Top News

ආරක්ෂාකාරී වීම ජනතාවගේ ද වගකීමකි

මෙහි දැක්වෙන්නේ අද දහවල් කාලයේ දී කොළඹ ගෑස් පහ හංදිය ප්‍රදේශයේ දී ආරක්ෂක අංශ විසින් සැකකටයුතු යතුරු පැදියක් ආරක්ෂිතව පුපුරුවා හැරීමට කටයුතු කරනු ලබන ඡායාරූප කිහිපයකි. මෙම සිදුවීම සිදුවන අවස්ථාවේ දී විශාල ජනතාවක් ඒ අවට රැස්ව සිටිනු අයුරු ඡායාරූප පෙළෙන් දිස්වේ. මෙම යතුරුපැදිය ආරක්ෂා සහිතව පුපුරුවා හැරීමත් සමඟම එහි කිසිදු පුපුරණ ද්‍රව්‍යයක් නොතිබුණු බවට තහවුරු…

(0)Comments | April 24, 2019 4:13 pm

කිංග්ස්බරි යථා තත්ත්වයට. අද සිට යළි වැඩ අරඹයි

පසුගිය අප්‍රේල් 21 දා එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාර මාලාවට ගොදුරු වුණු තවත් එක් ස්ථානයක් වූ කොළඹ කිංග්ස්බරි හෝටලය අද (24) දින සිට සිය සුපරුදු මෙහෙයුම් කටයුතු යළි ආරම්භ කරනු ලබන බව දැනුම් දී සිටී. කිංග්ස්බරි හෝටලයේ Harbour Court Multi Cuisine අවන්හලට මෙම ප්‍රහාරයෙන් දැඩි ලෙස අලාභහානි සිදුවුණු අතර, එම අවන්හල හැරෙන්නට හෝටලයේ සෙසු මෙහෙයුම් කටයුතු…

(0)Comments | April 24, 2019 12:43 pm

වෙන රටවල නම් රොත්ත පිටින්ම ඉල්ලා අස්වෙනවා – ෆොන්සේකා පාර්ලිමේන්තුවේ දී කියයි

පසුගියදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය වැනි දෙයක් වෙනත් ලෝකයේ පිළිගත් රටක සිදුවූවා නම් එහිදී එම රටේ සියලු පාලකයින් ඉල්ලා අස්වෙන නමුත්, ශ්‍රී ලංකාවේ සාමාන්‍යයෙන් එසේ සිදුනොවන බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. අද (24) දින පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව කියා සිටියේය. මෙහිදී වැඩිදුරටත් ෆොන්සේකා මහතා කියා සිටියේ,…

(0)Comments | April 24, 2019 12:10 pm

තැපෑලට පාර්සල් බාර දීමේ දී කවුළු නිලධාරියෙකු හෝ බලයලත් නිලධාරියෙකු ඉදිරියේ ඇසුරුම් කර බාරදෙන්න – තැපැල්පති

දැනට දිවයිනේ පවත්නා ආරක්ෂක තත්වය පිළිබඳව සැලකිල්ට ගෙන, දේශීය හා විදේශීය තැපැල් මගින් බෙදාහැරීම සඳහා යොමුකෙරෙන පාර්සල්, තැපැල් කාර්යාලයේ කවුළු නිලධාරියෙකු හො බලයලත් නිලධාරියෙකු ඉදිරියේ ඇසුරුම් කර බාරදෙන පාර්සල් පමණක්,තැපැල් කාර්යාල වෙත බාරගන්නා ලෙස සියළු තැපැල් ස්ථානාධිපතිවරු වෙත දැනුම් දී ඇත. ඒ අනුව බැහැර සිට ඇසුරුම් කර තැපැල් කිරීමට පාර්සල් ඉදිරිපත් නොකරන ලෙස මහජනතාව වෙත…

(0)Comments | April 24, 2019 11:39 am

රටවල් කිහිපයක වීසා මධ්‍යස්ථාන යළි දැනුම් දෙනතුරු වසා දමයි

මේ වන විට විදෙස් රටවල් සඳහා වීසා සේවාවන් සපයන වීසා මධ්‍යස්ථාන කිහිපයක් වසා දමා ඇති බව සංචාරක නියෝජිතායතන විසින් සිය සේවාදායකයින් වෙත දැනුම් දී සිටී. මේ අනුව ඉන්දියාව සඳහා වීසා සේවා සපයන IVS Lanka ආයතනය සහ මැලේසියා, තායි හා චීන තානාපති කාර්යාල අනුබද්ධිත වීසා සේවා මධ්‍යස්ථාන යළි දැනුම් දෙන තුරු වසා දමා ඇති බව වාර්තා…

(0)Comments | April 23, 2019 5:41 pm

ශ‍්‍රී ලංකාවේ ත‍්‍රස්තවාදය මැඬලීමට තම පූර්ණ සහය ලබාදෙන බවට විදෙස් තානාපතිවරු ජනපති හමුවේ සහතික වෙති

ශ‍්‍රී ලංකාවේ මතුව ඇති ත‍්‍රස්තවාදය මැඬලීමට තම පූර්ණ සහය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා වෙත පළ කරන බව විදෙස් තානාපතිවරු පවසති. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ ශ‍්‍රී ලංකාවේ සිටින විදේශ තානාපතිවරු, මහකොමසාරිස්වරු, එක්සත් ජාතින්ගේ සංවිධානයේ නියෝජිතයන් සහ අනෙකුත් ජාත්‍යන්තර ආයතන ප‍්‍රධානින් අතර හමුවක් අද (23) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණු අතර එහි දී ඔවුහු මේ බව…

(0)Comments | April 23, 2019 3:49 pm

කොටස් වෙළෙඳපොළ ඒකක 200 කින් පහළට

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (23) දින ඒකක 203.77 කින් පහළ වැටුණි. මේ අනුව අද දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 5,402.58 ක් ලෙසින් වාර්තා විය. එසේම අද දින S&P SL20 දර්ශකය ඒකක 102.60 කින් පහළ ගිය අතර එය දිනය අවසානයේ දී වාර්තා වූයේ ඒකක 2,607.67 ක් වශයෙනි….

(0)Comments | April 23, 2019 3:15 pm

අද තියෙන්නේ ගෝලීය ත්‍රස්තවාදයක්. ප්‍රහාර කිහිපයක් තිබුණා. කොටසක් අපි නවත්වා ගත්තා – අගමැති පාර්ලිමේන්තුවේ දී කියයි

වර්තමානයේ දී පවතින්නේ ගෝලීය ත්‍රස්තවාදයක් බවත්. ශ්‍රී ලංකාවද ගෝලීය ත්‍රස්තවාදයේ කොටසක් ලෙස ඇතුල් වී ඇති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද දින පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසීය. “මේ ත්‍රස්තවාදී ක්‍රියා කළ අය ගෝලීය ත්‍රස්තවාදයේ කොටසක්. මෙය මීට පෙර තිබුණු ආකාරයට වඩා වෙනස්. එදා ත්‍රස්තවාදය දේශපාලන…

(0)Comments | April 23, 2019 1:29 pm

කොටස් වෙළෙඳපොළ් දැවැන්ත පසුබැස්මක්

පසුගිය අප්‍රේල් 18 වනදායින් පසු කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද (23) දින ආරම්භ විය. සාමාන්‍යයෙන් කොටස් වෙළෙඳපොළ ගනුදෙනු පෙරවරු 9.30 ට ආරම්භ වුවත් අද දින ගනුදෙනු ආරම්භය පෙරවරු 10.30 දක්වා කල්දැමීමට සුරැකුම්පත් හා විනිමය කොමිසමේ උපදෙස් පරිදි පියවර ගෙන තිබුණි. මේ අතර අද මධ්‍යහ්නය වන කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 166…

(0)Comments | April 23, 2019 12:11 pm

සියලු රජයේ විශ්වවිද්‍යාල නැවත දැනුම් දෙනතුරු වසා තැබේ

ශ්‍රී ලංකාවේ සියලූම රජයේ විශ්වවිද්‍යාල තවදුරටත් වසා තැබෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂං සබපාව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම වැඩිදුරටත් පවසන්නේ විශ්වවිද්‍යාල යළි ආරම්භ කෙරෙන දිනය පසුව දැනුම් දෙන බවයි. මේ අතර පැවැත්වීමට තිබුණු සියලු විශ්වවිද්‍යාල විභාගද මේ අනුව යළි දැනුම්දෙනතුරු කල් දමා ඇත.

(0)Comments | April 23, 2019 11:47 am