Featured News

ලක් සතොස ප්‍රතිව්‍යුහගත කිරීම KPMG සමාගමට. භාණ්ඩාගාරයෙන් සතොසට බිලියන 7.5 ක්

දැවැන්ත පාඩුවක් ලබා තිබෙන ලක් සතොස නව මුහුණුවරකින් ආරම්භ කිරීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් බිලියන 7.5 ක් ලබාගන්නා බවත් එය ප්‍රතිව්‍යුහගත කිරීම (Restructure) සඳහා KPMG සමාගමට භාරදී තිබෙන බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා කීය. ඔහු අද කොළඹදී පැවසුවේ ලක් සතොස ආයතනයේ ගබඩා කිරීම, අලෙවිකරණය ඇතුළු සියළු අංශ වෙනත් තරගකාරී සුපිරි වෙළඳ…

(0)Comments | June 24, 2015 12:08 pm

EPF නම වරද්දාගෙන අමාරුවේ වැටෙන්න එපා -Video Interview

යම් අයෙකුගේ නම සේවක අර්ථ සාධක අරමුදලේ සඳහන්ව තිබෙන්නේ යම් අඩුපාඩු සහිතව නම් ඔවුන්ට සිය මුදල් ආපසු ලබාගැනීම යාමේදී දැඩි අපහසුතාවයකට මුහුණදීමට සිදුවන බව කම්කරු කොමසාරිස්, ඩබ්ලිව්.ඩී.එස්.සී. වැලිවත්ත මහතා සඳහන් කරයි. නම්වල තිබෙන මෙවැනි අඩුපාඩු නිවැරදි කිරීම සඳහා අදාළ සමාගම් වෙතට දැනුම් දුන්නද එම අවස්ථාවේදී එම සමාගම නොමැති නම් මුදල් ලබාගැනීම ඉතාමත් අපහසුබව හෙතෙම සඳහන්…

(0)Comments | June 22, 2015 1:07 pm

කාර් ලියාපදිංචිය නව වාර්තාවක් තබයි. මරුටි සුසුකි වලින් පාරවල් පිරේ

නව රජයේ අතුරු අයවැය මගින් කුඩා මෝටර් රථ සඳහා බදු අඩුකිරීම නිසා 2015 මැයි මාසයේදී මෙරට ලියාපදිංචි වූ මරුටි සුසුකි මෝටර් රථ ප්‍රමාණය 2,512 ක් දක්වා ඉහළ නැග ඇතැයි නවතම දත්ත මගින් හෙළිවේ. JB Securities කොටස් තැරැව්කාර සමාගම නවතම දත්ත ඉදිරිපත් කරමින් සඳහන් කරන්නේ 2014 වසරේ නොවැම්බර් මාසයේදී මෙරට ලියාපදිංචි වී තිබුණේ මරුටි සුසුකි මෝටර්…

(0)Comments | June 22, 2015 8:52 am

The Steuart by Citrus සුපිරි හෝටලය ජනපති සුරතින් විවෘත වන වගයි

කොළඹ නගරයේ සුපිරි සංචාරක හෝටල් ගොන්නට එකතුවන නවතම හෝටලය වන “The Steuart by Citrus“ සුඛෝපභෝගී සංචාරක හෝටලය ජුනි 26 වනදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විවෘත කිරීමට නියමිතය. කොළඹ කොටුවේ හදවත බඳු ස්ථානයක පිහිටි කාමර 50 කින් සමන්විත ව්‍යාපාරික පන්තියේ හෝටලයක් වන මෙය කළමනාකරණය කරන්නේ සිට්‍රස් ලෙෂර් සමාගමට අනුබද්ධ සිට්‍රස් සිල්වර් සමාගම විසිනි. හෝටලය ජොර්ජ්…

(0)Comments | June 21, 2015 8:59 am

විදුලි දුම්රිය පද්ධතියක් ගොඩනැගීමේ අවධානය

විදුලි දුම්රිය ධාවනය කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් පද්ධතියක් මෙරට ගොඩනැගීම පිළිබඳව සොයා බැලීමට රජය විසින් මූලික අධ්‍යනයක් කිරීමට සූදානම් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සඳහන් කරයි. ඔහු කොළඹ පැවති සමුළුවකදී සඳහන් කළේ බලශක්තිය සුරක්ෂිත කර ගැනීමේ අරමුණෙන් මෙම පියවර ගැනීමට සැලසුම් කර තිබෙන බවයි. විද්‍යුත් වාහන සඳහා වේගවත් ආරෝපණ මධ්‍යස්ථාන අමාත්‍යවරයා…

(0)Comments | June 11, 2015 11:34 am

FCID ගැන ඇමරිකාවේ වෙසෙන අපේ විද්වතෙකු කියන කතාව මෙන්න –Video Interview

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) පිළිබඳව මේ වනවිට සමාජයේ දැඩි කතා බහක් ඇතිවී තිබේ. ඇමරිකාවේ ජීවත් වන ජාත්‍යන්තර කීර්තියට පත් විද්වතෙකු මෙන්ම බදු උපදේශකයෙකු වන කෝසල ජී. තන්තුල මහතා අප සමග සිදුකළ සාකච්ඡාවේදී මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පිළිබඳවද අදහස් දැක්වීය. කෙටි නිවාඩුවක් සඳහා ලංකාවට පැමිණි අවස්ථාවේදී ඔහු සමග අප සිදුකළ සම්මුඛ සාකච්ඡාවයි මේ.

(0)Comments | June 10, 2015 4:53 am

රත්නපුරෙන් කිලෝ ගාණක් බර නිල් මැණිකක් හමුවුණාද? –Video Interview

රත්නපුරයෙන් කිලෝ ගාණක නිල් මැණිකක් හමුවූ බවත් එය හොර රහසේම ඇමරිකාවට රැගෙන ගොස් තිබෙන බවටත් පසුගිය කාලයේදී කටකතා පැතිරුණි. ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තය පිළිබඳව අප සිදුකළ විශ්ලේෂණාත්මක සාකච්ඡාවේදී මේ පිළිබඳව ශ්‍රී ලංකා මැණික් සහ ස්වර්ණාභරණ සංගමයේ (Sri Lanka Gem and Jewellery Association) විදේශ ප්‍රවර්ධන අංශයේ (Foreign Promotions) සභාපති, ආමිල් සමූන් (Armil Sammoon) මහතාගෙන් අප විමසීමක්…

(0)Comments | June 9, 2015 8:08 am

පසුගිය හය වසර තුළ ලෝකයේ වේගයෙන්ම වර්ධනය වූ නගරය කොළඹයි

2009 වසරේ සිට 2015 දක්වා හය වසර තුළ ලෝකයේ වේගයෙන්ම වර්ධනය වූ නගර අතර පළමු ස්ථානයට පැමිණීමට කොළඹ නගරය සමත්ව තිබේ. මාස්ටර් කාඩ් විසින් කර තිබෙන මෙම වාර්ෂික සමීක්ෂණයට (MasterCard Global Destinations Cities Index ) පාදක කරගෙන තිබෙන්නේ මෙම නගර වලට පැමිණි සංචාරකයින්ගේ වර්ධනයයි. මේ අනුව, මෙම කාල සීමාව තුළ ලෝකයේ වේගයෙන්ම වර්ධනය වූ නගරය…

(0)Comments | June 4, 2015 6:32 am

(ලී ක්වාන් යූ ආදර්ශය 02) සිංගප්පූරුවේ සහ අපේ රාජ්‍ය සේවයේ වෙනස කුමක්ද ? –Video Interview

ලී ක්වාන් යූ රජයේ උපදේශකයෙකු ලෙස කටයුතු කළ ශ්‍රී ලාංකික උපදේශක ඉංජිනේරුවරයෙකු වන සෑම් සමරසිංහ මහතා සමග අප විශේෂ සාකච්ඡා මාලාවක් ආරම්භ කර තිබේ. ධීවර ගම්මානයක් ලෙස පැවති සිංගප්පූරුව දියුණු රටක් බවට පත්වීමට බලපාන ලද කරුණු කාරණා සාකච්ඡා කිරීමට වෙන්වන මෙම සාකච්ඡා මාලාවේ දෙවැන්න මෙයයි. මේ යටතේ අපි සාකච්ඡා කරන්නේ සිංගප්පූරුවේ සහ ශ්‍රී ලංකාවේ රාජ්‍ය…

(0)Comments | June 4, 2015 4:29 am

2018 පසු ලංකාවට ඛනිජ තෙල් හා ගෑස් නිධි රැසක් ? –Video interview

ගොඩබිම සිට කිලෝ මීටර් 800 ක් දක්වා දුරකට විහිදෙන මුහුදු සීමාවක් 2018 වසරේදී ලංකාවට අයත්වීමට නියමිත බවත් එම මුහුදු ප්‍රදේශයේ ඛනිජ තෙල් සහ ගෑස් සම්පත තිබෙන බවට විශ්වාස කරන බවත් සමුද්‍ර කටයුතු ලේකම් කාර්යාලයේ (National Ocean Affairs Committee) සභාපති, ක්‍රිස් තිලක ශ්‍රී ධර්මකීර්ති මහතා සඳහන් කරයි. අප සමග විශේෂ සාකච්ඡාවකට එක් වෙමින් ඔහු සඳහන් කළේ…

(0)Comments | June 1, 2015 4:29 am