Featured News

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ රාජ්‍ය අංශ ඒකකය වන APFASL රාජ්‍ය මූල්‍ය කළමනාකරණ භාවිතයන් ශක්තිමත් කිරීම සඳහා පෙරමුණ ගනී

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ රාජ්‍ය අංශ ඒකකය වන ශ්‍රී ලංකා රාජ්‍ය මූල්‍ය ගණකාධිකාරි සංගමය (APFASL) රාජ්‍ය අංශයේ විනිවිද භාවය, වගකීම සහ යහපාලනය උසස් මට්ටමකට ගෙන ඒමට සහාය වීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය කළමනාකරණ භාවිතයන් ශක්තිමත් කිරීම සඳහා නවෝත්පාදන කීපයක් හඳුන්වා දෙමින් ප්‍රමුඛ භූමිකාවක අඛණ්ඩව නිරතව සිටී. මෙම නවෝත්පාදන සඳහා වරලත් රාජ්‍ය මූල්‍ය ගිණුම්කරණ සුදුසුකම,…

(0)Comments | November 7, 2015 5:57 am

DHL Express මෙරට 35 වසර සපුරයි

ලොව ප්‍රමුඛතම ලොජිස්ටික්ස් සමාගමක්වන DHL Express සමාගම, ශ්‍රී ලංකාව තුළ සිය නාමය සනිටුහන් කර මේ වසරේදී 35 වසරක් සපිරෙයි. 1980 වසරේදී මෙරට පළමු ලොජිස්ටික්ස් සමාගම ලෙස සේවා කටයුතු ආරම්භ කළ DHL Express සමාගම, මෙරට විවිධ වූ කර්මාන්තවල භාණ්ඩ ප්‍රවාහන සහ ව්‍යාපාරික අවශ්‍යතා ඉටු කරමින් වෙළඳපල ජය ගැනීමට සමත්ව සිටී. ශ්‍රී ලංකාවේ රැකියාවේ නිරත වීමට සුදුසුම…

(0)Comments | November 6, 2015 9:11 am

CDB සිය අභිමානවත් 20 වන සංවත්සරය සමරයි

සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB) සිය 20 වන සංවත්සරය නොබෝදා සැමරීය. සිය විසිවසරක ගමන්මග පුරා සුවිශේෂී ජයග‍්‍රහණ රැසක් හිමිකර ගනිමින් වඩාත් ශක්තිමත් ලෙස ශ‍්‍රී ලාංකේය මුල්‍ය වෙළඳපල තුළ සිය නාමය සනිටුහන් කිරීමට CDB ආයතනය සමත්වී ඇත. 1995 දී ආරම්භ කළ CDB ආයතනය අදවන විට දිවයින පුරා විහිදුණු ශාඛා 61 කින් සමන්විත වන අතර එකිනෙක…

(0)Comments | November 5, 2015 5:24 am

කොමර්ෂල් බැංකුවේ ප්‍රේෂණ ගනුදෙනුකරුවන් තම මුදල් දෙගුණ කරගනී

ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික වාණිජ බැංකුව වන කොමර්ෂල් විසින් මෑතකදී සිදුකළ ප්‍රවර්ධන වැඩසටහන යටතේ බැංකුව හරහා ප්‍රේෂණ මුදල් ලබා ගන්නා ගනුදෙනුකරුවන් තිස් දෙදෙනෙකුට තමන් ලැබූ මුදලට වඩා වැඩි ප්‍රමාණයක් ලබාගැනීමේ වරම හිමිවිය. මෙහිදී, කැපී පෙනුණේ මින් බොහෝ දෙනෙකු ලැබූ ප්‍රේෂණ මුදල් දෙගුණ කර ගැනීමයි. බැංකුව විසින් ලබාදෙන ඊ-එක්ස්චේන්ජ්, මනිග්‍රෑම්, රියා සහ එක්ස්ප්‍රස් මනි යන ප්‍රේෂණ…

(0)Comments | November 4, 2015 10:21 am

DFCC බැංකුව සහ SYNAPSYS එක්ව සැපයුම්කරුවන්ට පහසුවෙන් මුදල් ගෙවීම් කිරීමට “V Cash Card” කාඩ්පත හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ කුඩා සහ මධ්‍යම පරිමාන ව්‍යාපාරිකයින්ට සහ තේ දළු සැපයුම් කරුවන්ට සහායවීම සඳහා DFCC බැංකුව මැතකදී ‘V Cash Card’ කාඩ් පත හඳුන්වා දෙනු ලැබිය. සැපයුම්කරුවන්ට මුදල් ගෙවීම පහසු කිරීම සඳහා වූ මෙම පෙරළිකාර නව ක්‍රමය SYNAPSYS මගින් සැලසුම් කර ක්‍රියාවට නංවන අතර මෙමගින් කුඩා පරිමානයේ තේ දළු සපයන්නන්ට සහ වගාකරුවන්ට ස්වයංක්‍රීයව තමන්ට ලැබිය යුතු…

(0)Comments | November 4, 2015 10:17 am

විවිධ ගම් වර්ග (Types of Adhesives) නිෂ්පාදනය කිරීමේ න්‍යායික හා ප්‍රායෝගික තාක්ෂණික පුහුණු වැඩමුළුව

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ කොළඹ දිස්ත්‍රික් කාර්යාලය මගින් 2015 වර්ෂය සඳහා තාක්ෂණය ලබාගැනීමට අපේක්ෂාවෙන් සිටින ව්‍යාවසායකයන්හට, ප්‍රායෝගික හා න්‍යායාත්මක තාක්ෂණික පුහුණු වැඩසටහන් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. ඒ යටතේ, රබර් පර්යේෂණ ආයතනය හා එක්ව විවිධ ගම් වර්ග (types of adhesives) නිෂ්පාදනය කිරීමේ න්‍යායික හා ප්‍රායෝගික තාක්ෂණික පුහුණු…

(0)Comments | November 4, 2015 7:10 am

ජාතික පිළිකා ආයතනයට ආධාර පිණිස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘Call to Donate’ ව්‍යාපෘතිය දියත් කරයි

ඕනෑම රක්ෂණ දැන්වීමක් විගස 1357 වෙත ලබාදෙන සෑම මඟ හැරුණු ඇමතුමක් සඳහාම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වෙතින් රුපියල් 10 බැගින් මහරගම ජාතික පිළිකා රෝහලේ ළමා පිළිකාවේදී ඒකකයට මෙරට වත්මන් පරපුර මෙන්ම අනාගත පරපුරද සුරක්ෂිත කිරීමේ ජාතික මෙහෙවරට උරදී සිටින ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනය මේ වනවිට ජාතික පිළිකා ආයතනයට ආධාර පිණිස ‘Call to Donate’ නමින් විශේෂ වැඩසටහනක්…

(0)Comments | November 2, 2015 6:24 am

උපායමාර්ගික හවුල්කාරීත්වයක් මගින් ඊසොෆ්ට් ලන්ඩන් උපාධි ශී‍්‍ර ලංකාවට ගෙනෙයි

උපාධි පාඨමාලා හැදෑරීමට අපේක්‍ෂා කරන ශ‍්‍රී ලංකාවේ සිසුන්ට දැන් මහා බි‍්‍රතාන්‍යයේ ලන්ඩන් මෙට්‍රොපොලිටන් විශ්ව විද්‍යාලයට අනුබද්ධ ඊසොෆ්ට් (ESOFT) මාර්ගයෙන් තුන් අවුරුදු බි‍්‍රතාන්‍ය උපාධියක් ලබාගැනීමට අවස්ථාව උදාවී ඇත. ලන්ඩන් මෙට්‍රොපොලිටන් විශ්ව විද්‍යාලයේ සුවිශේෂී උපායමාර්ගික හවුල්කරුවෙකු වන ඊසොෆ්ට් ආයතනය මෙමගින් උපාධි අපේක්‍ෂකයින්ට අවශ්‍ය පරිදි විද්‍යාවේදී (ගෞරව), පරිගණක, ඉංජිනේරු විද්‍යා මෘදුකාංග ඉංජිනේරු (ගෞරව) සහ ව්‍යාපාර පරිපාලන (ගෞරව) උපාධි…

(0)Comments | November 2, 2015 5:10 am

Huawei ලෝකයේ හොඳම වෙළඳ නාම 100 අතරට

ලොව සුපතල Huawei වෙළඳ නාමය ලෝකයේ හොඳම නිෂ්පාදන 100 අතර පෙරමුණට පැමිණෙයි. ලොව ප්‍රමුඛපෙලේ සන්නාම උපදේශක ආයතනයක් වන Interbrand ආයතනයේ වාර්ෂික ශ්‍රේණිගත කිරීම් වලට අනුව Huawei #88 වන ස්ථානයට පැමිණ තිබේ. ඊට යාබද ස්ථාන දෙක හිමිකරගෙන ඇත්තේ Land Rover සහ FedEx විසිනි. Huawei පසුගිය වසරේ මෙම ශ්‍රේණිගත කිරීම් වල 94 වන ස්ථානයට පත්වු අතර එය…

(0)Comments | October 31, 2015 2:50 am

නොරිටාකේ සභාපති ජනපති හමුවෙයි

නොරිටාකේ ලංකා පෝසිලේන් සමාගමේ 2015 වසරේ සිය නවතම නිෂ්පාදනයේ පළමු කට්ටලය ජනපතිට පිළිගන්වයි නොරිටාකේ ලංකා පෝසිලේන් සමාගම විසින් නිෂ්පාදනය කරන ලද නවතම පිගන් කෝප්ප කට්ටලයක් ඊයේ (29) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීය. නොරිටාකේ සමාගම සෑම වසරකම සිදුකරන සිය නවතම නිෂ්පාදනයේ පළමු කට්ටලය මෙලෙස ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලබයි. නොරිටාකේ ලංකා පෝසිලේන්…

(0)Comments | October 30, 2015 8:03 am

Video Story

Stock Market

Exchange Rates