Featured News

ණයවල පොලිය ගැන චීනයෙන් අපේ මුදල් අමාත්‍යංශයට උත්තරයක්

චීන ණයවල පොලී අනුපාතය ඉතාමත් ඉහළ යැයි මෙරට මුදල් අමාත්‍යංශයේ උසස්ම පුද්ගලයෙකු චෝදනා කළත් චීන ණයවල පොලී අනුපාතය ඉහළ නැතැයි මෙම චෝදනාවට පිළිතුරු ලබාදෙමින් ශ්‍රී ලංකාවේ චීන වාණිජ මණ්ඩලයේ (CCCSL) ප්‍රකාශකවරයා සඳහන් කර තිබේ. පසුගිය වසර 10 කාලය තුළදී චීනය විසින් ලංකාවට ඩොලර් බිලියන ගණනක ණය ලබාදී තිබෙන බවත් මෙම ණය වලින් අඩකට වඩා සියයට…

(0)Comments | April 27, 2015 6:01 am

නව රජය පිටත වටරවුම් මාර්ගයේ තෙවන අදියරට යයි

කොට්ටාව මාකුඹුරේදී දකුණු අධිවේගී මාර්ගයට සම්බන්ධ වන පිටත වටරවුම් මාර්ගයේ තෙවන අදියර වන කෙරවලපිටියේ සිට කඩවත දක්වා කිලෝ මීටර් 9.32 ක කොටසේ වැඩ ආරම්භ කිරීමට රජය සූදානම් වේ. මෙම අදියරෙහි අනුමත සිවිල් වැඩ කොන්ත්‍රාත්තුව රුපියල් බිලියන 66.6 ක් වන බවත් ඉන් සියයට 95 ක් චීනයේ එක්සිම් (EXIM) බැංකුවේ ණය මුදලක් මගින් ලබාගන්නා බවත් රජය සඳහන්…

(0)Comments | April 24, 2015 11:47 am

ඛනිජ තෙල් මිල 40% කින් ඉහළට. අපට දැනෙන්නේ මැතිවරණයෙන් පසුවද?

නව රජය විසින් මෙරට ඉන්ධන මිල කැපී පෙනෙන ලෙස අඩුකර තිබුණත් ලෝක වෙළඳ පොළේ පසුගිය ජනවාරි මාසයේදී ඩොලර් 45 කට පමණ තිබූ බොරතෙල් බැරලයක මිල ඊයේ දිනය වනවිට ඩොලර් 63 ක් දක්වා සියයට 40 කින් පමණ වැඩිවී තිබෙන බවත් ඉදිරියේදී ඛනිජ තෙල් මිල තවදුරටත් වැඩිවනු ඇති බවත් ආර්ථික විශ්ලේෂකයින් විසින් පුරෝකතනය කර තිබේ. මේ අනුව,…

(0)Comments | April 22, 2015 6:56 am

අපි චීනයට පලා බෙදද්දී චීන ජනපති පාකිස්තානයට සුපිරි අධිවේගී මාර්ග ව්‍යාපෘතියක් ගෙනෙයි

පසුගිය රජය සමයේ මෙරට අධිවේගී මාර්ග අතුළු යටිතල පහසුකම් ගොඩනැගීමේ ප්‍රමුඛයාව සිටි චීනය ඩොලර් බිලියන 46 ක ආයෝජනයකින් පාකිස්තානය සහ චීනය යාකරන දැවැන්ත අධිවේගී මාර්ග සහ යටිතල පහසුකම් ව්‍යාපෘතියක් සිදුකිරීමට ගිවිසගෙන තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ චීන ජනාධිපති සි ජින්පින්ග් මහතා මෙම ව්‍යාපෘතියට අදාළ ගිවිසුමට අත්සන් කළ බවයි. මෙම දැවැන්ත ආයෝජනය මගින් චීන-පාකිස්තාන ආර්ථික කොරිඩෝව…

(0)Comments | April 21, 2015 12:55 pm

සීපා ගිවිසුම සහ තරුණ ඔබේ හෙට දවස

සීපා ගිවිසුම යනු ඉන්දියාව විසින් 2003 වසරේ සිට ශ‍්‍රී ලංකාව සමග අත්සන් කිරීමට උත්සාහ කරන විස්තීරණ ආර්ථික ගිවිසුමකි. (Comprehensive Economic Partnership Agreement – CEPA) එමගින් ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පහත සඳහන් අංශයන් නිදහස් කර ගැනීම ඉන්දියාවේ අභිලාෂයයි. 1. දෙරට අතර භාණ්ඩ අලෙවිය 2. දෙරට අතර සේවා අලෙවිය 3. එක් රටකට අනෙක් රටින් ආයෝජකයන්ගේ පැමිණීම…

(0)Comments | April 20, 2015 6:23 am

බලාපොරොත්තු පොදි බැඳන් පැමිණි Cairn India මෙරට තෙල් සහ ගෑස් ගවේෂණයෙන් ඉවත්වෙයි

මන්නාරමට ඔබ්බෙන් වූ මුහුදේ ඇතැයි ඉන්දියානු කෙයාන් සමාගම (Cairn India) විසින් සොයාගත් ස්වභාවික ගෑස් නිධිවල ගවේෂණ කටයුතු වලින් එම සමාගම ඉවත්වීමට යන අතර මෙරට ගෑස් නිධි කැණීමේ කටයුතු සඳහා අළුතෙන් සමාගම් සම්බන්ධ කර ගැනීමට රජයට සිදුවී තිබෙන බව අනාවරණය වේ. හෙළිවන ආකාරයට ලෝක වෙළඳ පොළේ ඛනිජ තෙල් මිල ගණන් පහළ යාම නිසා සමාගමට එල්ලවී තිබෙන…

(0)Comments | April 19, 2015 6:54 pm

මත්තල ගැන විශ්වාසයෙන් ලංකාව උඩින් යන ගුවන් යානා ප්‍රමාණය ඉහළට

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ගොඩනැගීම නිසා මෙරටට සැලසී තිබෙන වාසි පිළිබඳව නවතම කෝප් වාර්තාව විසින් කරුණු සාකච්ඡා කර තිබේ. මෙහිදී, අනාවරණය වී තිබෙන්නේ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ගොඩනැගීම නිසා ලංකාව තුළ තවත් ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් තිබීම හේතුවෙන් මෙරට ගුවන් කළාපයෙන් ගමන් ගන්නා ගුවන් යානා ප්‍රමාණය වර්ධනය වී තිබෙන බවයි. A380 වැනි ගුවන් යානයක් පවා හදිසි…

(0)Comments | April 16, 2015 6:30 am

ඇමති චම්පික විදුලි කාර් රැල්ලක් අරඹයි

විදුලි මෝටර් රථ ආරෝපණය කළ හැකි මෙරට පළමු විදුලි මෝටර් රථ ආරෝපණ මධ්‍යස්ථානය විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක විසින් කොළඹ, ටිකල් මාවතේ පිහිටි අංක 10 දරන ස්ථානයේදී අද විවෘත කළේය. මේ ආකාරයෙන් විදුලි මෝටර් රථ ආරෝපණය කිරීමේ මධ්‍යස්ථාන රටපුරා ආරම්භ කිරීමේදී පුද්ගලික අංශයද සහභාගී කර ගන්නා බවත් ඉන්ධන පිරවුම්හල්, සුපිරි වෙළඳ සැල් සහ…

(0)Comments | April 8, 2015 10:50 am

අපේ විදේශ සංචිතය වසර තුනකට පසුව අඩුම අගයට වැටේ. රන් සංචිතයත් පහළට

2012 පෙබරවාරි මාසයට පසුව මෙරට වාර්තා වූ අඩුම විදේශ සංචිතය පසුගිය මාර්තු මාසයේදී වාර්තා කර තිබෙන බව අනාවරණය වේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වලට අනුව 2015 මාර්තු මාසයේදී මෙරට විදේශ සංචිතය ඩොලර් බිලියන 6.8 ක් දක්වා පහත වැටී තිබෙන අතර පසුගිය පෙබරවාරි මාසයේදී එම ප්‍රමාණය ඩොලර් බිලියන 7.4 ක් විය. මීට පෙර අඩුම…

(0)Comments | April 4, 2015 8:32 am

සොඳුරු ආඥාදායකයා, ධීවර ගමක් සුපිරි රටක් කළ හැටි මෙන්න!

ලෝකයේ අති සාර්ථක ආර්ථික කතාන්දරයක් ලෙසින් සැලකිය හැකි සිංගප්පූරුව ලෝකයේ සුපිරිතම ආර්ථිකයක් බවට හැරවූ අසාහය නායක ලී ක්වාන් යූ අවුරුදු 91 ක් ආයු වළදා පරලෝ සැපත්විය. සිංගප්පූරුවට මෙම වාසනාව ගෙන දුන්නේ ලී විසින් නිර්මාණය කළ අවංක මෙන්ම ප්‍රායෝගික ආණ්ඩුව හේතුවෙනි. ජාතික ආණ්ඩුවක් නිර්මාණය කරමින් ඉදිරියට යෑමට දඟලන අපිටද මෙම ප්‍රායෝගික නායකයාගේ ජීවිතයෙන් ඉමහත් ආදර්ශයක් ලබාගත…

(0)Comments | March 23, 2015 6:58 am