ වැදගත් වන්නේ, ඒවා ආයතනික වශයෙන් SDF හි කාර්යසාධනය කෙරෙහි ඇතිකෙරෙන අවදානම අවම කරන අතරම, ආපසු මිලදී ගැනීමේ (Buy Back) එකී ගිවිසුම් නිතැතින්ම SDF සමග සම්බන්ධව සිටින විශ්වාසවන්ත පාරිභෝගිකයාටද අමතර සහනයක් සලසන බැවිනි.
මේ අතර, ගොවි ප්රජාව ඔවුන් ලබාගත් ණය ආපසු ගෙවීමේදී අස්වැන්න නෙළන කාලය හෙවත්, ගොවීන් අත වැඩිපුර මුදල් ගැවසෙන කාලයේදී ඒවා ගෙවීමට වැඩි පහසුවක් සැලසෙන ආකාරයෙන් කන්න වාරික වැනි ණය ප්රතිව්යුහගත ක්රම SDF හඳුන්වා දී ඇත. කෘෂිකාර්මික ක්ෂේත්රයේ පැනනගින විවිධ අර්බුද තත්ත්වයන්හිදීද මෙවැනි ණය ආපසු ගෙවීමේ පහසුකම් සැලසීමට SDF කටයුතු කිරීම ගොවි ප්රජාවට මහත් අස්වැසිල්ලකි.
සර්වෝදය ව්යාපාරයේම අනුබද්ධිත ආයතනයක් මගින් නිපදවෙන දියර කාබනික පොහොර (Effective Micro-organism) යොදාගෙන තම වගාවන්හි ඵලදාව වැඩිකර ගැනීම සඳහා තම පාරිභෝගික ගොවි ජනතාව ඒ සමග සම්බන්ධ කිරීමටද SDF කටයුතු කරයි. එම දියර කාබනික පොහොර පේටන්ට් බලපත්රලාභී ජපන් යාන්ත්රණයක් මත පදනම්ව, සර්වෝදය සංගමය විසින් නිෂ්පාදනය කරනු ලැබේ.
තවත් ආධාරක පියවරක් ලෙස, ගොවීන්ට තම නිෂ්පාදන සාධාරණ මිලට වහාම විකිණීමට හැකි බව සහතික කිරීම වෙනුවෙන් ගොවි නිෂ්පාදන සඳහා ඉදිරි මිලදී ගැනීමේ ගිවිසුම් (Forward Buying Contracts) සඳහාද SDF පහසුකම් සැලසීමට කටයුතු කරයි.
ව්යාපාරයන්හි අඛණ්ඩතාව සහ වර්ධනය සඳහා අත්යවශ්ය අරමුදල් සැපයීම හරහා රටේ ප්රජා මූලික සමාජයන් මෙන්ම, කුඩා හා මධ්ය පරිමාණ ව්යවසායකයන් ශක්තිමත් කිරීම මගින් ආර්ථිකය යළි නඟාසිටුවීම සඳහා අඛණ්ඩව සහාය දෙන අතරම, SDF විසින් ඉදිරියටත් රටේ ආර්ථික තත්ත්වය පිළිබඳව සුපරීක්ෂාකාරීව කටයුතු කරනු ඇති බව වැඩිදුරටත් අවධාරණය කර සිටියි.
September, 7, 2022
ශ්රී ලාංකීය සෞඛ්ය ක්ෂේත්රයේ මූලික ප්රතිකාර සැපයීමෙහිලා පුරෝගාමී සහ විශාලතම රෝහල් ජාලය වන MediHelp hospitals සමූහය සිය 37 වසරක අභිමානය සමගින් සිය නවතම රෝහල් සංකීර්ණය අංක 175 මාලබේ පාර අතුරුගිරිය යන ලිපිනයෙහි පසුගියදා විවෘත කරන ලදි. MediHelp රෝහල් සමූහයේ සභාපති ලෙස්ලි විජේසිරිවර්ධන, ඇතුළු අධ්යක්ෂ මණ්ඩලය මෙන්ම රෝහල් කාර්ය මණ්ඩලය සහ ආරාධිත අමුත්තන් ඇතුළුව විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. දශක තුනකට අධික කාලයක් මුළුල්ලේ බහුතර ජනතාවකට දැරිය හැකි මිලකට ගුණාත්මක තත්වයේ සෞඛ්ය සේවා ලබා දීමට පියවර ගත් MediHelp රෝහල් සමූහය දැනට පවතින සමාජ හා ආර්ථික දුෂ්කරතාවයන් මධ්යයේ වුවද අභියෝගයන්ට මුහුණදෙමින් තවදුරටත් සිය රෝහල් ජාලය කොළඹට නුදුරු ප්රධාන නගර ගණනාවක් වෙත ව්යාප්ත කිරීමට කටයුතු කරමින් සිටින අතර එහි තවත් අදියරක් ලෙස මෙම අභිනව අතුරුගිරිය MediHelp රෝහල හඳුන්වාදිය හැක.
නවතම පහසුකම් වලින් සමන්විත බාහිර රෝගී අංශය, ඇඳන් 5 කින් සමන්විත හදිසි ප්රතිකාර ඒකකය, විශේෂඥ වෛද්ය සේවය, රසායනාගාර පහසුකම්, ෆාමසි, අල්ට්රා සවුන්ඞ් ස්කෑන්, Echocardiography, ඩිජිටල් X-Ray, ශල්යාගාර, දන්ත සායන, දෘෂ්ටි විශේෂඥ සේවා සහ සෞඛ්ය පරීක්ෂණ ඇතුළුව පුළුල් සෞඛ්ය සේවා රැසක් අතුරුගිරිය MediHelp රෝහල මගින් ලබා දෙනු ඇත. එමෙන්ම මූලික රෝහල් සේවා පවත්වාගෙන යන සෞඛ්ය ආයතන අතුරින් විවිධ රෝගාබාධ සඳහා වැඩිම විශේෂඥ වෛද්යවරුන් පිරිසකගේ සහාය ලබා ගත හැකි එකම ස්ථානය MediHelp රෝහල් සමූහය බව අවිවාදයෙන් නම් නළ හැක.
මෙම අවස්ථාවට සහභාගී වෙමින් අදහස් දැක්වූ Med help රෝහල් සමූශයේ සභාපති ලෙස්ලි විජේසිරිවර්ධන මහතා “ මීට වසර 37කට පෙර කුඩා රසායනාගාරයක් ලෙස හොරණ නගරයෙන් ආරම්භ කළ ගමන අද වන විට යෝධ වනස්පතියක් බවට පත්වෙමින් ලක්ෂ සංඛ්යාත ශ්රී ලාංකිකයින්ගේ විශ්වසනීය රෝහල් සන්නාමයක් බවට Med help නාමය පත්ව තිබීම පිලිබඳව මම අවංකවම සතුටුවෙනවා”යනුවෙන් පැවසීය.
අතුරුගිරිය රෝහලේ සමාරම්භක අවස්ථාවට එක් වූ MediHelp රෝහල් සමූහයේ සෞඛ්ය සේවා අධ්යක්ෂ වෛද්ය චරිත විජේසිරිවර්ධන මහතා “MediHelp රොහල් සමූහය සිය සේවා ව්යාප්තිය විවිධ ප්රදේශයන් වෙත ගෙන යන අතරම රෝගීන්ගේ ආරක්ෂාව තහවුරු කරමින් ගුණාත්මක වෛද්ය සේවාවක් පවත්වාගෙන යෑම සඳහා වන අපගේ කැපවීම එලෙසම පවත්වාගෙන යන බව අවධාරණය කරන්නට කැමතියි”.
“සියලු ශ්රී ලාංකිකයින්ට ගුණාත්මක රෝහල් සේවාවක් වෙත ප්රවේශ වීම සඳහා අයිතියක් තිබෙන අතර මෙම අයිතිය පසුගිය 37 වසර පුරාම තහවුරු කරමින් ශ්රී ලාංකිකයින්ට ගුණාත්මක රෝහල් සේවාවක් දැරිය හැකි මිලකට ලබා දීමට අපට හැකිව තිබෙනවා. එමෙන්ම අභිනව MediHelp අතුගිරිය රෝහලේ සමාරම්භය අප ගමන්මගේ තවත් සන්ධිස්ථානයක් බව මගේ අදහසයි”.
“වේගයෙන් සංවර්ධනය වන අතුරුගිරිය නගරය කොට්ටාව හම්බන්තොට අධිවේගී මාර්ගයෙහි පිවිසුමක පිහිටි බැවින් ආර්ථිකමය අතිශය වැදගත් කමක් උසුලන අතර සියලු ප්රධාන පෙළේ මූල්ය ආයතන, සහ සෙසු පහසුකම් නගරය කෙන්ද්රගතව ස්ථාපිථව තිබෙනවා. එමෙන්ම විශාල ජනතාවක් මෙහි වෙසන බැවින් සහ ප්රශස්ත මට්ටමේ රෝහලක් අතුරුගිරිය හෝ ඒ අවට නරයන් කේන්ද්රගතව ක්රියාත්මක නොවන බැවින් එම රික්තය පිරිවීම සඳහා MediHelp රෝහල් සමූහය අතුරුගිරියට පිවිසීම හැම අතින්ම ඉතා වැදගත් පියවරක් ලෙස හැඳින්විය හැකියි. එම නිසා අතුරුගිරිය හා ඒ අවට ප්රදේශවල වෙසන ජනතාවට කොළඹ නගරයට පිවිසීමෙන් තොරව ගුණාත්මක තත්වයේ සෞඛ්ය සේවාවක් වෙත ප්රවේශ වීමට අතුරුගිරිය MediHelp රෝහල ප්රශස්ත සුවසේවා නැවතුමක් බවට පත් වන බව මගේ විශ්වාසයයි” යනුවෙන් MediHelp රෝහල් සමූහයේ ප්රධාන මෙහෙයුම් නිලධාරී නිශාන්ත ජයමාන්න මහතා පැවසීය.

September, 7, 2022
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, සිය ක්රෙඩිට් කාඩ්පත් හිමියන්ට පාපැදි මිලදී ගැනීම සඳහා පහසු ගෙවීමේ ක්රම හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. මේ සඳහා සෙලාන් බැංකුව දැනටමත් දිවයිනේ ප්රමුඛතම පාපැදි සැපයුම්කරුවන් කිහිපදෙනෙකු සමඟ අත්වැල් බැඳගෙන සිටී.
රටේ පවතින තත්ත්වය හේතුවෙන් මේ වනවිට පාපැදි සඳහා අධික ඉල්ලුමක් ඇති වී ඇත. කෙසේ නමුත් මෙම ඉල්ලුමට සමගාමීව පාපැදිවල මිලගණන් අධික ලෙස ඉහළ ගොස් ඇති නිසා, බොහෝ දෙනෙකුට පාපැදි මිලදී ගැනීම දුෂ්කර කාර්යයක් වී තිබේ. මේ නිසා සිය ක්රෙඩිට් කාඩ්පත් හිමියන්ට වඩාත් පහසුවෙන් පාපැදි මිලදී ගැනීමට අවස්ථාව සලසා දීමේ අරමුණින් මෙම පහසු ගෙවීමේ ක්රම හඳුන්වා දීමට සෙලාන් බැංකුව පියවර ගෙන ඇත.
මේ යටතේ සෙලාන් ක්රෙඩිට් කාඩ්පත් හිමියන්ට Tomahawk හෝ Velo By City වෙතින් පාපැදි මිලදීගෙන, එය පහසු ගෙවීමේ ක්රමයක් බවට පරිවර්තනය කරගත හැකි වේ. එමෙන්ම පාපැදි අමතර කොටස් හෝ වෙනත් උපාංග මිලදී ගැනීමට බලාපොරොත්තු වන ගනුදෙනුකරුවන් වෙනුවෙන් සෙලාන් බැංකුව Daraz සමඟ අත්වැල් බැඳගෙන සිටින අතර, විදුලි බලයෙන් ක්රියාකරන පාපැදි මිලදී ගැනීමට බලාපොරොත්තු වන ගනුදෙනුකරුවන් වෙනුවෙන් Fono Technologies සමඟ හවුල්කාරීත්වයකට එළඹී ඇත.
ඉහත සඳහන් අලෙවිසැල් වලින් පාපැදි, අමතර කොටස් හෝ උපාංග මිලදී ගැනීමෙන් අනතුරුව, ගනුදෙනුව සිදුකළ දිනයේ සිට දින 7 ක් ඇතුළත 011 200 88 88 අංකය ඇමතීමෙන් පාරිභෝගිකයන්ට අදාළ ගනුදෙනුව මාස 12 ක පොලී රහිත පහසු ගෙවීමේ ක්රමයක් බවට පරිවර්තනය කරගත හැකි වේ. මෙහි අවම සීමාව රු. 10,000 ක් වන අතර, උපරිම සීමාව රු. මිලියනයකි.
“පවතින තත්ත්වය හමුවේ ඇති හොඳම විසඳුම් භාවිතා කිරීමට ගනුදෙනුකරුවන්ට අවස්ථාව සලසා දීම අපගේ ඉලක්කය වී තිබෙනවා. මේ ආකාරයට, මිල පිළිබඳ ගැටලුවට මුහුණ නොදී පාපැදි මිලදී ගැනීමට අපගේ කාඩ්පත් හිමියන්ට අවස්ථාව සලසා දීමට අප කටයුතු කළේ ඒ නිසයි. වගකීම්-සහගත ආයතනයක් වශයෙන්, මේ දුෂ්කර කාලසීමාවේදී මුහුණ දීමට සිදුවන අභියෝග හමුවේ ශ්රී ලාංකිකයන්ට අත්වැලක් වීම සඳහා අප දිගින් දිගටම කටයුතු කරනවා.” සෙලාන් බැංකුවේ කාඩ්පත් ප්රධානී රුචිත් ලියනගේ මහතා පැවසී ය.
මෙම දීමනාව මගින් සෙලාන් කාඩ්පත් හිමියන්ට, වර්තමානයේ අත්යවශ්ය භාණ්ඩයක් ලෙස හැඳින්විය හැකි පාපැදි මිලදී ගැනීමට අවස්ථාව හිමි වේ. එමෙන්ම මෙවැනි වැඩසටහන් මගින් පාරිභෝගිකයන් වැඩි වැඩියෙන් පාපැදි මිලදී ගැනීමට පෙළඹෙනු ඇති බව සෙලාන් බැංකුව විශ්වාස කරන අතර, වඩාත් නිරෝගී සමාජයක් බිහිකිරීමටත්, පරිසර දූෂණය අවම කිරීමටත් එය නිසැකවම දායක වනු ඇත. එමෙන්ම මෙමගින් සෙලාන් කාඩ්පත් හිමියන්ට ඉන්ධන සඳහා වැයවන අධික වියදම් මෙන්ම, අනාගත සෞඛ්ය වියදම් ද අවම වීමට ඉඩ ඇති අතර, එම නිසා මෙය ඵලදායී දීර්ඝකාලීන ආයෝජනයක් ලෙස ද හැඳින්විය හැකි වේ.
September, 6, 2022
අද (06) දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 9,330.33 ක් ලෙසින් සටහන් වූ අතර එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 36.06 ක හෙවත් 0.38% ක පහළ යාමකි.
අද දින සියලු කොටස් මිල දර්ශකයේ පහළ යාමක් වාර්තා වූයේ අඛණ්ඩ දින 5ක වර්ධනාත්මක ප්රවණතාවයකින් පසුවයි.
රු. බිලියන 4.10 ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා විය. එහිදී වැඩිම දායකත්වය ලංකා IOC සමාගමේ කොටස් ගනුදෙනුවලින් ලැබී තිබුණි. රු. බිලියන 1.15 ක වටිනාකමකින් යුතු ලංකා IOC සමාගමේ කොටස් ප්රමාණයක් ගනුදෙනු වූ අතර අද දිනයේ රු. 228.25 ක් දක්වා වූ මිලකට ද එම සමාගමේ කොටස් ගනුදෙනු වීම දක්නට ලැබුණි.
මීට අමතරව එක්ස්පෝ ලංකා හොල්ඩිංග්ස් රු. මිලියන 367.64 ක්, LOLC ෆයිනෑන්ස් රු. මිලියන 260.23 ක් හා CIC හෝල්ඩින්ස් රු. මිලියන 206.58 ක් ලෙසින් දෛනික පිරිවැටුමට ඉහළ දායකත්වයක් ලබාදුන් සෙසු සමාගම් විය.
අද දින සියලු කොටස් මිල දර්ශකයේ හැසිරීම සඳහා සමාගම් 83කින් ධනාත්මක දායකත්වයක් ලැබී තිබුණු අතර සමාගම් 112 කින්ම ලැබී තිබුණේ සෘණාත්මක දායකත්වයකි.
September, 6, 2022
සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පත අද (06) පාර්ලිමේන්තුවේදී විවාද කිරීමකින් තොරව සම්මත කර ගැනීමට නියමිතව තිබුණද මන්ත්රීවරුන් විවාදයක් අවශ්ය බව පෙන්වා දීම හේතුවෙන් ඊට අදාළ විවාදය ලබන බ්රහස්පතින්දා (08) පැවැත්වීමට තීරණය විය. මේ සඳහා සංශෝධන ද ඉදිරිපත්කර ඇති හෙයින් මේ පිළිබඳව විවාද කිරීමේ අවශ්යතාව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හර්ෂ ද සිල්වා යන මහත්වරු කථානායකවරයාගෙන් ඉල්ලා සිටීම නිසා මෙම තීරණය ගන්නා ලදී.
මේ අනුව ලබන බ්රහස්පතින්දා පැවැත්වීමට නියමිතව තිබූ 2022 වර්ෂය සදහා වන වසර මැද රාජ්ය මූල්ය තත්ත්වය පිළිබද වාර්තාව පිළිබද සභාව කල්තැබීමේ විවාදය වෙනත් දිනකදී පැවැත්වෙනු ඇත.
සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පත අද (06) පාර්ලිමේන්තුවේදී විවාද කිරීමකින් තොරව සම්මත කර ගැනීමට මීට පෙර පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වී තිබිණි.
රාජ්ය ආදායම ඉහළ නැංවීම සහ කෝවිඩ් 19 වසංගතයෙන් පීඩාවට පත් ආර්ථිකය නැවත ගොඩනැගීමේ අරමුණින් හදුන්වා දෙනු ලැබූ පියවරක් ලෙස 2022 අයවැය මඟින් සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද හඳුන්වා දෙන ලදී. වාර්ෂික පිරිවැටුම රු. මිලියන 120 ඉක්මවනු ලබන ආනයනකරුවන්, නිෂ්පාදකයින්, සේවා සපයන්නන් සහ තොග වෙළෙන්දන් සහ සිල්ලර වෙළෙන්දන්ගේ බද්දට යටත් පිරිවැටුම මත සියයට 2.5 ක අනුපාතයකින් මෙම බද්ද අය කෙරේ.
September, 6, 2022
ශ්රී ලංකාව තුළ ආයෝජනය කිරීමේදී ආයෝජකයන් මුහුණ දෙන දුෂ්කරතා සහ ගැටලු හඳුනාගෙන ඒවා නිරාකරණය කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීම මගින් ආයෝජන දිරි ගැන්වීමටත්, රාජ්ය-පෞද්ගලික හවුල්කාරීත්ව ව්යාපෘති හදුනාගෙන නිශ්චිත කාලරාමුවක් යටතේ එම ව්යාපෘති ක්රියාත්මක කිරීම සඳහා අවශ්ය පියවර ගැනීමටත් හැකි වන පරිදි මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්රතිපත්ති අමාත්යාංශය යටතේ රාජ්ය-පෞද්ගලික හවුල්කාරීත්ව ජාතික නියෝජිතායතනය ස්ථාපිත කිරීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්රතිපත්ති අමාත්ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි.
September, 6, 2022
රේඛීය අමාත්යාංශ මඟින් ක්රියාත්මක කරනු ලබන මහා පරිමාණ සංවර්ධන ව්යාපෘතිවල 2022 වර්ෂයේ දෙවන කාර්තුව අවසානය දක්වා වන සම්මුතික භෞතික ප්රගතිය හා එම ව්යාපෘති සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳව ව්යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සකස් කරන ලද වාර්තාව අනුව රුපියල් ට්රිලියන 5.8ක සමස්ත ආයෝජනයකින් යුත් රුපියල් මිලියන 1,000 ඉක්මවන මහා පරිමාණ සංවර්ධන ව්යාපෘති 260ක් ක්රියාත්මක කරනු ලැබ ඇත.
ඒ අතුරින් ව්යාපෘති 125ක් සඳහා විදේශීය මූල්යන මාර්ග වලින් අරමුදල් සැපයෙන අතර මෙම ව්යාපෘති නිම කිරීමේ වර්ෂයන් 2030 වර්ෂය තෙක් පැතිර පවතී. 2022 වර්ෂයේ දෙවන කාර්තුව තුළ, රට තුළ පැවති විදේශ විනිමය අර්බුදය හේතුවෙන් පැන නැඟුන ආනයන සීමා, අමුද්රව්ය හිඟය, ඉන්ධන අර්බුදය, විදුලිය කපා හැරීම, මිල උද්ධමනය මෙන්ම ඒ හා බැඳුනු කොන්ත්රාත් කළමනාකරණ ගැටලු හේතුවෙන් එකී සංවර්ධන ව්යාපෘතිවල අඛණ්ඩ ක්රියාකාරීත්වය සඳහා දැඩි බලපෑමක් එල්ල වී ඇත.
මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්රතිපත්ති අමාත්ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කරන ලද එම තොරතුරු සැලකිල්ලට ගනිමින් ඉහත ව්යාපෘතිවල සුමට ක්රියාකාරීත්වය තහවුරු කිරීම පිණිස අදාළ පාර්ශ්වයන්ගේ සහාය ලබා ගැනීම සහ පවතින ගැටලු කඩිනමින් විසඳීමට කටයුතු කර එම ව්යාපෘති මඟින් අපේක්ෂිත ප්රතිඵල සාක්ෂාත් කර ගැනීම සඳහා අග්රාමාත්ය ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් යුතු ජ්යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත නිලධාරී කමිටුවක් පත් කිරීමට අමාත්ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.
September, 6, 2022
ත්රීරෝද රථ සඳහා සතියකට ඉන්ධන ලීටර 30ක් ලබා දීම සඳහා වන කිසිඳු එකඟතාවයටක මේ වන තෙක් රජය පැමිණ නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්ය කංචන විජේසේකර මහතා පවසයි.
ඔහු මේ බව පවසා සිටියේ අද (06) පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේ විපක්ෂ නායක සජිත් ප්රෙමදාස මහතා යොමු කළ ප්රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.
මේ අතර දිවයිනේ ඕනෑම පිරවුම්හලකින් ඉන්ධන ලබා ගැනීමේ හැකියාව ත්රී රෝද රථ හිමියන්ට ඇති බව ද අමාත්යවරයා මෙහිදී අවධාරණය කළේය.
"විපක්ෂ නායකතුමා විසින් මතු කළ යම් යම් කාරණා වල සමහර නිවැරදි විය යුතු තැන් තියනවා. අපි ත්රීරෝද රථ සංගම් සමඟ සාකච්ඡා කරන අවස්ථා වලදී ගරු ප්රවාහන අමාත්යතුමත්, මමත් ඔවුන්ව මුන ගැහුණා. මම වෙනම ඔවුන් මුන ගැහුණා. කිසිම ආකාරයක අපි එකඟ තාවයකට ආවේ නැහැ. ලීටර 30ක් සතියකට ලබා දීමට එකඟ තාවයකට ආවේ නැහැ. ඔවුන් ඉල්ලීමක් කරා. ඉල්ලීම ලබා දෙන්න පුළුවන් ද කියන එක ගැන අපි කරුණු ලබා දෙනවා කියන එක කිව්වේ. ඒ වගේම එතුමා ඉදිරිපත් කළා තුන්වෙන් ප්රශ්නේ. එතුමා කිව්වේ මේ ත්රීරෝද රථ සඳහා ඒ ඒ ප්රදේශ වල වෙන් කරලා තියනවා කියලා ඉන්ධන පිරවුම්හල් වල. එවැනි ආකාරයේ සිඳුවීමක් සිඳු වීමක් වෙලා නැහැ. දැනටත් ඕනෑම පිරවුම් හලකින් ත්රීරෝද රථ වලට ඉන්ධන ලබා ගැනීමේ හැකියාව තියනවා. ඒක ඔබ තුමාට ලබා දීලා තියන වැරදි අවබෝධයක්, ත්රීරෝද රථ වලට මෙන්න මේ අහවල් ඉන්ධන පිරවුම් හලෙන් ලබා දිය යුතුයි කියන එක. වෙන් කරලා ලබා දීලා නැහැ."
මීට අමතරව ගමනාගමන කොමිෂන් සභාව සහ ප්රවාහන අමාත්යාංශය විසින් ලබා දෙන නිර්දේශයන්ට අනුව සාධාරණ මිල ගණන් යටතේ වෘත්තීය වශයෙන් ත්රීරෝද රථ ධාවනයේ යෙදෙන පුද්ගලයන් සඳහා පමණක් වැඩි ඉන්ධන කෝටාවක් ලබා දීමට රජයේ අවදානය යොමුව ඇති බවත් කංචන විජේසේකර අමත්යවරයා වැඩි දුරටත් පවසා සිටියේය.
"මේ වන විට අපි පොලිස් ස්ථාන වලට සහ පලාත් පාලන ආයතන වලට ඒ වගේම ගමනා ගමන කොමිෂන් සභාවට උපදෙස් ලබා දීලා තියනවා, විශේෂයෙන්ම මේ ත්රීරෝද රථ අතරින් වෘත්තිමය වශයෙන් පූර්ණකාලීනව කටයුතු කරන ත්රීරෝද රථ අපට හඳුනාගෙන දෙන්න කියලා. මොකද පූර්ණ කාලීනව කටයුතු කරන වෘත්තිමය වශයෙන් කටයුතු කරන ත්රීරෝද රථ හඳුනා ගත්තොත් පමණයි අපිට ඔවුන්ට වෙනත් විකල්ප ක්රමයකින් ඉන්ධන වැඩි සලාකයක් ලබා දීමට අපිට කටයුතු කරන්න පුළුවන් වෙන්නේ. ඒ අරමුණින් තමයි අපි ලියාපදිංචි කරන්න කියලා කිව්වේ පොලිස් ස්ථාන වල ලඟම තියන පිරවුම්හලින්. නමුත් මේ වන තෙක් පසුගිය සති පහක කාලය තුළ අපි ත්රීරෝද රථ වලට කිසි සේත්ම කියලා නැහැ මෙන්න මේ අහවල් ඉන්ධන පිරවුම් හලින් පමණක් ගන්න කියලා. ඒ නිසා ඔවුන්ට ලංකාවේ තියන ඕනම පිරවුම් හලකින් ගන්න පුළුවන් කම තිබුනා. ඒ වගේම ඉදිරියේ දී අපි සලාක ක්රමය වැඩි කිරීමට බලාපොරොත්තු වෙනවා. ගමනාගමන කොමිෂන් සභාව සහ අපිට ප්රවාහන අමාත්යාංශය විසින් ලබා දෙන නිර්දේශ අනුව විශේෂයෙන්ම මීටර ටැකිස් තියන ඒ වගේම විශේෂයෙන්ම මිල ගාස්තු ප්රදර්ශනය කරලා ඒ මිල පමණත් සාධාරණව අය කරන පිරිස් වලට වැඩි ඉන්ධන කෝටාවක් ලබා දීම සඳහා අපි අවධානය යොමු කරලා තියනවා. ඒ ලබා දෙන කෝටාව පමණක් අර තෝරා ගත්ත ඉන්ධන පිරවුම්හල් වලින් ලබා ගන්නත්, ඔවුන්ට සාමාන්යයෙන් ලබා දෙන ලීටර් 5 ඕනැම පිරවුම් හලකින් ලබා ගැනීම සඳහාත් තමයි අපි වැඩපිළිවෙලක් සකස් කරලා තියෙන්නේ."
September, 6, 2022
පී.ටී. එක්ස්පෝ ෆ්රෙයිට් - ඊ.එෆ්.එල්. (PT Expo Freight-EFL), පී.ටී. ඇඩ්වාන්ටිස් අකාසා (PT Advantis Akaza), සහ හේලීස් ඇවෙන්චුරා (පුද්) සමාගම (Hayleys Aventura) යන ශ්රී ලාංකික සමාගම් තුන, ජකර්තා හි ශ්රී ලංකා තානාපති කාර්යාලය විසින්“Muslim Life Trade 2022”නමැති ප්රදර්ශනය තුළ සංවිධානය කරන ලද ප්රදර්ශන කුටියක් හරහා සිය නිෂ්පාදන සහ සේවා ප්රවර්ධනය කළහ. මෙම ප්රදර්ශනය 2022 අගෝස්තු 26 සිට 28 යන දිනවල ඉන්දුනීසියාවේ ටැන්ගෙරන්ග්හි පිහිටි Indonesia Convention Exhibition (ICE) BSD හිදී පැවැත්වුණු අතර, ඊට නරඹන්නන් 42000ක් පමණ පැමිණිය හ.
“Muslim Life Trade 2022”යනු ඉන්දුනීසියාවේ ඉස්ලාමීය හා හලාල් කර්මාන්තය පිළිබඳ විශාලතම ව්යාපාරාන්තර ප්රදර්ශනයයි. මෙම ප්රදර්ශනය ඉන්දුනීසියානු ඉස්ලාමීය ව්යාපාර සහ ව්යවසායක ප්රජාව (KPMI) සහපී.ටී. ලීමා ඉවෙන්ට් ඉන්දුනීසියා හි (PT LIMA Event Indonesia) සහයෝගයෙන් පැවැත්වුණු අතර, ඔවුහු එහි සංවිධායකයන් වශයෙන් කටයුතු කළ හ.ඊජිප්තුව, ඉරානය, ජපානය, මැලේසියාව, ශ්රී ලංකාව, තායිලන්තය සහ ටියුනීසියාව යන රටවල ජාත්යන්තර ප්රදර්ශකකරුවන් ඇතුළු ප්රදර්ශකකරුවන් 300 දෙනෙකු මෙම ප්රදර්ශනයට සහභාගී වූහ.
පී.ටී. එක්ස්පෝ ෆ්රෙයිට් - ඊ.එෆ්.එල්. (PT Expo Freight-EFL), පී.ටී. ඇඩ්වාන්ටිස් අකාසා(PT Advantis Akaza) යන සමාගම් සිය මෙහෙයුම් සේවා ප්රවර්ධනය කළ අතර, හේලීස් ඇවෙන්චුරා (පුද්) සමාගම (Hayleys Aventura) සිය කාර්මික නිෂ්පාදන ප්රවර්ධනය කළේ ය. ව්යාපාරික සබඳතා රැසක් නිර්මාණය කරගැනීමට අවස්ථාවක් හිමි වූ බැවින්, මෙම ප්රදර්ශනය තුළ තම සහභාගීත්වය සාර්ථක වූ බව මෙම සමාගම් සඳහන් කළහ.

September, 6, 2022
මෙරට අසාධ්ය රෝගීන්ගේ ජීවිත සුවපත් කිරීම පිණිස අයිඩියල් මෝටර්ස් පුද්ගලික සමාගමේ සුබසාධක සංගමය විසින් සංවිධානය කරනු ලැබූ ලේ දන්දීමේ වැඩසටහනක් පසුගිය දා ඉතා සාර්ථකව පැවැත්විණි.
අංක 75 කඳවල පාර රත්මලාන පිහිටි අයිඩියල් මෝටර්ස් ප්රධාන වැඩ බිමේදී පවත්වන ලද මෙම ලේ දන්දීමේ වැඩසටහන ඉකුත් 03 වැනිදා පවත්වනු ලැබූයේ අයිඩියල් මෝටර්ස් පුද්ගලික සමාගමේ සමාරම්භක දිනය වන සැප්තැම්බර් පස්වැනිදා මූලික කරගනිමින් හා අයිඩියල් ව්යාපාර සමූහයේ නිර්මාතෘ හා සභාපති නලීන් වෙල්ගම මහතාගේ ජන්ම දිනය නිමිති කරගෙනය.
අයිඩියල් මෝටර්ස් පුද්ගලික සමාගමේ සුබසාධක සංගමය හා කාර්ය මණ්ඩලය විසින් මෙම ලේ දන්දීමේ වැඩසටහන සංවිධානය කර තිබූ අතර එය මෙවර පැවැත්වූයේ හත් වැනි වරටය. අසාධ්ය රෝගීන්ගේ ජීවිත සුවපත් කිරීම වෙනුවෙන් රටට අවැසි මොහොතක අයිඩියල් මෝටර්ස් විසින් මෙවැනි සත්කාරයක් සංවිධානය කිරීම කාගේත් පැසසුමට ලක් වූ කරුණක් විය.
සිය ආයතනික සමාජ සේවා මැනවින් හඳුනාගෙන ඇති අයිඩියල් මෝටර්ස් පුද්ගලික සමාගම මීට පෙරද කෝඩිඩ් 19 වෛරසය ව්යාප්තිය ආරම්භ වූ 2020 වර්ෂයේදී ද සමාජ සුභසාධන සේවා කීපයක්ම ක්රියාත්මක කරනු ලැබීය. ඒ අනුව පසුගිය වසරේ මාර්තු මාසයේ කෝවිඩ් 19 වෛරසයේ ආරම්භක අදියරේ දී මුල්ලේරියාව මූලික රෝහලට කඩිනමින් අවශ්ය කර තිබූ රෙදි සෝදන යන්ත්ර හා කසල බදුන් පරිත්යාගයක් ව්යාපාර සමූහයේ සභාපති නලීන් වෙල්ගම මහතාගේ මුලිකත්වයෙන් සිදු කෙරිනි.
ඊට අමතරව එම වසරේම ජූනි මාසයේදී කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට අත්යවශ්යව තිබූ හෘද රෝගීන් ගේ දත්ත ගබඩා කිරීමට අවශ්ය ලැප්ටොප් පරිගණක 6 ක පරිත්යාගයක්ද සිදු කෙරිණි.
එමෙන්ම සෞඛ්ය සේවයේ කාර්ය මණ්ඩලය සඳහා අවශ්ය පුද්ගලික ආරක්ෂණ ඇඳුම් හා උපාංග තොගයක්ද ගංගාරාම විහාරස්ථානයේදී සෞඛ්ය අමාත්යාංශය පරිත්යාග කිරීම හා අයිඩියල් මෝටර්ස් පුද්ගලික සමාගම විසින් මහින්ද්ර ගිලන් රථයක් මධුර විතාන පදනම වෙත පරිත්යාග කිරීම ඒ අතර වේ.
මීට අමතරව අයිඩියල් මෝටර්ස් විසින් ක්රියාත්මක කළ සමාජ සුබසාධන ව්යාපෘති අතර පානීය ජල අවස්ථාවෙන් පීඩා විඳි නාමල්පුර ප්රදේශයේ පවුල් 1500ක් සඳහා පානීය ජල ව්යාපෘතියක් ක්රියාත්මක කිරීම, නොච්චියාගම, තල්ගස්වල, විද්යාරවින්ද විදුහලේ පාසල් දරුවන්ට අවශ්ය සියලුම පොත් පත්, බෑග්, පාවහන් හා පාසලට පානීය ජලය ලබාදීම, කෙවිටියාගල, දියපත්තුගම විහාරස්ථානයේ බෝමළුව ඉදිකර බුද්ධ ප්රතිමා වහන්සේ නමක් පූජා කිරීම, දියපත්තුගම එස්. ඒ. වෙල්ගම ප්රාථමික විදුහලට අවශ්ය පරිගණක ලබාදීම, කතරගම දේවාලයට හා අනුරාධපුර අටමස්ථානාධිපති හිමියන්ට මහින්ද්ර ඉලෙක්ට්රික් ත්රි රෝද රථ පරිත්යාග කිරීම ඒ අතර වේ.

Video Story