• Ada Derana BIZ Sinhala
  • cse
  • sri lanka

කොටස් වෙළෙඳපොළ ඉහළට

January, 17, 2023

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යාමක් අද (17) දිනයේ දී වාර්තා විය.

එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 113.72 කින් ඉහළ ගොස් ඒකක 8,376.30 ක් ලෙසින් වාර්තා වූ අතර S&P SL20 දර්ශකය ඒකක 79.43 කින් ඉහළ ගොස් ඒකක 2,607.51 ක් ලෙසින් වාර්තා විය.

මෙය පිළිවෙලින් පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව 1.38% ක හා 3.14% ක වර්ධනයකි.

රු. බිලියන 1.24 ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා විය.

අද දින එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් සමාගමේ කොටස් මිල ඉහළ යාම සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට වැඩි දායකත්වයක් ලබා දෙන ලදී. එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් කොටසක මිල රු. 192.50 ක් දක්වා රු. 20.50 කින් හෙවත් 11.92% ක වර්ධනයක් අද දින වාර්තා කර තිබුණි.

දෛනික පිරිවැටුමට වැඩිම දායකත්වය සොෆ්ට්ලොජික් කැපිටල් සමාගමෙන් ලැබී තිබුණු අතර එය රු. මිලියන 246.11 කි. මීට අමතරව සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් (රු. මිලියන 168.22), එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් (රු. මිලියන 152.43), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් (රු. මිලියන 119.62) හා LOLC ෆිනෑන්ස් (රු. මිලියන 112.44) අද දිනයේ දී රු. මිලියන 100 ඉක්මවා පිරිවැටුම් වාර්තා කළ සෙසු සමාගම් වේ.

 

  • Ada Derana BIZ Sinhala
  • cse
  • sri lanka

කොටස් වෙළෙඳපොළේ විදෙස් ආයෝජන වාර්තාගත ලෙස ඉහළට

December, 22, 2022

අඛණ්ඩව පස්වන දිනයටත් කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල පහළ යාමක් ඊයේ (21) දිනයේ දී වාර්තා විය.

ඒ අනුව සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 8,420.26 ක් දක්වා ඒකක 88.27 කින් පහළ ගිය අතර S&P SL20 දර්ශක අගය ඒකක 2,653.84 ක් දක්වා ඒකක 40.61 කින් පහළ යන ලදී.

මෙය පිළිවෙලින් 1.04% ක හා 1.51% ක පහළ යාමකි.

වාර්තාගත රු. බිලියන 4.62 ක ගනුදෙනු පිරිවැටුමක් ඊයේ දිනයේ දී ජනනය වී තිබුණු අතර ප්‍රධාන වශයෙන් එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් හි ප්‍රධාන කොටස්කාර සමාගම වන ජපානයේ SG Holdings සමාගම අඛණ්ඩව එම සමාගමේ කොටස් මිල දී ගැනීම මීට ප්‍රධාන වශයෙන් දායකත්වය වුණි.

ඒ අනුව ඊයේ දිනයේ දී පමණක් රු. බිලියන 2.9 ක ශුද්ධ විදේශීය මිල දී ගැනීම් ප්‍රමාණයක් වාර්තා වී තිබුණි.

 

  • 06 companies
  • Ada Derana BIZ Sinhala
  • cse
  • sri lanka

සමාගම් 6ක කොටස් ගනුදෙනු නවතී

December, 8, 2022

ලැයිස්තුගත සමාගම් 6 ක කොටස් ගනුදෙනු අද (2022 දෙසැම්බර් 08) දින සිට අත්හිටුවීමට කොළඹ කොටස් වෙළෙඳපොළ තීරණය කර තිබේ.

ඒ අනුව පැරගන් සිලෝන්, සිලෝන් ප්‍රින්ටර්ස්, හුනාස් හෝල්ඩිංග්ස්, ටෙස් ඇග්‍රෝ, ඔෆිස් ඉක්වීප්මන්ට් සහ සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් යන ලැයිස්තුගත සමාගම් 6 හි කොටස් ගනුදෙනු අද දින සිට අත්හිටුවා ඇත.

2022 මාර්තු 31 න් අවසන් මූල්‍ය වර්ෂයට අදාළ වාර්ෂික වාර්තා ඉදිරිපත් නොකිරීම මීට හේතු වී තිබේ.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් සමාගම පවසන්නේ සිය අනුබද්ධිත සමාගමක විගණන කටයුතු අවසන් කිරීමට නොහැකි වීමෙන් සමූහයේ ඒකාබද්ධ ගිණුම් සම්පූර්ණ කිරීමට නොහැකි වී ඇති බවයි. මේ හේතුවෙන් 2022 මාර්තු 31 න් අවසන් මූල්‍ය වර්ෂයට අදාළ වාර්ෂික වාර්තාව නිකුත් කිරීමට ප්‍රමාද වන බව අදාළ නිවේදනයේ සඳහන් වේ.

  • 02 Companies
  • Ada Derana BIZ Sinhala
  • cse
  • sri lanka

සමාගම් දෙකක් කොටස් වෙළෙඳපොළෙන් ඉවතට

December, 5, 2022

ලැයිස්තුගත සමාගම් දෙකක් 2022 දෙසැම්බර් 01 දින සිට බලපැවැත්වෙන පරිදි කොළඹ කොටස් වෙළෙඳපොළ නිල ලැයිස්තුවෙන් ඉවත් කිරීමට තීරණය කර තිබේ.

මේ අනුව Lanka Cement PLC සහ MTD Walkers PLC යන සමාගම් මේ අනුව නිල වශයෙන් කොටස් වෙළෙඳපොළ ලැයිස්තුවෙන් ඉවත් කෙරෙනු ඇත.

කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන නියාමන නිලධාරීවරයා විසින් මේ බව දැනුම් දී සිටී.

ඒ අනුව මේ වන විට කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් සංඛ්‍යාව 290 ක් දක්වා පහළ බසිනු ඇත.

 

  • Ada Derana BIZ Sinhala
  • cse
  • growth
  • sri lanka

කොටස් වෙළෙඳපොළේ සුවිශේෂී වර්ධනයක්. සියලු කොටස් ඒකක 276 කින් ඉහළට

November, 30, 2022

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකයන් හි කැපීපෙනෙන වර්ධනයක් අද (30) දිනයේ දී වාර්තා විය.

මේ අනුව අද දිනය තුළ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 276.02 ක හෙවත් 3.30% ක ඉහළ යාමක් වාර්තා කරන ලද අතර S&P SL20 දර්ශකය ඒකක 2,730.08 ක හෙවත් 3.40% ක වර්ධනයක් වාර්තා කර තිබුණි.

දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 8,651.23 ක් හා S&P SL20 දර්ශකය ඒකක 2,730.08 ක් ලෙසින් සටහන් විය.

සියලු කොටස් මිල දර්ශකයේ ඉහළ යාමක් වාර්තා වූ අඛණ්ඩ සිව්වෙනි දිනය අදයි.

අද දින සියලු කොටස් මිල දර්ශකයේ ඉහළ යාම සඳහා සම්පත් බැංකුව, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස්, LOLC හෝල්ඩිංග්ස්, වැලිබල් වන් සහ හේලීස් යන සමාගම් ඉහළ දායකත්වයක් ලබා දෙන ලදී.

රු. බිලියන 3.35 ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා වී තිබුණි.

මෙහිදී දේශීය මිල දී ගැනීම් රු. බිලියන 2.99 ක් හා දේශීය විකිණුම් රු. බිලියන 3.02 ක් ලෙසින් සටහන්ව තිබුණි අතර විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 361.93 ක් හා විදේශීය විකිණුම් රු. මිලියන 322.69 ක් ලෙසින් වාර්තා වුණි.

 

  • Ada Derana BIZ Sinhala
  • cse
  • sri lanka

අඛණ්ඩ තෙවෙනි දිනයටත් කොටස් වෙළෙඳපොළ ඉහළට

November, 30, 2022

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය ඊයේ (29) දිනයේ දී ඒකක 65.27 ක වර්ධනයක් වාර්තා කරන ලදී. මේ අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 8,375.21 ක් ලෙසින් සටහන් විය.

S&P SL20 දර්ශකය දිනය තුළ ඒකක 27.55 කින් ඉහළ ගොස් ඒකක 2,640.31 ක් ලෙසින් වාර්තා වූ අතර එය පෙර දිනයට සාපේක්ෂව 1.05% ක වර්ධනයක් වේ.

මේ අතර ඊයේ දිනයේ දී රු. බිලියන 2.88 ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වර්තා වූ අතර එහිදී දේශීය මිල දී ගැනීම් හා දේශීය විකිණුම් රු. බිලියන 2.79 බැගින් වාර්තා වී තිබුණි.

විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 85.25 ක් ලෙසත් විදේශීය විකිණුම් රු. මිලියන 84.14 ක් ලෙසත් සටහන් වුණි.

දිනය තුළ සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස්, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස්, මෙල්ස්ටාකෝප්, රිචඩ් පීරිස් ඇන්ඩ් කම්පැනි සහ සිලොන් ටුබැකෝ යන සමාගම්වලින් ඉහළ දායකත්වයක් ලබා දී තිබුණි.

 

  • 08 companies
  • Ada Derana BIZ Sinhala
  • cse
  • sri lanka
  • Warning

සමාගම් 8කට අනතුරු ඇඟවීමක්

November, 29, 2022

ලැයිස්තුගත සමාගම් 8 ක කොටස් ගනුදෙනු 2022 දෙසැම්බර් 08 දින සිට අත්හිටුවනු ලබන බවට කොළඹ කොටස් වෙළෙඳපොළ දැනුම් දී සිටී.

2022 මාර්තු 31 න් අවසන් මූල්‍ය වර්ෂයට අදාළ වාර්ෂික වාර්තා ඉදිරිපත් නොකිරීම මීට හේතු වී තිබේ.

ඔඩෙල්, සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස්, ඔෆිස් ඉක්වීප්මන්ට්, ටෙස් ඇග්‍රෝ, හුනාස් හෝල්ඩිංග්ස්, සිලෝන් ප්‍රින්ටර්ස්, නවලෝක හොස්පිටල්ස් හා පැරගන් සිලෝන් යන සමාගම් මෙලෙස නියමිත කාලසීමාව තුළ දී වාර්ෂික වාර්තා ඉදිරිපත් කර නොමැති සමාගම් වේ.

  • Ada Derana BIZ Sinhala
  • cse
  • investors
  • sri lanka

ආයෝජකයින්ගේ උනන්දුව වැඩිවෙයි. කොටස් වෙළෙඳපොළ ක්‍රමයෙන් ඉහළට

November, 29, 2022

ඊයේ (28) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 161.88 ක වර්ධනයක් වාර්තා කරන ලදී. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 8,309.94 ක් ලෙසින් සටහන් විය.

මේ අතර S&P SL20 දර්ශකය ඒකක 74.58 ක හෙවත් 2.94% ක වර්ධනයක් ඊයේ දිනයේ දී වාර්තා කර තිබුණු අතර දිනය අවසානයේ දී එහි අගය ඒකක 2,612.76 ක් ලෙසින් සටහන්ව තිබුණි.

රු. බිලියන 2.45 ක ගනුදෙනු පිරිවැටුමක් ඊයේ දිනයේ දී වාර්තා විය. එහිදී දේශීය මිල දී ගැනීම් හා දේශීය විකිණුම් රු. බිලියන 2.42 බැගින් සටහන්ව තිබීම විශේෂත්වයකි.

කෙසේවෙතත් මෙහිදී විදේශීය ආයෝජකයින්ගේ දුර්වල සහභාගීත්වය තවදුරටත් සනිටුහන් කරමින් විදේශීය මිලදී ගැනීම් රු. මිලියන 29.33 ක් හා විදේශීය විකිණුම් රු. මිලියන 29.47 ක් ලෙසින් සටහන්ව තිබුණි.

සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනය සඳහා එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස්, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස්, LOLC හෝල්ඩිංග්ස්, හේලීස් සහ මෙල්ස්ටාකෝප් යන සමාගම් ඉහළ දායකත්වයක් ලබා දෙන ලදී.

  • Ada Derana BIZ Sinhala
  • cse
  • sri lanka

දැවැන්ත කඩා වැටීමක්. අද දින කෝටි 9,600 ක් කොටස් වෙළෙඳපොළට අහිමිවෙයි

November, 8, 2022

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක අද (08) දිනයේ දී දැවැන්ත කඩාවැටීමකට භාජනය විය.

එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 224.03 කින් හෙවත් 2.64%කින් පහළ ගිය අතර S&P SL20 දර්ශකය ඒකක 66.60 කින් හෙවත් 2.58% කින් අද දිනය තුළ පහළ යන ලදී.

ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 8,267.77 ක් සහ S&P SL20 දර්ශකය ඒකක 2,518.83 ක් ලෙසින් සටහන් වී තිබුණි.

එක්ස්පෝලංකා හෝල්ඩිංගංස්, වැලිබල් වන්, හේලීස්, ලංකා IOC සහ රිචඩ් පීරිස් ඇන්ඩ් කම්පැනි යන සමාගම්වල කොටස් මිල ගණන් පහළ යාම්, සියලු කොටස් මිල දර්ශකයේ කඩා වැටීමට විශාල වශයෙන් බලපා තිබේ.

රු. බිලියන 1.12 ක ගනුදෙනු පිරිවැටුමක් දිනය තුළ වාර්තා විය. එහිදී දේශීය මිල දී ගැනීම් රු. බිලියන 1.03 ක් හා දේශීය විකිණුම් රු. බිලියන 1.11 ක් ලෙසින් සටහන්ව ඇති අතර විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 91 ක් හා විදේශීය විකිණුම් රු. මිලියන 8.83 ක් ලෙසින් වාර්තා වී තිබේ.

මේ අතර අද දිනය අවසානයේ දී සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය රු. 3,660,159,321,159 ක් ලෙසින් සටහන්ව තිබේ.

පූර්ව ගනුදෙනු දිනයේ දී එනම් පසුගිය නොවැම්බර් 04 දින ගනුදෙනු අවසානයේ දී එම අගය සටහන් ව තිබුණේ රු. 3,756,504,646,467 ක් ලෙසිනි.

මේ අනුව අද දිනය තුළ දී පමණක් කොළඹ කොටස් වෙළෙඳපොළ, වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය රු. 96,345,325,308 කින් අඩු වී තිබේ.

මෙය වෙනත් ආකාරයටකට කිවහොත් අද දිනය තුළ දී පමණක් කොටස් වෙළෙඳපොළට අහිමි වී ඇති වටිනාකම රු. බිලියන 96.34 ක් හෙවත් රු. කෝටි 9,634 ක් වේ.

කෙසේවෙතත් මෙම තත්ත්වය තුළ කොළඹ කොටස් වෙළෙඳපොළ මිල ඉපැයුම් අනුපාතය (P/E Ratio) සටහන්ව ඇත්තේ 4.81 ක් ලෙසයි. එය ආයෝජනයට ඉතා ආකර්ෂණීය අගයයක් බව වෙළෙඳපොළ විශ්ලේෂකයින්ගේ අදහසයි.

  • Ada Derana BIZ Sinhala
  • cse
  • sri lanka

කොටස් වෙළෙඳපොළ සීඝ්‍ර ගමනක. සියලු කොටස් ඒකක 295කින් ඉහළට

October, 13, 2022

කොළඹ කොටස් වෙළෙඳපාළ මිල දර්ශක අද (13) දිනයේ දී කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කරන ලදී.

එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 295.28 කින් හා S&P SL20 දර්ශකය ඒකක 117.30 කින් දිනය තුළ දී ඉහළ ගිය අතර එය පිළිවෙලින් 3.34% ක හා 4.36% ක වර්ධනයක් වේ.

මේ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 9,148.55 ක් හා S&P SL20 දර්ශක අගය ඒකක 2,805.11 ක් ලෙසින් වාර්තා විය.

රුත බිලියන 2.57 ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා වූ අතර එහිදී දේශීය මිල දී ගැනීම් රු. බිලියන 2.29 ක් හා දේශීය විකිණුම් රු. බිලියන 2.55 ක් ලෙසින් සටහන්ව තිබුණි. දිනය තුළ විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 278.68 ක් හා විදේශීය විකිණුම් රු. මිලියන 20.25 ක් ලෙසින් වාර්තා විය.

පසුගිය දින කිහිපය පුරාවට සියලු කොටස් මිල දර්ශකයේ පහළ යාමට ප්‍රබල ලෙස හේතු වුණු සමාගම් කොටස් දෙකක් වන ලංකා අයි ඕ සී සහ එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් යන සමාගම්වල කොටස් මිල අද දිනයේ දී සුවිශේෂී වර්ධනයක් වාර්තා කරනු ලැබීය. ඊට අමතරව හේලීස්, රිචඩ් පීරිස් ඇන්ඩ් කම්පැනි සහ සම්පත් බැංකුව යන සමාගම්වලින් සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට ඉහළ දායකත්වයක් ලබා දී තිබුණි.