Top News

ඕස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා සඳහා වැඩියෙන් මුදල් පෙන්වන්න වෙයි

2018 පෙබරවාරි 01 දින සිට ඕස්ට්‍රේලියාවේ ජීවන වියදම වැඩිවන බව වාර්තාවේ . ඕස්ට්‍රේලියාවේ නවතම පාරිභෝගික දර්ශකය අනුව මෙලෙස ඉහළ යන ජීවන වියදම හේතුවෙන්, ජපබරවාරි 01 දින සිට ඕස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර වීසා ඉල්ලුම්කරනු ලබන සෑම අයදුම්කරුවෙකුම නව ජීවන වියදම පියවා ගැනීමට හැකි ආකාරය පිළිබඳ මූල්‍ය වාර්තා ඉදිරිපත් කළ යුතු බවට එරට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇති…

(0)Comments | January 17, 2018 3:34 pm

ශ්‍රී ලංකාව හා සිංගප්පූරුව අතර නිදහස් වෙළඳ ගිවිසුමක්

ශ්‍රී ලංකාව හා සිංගප්පූරුව අතර ඇති කරගැනීමට යෝජිත නිදහස් වෙළඳ ගිවිසුමේ ඇතුළත් විධිවිධාන සම්බන්ධයෙන් දෙරටෙහිම විශේෂඥයින් විසින් සාකච්ඡා පවත්වා එකඟතාවකට පැමිණ ඇත. භාණ්ඩ වෙළඳාම, සේවා වෙළඳාම, සේවා නිදහස්කරණය, ආයෝජන, රාජ්‍ය ප්‍රසම්පාදන, තරගකාරිත්වය ආදී ක්ෂේත්‍රවලට අදාළ විධිවිධාන යෝජිත නිදහස් වෙළඳ ගිවිසුමේ ඇතුළත් වේ. කෙටුම්පත් ගිවිසුම සම්බන්ධයෙන් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු විසින් ඉදිරිපත් කරන ලද නිරීක්ෂණද සැලකිල්ලට ගනිමින් යෝග්‍ය…

(0)Comments | January 17, 2018 2:02 pm

ලංගමයට විදුලි බස් රථ 50 ක් මිල දී ගන්න කැබිනට් අනුමැතිය

පහසුකම් සහිත, විශ්වාසදායී හා කාර්යක්ෂම පොදු ප්‍රවාහන සේවයක් නොමැති වීම නිසා බොහෝ දෙනෙකු විසින් තම එදිනෙදා ගමන් බිමන් සඳහා පෞද්ගලික වාහන භාවිත කරනු ලබන අතර, ඒ හේතුවෙන් නාගරික මාර්ගවල අධික වාහන තදබදයක් හා වාතය අපිරිසිදු වීමක් දක්නට ලැබේ. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (ශ්‍රී ලං.ග.ම) සතුව ධාවනය කළ හැකි තත්ත්වයේ බස්රථ 6,300ක් ඇති අතර, ඉන් බස්රථ…

(0)Comments | January 17, 2018 1:38 pm

ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය ගොඩගන්න සිංගප්පූරුවේ HPL Hotels and Resorts ගෙන් යෝජනාවක්

කොළඹ, ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය, රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රමවේදය යටතේ, එහි උරුමය සුරැකෙන පරිදි සංවර්ධනය කර සුඛෝපභෝගී හෝටල් සන්නාමයක් බවට පත් කිරීමට සැලසුම් කර තිබේ. මේ සඳහා ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීම පිණිස සිංගප්පූරුවේ HPL Hotels and Resorts සමාගම විසින් යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබ තිබේ. ඒ අනුව, එම යෝජනාව ඇගයීම සඳහා ව්‍යාපෘති කමිටුවක් පත් කිරීමටත්, රජයේ…

(0)Comments | January 17, 2018 1:30 pm

ඉදිරි මාස තුන ව්‍යාපාරවලට හොඳයි

නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, 2017 දෙසැම්බර් මාසයේ දී 59.1 ක දර්ශක අගයක් වාර්තා කරන ලද අතර, එය 2017 නොවැම්බර් මාසයට සාපේක්ෂව දර්ශක අගයයන් 0.3 ක සුළු ඉහළ යාමකි. ඒ අනුව, 2017 නොවැම්බර් මාසයට සාපේක්ෂව දෙසැම්බර් මාසයේ දී නිෂ්පාදන කටයුතු වැඩි වේගයකින් වර්ධනය වීමක් පිළිබිඹු වේ. මේ සඳහා, විශේෂයෙන්ම නිෂ්පාදන උප දර්ශකයේ ඉහළ යාම හේතු…

(0)Comments | January 17, 2018 12:28 pm

චන්ද්‍රිකා තාක්ෂණයෙන් ඉඩම් මනින්න ඇමරිකානු සහාය

මහජනතාව සතු ඉඩම් නිරවුල් කොට ඒවායේ අයිතිය ඔවුන්ට තහවුරු කරදිම සඳහා ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු ඇමති ගයන්ත කරුණාතිලක මහතා විසින් අරඹා ඇති වැඩ පිළිවෙල යටතේ බිම් කොටස් ලක්ෂ 36ක මැණුම් කටයුතු මේ වසර තුළ අවසන් කිරිමට රජයේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. මේ සඳහා ඇමරිකානු සමාගමක තාක්ෂණය සහ රජයේ හා පෞද්ගලික අංශයේ මිනින්දෝරුවන්ගේ සහාය ද…

(0)Comments | January 17, 2018 11:00 am

රුසියාවේ තේ තහනම අවසන්, වෙළඳ සබඳතා ශක්තිමත් කරමු – රුසියානු තානාපති

ශ්‍රී ලංකාව හා රුසියාව අතර ඉතා සමීප මිත්‍රත්වයක් පවතින බවත්, ශ්‍රී ලංකාවේ තේ රුසියාවේ තහනමකට ලක්වුයේ කෘමියෙකු නිසා බවත්, එයට ඇස්බැස්ටස් ආනයනය කිසිදු සම්බන්ධතාවක් නැති බවත්, දැන් එම ගැටලුව විසඳී තිබෙන බවත්, ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යූරි මෙට්රිරිට් මහතා පවසයි. රුසියානු තානාපතිවරයා එසේ සඳහන් කළේ පසුගියදා අමාත්‍යාංශයේදී කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා…

(0)Comments | January 17, 2018 10:34 am

2008-2014 බැඳුම්කර නිකුතු ගැන මහ බැංකුව මෙසේ කියයි

2008-2014 කාලසීමාව තුළ රජයේ බැඳුම්කර නිකුත් කිරීමේ දී කිසියම් අක්‍රමිකතාවක් සිදු වී ඇත්ද යන්න පිළිබඳව වහාම ප්‍රකාශයක් කරන ලෙස මහ බැංකුව වෙත ඉල්ලීමක් ඉදිරිපත් වී ඇත. මෙහිදී 2018 ජනවාරි 11 දින ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නිකුත් කරනු ලැබූ ප්‍රකාශය වෙත අවධානය යොමු කරනු ලැබේ. එම අවසාන ඡේදයෙහි වෝහාරික විගණනයක් සිදු කිරීම පිළිබඳව…

(0)Comments | January 16, 2018 2:23 pm

තරුණ ව්‍යවසායකයන් බිහි කිරීම සඳහා සහන පොලී මත ණය ලබාදීම මාර්තු මස දී

ශ්‍රී ලංකාවේ ආර්ථික ක්‍රියාකාරීත්වය වැඩිකිරීම සඳහා තරුණ ව්‍යවසායකයන් බිහිකිරීමේ අරමුණින් යුතුව 2018 අයවැයේ ප්‍රධාන යෝජනාවක් වන ව්‍යවසායකත්ව ශ්‍රී ලංකා වැඩසටහන මාර්තු මස අරඹන බව පැවසූ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා, මේ සඳහා ණය යෝජනා ක්‍රම 15 ක් යටතේ තරුණ ව්‍යවසායකයන් හට සහන පොලී අනුපාත සහ රජයේ ඇපකර මත රුපියල් මිලියන 60,000 ක පමණ…

(0)Comments | January 16, 2018 11:07 am

2018 වාර්තාව එළිදකී. ලංකාවේ අපිට වීසා නැතිව යා හැකි රටවල් මෙන්න

එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 193 ක් හා ස්වාධීන බලප්‍රදේශ 6 ක් (Taiwan, Macao, Hong Kong, Kosovo, Palestinian Territory හා Vatican) පාදක කරගනිමින් සකස් කරන ලද Passport Index 2018 නවතම වාර්තාව මේ වන විට ප්‍රකාශයට පත් කර තිබේ. එක් එක් රටවල ගමන් බලපත්‍රවල බලගතු බව මෙමඟින් මනිනු ලබන අතර, යම් විදේශ ගමන් බලපත්‍රයක් භාවිතයෙන් පූර්ව වීසා…

(0)Comments | January 15, 2018 12:25 pm