Top News

ආනයනික වාහනවල ආසන පටි, වායු බැලූන හා ABS ජූලි 01 සිට අනිවාර්යයි

ආසන පටි, වායු බැලූන ඇතුළු මගී ආරක්ෂිත ක්‍රමවේදයන් සහිත යූරෝ iv හෝ එයට සමාන තත්ත්ව සහතිකවලට අනුකූල නොවන වාහන ආනයනය ජූලි මස 01 දා සිට තහනම් කෙරෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටී. ඒ අනුව ජූලි මස 01 දිනෙන් පසුව ආනයනය කරනු ලබන වාහනවල රියැදුරු සහ ඉදිරි පස ගමන් ගන්නා මගියා සඳහා වූ…

(0)Comments | January 19, 2018 11:11 am

ජේ.සී. වැලිඅමුණ වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රීලංකන් ගුවන් සමාගම මෙසේ කියයි

මෑත කාලීනව ජේ.සී. වැලිඅමුණ වාර්තාව සම්බන්ධයෙන් පළවූ විවිධ පුවත්පත් වාර්තා හා අදහස් සැලකිල්ලට ගනිමින්, ශ්‍රීලංකන් ගුවන් සේවයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ඒ සම්බන්ධයෙන් ගන්නා ලද පියවර පිළිබඳ පැහැදිලි කිරීමට අදහස් කරන්නෙමු. 2015 පෙබරවාරි මාසයේදී එවකට වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ගරු අර්ජුන රණතුංග මැතිතුමා විසින් නීතිඥ ජේ.සී. වැලිඅමුණ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු විමර්ශන…

(0)Comments | January 18, 2018 4:06 pm

CIFL විරෝධයට මහ බැංකුවෙන් ප්‍රතිචාරයක් නැහැ

සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී (CIFL) සමාගමේ කටයුතු පිළිබදව ශ්‍රී ලංකා මහ බැංකුව ගෙන ඇති පියවර සම්බන්ධයෙන් විරෝධතාවය පළ කරමින් 2017 දෙසැම්බර් 18 දින සමාගම විසින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත කරනු ලැබූ ඉල්ලීම් සඳහා මහ බැංකුවෙන් මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බව සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී පවසයි. සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී මේ…

(0)Comments | January 18, 2018 3:48 pm

බැඳුම්කර කොමිසමේ නිර්දේශ කි‍්‍රයාත්මක කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක්

මහබැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ සෙවීමට පත්කළ ජනාධිපති විමර්ශන කොමිසමේ සහ බරපතළ වංචා, දූෂණ, රාජ්‍ය සම්පත්, වරප‍්‍රසාද, බලය සහ අධිකාරිය අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා වූ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ අවසන් වාර්තාවන්හි ඇතුළත් යෝජනා කි‍්‍රයාත්මක කිරීම, නීතිමය තත්ත්වයන් සහ බාහිර කටයුතු පිළිබඳව සොයා බැලීම සඳහා සාකච්ඡාවක් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (17)…

(0)Comments | January 18, 2018 2:32 pm

ටර්කිමිනිස්තානය සමඟ මිත්‍රත්වය වැඩිදියුණු කිරීමට පියවර

ශ්‍රී ලංකාව සහ ටර්කිමිනිස්තානය අතර මිත්‍රශීලි සබඳතා වැඩිදියුණු කරගැනීමේ අරමුණින්, රාජ්‍යතාන්ත්‍රික හා රාජකාරි විදේශ ගමන් බලපත්‍ර හිමි දෙරටේ පුරවැසියන් දෙරට අතර සංචාරය කිරීමේදී වීසා අවසරපත්‍ර ලබාගැනීමේ අවශ්‍යතාවෙන් නිදහස් කිරීම සඳහා ගිවිසුමක් ඇති කරගැනීම පිණිස අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී.නාවින්න මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

(0)Comments | January 18, 2018 1:03 pm

තුර්කියට යවන තේ ප්‍රමාණය වැඩි කරන්න සැලසුමක්

කෘෂිකාර්මික කටයුතු හා සම්බන්ධ දැනුම, තාක්ෂණය හා ශිල්ප ක්‍රම ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර හුවමාරු කරගැනීමේ අරමුණින්, කෘෂිකාර්මික සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. තවද ශ්‍රී ලංකාවෙන් තුර්කි ජනරජය වෙත අපනයනය කෙරෙන තේ ප්‍රමාණය ඉහළ නැංවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තේ මණ්ඩලය…

(0)Comments | January 18, 2018 12:35 pm

කෘෂි ව්‍යවසායකයින්ට 6.5% පොළියට ණය දෙන IFAD ආධාර වැඩසටහන ඇරඹෙයි

ග්‍රාමීය කුඩා පරිමාණ කෘෂි නිෂ්පාදකයින්ගේ තරගකාරී හැකියාවන් වර්ධනය කරමින් ඔවුන්ගේ ජීවනෝපාය මාර්ග පුළුල් කරගැනීමට සහාය දැක්වීමේ අරමුණින්, කෘෂිකර්ම සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර අරමුදලේ (IFAD) ආධාර යටතේ ‘කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගිත්ව වැඩසටහන’ (Smallholder Agribusiness Partnership Programme) ක්‍රියාත්මක කෙරේ. සාපේක්ෂව අඩු සංවර්ධනයක් සහිත දිස්ත්‍රික්කවලට ප්‍රමුඛතාව ලබා දෙමින් දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතිය මඟින් අඩු ආදායම්ලාභී…

(0)Comments | January 18, 2018 12:17 pm

වරද පිළිගෙන දඩය ක්ෂණිකව ගෙවිය හැකි ස්ථානීය දඩ නියෝග මෙන්න

2018 ජනවාරි 15 වන දින ප්‍රකාශයට පත්කරන ලද අංක 2054/9 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ස්ථානීය දඩ නියෝග ප්‍රකාශයට පත් කර තිබේ. මෙම පනතට අනුව පොලිස් නිලධරයකු වරදක් සොයා ගැනීමක් කළ විට එම වරද සඳහා වූ වගකීම එම තැනැත්තා විසින් පිළිගනු ලැබූ විට, ඒ තැනැත්තා එකී වරදට නඩු පැවරීමට ලක්වීම වෙනුවට පනතේ අදාළ වගන්තායේ ද්කවා ඇති…

(0)Comments | January 18, 2018 10:55 am

කන්කසන්තුරේ වරාය වාණිජ වරායක් ලෙස සංවර්ධනය කිරීමට ඉන්දියාවෙන් ඇ.ඩො. මිලියන 45.27 ක ආධාර

ඇමරිකානු ඩොලර් මිලියන 45.27 ක වියදමින් කන්කසන්තුරේ (KKS) වරාය වාණිජ වරායක් ලෙස සංවර්ධනය කිරීම සඳහා ඉන්දියානු රජය ඉදිරිපත් වී ඇත. මෙය නුදුරු අනාගතයේදී කලාපිය නාවික කේන්ද්‍රස්ථානයක් බවට පත්වීමේ රටේ උත්සාහය තවදුරටත් ශක්තිමත් වීම සඳහා උපකාරී වනු ඇත. මෙම ව්‍යාපෘතිය සඳහා මුල්‍ය ආධාර ඉන්දියාවේ අපනයන- ආනයන බැංකුව වන එක්සිම් බැංකුව මඟින් ලැබෙන අතර භාණ්ඩාගාර ලේකම් ආචාර්ය…

(0)Comments | January 17, 2018 5:17 pm

KGMG වාර්තාවෙන් පසු පුද්ගලික රෝහල් නියාමනය 01 සිට

පෞද්ගලික රෝහල් නියාමනය කිරීමේ වැඩපිළිවෙළට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය කිසිඳු යෝජනාවක් ලබා නොදුන් බවත් පෞද්ගලික රෝහල් නියාමනය කිරිම පෙබරවාරි මස 01දා සිට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට අද (17) පෙරවරුවේ එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලදි….

(0)Comments | January 17, 2018 4:50 pm