පසුගිය දා ලංකාවේ සිදුවූ සිද්ධියට අදාළ සැකකරුවන් මෙම අපරාධ කිරීමට පෙර ඔවුන්ට එරෙහිව නීතීය ක්‍රියාත්මක කිරීමට බාධාවක් වූයේ ඊට අදාළ නව නීති සම්මත කර ගැනීමට නොහැකි වූ නිසා බවත්, මේ හිඩැස පිරවීම සඳහා ප්‍රති ත්‍රස්තවාදී පනත් කෙටුම්පතට කරුණු ඇතුළත් කර තිබෙන බවත් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඊයේ (28) විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව…
අතිරේක විගණකාධිපති චුලන්ත වික්‍රමරත්න මහතා නව විගණකාධිපතිවරයා ලෙසින් පත්කර තිබේ. ඒ මහතා අද (29) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබාගත්තේය. හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා සිය ධූරයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු ඇති වූ පුරප්පාඩුව පිරවීම සඳහා අතිරේක විගණකාධිපති චුලන්ත වික්‍රමරත්න මහතා මෙලෙස නව විගණකාධිපතිවරයා ලෙසින් පත්කර ඇත. විගණකාධිපති දෙපාර්තමේන්තු ඉතිහාසයේ විගණකාධිපති තනතුරට…
පාස්කු ඉරිදා ඛේදජනක ප්‍රහාරයන්ගෙන් පසුව පරීක්ෂණ කටයුතු සහ රට යථා තත්ත්වයට ගෙන ඒම සඳහා ජනාධිපති ට්‍රම්ප් තම සහයෝගය ප්‍රකාශ කරන ලදී. ශ්‍රී ලංකා රජය මෙම ඉරිදිපත් වීම පිළිගත් අතර, පුපුරණ ද්‍රව්‍ය හඳුනාගැනීම, අපරාධ පරීක්ෂණ පැවැත්වීම සහ අධිකරණ විශ්ලේෂණ කටයුතුවල දී එක්සත් ජනපද කණ්ඩායම් ශ්‍රී ලාංකික හවුල්කරුවන් සමඟ ඉතා සමීව කටයුතු කරමින් සිටී. සියලු කාර්යයන් ශ්‍රී…
වෙළෙඳපොළ ද්‍රවශීලතාව වර්ධනය කිරීම සඳහා ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය පහත හෙළීම සහ එක් දින පොලී අනුපාතික අඩු කිරීම සඳහා ක්‍රියාමාර්ග ලබා ගෙන තිබිය දී, බලපත්‍රලාභී බැංකු හා බැංකු නො වන මූල්‍ය ආයතන මගින් ණය ලබා දීමේ දී, අධික පොලී අනුපාත අය කිරීම සහ තැන්පතු සඳහා ඉතා ඉහළ පොලී අනුපාත ලබා දීම ශ්‍රී ලංකා මහ බැංකුව විසින්…
රාජ්‍ය බුද්ධි සේවයේ පර්යේෂණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකු ලෙස සහ පසු කලෙක බුද්ධි අංශ උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ, ආචාර්ය අජිත් රෝහණ කොලොන්නේ මහතා මෙවර talk with Chatura වැඩසටහන සමඟ එක්විය. පසුගිය අප්‍රේල් 21 දා ශ්‍රී ලංකාවට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඔහු පසුගිය සිවිල් යුධ සමයේ දී තමන්ගේ අත්දැකීම් ගණනාවක් ද මෙහිදී අනාවරණය…
1949 අංක 58 දරන මුදල් නීති පනතේ 35 වැනි වගන්තියට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ 69 වැනි වාර්ෂික වාර්තාව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා වෙත පිළිගන්වන ලදී. ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාවෙන් පිළිබිඹු වන 2018 වසරේ ශ්‍රී ලංකා ආර්ථිකය පිළිබඳ සාරාංශයක් පහත දැක්වේ. 2018…
හෙට (26) සිකුරාදා දිනයේ දී මෙරට සියලු මුස්ලිම් ජනයා සිය රැකීරක්ෂා, ව්‍යාපාරික කටයුතුවලින් ඈත් වී, පසුගිය 21 දා සිදු වූ ප්‍රහාරවලින් මියගිය කිතුණු ජනතාව වෙනුවෙන් ආගමික වතාවත්වල යෙදෙන්නැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ඉල්ලා සිටී. අද (25) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ඔහු මේ බව කියා සිටියේය. මෙහිදී වැඩිදුරටත් මුජිබර් රහුමාන් මහතා මෙසේ…
රජයේ අමාත්‍යාංශ හා විවිධ ආයතන මගින් ක්‍රියාත්මක කරන ලද විවිධ වැඩසටහන් සඳහා 2018 දෙසැම්බර් 31 වනවිට ගෙවිය යුතුව තිබූ රු. මිලියන 84,461 ක මුදලක් මේ වනවිට මහා භාණ්ඩාගාරය විසින් අදාළ අංශ වෙත ගෙවා ඇත. 2018 දෙසැම්බර් 31 වනවිට විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් හා අනෙකුත් ගෙවීම් සඳහා රු. මිලියන 99,415 ක බිල් පවත්නා බව මහා…
පසුගියදා දිවයිනේ ස්ථාන කිහිපයකටම එල්ල වූ මරාගෙන මැරෙන ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරයන් හමුවේ මෙම වසර තුළ පුරෝකථනය කරන ලද සංචාරක ඉපැයීම් ඩොලර් බිලියන 1.5 කින් පමණ අඩුවිය හැකි බව සංචාරක කර්මාන්තකරුවන් පවසයි. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා හෝටල් සංගමයේ සභාපති සනත් උක්වත්ත මහතා, Daily FT පුවත්පත වෙත පවසා ඇත්තේ මෙය ත්‍රස්තවාදීන් විසින් මෙරට හෝටල්වල සිටින සංචාරකයින් ඉලක්ක…
ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය සහ සියලු ඇමරිකානු පියස් අප්‍රේල් 26 දින දක්වා මහජනයා සඳහා වසා තබනු ලබන බව මෙරට එක්සත් ජනපද තානාපති කාර්යාලය දැනුම් දී සිටී. එසේම හදිසි ඇමරිකානු පුරවැසි සේවා ක්‍රියාත්මක වන බවත් හදිසි නිවේදන පිළිබද අවධානයෙන් සිටින ලෙස හා සංචාරක උපදේශනය නොවෙනස්ව පවතින බවත් එක්සත් ජනපද තානාපති කාර්යාලය මෙහිදී වැඩිදුරටත් සඳහන්…
Video Story