ඇසුරුම් පෙට්ටි නිෂ්පාදනයේ නියුතු මෙරට ප්‍රමුඛ පෙළේ සමාගමක්වන Ex-pack Corrugated Cartons PLC සමාගම, පසුගියදා පැවැති Great Place to Work Sri Lanka වාර්ෂික සම්මාන උළෙලේදී කුඩා පරිමාණ සේවා ස්ථාන කාණ්ඩයේ පස්වැනි ස්ථානය දිනාගැනීමට සමත්විය. කාබන් ශූන්‍යතා සහතිකය ලත් සහ තිරසරභාවය පිළිබඳ ඉහළ අවධානයක් ලබාදෙන සමාගමක් ලෙස Ex-pack සමාගම, තිරසර සේවක අත්දැකීම් ජනිත කිරීම උදෙසා ගෝලීය භාවිතාවන්…
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම ඝන හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කළමනාකරණය හා ප්‍රතිචක්‍රීකරණ විසඳුම් සේවා සැපයුම්කරු වන Cleantech පුද්ගලික සමාගම සිය නව විද්‍යුත් අපද්‍රව්‍ය සහ ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ද්‍රව්‍ය එකතු කිරීමේ මධ්‍යස්ථානය “සම්පත් පියස” නමින් රාජගිරියේ දී විවෘත කරන ලදී. මෙම මධ්‍යස්ථානය මඟින් පාරිසරික වශයෙන් බලපෑම්කාරී ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය සහ ප්‍රතිචක්‍රීකරණය කළ කළ හැකි අපද්‍රව්‍ය එක්රැස් කිරීම සිදුකරනු ලබයි….
සම්පත් බැංකුවට පූර්ණ අනුබද්ධිත සියපත ෆිනෑන්ස් සමාගම සිය පාරිභෝගික භවතුන්ගේ කඩිනම් මූල්‍ය අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් නවතම ‘සියපත ෆාස්ට් ඩ්‍රාෆ්ට්’ (Siyapatha Fast Draft) සේවාව වෙළඳපොළට හඳුන්වා දෙන ලදී. නව සියපත ෆාස්ට් ඩ්‍රාෆ්ට් සේවාව යටතේ එක් දිනක් ඇතුළත මාස 12ක නැවත ගෙවීමේ කාලයකට අඩුම ලියකියවිලි සහිතව අවම පොලී අනුපාතයක් යටතේ ණය මුදලක් ලබා ගැනීමටත්, අමතර ගෙවීමකින් තොරව…
සිසුන් හා දෙමාපියන් 2023 පහ වසර ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන අවසන් දින කිහිපය පැමිණ තිබියදී, කොමර්ෂල් බැංකුව දෙරණ FM සමඟ එක්ව ශිෂ්‍යත්ව අපේක්ෂකයන් සඳහා ප‍්‍රමුඛ පෙලේ ගුරුවරුන් සහ ආදර්ශ ප‍්‍රශ්න පත‍්‍ර ඇතුළත් පෙර සූදානම් වැඩමුළු මාලාවක් පවත්වයි. මෙම වැඩසටහන් මාලාවේ නවතම වැඩසටහන සිසුන් 500ක් සඳහා කලවාන ශී‍්‍ර තිලකරත්නාරාම පුරාණ විහාරස්ථානයේදී ශිෂ්‍යත්ව විභාග උපදේශක වින්සර සමරසිංහ…
ආහාර සුරක්ෂිතතා ප‍්‍රමිතීන් ඉහළ නැංවීම සහ අපනයන ක්ෂේත‍්‍රය ශක්තිමත් කිරීමේ වැදගත් පියවරක් ලෙස ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව විසින් Preventive Controls Qualified Individual (PCQI) පුහුණු පාඨමාලාවට සහභාගිවන්නන් සඳහා සහතිකපත‍්‍ර ප‍්‍රදානෝත්සවයක් පසුගියදා පවත්වන ලදී. මෙම සහතිකය නියාමන අවශ්‍යතාවයක් වන අතර ආහාර අපනයනයේ ගුණාත්මකභාවය සහ සුරක්ෂිතතාවය සඳහා ශ‍්‍රී ලංකාව දක්වන කැපවීම පිළිබඳ…
මාධ්‍ය සහෘදයින් හා තරුණ ස්වේච්ඡා සේවකයින් සමඟ ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනය සමරයි Coca-Cola Sri Lanka Ltd, ජයග‍්‍රාහී තෙවැනි වසරටත් ‘Adopt A Beach’ වැඩසටහන කි‍්‍රයාත්මක කරමින් ශ‍්‍රී ලංකාවේ වෙරළ තීරය ආරක්ෂා කිරීමේ සිය මෙහෙවර සාඩම්බරයෙන් ඉදිරියට ගෙන යමින් සිටී. මෙම වැඩසටහන 2023 සැප්තැම්බර් 16 වන දින ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනයට සමගාමීව වෙරළ සංරක්ෂණයේ වැදගත්කම…
තිරසාරභාවය සඳහා කැපවීම කිහිප දෙනෙකුගේ කියැවීමට වඩා, ව්‍යවසායයේ සෑම පුද්ගලයකු වෙතම පැතිර යා යුතුය යන විශ්වාසයෙන් සියැට් කැලණි හෝල්ඩිංග්ස් සමාගම සිය සේවකයින්ගේ සහ පවුල්වල සහභාගීත්වය සමඟ මෑතකදී නව රුක් රෝපණ වැඩසටහනක් දියත් කළේය. කැලණිය සහ කළුතර පිහිටි සියැට් පුළුල් නිෂ්පාදන කර්මාන්තශාලාවල එක්වර සිදුකරන ලද රුක් රෝපණ කටයුතුවලට සමගාමීව, තවත් ශාක පැළ තම ගෙවත්තේ සිටුවා පෝෂණය…
මෙරට ඖෂධවේදීන්ගේ අවශ්‍යතාව සපුරමින් Ceylon Pharma College විසින් පවත්වන ලද Certificate & Advance Course in Pharmacy Practice පාඨමාලාව සමතුන්ට සහතික පත් පිරිනැමීමේ සහ Ceylon Pharma College නව මුහුණුවරකින් එළිදැක්වීමේ උත්සවය පසුගියදා කොළඹ BMICH හිදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. එහිදී නව්‍ය වෙනසකින් යුතු නව සන්නාම ලාංජනය සහ නව වෙබ් අඩවිය එළිදක්වන ලදී. Ceylon Pharma College ඖෂධවේදීන්, ඖෂධවේදී සහායකයන්, වෘත්තිකයන් හා ව්‍යවසායකයන් බිහි කිරීම…
සියලුම දෙමාපියන් තම දරුවන්ගේ අනාගතය පිළිබඳව ඉමහත් බලාපොරොත්තු රාශියක් සමඟින් කටයුතු කරයි. හොඳින් අධ්‍යාපනය ලබා, වගකීම් සහගතව මූල්‍යමය වශයෙන් ස්වාධීනව කටයුතු කිරීමට තම දරුවන්ට හැකිවේද යන චකිතය දෙමාපියන්ට නිරායාසයෙන් දැනේ. එබැවින්, ප්‍රජාව ඉලක්ක කරගත් ස්ථිරසාර මූල්‍ය ආයතනයක් වන NDB බැංකුව, සිය ශිල්ප ළමා ඉතුරුම් ගිණුම හරහා, දරුවන්ට අඛණ්ඩව වර්ධනය වීමට සහ සාර්ථකත්වය ළඟා කරගැනීමට අවශ්‍ය…
මෙය ඕස්ට්‍රේලියානු හා ශ්‍රී ලංකා රජය විසින් සිදුකරන එකාබද්ධ මාධ්‍ය නිවේදනයකි ඕස්ට්‍රේලියානු රජය හා අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව සංවිධානය කරන ලද Zero Chance (ZR Chance) පාසල් චිත්‍ර හා රචනා තරගාවලියේ ජයග්‍රාහකයන් ඇගැයීමේ උත්සවය පසුගියදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී සාර්ථකව පවත්වන ලදී. ඕස්ට්‍රේලියාවට නීති විරෝධී ලෙස සිදුවන මුහුදු සංක්‍රමණය පිළිබඳව දැනුවත් කිරීම සහ නීති විරෝධී ලෙස…
Video Story