මහවැලි කොකනට් ප්ලාන්ටේෂන්ස් ලිමිටඩ් සමාගම ලැයිස්තුගත කිරීම සඳහා ඉදිරිපත් කරන ලද අයදුම්පත, කොළඹ කොටස් වෙළෙඳපොළ විසින් අනුමත කර තිබේ. මේ අනුව මහවැලි කොකනට් ප්ලාන්ටේෂන්ස් ලිමිටඩ් සමාගමේ ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් 33,832,285 ක් හඳුන්වාදීමේ (Introduction) ක්‍රමවේදය අනුව කොටස් වෙළෙඳපොළේ දිරි සවි පුවරුවේ ලැයිස්තුගත කිරීමට නියමිතය.
ප්‍රංශ, ජර්මනි, ඉතාලි, නෙදර්ලන්ත, රුමේනියා තානාපති කාර්යාල සහ එක්සත් රාජධානියේ මහකොමසාරිස් කාර්යාලය මෙන්ම නෝර්වේ සහ ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලවල එකඟතාව මත යුරෝපා සංගමයේ නියෝජිත මණ්ඩලය විසින් පහත ප්‍රකාශය නිකුත් කෙරේ. පාස්කු ඉරිදා සිදුවූ ප්‍රහාරයෙන් අනතුරුව හටගෙන ඇති ජාතිවාදී ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ අපගේ දැඩි අවධානය යොමු වී ඇත. ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා ගෙන ඇති…
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක ඊයේ (15) දින ගනුදෙනු අවසානයේ දී ඒකක 5,199.98 ක් දක්වා පහළට වැටිණි. මෙය 2012 අගෝස්තු 30 දිනෙන් පසු, සියලු කොටස් මිල දර්ශකවෙහි වාර්තා වූ අවම අගය ලෙසින් වාර්තා වේ. මේ අතර ඊයේ දිනය තුළ දී පමණක් ඒකක 23.71 කින් සියලු කොටස් මිල දර්කය පහළ ගිය අතර එය අඛණ්ඩව…
2019 මාර්තු 31 න් අවසන් මූල්‍ය කාර්තුව වෙනුවෙන් රුපියල් මිලියන 938 ක බදු ගෙවීමෙන් පසු ශුද්ධ ලාභයක් වාර්තා කිරීමට ලංකා IOC සමාගම සමත් වී තිබේ. මෙහි ඇති විශේෂත්වය වනුයේ 2018 වසරේ ජනවාරි-මාර්තු කාර්තුව තුළ දී රුපියල් මිලියන 103 ක ශුද්ධ අලාභයක් වාර්තා කර තිබුණු පසුබිමක මෙම වසරේ දී මෙම කාලපරිච්ඡේදය තුළ දී මෙලෙස දැවැන්ත ලාභයක් අත්පත්…
ශ්‍රී ලංකාවේ දේශපාලනය අරුම පුදුම එකකි. ප්‍රාථමික පාසැල් අධ්‍යාපනයවත් හදාර නැත්තවුන් මැතිඇමතිවරුන් වන රටකි. එතකින් නොනැවතී රටේ දැන උගත් බුද්ධිමතුනට උපදෙස් දෙන තැනකට පත් වී ඇති රටකි. එමෙන්ම සාමාන්‍ය පුද්ගලයින් ජාතික තලයේ දේශපාලකයින් වන විට ඔවුන් ධන කුවේරයින් වී හමාරය. ඔවුන් ගමන් බිමන් යන්නේ ලොව නවීනතම සුපිරි මෝටර් රථවල ආරක්ෂක රැකවලුන්ද පිරිවරමිනි. මෙහි දැක්වෙන්නේ කලක්…
මේ වන විට රට තුළ උද්ගත වී ඇති තත්ත්වය හමුවේ සිදුවන්නේ දිනෙන් දින රටේ ආර්ථික තත්ත්වය යළි නැගිටින දවස ප්‍රමාද වීම බවත්, මෙරට සංචාරක කර්මාන්තය ඇතුළු සමස්ත ආර්ථිකය යළි යථා තත්ත්වයට පත්වන්නේ, රටේ ජනතාව හැසිරෙන ආකාරය අනුව බවත් වැලිබල් වන් සමූහයේ සභාපති, මෙරට ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පවසයි. අද දෙරණ සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්…
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී ආයතනයේ තැන්පත්කරුවන්ගේ සහ අනෙකුත් ණය හිමියන්ගේ හිමිකම් සුරක්ෂිත කිරීම සඳහා 2019 පෙබරවාරි 15 දින සිට බල පැවැත්වෙන පරිදි කෙටි කාලීන පියවරක් ලෙස 2011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනතේ ප්‍රතිපාදන යටතේ නියාමන ක්‍රියාමාර්ග ගණනාවක් බලාත්මක කිරීමට පියවර ගන්නා ලදී. එම නියාමන ක්‍රියාමාර්ග අතර ආයතනය…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික නායකයෙකු වන කිෂූ ගෝමස් මහතා, තමන් දැරූ සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ධූරයෙන් ඉල්ලා අස් වී තිබේ. පසුගිය පෙබරවාරි මාසයේ දී කිෂූ ගෝමස් මහතා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ (SLTPB) සහ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) සභාපතිවරයා වශයෙන් පත්විය. පසුගිය පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව හේතුවෙන් මෙරට සංචාරක කර්මාන්තය මේ වන…
මෙම ව්‍යාපෘතියෙහි සංවර්ධන ඉලක්කය වනුයේ වගකීමෙන් හා වගවිය යුතු ආකාරයෙන් ප්‍රජාව වෙත සේවා සැපයීම සඳහා ප්‍රාදේශීය සැලසුම් පද්ධති ශක්තිමත් කිරීම, ප්‍රාදේශීය සේවා වැඩිදියුණු කිරීම හා ආර්ථික යටිතල පහසුකම් හා ආයතනික සංවර්ධනය තුළින් අදාළ පළාත් තුළ ආර්ථික සංවර්ධනයට සහාය වීම තුළින් පළාත් පාලන ආයතන සවිබල ගන්වමින් පළාත්වල ආර්ථික හා යටිතල පහසුකම් සංවර්ධනයට සහාය වීමයි. මෙම ව්‍යාපෘතිය…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන පස්වන සමාලෝචනය සම්පූර්ණ කර තිබේ. මේ අනුව එක්සත් ජනපද ඩොලර් මිලියන 164.1 ක හයවන වාරිකය ශ්‍රී ලංකාව වෙත මුදා හැරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් කටයුතු කරනු ඇත. මෙම හයවන වාරිකය මුදා හැරීමත් සමඟ විස්තීර්ණ ණය පහසුකම යටතේ සිදු කළ සමස්ත මුදා හැරීම් ප්‍රමාණය විදේශීය…
Video Story