නගර සංවර්ධනය සඳහා නව මිනුම් දණ්ඩක් ශ්‍රී ලංකාව තුළ ස්ථාපනය කෙරුණු ප්‍රථම නගර සංවර්ධන පාලන රෙගුලාසි මාලාව, කොළඹ වරාය නගර ව්‍යාපෘති සමාගම විසින් මෑතක දී ගැසට් කෙරුණු අතර, එය මේ වන විට බලාත්මක වෙමින් පවතී. මෙම නගර සංවර්ධන පාලන රෙගුලාසි පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව විසින් සංවිධානය කෙරුණු අතර, එම…
ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම වසර 7 ක කාලය තුළ (2015 මැයි – 2022 මැයි) 7 වතාවක් පහත වැටී ඇත. මෙහි ඇති විශේෂත්වය නම් එම පහත වැටුණු අවස්ථාවලින් 5ක් 2020 අප්‍රේල් මාසයේ සිට මේ දක්වා සිදු වී තිබීමයි. කෙසේවෙතත් කලාපයේ ශ්‍රී ලංකාවට සමාන්තර ණය ශ්‍රේණි මට්ටම්වල පසුවූ සෙසු රටවල් ඔවුන්ගේ ශ්‍රේණිගත කිරීම් යහපත් මට්ටමින් පවත්වා ගෙන…
ප්‍රවීණ මූල්‍ය විශ්ලේෂක, රවී අබේසූරිය, CFA, FCMA, CGMA, MBA ගැටලුවට මුල දේශපාලන සංස්කෘතියේ පිරිහීම පිළිබඳ ගැටලුව විසඳීමට ඇති එක් ප්‍රයෝගික හා ඵලදායී මාර්ගයක් වන්නේ මැතිවරණවලට තරඟ කිරීම සඳහා නුසුදුසු චරිත නම් කිරීමේ පිළිගත නොහැකි පුරුද්ද අවසන් කිරීමයි. අඩු වැඩි වශයෙන් මෙරට පක්ෂ ක්‍රමය විසින් ඇති දැඩි කොට නඩත්තු කරන හා අන්‍යෝන්‍ය වශයෙන් පක්ෂ හා එම…
ශ්‍රී ලංකාවේ භාවිතා කළ හැකි විදේශ සංචිත 2019 දී ඩොලර් මිලියන 7,642 සිට 2021 අවසානය වන විට ඩොලර් මිලියන 1,579 දක්වා පහත වැටී ඇත. වසංගතය අතරතුර ශ්‍රී ලංකාවේ කලාපීය රටවල හා සසඳන විට, එසේ සංචිතවල පහත වැටීම සිදුවී ඇත්තේ ශ්‍රී ලංකාවේ පමණක් වන අතර, ආසියාතික රටවල සංචිතවල වැඩිවීමක් දක්නට ලැබේ.
සියලූම දේශපාලනඥයන් විගණනයට ලක් කළ යුතු යැයි විශ්වාස කරනු ලබන බවත් එසේ ඔවුන්ගේ විගණනය කළ නොහැකි ධනය රජය විසින් රාජසන්තක කළ යුතු බවත් ශ‍්‍රී ලාංකිකයන්ගෙන් 96% කට වැඩි ප‍්‍රමාණයකගේ මතය බව සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ. විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රයේ සමීක්ෂණ පර්යේෂණ අංශය වන සෝෂල් ඉන්ඩිකේටර් විසින් පවත්වනු ලබන ප‍්‍රජාතන්න‍්‍රවාදී ආණ්ඩුකරණයේ විශ්වසනීයත්වය පිළිබඳ දර්ශකයේ (දෙවැනි අදියරයේ) නවතම…
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය අද (26) දිනයේ දී ඒකක 608.48 කින් පහළ යන ලදී. ඒ අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 6,905.37 ක් ලෙසින් වාර්තා වූ අතර එය පෙර දිනය හා සැසඳීමේ දී 8.10% ක පහළ යාමක් වේ. මේ අතර අද දිනයේ දී සාමාන්‍ය ගනුදෙනු සමාප්ති වේලාවට පෙර…
නිසි කලට ගත යුතු නිසි තීරණ නොගත් නිසාත්, කිසි කලෙක නොගත යුතු අනිසි තීරණ ගත් නිසාත්, රාජ්‍යයක් කඩා වැටෙන අයුරු අපි දැන් ප්‍රායෝගිකවම අත්විඳිමින් සිටින්නෙමු. රටේ සල්ලි ඇති පුරවැසියා මෙන්ම සල්ලි නැති පුරවැසියා ද අද වන විට දුප්පතුන් වී හමාරය. ඔබට සුඛෝපභෝගී මෝටර් රථයක් තිබුණ ද ඊට අවශ්‍ය ඉන්ධන සපයා ගැනීම අද වන විට ඔබට…
ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන Moody’s Investors Service විසින් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය Ca දක්වා පහත හෙළීමට පසුගිය (18) දා කටයුතු කළේය. මීට පෙර පසුගිය අප්‍රේල් 13 දින තවත් ගෝලීය ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන දෙකක් වන S&P Global Ratings විසින් CC දක්වාත්, Fitch Ratings විසින් C දක්වාත් ශ්‍රී ලංකාව ණය ශ්‍රේණිගත කිරීම්වලින් පහළ දැමීමට…
මාර්තු මාසයේ දී නිෂ්පාදන සහ සේවා ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශක ඉහළ යන ලදී. සෑම වසරකම මාර්තු මාසයේ නිෂ්පාදන ක්‍රියාකාරකම්වල දක්නට ලැබෙන වර්ධනයට අනුරූපව, එහෙත් සාපේක්ෂව අඩු වේගයකින් 2022 මාර්තු මාසයේ දී නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය පෙර මාසයට සාපේක්ෂව, දර්ශකාංක 57.8ක් දක්වා ඉහළ යන ලදී. සේවා අංශයේ වර්ධනයක් පෙන්නුම් කරමින් සේවා අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2022…
ලංකා වාණිජ මණ්ඩලයෙහි බලශක්ති අංශ කමිටුව විසින්, ශ්‍රී ලංකාවේ වර්තමාන බලශක්ති අර්බුදය පිළිබඳ අධ්‍යයනයන් සිදුකර ඇත. එමගින් මෙරට බැංකු පද්ධතිය තුල වර්තමානයේ ඇතිවී තිබෙන විදේශ විනිමය හිඟය මඟින් බලශක්ති ක්ෂේත්‍රයේ සැලසුම් හා මූල්‍ය කළමනාකරණයෙහි දීර්ඝ කාලීන ලෙස මුල් බැසගත් දුර්වලතාවයන් රැසක්ද අනාවරණය වී තිබේ. මෙම අර්බුදය හරහා, ආනයනික ඛනිජ තෙල් මත බරපතල ලෙස යැපීමේ සහ…
Video Story