තට්ටු 22 කින් සමන්විතව කොළඹ 09 බේස්ලයින් පාර ආසන්නයේ වර්ග අඩි 550,000 ක ඉඩ පහසුකම් සහිතව අංශ රැසක සේවය කරන 6000 කට අධික වෘත්තිකයින්ට ඉඩකඩ වෙන්වන පරිදි සැලසුම් කර තිබෙන “ඔරායන් සිටි ටවර්ස්“ ව්‍යාපෘතියේ පළමු අදියරේ ඉදිකිරීම් මේ වනවිට ආරම්භ කර තිබේ. කොළඹ නගරය තුළ තවත් කුඩා නගරයක් යන තේමාවෙන් මෙම දැවැන්ත ගොඩනැගිල්ල ඉදිකරන්නේ නවීන…
කොළඹ පිටත වටරවුම් මාර්ගයේ අතුරුගිරිය නගරයට ආසන්නව ඉදිකර තිබෙන පිවිසුම් ස්ථානය මෙම මාර්ගයේ කඩුවෙල-කඩවත කොටස විවෘත කිරීමට සමගාමීව විවෘත කරන බව මහා මාර්ග අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු අප සමග පැවසීය. මෙම පිවිසුම් ස්ථානයේ සිට කඩවතට කිලෝ මීටර් 15 ක දුර ප්‍රමාණයක් තිබෙන අතර මාතරට තිබෙන්නේ කිලෝ මීටර් 138 කට ආසන්න දුර ප්‍රමාණයකි. උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය…
(දෙවන සංස්කරණය)- මෙරට මාර්ග වලට පැමිණෙන වාහන ප්‍රමාණය අඩුකිරීමේ අරමුණෙන් කිසිදු මූලික ගෙවීමකින් තොරව සියයට සියයක් කල්බදු (Full Leasing) පහසුකම් හෝ සියයට සියයක් කුලීපිට ගැනීමේ පහසුකම් (Hire Purchase) මත වාහන මිලදීගැනීම වැලැක්වීමේ චක්‍රලේඛයක් (Circular) ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඊයේ රාත්‍රී (14) නිකුත් කර තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ උසස් නිළධාරියෙකු අප සමග පැවසුවේ මෙම…
රුපියල අවප්‍රමාණය වීම නිසා වාහනවල මිල ගණන් වැඩිවන ආකාරය පිළිබඳව අප විසින් පලකළ පුවත් සඳහා ඉහළ ප්‍රතිචාරයක් ලැබුණු අතර මෙරට ඉතාමත් ජනප්‍රිය සුසුකි ඇල්ටෝ, සුසුකි සිලේරියෝ, සුසුකි ස්විෆ්ට් සහ ඇල්ටෝ කේ-10 යන වාහන මෙරට අලෙවි කරන ඇසෝෂියේටඩ් මෝටර්වේස් (AMW) සමාගම එම වාහනවල මිල වැඩිවන ආකාරය විස්තරාත්මකව අනාවරණය කරයි. එම සමාගමේ උසස් නිළධාරියෙකු අප සමග පැවසුවේ…
හයිබ්‍රීඩ් සහ ඉලෙක්ට්‍රික් මෝටර් රථ මෙරට ප්‍රචලිත කිරීමේ ප්‍රමුඛ සමාගමක් වන ස්ටර්ලින් ඔටෝමොබයිල්ස් සමාගමේ සාමාන්‍යාධිකාරී, රේණුක විජේසිරිවර්ධන මහතා අප සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක් වුණා. මෙරට වාහන වෙළඳ පොළේ නවතම තත්ත්වය පිළිබඳව එහිදී ඔහු අදහස් දැක්වූයේ මෙසේයි.
ඩොලරයට සාපේක්ෂව රුපියල කැපී පෙනෙන ලෙස අවප්‍රමාණය වීම හේතුවෙන් වාහනවල මිල වැඩිකිරීම සඳහා මෙරටට වාහන ගෙන්වන සියළුම සමාගම් පාහේ මේ වනවිට සූදානම් වනබව අපකළ විමසීමකදී අනාවරණය විය. පසුගිය සඳුදා (07) අප විසින් මුල් වරට වාර්තා කළේ රුපියල අවප්‍රමාණය වීම නිසා වාහනවල මිල ගණන් ඉහළ යන බවයි. නවතම (Brand new) ටොයොටා වාහන මෙරට අලෙවිකරන ටොයොටා ලංකා…
නව පාර්ලිමේන්තුවට තේරී පත්වූ දයා ගමගේ සහ අනෝමා ගමගේ යුවළ බිම්පුත් ෆිනෑන්ස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ. මේ අනුව, දයා ඩී.කේ. ගමගේ මහතා බිම්පුත් මූල්‍ය සමාගමේ සභාපති ධූරයෙන් සහ අනෝමා ගමගේ මහත්මිය එම සමාගමේ විධායක නොවන අධ්‍යක්ෂ ධූරයෙන් ඉල්ලා අස්වී ඇත. දයා ගමගේ මහතා සතුව මෙම සමාගමේ කොටස් මිලියන 6.5 ක් සහ අනෝමා…
පසුගිය සිකුරාදා ඩොලරයට සාපේක්ෂව රුපියල වාර්තාගත ලෙස අවප්‍රමාණය වීම නිසා සියළුම ආනයන භාණ්ඩවල මිල ඉහළ යන බවත් අපනයන ආදායම් වැඩිවනු ඇති බවත් ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙයි. මෙම බලපෑම නිසා මෙරටට ආනයනය කරන ආහාර පානවල සිට සියළුම භාණ්ඩවල මිල ගණන් ඉදිරියේදී ඉහළ යෑමේ අවධානමක් තිබේ. කෙසේවෙතත්, රුපියල අවප්‍රමාණයවීම සියළුම අංශවල අපනයන ආදායම් ඉහළ යෑමට හේතුවේ. තේ…
ලොව ප්‍රකට මෝටර් රථ නිෂ්පාදන සමාගම, ටොයොටා විසින් පියාසර කරන මෝටර් රථයක් නිපදවීමේ උත්සාහයක් ඇතැයි අනාවරණය වනබව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. Auto guide නැමති අන්තර් ජාල වෙබ් අඩවිය වාර්තා කරන්නේ තටු සහිත පියාසර කරන මෝටර් රථයක් නිපදවීම සඳහා ටොයොටා උත්සාහ කරමින් සිටින බව ඔවුන්ගේ පේටන්ට් බලපත්‍රයක් මගින් හෙළිවී තිබෙන බවයි. එම පේටන්ට් බලපත්‍රයේ අග කොටසේ…
මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වී ගබඩා කිරීම සඳහා යොදාගැනීම අපරාධයක් බවත් එවැන්නක් කරනවා නම් පාර්ලිමේන්තුව රැස් නොවන දිනයන්හි වී ගබඩා කිරීම සඳහා පාර්ලිමේන්තුවද යොදා ගන්නා ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අද උදෑසන පාර්ලිමේන්තුවේදී පැවසීය. මෙයට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ මත්තල ගුවන් තොටුපොළ පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක් ඉදිරියේදී ලබාදීමට සූදානම් බවයි. අද උදෑසන පාර්ලිමේන්තුවේදී…
Video Story