Featured News

වරාය නගරයේ වැඩ අත්හිටුවීමෙන් ඉදිකළ දියකඩනය විනාසයි. සමාගමට දිනකට ලක්ෂ 500 ක පාඩුවක්

ඩොලර් බිලියන 1.4 ක් ආයෝජනය කෙරෙන කොළඹ වරාය නගර ව්‍යාපෘතිය හෙවත් පෝර්ට් සිටි ව්‍යාපෘතිය අත්හිටුවීම නිසා සිය සමාගමට දිනකට රුපියල් ලක්ෂ 500 කට ආසන්න පාඩුවක් සිදුවෙමින් තිබෙන බවත් දැනට ඉදිකර තිබෙන මීටර් 200 කට වැඩි දිගකින් යුතු දියකඩනය (breakwater) වැඩ නතර කිරීම නිසා විනාශ වී තිබෙන බවත් ව්‍යාපෘති සමාගම වන චයිනා කන්ස්ට්‍රක්ෂන් කමියුනිකේෂන් සමාගම කියයි….

(0)Comments | March 12, 2015 5:24 am

බජාජ් RE60 මෝටර් රථය මෙරටට හඳුන්වාදීමට කැබිනට් පත්‍රිකාව සූදානම්

ඉන්දියානු බජාජ් සමාගම විසින් නිපදවූ පළමු මෝටර් රථය වන RE60 අඩුමිල මෝටර් රථය මෙරට වෙළඳපොළට හඳුන්වාදීමට කැබිනට් අනුමැතිය ලබාගැනීමට අවශ්‍යව තිබෙන බවත් එයට අදාළ කටයුතු මේ වනවිට සිදුවෙමින් තිබෙන බවත් අනාවරණය වේ. මෙම මෝටර් රථය මෙරට වෙළඳ පොළට හඳුන්වා දීමට සූදානම් වන මෙරට බජාජ් නියෝජිතයා වන ඩේවිඩ් පීරිස් සමාගම මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා…

(0)Comments | March 9, 2015 5:36 am

හයිබ්‍රීඩ් වාහනවල බදු වැඩිකිරීම අත්වැරැද්දක් -ඇමති පාඨලී කියයි

පරිසර අමාත්‍යවරයා ලෙසද කටයුතු කළ වර්තමාන විදුලිබල සහ බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසා තිබෙන්නේ නව රජයේ අතුරු අයවැය මගින් හයිබ්‍රීඩ් මෝටර් රථ සඳහා බදු වැඩිකිරීම සිදුව තිබෙන අත්වැරැද්දක් බවයි. ශ්‍රී ලංකා විදේශ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය (Sri Lanka’s Foreign Correspondents Association) සමග අමාත්‍යවරයා මේ බව පවසා ඇතැයි වාර්තා වේ. පරිසර අමාත්‍යවරයා ලෙස සිටි අවධියේදී රණවක…

(0)Comments | February 25, 2015 4:43 am

ගෝඨාගෙන් ඇරඹුණු ලංකා හොස්පිට්ල්ස් පුටු පෙරළියේ අළුත්ම පිටුව -ලකිත් පීරිස් හේමාස් පිළට එක්වෙයි

නව රජය බලයට පත්වීමෙන් පසුව මුදල් අමාත්‍යංශය යටතට වැටෙන ලංකා හොස්පිට්ල්ස් හි, ප්‍රධාන තනතුරු සියල්ලම පාහේ වෙනස් වෙමින් තිබෙන අතර දිගු කාලයක් මෙහි ප්‍රධාන විධායක ධූරය දැරූ ලකිත් පීරිස් මහතා ඉන් ඉවත්ව හේමාස් හොස්පිට්ල්ස් සමාගමේ සමූහ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස වැඩභාර ගැනීමට සූදානම් වනබව අනාවරණය වේ. එළඹෙන මාර්තු 31 වනදා සිට බලපැවැත්වෙන පරිදි ලංකා හොස්පිට්ල්ස් ප්‍රධාන…

(0)Comments | February 21, 2015 3:42 pm

Breaking News -රවී වෙත්තසිංහ අත්අඩංගුවට

කලක් මෙරට ඉතා ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු ලෙස වැජඹුණු ආන්දෝලනාත්මක ව්‍යාපාරික රවී වෙත්තසිංහ  බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී ආගමන විගමන නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අධිකරණයේ විභාග වන නඩුවකට අදාළව ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

(0)Comments | February 20, 2015 1:17 pm

විදුලි මෝටර් රථ ආරෝපණයට ඇමති චම්පිකගෙන් අළුත් වැඩක්. විදුලි දුම්රිය ගැනත් සිතයි

නව රජයේ අතුරු අයවැය මගින් හයිබ්‍රීඩ් මෝටර් රථවල බදු වැඩිකර විදුලි මෝටර් රථවල බදු අඩුකිරීම හමුවේ විදුලි මෝටර් රථ ආරෝපණය කිරීමේ මධ්‍යස්ථාන (Charging Centers) රට පුරා පිහිටුවීමට විදුලි බල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ අවධානය යොමුව තිබෙන බව අමාත්‍යංශය කියයි. මේ ආකාරයෙන් විදුලි මෝටර් රථ ආරෝපණය කිරීමේ මධ්‍යස්ථාන රටපුරා ආරම්භ කිරීමේදී පුද්ගලික අංශයද…

(0)Comments | February 16, 2015 12:42 pm

මෙන්න! අපේ ඇත්තෝ ස්වීස් බැංකු ගිණුම් වලට සල්ලි ඇදපු හැටි

වොෂින්ටනය පදනම් කරගත් ගවේෂණාත්මක මාධ්‍ය සංවිධානයක් වන The International Consortium of Investigative Journalists විසින් රහසින් ලබාගෙන එළිදක්වා තිබෙන 100,000 කට අධික නවතම බැංකු ගිණුම් වාර්තා වලින් හෙළිව තිබෙන්නේ මෙම ගිණුම් අතර ශ්‍රී ලංකාව සමග සම්බන්ධ කමක් ඇති ගනුදෙනුකරුවන් 92 කට අයත් බැංකු ගිණුම් 129 ක් ස්වීස් බැංකුවක තිබෙන බවයි. මේ අනුව, ලොව සුපතල HSBC හෝල්ඩින්ග්ස්…

(0)Comments | February 10, 2015 5:50 am

ශ්‍රී ලංකාවේ තොරතුරු සහ සංනිවේදන තාක්ෂණ දියුණුව අනතුරේ: අතුරු අයවැයේ යෝජිත ජංගම දුරකතන බදු යළි සලකා බැලිය යුතුයි

රොහාන් සමරජීව විසිනි. ජංගම දුරකතන පාවිච්චි කරන්නන් මත ප්‍රතිගාමී සහ තාක්ෂණ-විශේෂිත බද්දක් පැනවීම සම්බන්ධයෙන් 2007-08 පරිච්ඡේදයේදී ලර්න්ඒෂියා ආයතනය ඵලදායී විවාදයකට දායක විය. සෑම ජංගම දුරකතන සම්බන්ධතාවයක් මතම මසකට රුපියල් 50 ක බද්දක් අයකිරීමේ යෝජනාවක් පාර්ළිමේන්තුව වෙත ඉදිරිපත්කරනු ලැබින. මෙම යෝජනාව ඡන්ද විමසීම පිණිස ඉදිරිපත් කරන ලද අවස්ථාවේදී එවකට සිටි තැපැල් සහ විදුලි සංදේශ අමාත්‍යවරයා වූ…

(0)Comments | February 8, 2015 5:11 am

“ඉඩම් විකුණන, කොළඹ යටවෙන කතා මට මතක නෑ“ – පෝර්ට් සිටි ව්‍යාපෘතියට නව රජයේ අනුමැතිය

චීන රාජ්‍ය සමාගමක් සමග ඒකාබද්ධ වී ඩොලර් බිලියන 1.4 දැවැන්ත ආයෝජනයකින් කොළඹ ගාලු මුවදොර ආසන්නයේ මුහුද ගොඩකර වරාය නගරයක් නිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය ඉදිරියටත් කරගෙන යාම සඳහා වත්මන් රජයේ කැබිනට් මණ්ඩලය විසින් අවසර ලබාදී තිබේ. කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසුවේ මෙම ව්‍යාපෘතියට අදාළව පසුගිය රජය විසින් සිදුකළ පරිසර අධ්‍යන වාර්තාවන් සලකා බැලීමෙන් පසුව මෙම…

(0)Comments | February 5, 2015 1:07 pm

මහින්දට පුද්ගලික ගුවන් යානයක් ?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තමන්ගේ පුද්ගලික පරිහරණය සඳහා ගුවන් යානයක් ඇනවුම් කර තිබුණා යැයි මාධ්‍ය මගින් ප්‍රචාරය වුවත් සිවිල් ගුවන් සේවා ක්ෂේත්‍රයේ ඉහළම ආරංචි මාර්ග වලින් අප වෙත අනාවරණය වන්නේ එවැනි වෙනමම ගුවන් යානයක් ඇනවුම් කර නොතිබූ බවයි. පසුගිය කාලයේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර්බස් සමාගමෙන් ගුවන් යානා මිලදී ගැනීමේදී ගුවන් යානා සමග නොමිලේ…

(0)Comments | February 3, 2015 6:35 am